Pages

Sunday, July 21, 2013

සෙක්ස් වලින් වෙන් කරමු

කරන්න වැඩක් නැතුව මනො පාරවල් ගගහා ඉන්නකොට එක එක විකාර හිතෙන එක සාමාන්‍ය දෙයක් නෙ..... මටත් ඔහොම වීකාරයක් හිතුනා.

ලිංගබේදය හින්දා එදිනෙදා ජීවිතේ අපිට නොයෙකුත් අනවශ්‍ය කරදර වලට ලක්වෙන්න, අනවශ්‍ය පීඩන වලට පත්වෙන්න් වෙනවනේ.... මේ හැම දේම වෙන්නෙ විරුද්ධ ලිංග තියන අය එකට ජීවත් උනොත් නෙ....

ගැහනු පිරිමි අය වෙන වෙනම වෙන කරලා ජීවත් වෙන්න ඉඩ දුන්නොත්? :O :O

මගේ මනෝ පාරේ හැටියට ලොකේ කෑලි තුනකට වෙන් කරන්න ඔනේ.... එක කෑල්ලක කෙල්ලො. වයස 12 විතර ඉඳලා වයස 22 විතර වෙනකම්.. අනිත් එකේ කොල්ලො ඒකත් වයස 12 ඉඳන් 24 විතර වෙනකන්.... අනිත් එකේ උඩ කියපු දෙකට අයිති නැති අනිත් ඔක්කොම මිනිස්සු... :P




කෙල්ලො කොල්ලො ඉන්න කොටස් 2ට තියන බාහිර සම්බන්දතා ඔක්කොම නැතිකරලා දාන්න ඔනේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය කියන 3 ඉතුරු වෙන්න.... ඇගලුම් පහසුකම් සීමා සහිතව ලබා දෙන්න ඔනේ. දෙමාපිය සම්බන්දතා පවත්වාගන්නත් ක්‍රමයක් හදන්න ඔනේ.

මෙහෙම කලොත් ලොකේ මීට වඩා කොච්චර ලේසි වෙයිද?

වියදම් ගැන කතා කලොත් මෙහෙම ජීවත් වෙලා ආපහු සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන කොටසට එන කෙල්ලො කොල්ලොන්ගේ අතේ කොච්චර මුදලක් ඉතුරු වෙලා තියෙයි ද? විශේෂයෙන් කෙල්ලොන්ගේ.... කොල්ලොන්ට පේන්න ලස්සන වෙන්න එක එක මගුල් කරන සල්ලි, ඇඳුම් වලට වියදම් කරන සල්ලි තොග පිටින් ඉතුරු වෙයි නේද? මල් කඩන්න රීලොඩ් දාන සල්ලි නැති නිසා දුරකතන සමාගම් කීයක් අනාත වෙයිද? කෑල්ල එක්ක ෆිල්ම් බලන්න, රූම්ස් ගානේ යන්න, එක එක ඒවා අරන් දෙන්න යන සල්ලි කොච්චර තොගයක් කොල්ලො අතේ ඉතුරු වෙයිද? සෙට් වෙන්න වියදම් කරන සල්ලි???? මොන තොගයක් ඉතුරු වෙයිද?

ආරක්ශාව ගැන ගත්තොත් ගෑනු ලමයි ගැන අම්මලා තාත්තලට කිසිම කරදරයක් වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ... මොකද කොල්ලො පේන හරියකවත් නැති නිසා... අනික කොල්ලො බොන එක ගැන රස්තියාදු ගහන එක ගැන කරදර වෙන්න ඔනෙත් නෑ....



