ලොකයේ පැරණිම රැකියාව කියන ගණිකා වෘත්තියෙන් පටන් ගත්තට පස්සෙ අද වන විට මේ ලොකේ එක එක ජාතිය රැකියා බිහිවෙලා තියනවා.... දවසෙන් දවස මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩි වෙනවත් එක්කම ඒ අවශ්‍යතා ඉටු කරන්න තව තව රැකියා අවස්ථා බිහි වෙනවා..
රැකියාවක අවශ්‍යතාවය මොකක්ද කියල ඇහුවොත්???? සරලම උත්තරේ වෙන්නේ මිනිසෙකුට ජීවත් වෙන්න අවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට කියන එක... හැබැයි ඒ උත්තරේ කෙතරම් දුරට නිවැරදිද කියල හිතලා බලපු අය ඉන්නවද? ඇත්තටම මිනිස්සු රස්සාවල් කරන්නේ ජීවත් වෙන්නද නැත්තම් රස්සාවක් කරන්න ජීවත් වෙනවද!
පාසල් යන කාලේ අපි හැමොම අපේ නිදහසට ගොඩක් ආස කලා.... ඒත් ඉගනීම අවසානයේ රැකියාවක් කරන තැනට ආවට පස්සේ ඒ නිදහස කියන එක අමතක වෙලා සල්ලි කියන දේ වටිනාකම නිදහසට තිබුන වටිනාකමට වඩා වැඩි වෙනවා. එතන ඉඳන් සල්ලි පස්සේ යන්න පටන් ගන්න මිනිස්සුන්ට ජීවිතය කියන දේ අමතක වෙලා ඉබේම යාන්ත්‍රික මිනිසුන් බවට පත් වෙනවා.... අන්තිමට ජීවත් වෙන්න සල්ලි හොයන්න පටන් ගත්ත මිනිස්සු සල්ලි හොයන්න ජීවත් වෙන්න පටන් ගන්නේ ඒ මිනිස්සුන්ටත් නොදැනිමයි. සල්ලි පස්සෙ හඹායන මේ ගමනේ කිසිම කෙනෙක් හැරිලා තමන්ගේ ජීවිතේ ගැන මොහොතකට හොයල බලන්න උත්සාහ ගන්නේ නෑ. තමන් කවදා හො මරණයට පත් වෙන බව තෙරුම් ගන්නේත් නෑ.
Friday, August 30, 2013
Thursday, August 22, 2013
අරකද මේකද ?
මනුස්සයෙක්ට ජීවිතේ වැඩියෙන්ම ඔනේ කරන්නේ මොනවද?
මෙහෙම ප්‍රශ්නයක් කාට හරි යොමු කලොත් කිසිම කෙනෙක් ට එක පාර උත්තරයක් දීගන්න බැරුව ටිකක් වෙලා කල්පනා කරන්න වෙන්නේ අපි අපිට වැඩියෙන්ම ඔනේ දේ හිතාගන්න අමාරු හින්දා.... ඒ තරමටම අපේ අවශ්‍යතාවයන් වැඩී. මොකද අපි පෘතක්ජන මිනිස්සු නේ.
බොහොමයක් අයට ගොඩක් වෙලාවට සල්ලි කියන දේ උත්තරේ වෙයි..... සමහර අයට නීරෝගී කම, ආදරය, සෙනෙහස කියන වෙන වෙන උත්තර තියෙයි. ඒ හැම මනුස්සයෙක් ම එකිනෙකාට වෙනස් නිසා.
මිනිස්සු දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් දුප්පත් අනිත් එක්කෙනා පොසත්...... දුප්පත් මනුස්සයා අනිත් කෙනා දිහා බලලා තමන් එයා වගේ උනා නම් කියලා හිතනකොට පෝසත් මනුස්සයා ඒකේ අනිත් පැත්ත හිතන්නත් පුලුවන්... සල්ලි වලට වටිනා කමක් තිබුනත් සල්ලි වලට කරන්න බැරි දේවල්, සල්ලි නිසා අහිම වන දේවල් බොහොමයක් තියනවා කියලා සල්ලි නැති මනුස්සයා නොදන්නවා උනාට සල්ලි තියන මනුස්සයා ඒක දන්නවා.... සල්ලි තියන මනුස්සයට හොඳ කරගන්න බැරි ලෙඩක් තියනවා නම් කොච්චර සල්ලි තිබුනත් ඔහුට ඒ දේවල් වලින් වැඩක් නෑ.... සල්ලි නැති මනුස්සයා සල්ලි නොමැතිකම හින්දාම ජීවිතේ විඳින්න වෙන දුක් කරදර ගැන දන්නවා, ඒ නිසාම ඒ මනුස්සයා සල්ලි වලට ඇලුම් කරනවා.

Monday, August 12, 2013
වෙනසක් අවශ්‍යය
එදිනෙදා ජීවිතේදි මිනිස්සු දිහා බලන් ඉන්න මට එක වෙලාවකට හිතෙනවා මුන් හැම එකාම ජීවත් වෙන්නේ මැරෙන්නේ නෑ කියලා හිතාගෙනද කියල.... ජීවිත කාලේම එකම විදියට ජීවත් වෙලා මැරිලා යන මිනිස්සුන්ගෙන් කීයෙන් කි දෙනාටද ජීවිතේ ගැන දැක්මක් තියෙන්නේ.... කාර්යබහුලත්වය නිසාමද කොහෙද මිනිස්සුන්ට ජීවිතේ කියන්නේත් මොකක් ද කියලා අමතක වෙලා.... මේ පොස්ට් එක ජීවිතේ ගැන නම් නෙමෙයි, ලංකාව හා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන.
මේ යන විදියට ලංකාව තව අවුරුදු කීයක් තියෙයිද කියල හිතාගන්න වත් බෑ, ඒ තරමටම වෙන දේවල් බරපතලයි.... හැබැයි ඒ හැම දේකටම වඩා අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන හැටි දැක්කම ඊටත් වඩා බය හිතෙනවා.... අර කියනවත් වගේ අපේ මිනිස්සුන්ට ඔනෙම දෙයක් මතක හිටින්නේ මාස 2,3ක් විතරද කොහෙද....
එක කාලයන් අදහගෙන හිටපු උන් ටික දවසකින් වෙනස් වෙනවා, එක කාලයක් හොඳට තිබුන ඒවා ටික කාලයක් යනකොට නරක් වෙනවා, එක කාලයක් හොඳට හිටපු එවුන් කාලයක් යද්දි නරක වෙනවා... ඔන්න ඔකයි අද ලංකාවෙ තත්වය.

Subscribe to:
Posts (Atom)