උදේ 6 ට විතර එක පාරට ඇහැරුනේ පුරුද්දට වගේ වෙන්න ඇති...... ආපහු ඇස් දෙක වහගෙන කනා වගේ මෙට්ටෙ වටේට අත ගෑවේ ෆොන් එක හොයාගන්න. දෙපාරක් තුන්පාරක් අතගානකොට ඇඟිලි වලට අහු වුන ෆොන් එක අතට අරන් නිදිමත බේරි බේරි තිබුන ඇස් දෙක ඇරියේ හැමදාමත් වගේ උදේම එන ගුඩ් මොනිං මැසෙජ් එක බලලා රිප්ලයි එකක් දාන්න උනත් ජීවිතේ තිබුන හැම දෙයක් ම තවදුරටත් ලඟ නෑ කියල මතක් වෙන්න ඒ නිදිමත් ඇස් වලින් තවත් දවසක් ආලෝකය දැක්ක මට මතක් උනා... ඇස් වලට කඳුලු ඉනුවත් ඒ කඳුලු අස්සෙන්ම තව ටිකක් වෙලා නිදාගන්න ඇස් දෙක පියාගත්තේ ඇහැරලා කරන්න දෙයක් හිතාගන්න බැරි හින්දා...... මහ මූදේ රැලි වගේ අගක් මුලක් නැතිව, නිමාවක් නැතිව හිතට ගලාගෙන ආපු පරණ මතකයන් ඒ අහිංසක බලාපොරොත්තුවට යන්තමින් වත් ඉඩක් දුන්නේ නෑ.
නැගීටින්න පරක්කු උනාම මිස් කොල් පිට මිස් කොල් ගහලා ඇහැරවන ඔයා ඊට පස්සෙ කම්මැලියා කියල මට බනින හැටි මතක් වෙනකොටත් හිත කීරි ගැහිලා ගියා... ඒ ආයෙත් මට එහෙම කියන්න ඔයා මං ලඟ නැති හින්දා... හිතට ගලාගෙන එන මේ මතකයන් හින්දම තවත් නිදාගන්න බැරි තැන මම නැගිට්ටේ වැඩට යන්න වත් ඔනේ කියල හිතාගෙන... වෙනදට උදේ නැගිටලා කිරි එකක් හදාගන්න මට මේ දවස් දෙක තුනට ඒ පුරුද්දත් අමතක වෙලා ගිහින් තිබුනේ.... ටූත් බ්‍රශ් එක අතට අරන් බාත් රූම් එකේ කණ්නාඩිය ඉස්සරහට ගියේ දත් මැදලා ලෑස්ති වෙලා ඔෆිස් එකට යනවා කියල හිතාගෙන. ඒත් කණ්නාඩිය ඉස්සරහ හිටගත්තම මට කණ්නාඩියෙන් පෙනුනෙ ඔයාගේ මූණ... ඔයා ලස්සනට හිනා වෙලා මගේ දිහා බලන් ඉන්න විදිය. මම ඔයාගෙ නිල් පාට ඇස් දිහා කොච්චර වෙලා බලන් ඉන්න ඇද්ද... ඔයාගේ පිස්සු කතා වලට හිනා වෙවී ඔයා මගේ ලඟ හුරතල් උන හැටි මතක් වෙනකොට මට හිනා ගියේ මටත් නොදැනිමයි... බල්ලෙක් බුරන සද්දෙට එකපාරට ගැස්සිලා ගියපු මට මම ඉන්නෙ කොතනද කියල මතක් උනේ ඊට පස්සෙ..... ඔයාගේ මතකයන් වල කිමිදුන මට කාලට කියන එකත් නොදැනිම ගිහින් පැයක් විතර එතන හිටගෙන ඉඳලා... වෙනදට විනාඩි 10ක් වත් හිටගෙන ඉන්න බැරි මට කකුල් වලට දැනුන වේදනාව නොතෙරුනේ හදවතේ තියන වේදනාව ඊට වඩා දහස් ගුණයකින් වැඩි නිසා වෙන්න ඇති..
ඔෆිස් යන්නත් පරක්කු නිසා වැලේ තිබුන ඩෙනිමක් දාගෙන ටී ශර්ට් එකක් දාගත්තේ කොහෙ හරි යනවා කියලා හිතාගෙන...
