ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්... ඒකට අර්ථකතනයක් දෙන්න මට තාම තෙරෙන්නේ නෑ. මව් කුසින් එලියට ඇවිත් මේ ලෝකේ එලිය දැකලා දෙමව්පිය ආදරය රැකවරණය යටතේ හැදිලා වැඩෙන අපේ ජීවිත ඇත්තටම අපිට අයිති ද? මේ කියන්න යන දේ ඇත්ත නැත්ත විනාඩියක් නැත්තම් දෙකක් හොඳට කල්පනා කරලා බලන්න... මම දැක්ක මට දැනිලා තියන දේවල් වල සාරාංශයක් මේ...
පොඩි කාලේ අම්මලා තාත්තලා අපේ පස්සෙන් හිටියේ හැමවෙලේම අපි දිහා ඇහැ ගහගෙන... මොකක් හරි දෙයක් කරන්න ගියාම '' හා හා බලාගෙන" අරක වෙයි මේක වෙයි කියලා පස්සෙන් ඉන්නේ අපිට තියන ආදරේට වෙන්න ඇති... ආසාවට වැස්සට තෙමිලා ගෙවල් වලින් බැනුම් අහගත්ත අය කොච්චර ඇතිද? ඒ පුංචි හිත් වල තියන ආසාවල් ලොකු අයගේ හිත් වලට දැනුනා හෝ නැතා හෝ එයාලා හැම වෙලේම පුංචි උන් කරන දේවල් දිහා බලන්නේ ඒ දේවල් වල අනතුරුදායක පැත්තෙන්.... සමහර වෙලාවට දෙමව්පියන්ගේ බැනුම් ගුටි බැට හින්දාම ඒ පුංචි හිත් වල තියන ආසාවල් ඒ හිත් ඇතුලෙම පරවෙලා යනවා ඇත්ද?
මම කියන්නේ නෑ පොඩි උන්ට මග පෙන්නන එක නරක දෙයක් කියලා... ඔව් දෙමව්පියො හැටියට උන්ට හරි මග පෙන්නන එක, හොඳ නරක කියාදෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඔනේ දෙයක්... ඒත් ලමයෙක්ට දූව්ලි වැදෙයි, නැත්තම් වැටිලා තුවාල වෙයි කියලා යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න යවන්නේ නැති දෙමව්පියො කොච්චර ඉන්නවද? පියරු බබ්බු හදලා උන්ව සමාජයට යැව්වම උන් අසරණ වෙන විදිය දෙමව්පියො කවදාවත් හිතන්නේ නෑ... ගින්දර අල්ලන්න යන පොඩි එකෙක් ට "හා හා පිච්චෙයි" කියලා අල්ලන එක නවත්තන්න හදනවට වඩා යන්තම් හරි ඌට ගිනි රස්නේ ඇඟිල්ලට දැනෙන්න අරින එක හොඳ නැද්ද? මොකද පිච්චෙනවා කියන එක අත්දැකීමෙන් නොදන්න එකා කවදා හරි පුච්චගන්නකන් ගින්දරට තියන ආසාව අත අරින්නේ නෑ නේ.... මොනවා උනත් පොඩි කාලේ ලමයින්ගේ ජීවිත පාලනය කරන්න හදන එක කමක් නෑ කියමු. ඒ නොතෙරුම් කමට වැරැද්දක් කරන එකෙන් හරි අනතුරක් වෙන එකෙන් හරි වලක්වගන්න කරන උත්සාහයක ප්‍රතිපලයක් නේ.
හැබැයි මේ පාලනය සමහර වෙලාවට කසාදයක් වෙනකන් දිගටම ක්‍රියාත්මක වෙන අවස්ථා අපේ රටේ අපේ සමාජේ කොච්චර තියනවාද? සමහර විට ඒක සංස්කෘතිය කියන පදනම මත දාලා ලමයි දෙමව්පියන්ට ගරු කරන්න ඔනේ එයාලා කියන දේ පිලිගන්න ඔනේ කියලත් වැඩිහිටියො අර්ථකතනය කරනවා.... හැබැයි ඒක කොච්චර දුරට සාධාරණද, මානුශීයද කියලා එයාලා හිතලා බලනවද? ජීවිතේ වගකීමක් දරාගන්න පුලුවන් කාලේ ලමයිගේ ජීවිත පාලනය කරන එක කොච්චර දුරට ශිෂ්ඨාචාර සම්පන්නද?
මුලින්ම තෙරුම් ගන්න ඔනේ ලමයෙක් බිහිකරන එක තවත් ආයොජනයක්ද, බිස්නස් ඩීල් එකක්ද නැත්තම් තමන්ගේ කැමැත්ත මත කරන යුතුකමක් ද කියලා.... මොකද දහ දුක් විඳලා ලමයි හදන්නේ උන්ව තමන්ට ඔනේ විදියට පාලනය කරන්න නම්, තමන්ගේ ඔනේ එපාකම සපුරගන්න නම් ඒක තවත් එක බිස්නස් ඩීල් එකක් විදියටයි මට තේරෙන්නේ... සමහර වෙලාවට ලමයින්ගේ ආසාවල් බලාපොරොත්තු ගැන හිතන්නෙවත් නැතුව තමන්ගේ ආසාවල් ඉෂ්ඨ කරගන්න දෙමව්පියො කොච්චර දේවල් කරනවද? ආර්ට් කරන්න ආසාවෙන් හිටපු උන් දෙමව්පියගේ උවමනාවට කී දෙනෙක් සයන්ස් හරි කොමස් හරි කරන්න ඇත්ද? කී දෙනෙක් අකමැති උන කසාද බඳින්න ඇත්ද? කී දෙනෙක් තමන් අකමැති දේවල් දෙමව්පියගේ අවශ්‍යතාවය මත කරනවා ඇත්ද? කී දෙනෙක් තමන්ගේ ආසාවල් පැත්තකින් තියලා දෙමව්පියන්ගේ ආසාවල් ඉෂ්ථ කරනවා ඇත්ද? ජීවිත්වීමේ නිදහස තියනවා කිවුවට දෙමව්පියො ඉදිරියේ ඇත්තටම දරුවන්ට ඒ ජීවිත්වීමේ නිදහස තියනවද? කාලා බීලා හුස්ම අරගෙන පණපිටින් ඉන්නවා කියන එකෙයි ජීවිතය ජීවත්වෙනවා කියන එකෙයි කොච්චර වෙනසක් තියනවද?