අධ්‍යාපනය ගැනත් දෙපාර්ශවයෙම වැඩි උනන්දුවක් ඇති වෙයි කියලයි මම හිතන්නේ... එහෙම උනේ නැත්තම් කරන්න තියෙන්නේ ලස්සන කෙල්ලො ටිකකගේ, හැන්සම් කොල්ලො ටිකකගේ පින්තූර ටිකක් පෙන්නලා පන්තියේ පලවෙනි ස්ථාන 5 ට එයාලත් එක්ක දවසක් ගත කරන්න දෙනවා කියලා විතරයි.... කට්ටිය දවස් ගානෙන් අයින්ස්ටයින්ලා වෙයි....

පෙම් සම්බන්දතා හින්දා වෙන ගැටුම්, හිත් රිදීම් කිසිම දෙයක් ඇති වෙන්නේ නෑ. ලෙස්බියන් සීන්, ගේ සීන් නම් නවත්තන්න ක්‍රමයක් හදන්න වෙනවා හැබැයි... :P :P

මේ කාලෙ ඇතුලත දෙමාපියන්ට ඇතිවෙන සැනසීම මේ හැමදේකටම වඩා වැඩිවෙයි කියලයි මට හිතුනේ...  22, 24 වෙනකොට තමන්ගේ ලමයින්ව ගෙදර අරන් යන දෙමාපියන්ට තියෙන්න හොඳ පෙලවහක් කරලා දෙන එක විතරයි..

මට පිස්සු නේ...! යා අයි නෝ ඉට්..




19 comments:

  1. මේක දැක්කම මොලේ කොලොප්පන් උනා වගේ මොකක්දෝ වෙලා තව මොන මොනවදෝත් උනා

    ReplyDelete
  2. මේ වෙඩික්කාරයෝ පිස්සුනං කෙළින්න හදන්න එපා.

    ReplyDelete
    Replies
    1. අපෝ නලීන් අය්යේ.... අලුත් අදහසක් ආපුවහම වැඩේට උදව්වක් වත් නෑනෙ.... මමත් මේ හදන්නේ මනුස්ස වර්ගයාට සෙතක් කරන්න... :P :P :P

      Delete
  3. පිස්සු නෑ. දැන් තියෙන්නෙත් එහෙම ක්‍රමයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++

      Delete
  4. පිස්සු හෑදෙයි

    ReplyDelete
    Replies
    1. හැදිලා තියන පිස්සුව හොඳ වෙන්නත් පුලුවන්

      Delete
  5. පිස්සු හැදෙයි සද පොපියයි

    ReplyDelete
    Replies
    1. බලාගෙන... සඳ මිදුලටත් ඒයි

      Delete
  6. පිස්සුනම් කෙලින්න හදන්න එපා කොල්ලෝ ... 8 කට කඩලා තියන රට ආයෙත් කඩන්න හදන්නේ...

    ReplyDelete
    Replies
    1. කඩමු කඩමු බං..... 8ට කඩන් හිටියා ඇති

      Delete
  7. අනේ මචන් පිස්සු කෙලින්න එපා... මම ආව මුල් දවසෙම අහන්න ලැබුනෙ හරි පුදුම දෙයක් නෙ...

    ReplyDelete
    Replies
    1. ලොල්.... කට්ටියම බය වෙලානේ

      Delete
  8. මෙහෙම කරන්න බැරිද?22-24 කෙල්ලො කොල්ලො එකකට දාලා,වැඩිහිටි අපිව ගෑණු පිරිමි වෙන් කරලා අනිත් කලාප දෙකට දාන්න.කනක් ඇහිලා ඉන්න පුලුවන්.

    ReplyDelete
  9. ලිංගිකත්වය එහෙමත් නැත්නම් ස්ත්‍රි පුරුෂ වෙනස් කම් කියන එව්වා දවස් ගනන් උනත් කතා බහ කරන්න පුලුවන්. ඒ ඒ ගොල්ලන්ගේ ලින්ගික අවයව වලට වඩා ඉතා විශාල දෙයක් තියන නිසා. ඒ තමයි මානසික වෙනස. අපි මේ දිහාල අවධානය යොමු කරනවා අඩුයි නේද මෙකත් ටිකක් කතා කරමු...

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.