ජීවිතේ පුදුම විදියට වෙනස් වෙලා... ජීවත් වෙනවා කියන එකත් එපා වෙන තරමටම ජීවිතේ දුකක් වෙලා... ඇයි එයා මට එහෙම කලේ? කොහොමද එයා එහෙම වෙනස් උනේ? මේ ප්‍රශ්න දෙකට උත්තර මට තාමත් හොයාගන්න බැරි උනා... එයාව හොයාගෙන ගිහින් කරදර කරන්න පුලුවන් උනත් ඒ කිසිම දේකට හිත හදාගන්න බැරි උනේ මට මගේ ජීවිතේට වඩා එයාගේ සතුට වැදගත් නිසා.... එයා ගියේ එයාගේ සතුට හොයාගෙන... එයා සතුටින් නම් මම කොච්චර විඳෙවුවත් මට කමක් නෑ කියලයි මගෙ හිත හැම වෙලේම මට කිවුවේ.... දෙයියනේ පහුවුන අවුරුදු හතර මම කොහොමද අමතක කරන්නෙ? ඒ කාලේ ජීවිතේට ඇතිකරගත්ත බලාපොරොත්තු... ඒ හැම එකක් ම නැතිවෙලා ගියේ හරියට සුනාමියකට අහු උනා වගේ..
මේ හැම එකක් ම හිතේ තියාගෙන බයික් එකට නැග්ග මම පාර දිගේ ඉස්සරහට ගියේ කිසිම අරමුණක් නැතුව... මේ බයික් එකේම අපි දෙන්නා කොච්චර එහෙ මෙහේ ගියාද? මේවා මතක් වෙන මට බයික් එක කොහෙ හරි හප්පගන්න හිතුන වාර ගණනත් අනන්තයි.... ඒත් ඒකට මගේ හිතට හයියක් තිබුනේ නෑ... අන්තිමට නොදැනුවත්වම වගේ නැවතුනේ යාලුවෙක් ගේ ගෙදර... බයික් එකේ සද්දේ ඇහුන ගමන් ඌ ගේ ඉස්සරහට ආවේ තාමත් මම යහතින් ඉන්න එක ගැන පුදුම වෙලා වගේ...
" කොහෙද බොල ##@&^(*&$ තො මක බෑ උනේ? අපි මෙහෙ රත් වෙලා තොව හොයනවා"
කිසිම දෙයක් නොකිවුව මම බයික් එකත් නවත්තලා සද්ද නැතුව උගේ කාමරේට ගිහින් ඇඳට පැන්නේ මට දෙන්න උත්තරයක් නැති හින්දා... ෆොන් එකට හැම එකාම එක දිගට කතා කලත් මම කිසිම කොල් එකකට ආන්සර් කලෙ නැත්තේ හිතේ තියෙන දුක නිසාමයි..
මගේ පස්සෙන් ම ආව ඌ ටොන් එක වෙනස් කරලා මට ආපහු කතා කලේ මගේ දුක යන්තම් හරි තෙරෙන නිසා වෙන්න ඇති... මම ඒයාට කොච්චර ආදරේ කලාද කියල මටත් වඩා මගේ වටේ හිටපු උන් ටික දැනගෙන හිටියා...
" ජීවිතේ ඔහොම තමයි බං.... ගිය දේ ගියා උබ කොහොම හරි හිත හදාගනින් බං."
" උබ ඔහොම් ඉන්න ඔනේ එකෙක් නෙමෙයි"
" ඇයි බං ඒකි මට මෙහෙම කලේ? මම මොකක්ද කරපු වැරැද්ද" මගේ කටින් එලියට ආව පලවෙනි වචන ටික මේ...
" මට එපා වෙලා බං හැම දෙයක් ම... මට මෙහෙම විඳවන්න හයියක් නෑ"
"උබ හිතේ තියන ඒවා එලියට දාන්නේ නෑ කියල අපි හැමොම දන්නවා බං... ඒත් පුලුවන් නම් අපිට හරි උබේ දුක කියපන්"
" ඉඳපං, ටිකක් ශෙප් වෙන්නත් එක්ක මොනවා හරි කරමු" මෙහෙම කියපු ඌ කබඩ් එක අස්සෙ තිබිලා කෙ.ජී. පැකට් එකක් ඇදලා ගත්තා
"ලාච්චුවේ සිගරට් එකක් ඇති, උබ කාලත් නෑ නේද? මම කඩෙට ගිහින් එන්නම්" කියපු ඌ මගේ බයික් එකත් අරගෙන ගියා.... කොච්චර වැරදි වැඩ කලත් එයාව හම්බවුනාට පස්සෙ මම ඒවා හැම එකක් ම අත ඇරියේ එයාට බොරු කරන්න මගේ හිත ඉඩ දුන්නේ නැති හින්දා.... ඒත් ඒ කරපු කිසිම කැප කිරීමකින් වත් අන්තිමට වැඩක් උනේ නෑ... එයත් එක්ක අත් අල්ලගෙන පාරවල් දිගේ ඇවිදගෙන ගියපු හැටි, ගොල්ෆෙස් එකේ බෙන්ච් වලට වෙලා පැය ගණන් කතා කරකර හිටපු හැටි! ආයෙත් ඒ දේවල් හීනයක් විතරයි... ඒ මතකයන් එක්ක සමවැදුන මම යාලුවා ආපහු එනකම් දන්නේ වත් නෑ...
