Pages

Wednesday, March 27, 2013

නැවත පැමිණිමි

දන්නේම නැතුව මාසයකුත් ගෙවිලා ගියා... බ්ලොග් එක පැත්ත පලාතේ එන්න හම්බුනෙත් නෑ. සමහර වෙලාවට ඉක්මනට ගෙවෙන්නේ නැතුව අපිට ඇනයක් වෙන 'කාලය' සමහර වෙලාවට අපිටත් නොදැනිම ඉගිල්ලිලා යන්නේ අපේ ජීවිත වල කාර්යබහුලත්වය හින්දද නැත්තම් කාර්යබහුල අපේ ජීවිත වලට තවත් අභියොගයක් දෙන්නද කියල මට තෙරන්නේ නෑ....

විභාග එනකොට එන්නෙ එක පිට එක, පාඩම් කරන්න ගියාමත් එපා වෙනවා... එකකට පාඩම් කරන්න දෙන ගේම අස්සෙ තවත් එකක් ඒ පිට වැටුනහම හිතට දැනෙන ආතල් එක කියල නිමකරන්නත් බෑ... එකක් ගැන හිත හිත අනිත් එක පාඩම් කරනකොට අන්තිමට මතක හිටිච්ච දේකුත් නැති තරම්.....  ඒ මදිවට ජීවිතේට මූණදෙන්න වෙන ප්‍රශ්න!!!! මේ දෙවලුත් ඒ අස්සට එකතු උනාම ඇතිවන මානසික බලපෑම! මේ හැම දේම මැද්දේ පිස්සු නොහැදි ඉන්නවා කියන්නේත් ලොකු දෙයක්...





මෙහෙම පටන් ගන්නම්

හිතේ තියාගෙන හිටපු සමහර බලාපොරොත්තු පැය දෙකකින් තුනකින් සුනාමියක් ඇවිත් නටඹුන් වෙච්ච නගරයක් වගෙ හෝදගෙන ගියාම ඊලගට කරන්නේ මොකක්ද කියල හිතනවා තියා වෙන්නෙ මොනාද කියලවත් හිතාගන්න බැරි තැනට වැටෙන්නෙ අපි කොච්චර දුර්වලයිද කියල අපිටම පෙන්වලා දෙමින්.. සමහර විට ඒ දුර්වල කමට වඩා සංවේදී කම කියල අර්ථ දක්වන්නත් පුලුවන්. ඒත් කොහොම අර්ථ දැක්වුවත් ඒ දෙයින් අපිට වෙන බලපෑම ඉතා බලවත්.



ඒ බලපෑම නිසාම ම්නිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතේ තිබුන ස්වභාවය වෙනස් වෙලා වෙනස්ම ස්වභාවයක් ගන්නෙ ඒ වෙනස සමහර විට දැක්ක පමණින් අනිත් අයටත් තේරෙන එකක් තරම් බලවත් එකක් වෙලා... ලඟම හිටපු එකෙක් උදේම කවුරු හරි දැක්ක ගමන් කතාකරන්නත් කලින් උබට මොකක් හරි අවුලක්ද කියල අහන්න තරම වෙනස් ස්වරූපයක් අර කියපු බලපෑම ඇති උන පුද්ගලය ලඟ බොහො විට තියනවා... ඒත් මේ දේ එක් එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නත් පුලුවන්. සමහරක් දුකින් ඉද්දි තවත් කෙනෙක් දුක හිත යට හංගගෙන ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්නත් පුලුවන්.

හිතට වද දෙන මෙහෙම ප්‍රශන වලින් ඇතිවෙන පීඩනය දරාගන්න බැරි උනාම මිනිස්සු එක එක දේවල් කරන්න යොමු වෙනවා.... නොකා නොබී ඉන්නව, බලාගත්ත අත බලන් ඉන්නවා, මෙවා දිහා බලන් ඉන්න මිනිස්සු කියනවා මුන්ට පිස්සු මේවත් ප්‍රශ්න ද කියලා.. සමහර විට ඒ ප්‍රශ්න තව කෙනෙකුට සරල දෙයක් උනාට ප්‍රශ්නේ තියන කෙනාට ඒක තියන අමාරුම ප්‍රශ්නේ වෙන්නත් පුලුවන්.... තව කෙනෙකුට සුලු දෙයක් උන පලියට ඒ දේ හැමොටම සුලු දෙයක් වෙන්නෙ නෑ කියල තෙරුම් ගත්ත මිනිස්සු ඉන්නෙ ගොඩාක් අඩුවෙන්....

