Pages

Saturday, April 13, 2013

අලුත් අවුරුද්ද




අවුරුදු නේ? අනේ මංදා...... සකල ලෝක වාසී හා ලංකාවාසී ජනතාවට කියන්න තියෙන්නේ ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන, කරදර භාදක දුරුවෙලා යන සතුට සාමය රජ කරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා තමයි...

හැබැයි ඉතින් අලුත් අවුරුද්ද කියන එකේ නියම තෙරුම වටහාගෙන ඒ අනුව ජීවිත හැඩගස්ස ගන්නවා නම් දවස් ගනන් සෙනඟ අස්සේ තෙරපි තෙරපි ඇඳුම් තෝරලා පැය ගනන් පොලිම් වල ඉඳලා ලෝකෙට පේන්න හොඳට කාලා බීලා ඇඳලා ඉඳලා ඊට පස්සේ ලොකු කේක් එකක් අරන් නෑදෑ ගෙවල් වල යනවට වඩා ඒක වටිනවා...

අර කියනවා වගේ අලුත් අවුරුද්දට අලුත් වෙන්න ඔනේ අපේ සිතිවිලි...... එහෙම නොකර මොන දේ අලුත් කලත් අන්තිමට ඉතුරු වෙන්නේ කලින් අවුරුද්දේ හිටපු පුද්ගලයම තමයි... ඒ නිසා තමන්ගේ තිබුන අයහපත් ගතිගුණ වලින් ඈත් වෙලා කලින් අවුරුද්දට වඩා යහපත් මිනිහෙක් විදියට අලුත් අවුරුද්ද සමරන්න පුලුවන්නම් එදාට අපේ මුලු රටටම ලිප ගිනි මෙලෙව්වේ නැතත් කිරි ඉතිරෙයි...





ප.ලි.
හොඳට කාලා බීලා සතුටින් ඉන්න. කොහොමත් ඊලඟ මාසේ කරන්ට් බිල එනකොට හැමදාම අවුරුදු නෑ කියල මතක් වෙයි.

4 comments:

  1. හක්,,! ඔක්කමත් කියලා අන්තිමට කියපු එක නිසා අපරාධේ අවුරුදු කියලා හිතුනා.. :P

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  2. ලබන මාසේ ඉදන් ඩබල් ඩබල් නේ..

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  3. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
  4. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.