දෙමව්පියො ලමයින්ගේ අනාගතය ගැන හිතලා හැමදේම කරනවා කියන එක ඇත්ත හැබැයි ඒ එක්කම එයාලාගේ සතුට කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න බැරි ඇයි? මොකද මොන දේ තිබුනත් සතුට කියන එක නැත්තම් කිසිම දේක වැඩක් නෑ... හැබැයි දැනුම් තෙරුම් තියන වයසෙදි ලමයිට එයාලගේ ජීවිත එයාලගේ කැමැත්තට ගොඩනගාගන්න ඉඩ නොදී තමන්ගේ කැමැත්ත මත ගොඩනගන්න හදනවා නම් එතන ලමයෙක්ට වඩා ඉන්නේ වහලෙක් කියන චරිතය නෙමෙයි ද? උපදෙස් හා අවවාද දෙන එක ඇත්තටම හොඳ දෙයක්, ඒත් එතනින් එහාට දෙයක් කරනවට වඩා එයාලගේ අදහස් වලට ගරු කරලා ඒ අදහස් වැරදුන තැන පුලුවන් විදියට උදව් කරන එක නෙමෙයි ද වෙන්න ඔනේ... යම් කෙනෙක් ගන්න තීරණයක වගකීම එයාලා සතුයි... තමන් ගත්ත තීරණයක් වැරදුනාම මිනිහෙක්ට තියන දුකට, නැත්තම් කේන්තියට වඩා වෙන කෙනෙක්ගේ උවමනාවට කරපු පිලිපැද්ද තීරණයක කේන්තිය, දුක ගොඩක් වැඩී...
දෙමව්පියො අපිට වඩා අත්දැකීම් වලින් බහුල ඇති ඒත් ඒ අත්දැකීම් උඩින් පාත් උන දේවල් නෙමෙයි නේ. එහෙනම් ඒ අත්දැකීම් ලබාගන්න ඇයි ලමයින්ට ඉඩ දෙන්නේ නැත්තේ? මෙහෙම කරන දෙමව්පියො එයාලට දරුවො හරස් උනාම බනින්නේ "උබව මෙච්චර කල් ලොකු මහත් කලේ මේ ටිකටද" කියලා.... ඒ වෙලාවෙ දරුවො දෙමව්පියන්ගේ වචන ඉස්සරහා දෙමව්පියන්ට තියන ආදරේ හින්දා අසරණ වෙනවා... ඒ දේ දන්න නිසාම දෙමව්පියො අන්තිම තුරුම්පුවට තියාගන්නෙත් මේ දේම තමයි.... හැබැයි ඒ වෙලාවක " ඔයාලා මෙච්චර කල මාව හැදුවේ ඔයාලට වැඩ ගන්නද" කියලා ඇහුවොත් එයාලා ඇත්තටම අසරණ වෙන්නේ නැද්ද? ඒ වෙලාවට එයාලට පැනලා යන්න තියන එකම උත්තරේ " ඒ පාර එනවද මෙතන කට ගහගෙන" කියන එක.... මේ වෙලාවට තීරණ ගැනීම හා අදහස් ප්‍රකාශ කිරීම කියන අයිතීන් දෙකම ලමයින්ගෙන් නැතිවෙලා යනවා... ඒත් සමාජය කියන්නේ සෑම පුද්ගලයාටම නිදහසේ ජීවත්වීමේ අයිතිය තියනවා කියලා...
ඉතිරිය පසුවට....
ඇත්තම තමා.
ReplyDeleteසමහර වැඩිහිටියෝ හිතන්නේ එයාලා වයසින් වැඩි වීම නිසාම අපි එයාල කියන හැම එකකටම ඔලුව නවන්න ඕනි කියල.
ඒක තමයි තියන ප්‍රශ්නේ
Deleteහි හි.... සමහරවිට ඔය තත්වෙ කසාදෙන් පස්සෙත් තියෙනවා බං.... හි හි...
ReplyDeleteඕකට මම කියන්නෙ හෑඟීම් වලින් බ්ලැක්මේල් කිරීම කියලා... දෙයියනේ කියලා අපේ අම්මලා නම් ඔහොම කරන්න ආවේ නෑ... මගේ තීරණ වලට නිදහස දුන්නා...
කසාදෙන් පස්සේ අම්මලත් එක්කම ඉන්න බලන් ඉන්න අයට නම් ඔය තත්වෙට අනිවාර්යයෙන් මූණ දෙන්න වෙනවා.. ඒක නිසා බැඳලා නිදහසේ ඉන්න කැමති එකෙක් ඉන්නවා නම් ෆොන් බිල් ගෙවිල්ල, රස්තියාදු ගැහිල්ල අඩු කරලා තමන්ට කියලා තැනක් අටෝ ගන්න අඩිතාලම දාගන්නවා නම් හොඳයි...
පිස්සු හැදෙයි! අඩි තාලම දාගන්නත් පට්ට ගානක් ඔනනේ
Delete