" උබ තාමත් කල්පනා කරනවද? ඔක කලා කියලා ඒකි ආපහු එනවනම් ඇති තරම් කරපන් මම මුකුත් කියන්නේ නෑ" කියපු ඌ " කඩෙත් මුකුත් නෑ බං බනිස් විතරයි තිබුනේ" කියලා ගෙනාපු පාර්සලයක් මට විසි කලා...
"දීපන් ඔක මම ඔතන්නම්" කියලා පැකට් එකත් ඇදලා ගත්තා....
එහම ඇදලා ගත්තත් ඒක ඔතන්න විනාඩි 10ක් විතර ගියේ ඇත්තටම පුරුදු නැති කම නිසා කියල මම හොඳටම දැනන් හිටියා... මොකද අපේ සෙට් එකේ උන් ඉඳලා හිටලා මේ දේවල් කලාට පුරුද්දක් විදියට කරපු නැති නිසා....
හදලා ඉවර වෙලා ඌ ඒක මට දුන්නා ගහපං කියලා.... වෙනදා එයාගේ තොල් 2 අතර දැවටුන මගෙ තොල් 2 ට කාලෙකින් නුහුරු දෙයක් උනත් තොල් දෙකේ තියාගෙන ලයිටරේ පත්තු කලේ මොහොතකට හරි මේ දුකෙන් ගැලවෙන්න මට ඔනේ වෙලා තිබුන හින්දා.
ඇදපු පලවෙනි දුම් ගුලිය ටික වෙලාවකින් එලියට දැම්මේ මට වෙච්ච දෙයක් කියලා හිතන ගමන්මයි.... දෙවෙනි පාරත් ඇදලා ජොයින්ට් එක යාලුවට දුන්නේ හිතේ හිර කරගෙන හිටපු ඒ දුක එලියට දාන්න ලෑස්ති වෙන ගමන් මයි...
ප.ලි.
ඊලග කොටස ලඟදීම
පලවෙනි උත්සාහය... කතාව චොර උනොත් ගනන් ගන්න එපා හරිද?
මේක ඇත්ත එකක් නොවුන එක හොදට ගියා,, :/ මම ක්මෙන්ට් නොකරම යන්න හැදුවෙ නිකම් දුකක් වගේ දැනුන නිසා :(
ReplyDeleteසමහර වෙලාවට ඇත්ත ජීවිතේ ගොතපු කතාවකට වඩා අමිහිරියි....
Deleteමෙයාට දුක හිතිලා... :)
Deleteපටන් ගැන්ම හොඳා..
ReplyDeleteඉතුරු ටිකක්ත් කියවලාම අදහසක් දෙන්නම්කො.ඔන්න ඊළඟ කොටස ලියන්න ගොඩක් කල් ගන්නවා එහෙම නෙවේ. :P
හරි හරි ඉක්මනට ලියන්නම්
Deleteකතාව සිරා බං.. ඉතුරු ටිකත් ලියමු ඉක්මනට..
ReplyDeleteතැන්කූ තැන්කූ...
Deleteඅම්මට උඩු....මෙන්න... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි අවුල් ද? වැඩක් බලාගෙන යනවා රජෝ යන්න
Deleteකේ.ජි K කිරි පණු G ගාය!
ReplyDeleteඅනේ මේ කෙල්ලෝ නිසා නහින එක මෝඩ වැඩක් බන්.මාත් කාලයක් ඔහොම දුක් වින්දා ඒ වුනාට උන්ට අපි ගැන මෙලෝ ගානක් නැහැ කියලා දැනගත්ත දවසේ තමා හිතුනේ ඇයි අපි තවත් මැරීගෙන උන් වෙනුවෙන් නහින්නේ කියලා.
කොල්ලා ට්‍රැක් එකට වැටිලා වගේ.... එල එල
Delete