Pages

Wednesday, July 30, 2014

කරලියට නැවතත්

ලිවුවේ තියා මාස ගානකින් කියවන්න වත් හම්බවුනේ නෑ....... වෙලාවක් නැතිකමටත් වඩා එහා ගිය පට්ට කම්මැලිකමක් ඇඟට කා වැදිලා මුල් බැහැලා ගලවගන්න බැරි පිළිලයක් වෙලා. හේතුව මොකක් ද කියලා මමත් හොයනවා. මොනවා උනත් නිදහසේ තිබ්බ ජීවිත එක එක නම් තියන බිත්ති අතරෙ හිර උනාම, මෙලොම ආසාවක් නැති දේවල් කරන්න දෙයක් නැතිකම හින්දම කරන්න උනාම, මිනිස්සු ඉවක් බවක් නැතුව නන්නත්තාරේ දුවවන කාලසටහන් වලට දුවන්න උනාම මිනිස්සුන්ට එහෙම වෙනවා ඇති....... එත් ඒ හැම දේකටම ඉඩදීලා පරාජය බාරගෙන ඒ හැලියෙම හැඳිගෑවිලා යනවට වඩා ආසාවෙන් කරගෙන හිටපු දේවල් කරන්න උත්සාහ කරන එක හොඳයි කියලා හිතුනා. ඒ හින්දා ආයෙත් පටන් ගත්තා......

මේ ලඟදි දවසක මනො පාර ගහගෙන බස් එකේ එනකොට කාර් එකකින් සිරාවටම ලස්සන කෙල්ලෙක් මම හිටපු බස් එක පහු කරගෙන ගියා..... අනිත් උන්ට වාගෙම පෘතක්ජන හිතක් තියන මටත් ඒ වෙලාවෙ අනේ මටත් මෙහෙම එකක් තිබුනනම් කියලා හිතුනා. කෙල්ලව නෙමෙයි කාර් එක! මොකද දන්න කාලෙ ඉඳන් ම පට්ට කෑලි වලට වඩා ආස කලේ පට්ට කාර් වලට. අනික ඉතින් පට්ට කාර් එකක් කියන්නෙ ඉතින් ටිකක් දැගලුවහම කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ජාතිය එකක් නේ. ඔහොම හිතන් ටික දුරක් යනකොට පාර අයිනේ ඉඳගෙන ඉන්න හිඟන දරුවෙක් දැක්කා...... හිඟන කියන වචනෙන් ඒ ළමයව නිර්වචනය කරන්න මට අයිතියක් නෑ, එහෙම කිවුවෙ අවස්ථාව අර්ථදක්වන්න. මොකද දුප්පත් කම කියන එකත් සාපේක්ශයි නේ. කොහොම හරි ඒ වෙලාවෙ මට හිතුනේ ඒ ළමයත් අපි දිහා බලලා එහෙම හිතනවා ඇති නේද කියලා......