කොල්ලෙක් නම් බැරිම තැන කරන්නෙ වැටෙනකන් බොන එක... එතකොට හැම එකාම අහන්නෙ 'බීලා ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ඔයි' කියලා... බොන එකෙන් ප්‍රශ්න විසදෙන්නේ නැති උනාට ප්‍රශන නිසා දරාගන්න බැරි තරම් පීඩනයක ඉන්න එකාට බීපු ටිකට හම්බවෙන තාවකාලික් සහනය කාන්තාරේ වතුර නැතුව හිටපු එකෙක් ට ලිඳක් හම්බවුනා වගේ වැඩක්... ඒක දන්න නිසා තමයි කොල්ලො අහන්නේ මචන් අවුලක් ද? එහෙනම් බොමුද කියලා.....

ප්‍රශ්න නිසා කොච්චර වැටුනත් ආපහු නැගිටින්න ඔනේ ඒ මිනිස්සුමයි..... සමහර විට නැගිටින්න උදව් කරන්න කවුරුත් නැති වෙන්නත් පුලුවන්, සමහර විට පන දෙන්න හිටපු උන් ලඟ නැතුව වෙන කොහෙවත් හිටපු එකක් ඒ වෙලාවෙ අපේ ලඟ ඉන්නත් පුලුවන්, තමන්ගේ යාලුවො ටික තමන් ගාව ඉන්න පුලුවන් ඒත් ඒ කිසිම කෙනෙක්ට නැගිටින්න අත දෙනවා ඇරෙන්න වෙන කරන්න පුලුවන් දෙයක් නෑ... වැටි වැටී හරි නැගිටින්න ඔනෙත් අපිමයි... ඒත් කියනවට වඩා ඒ දේ දස දහස් ගුණයකින් අමාරුයි... අපි වැටෙන්නේ නෑ කියලා කොච්චර පම්පොරි ගහන එකක් උනත් කවද හරි වැටෙන දවසක් එනවා... දුක කියන එක තේරෙන්න පටන් ගන්නේ එදාට.

මමත් ෆ්ලැට් වෙන්නම වැටුනා... හැබැයි වැටිලා ඒ විදියටම ඉඳගෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ කියලා මම ඉගෙනගත්තා.... මම කොහොම හරි නැගිටිනවා, ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න තියන එකම මග ඒක හින්දා. සමහර විට ආයෙත් වැටෙයි, හැබැයි කෙලින් හිටන් ඉන්න පුලුවන්තාක් කල් මම උත්සාහය අත අරින්නේ නෑ....



10 comments:

  1. අපි වැටෙන්නෙ ඇයි? නැගිටින හැටි ඉගෙන ගන්න..
    ප්‍රශ්න එන්නෙ ජීවත් වෙන්න පන්නරය දෙන්න..
    ඔය ටික මමත් හිතින් අන්තෙටම වැටිලා හිටපු වෙලාවක මගේ යාළුවෙක් කිව්වෙ..
    යාළුවන්ට පුළුවන් අපිට නැගිටින්න අත දෙන්න..ඒත් නැගිටිනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනෙ අපි.. :)

    ReplyDelete
  2. Fake Smile Is Better Than Explanation :D මම නම් පාවිච්චි කොරන්නේ ඔය දේ තමයි.. වැටුණම ඇති තරම් එහෙම්ම ඉදලා හිතට ශක්තිය ආපු වෙලාවට නැගිට්ටම ආයේ වැටෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ආපහු පාරක් වැටුනොත් මොකද වෙන්නේ?

      Delete
    2. ආයේ නැගිටපිය බොල..,, :P පාඩමක් ඉගෙන ගෙන ආයේ ඒ දේ නොකර හිටියාම ඉවරයි..

      Delete
    3. පාඩමක් ඉගෙන ගත්තට දෙවෙනි පාර ඒක අලුත් පාඩමක් වෙන්නත් පුලුවන් නේ.

      Delete
  3. මොකද්ද බං... උඹලා වැටෙන්න ගහනවද ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි වැටෙන්නම ගහන්නේ ඒ කාලේ ඉඳලනේ

      Delete
  4. වැටුනම තමයි බං අපි ජීවත් වෙනවා කියලා තේරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මටනම් වැටුනම හිතුනේ මොකට ජීවත් වෙනවද කියලා

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.