Pages

Wednesday, April 17, 2013

හැඟීම් හා යුතුකම අතර අපි

පලවෙනි කොටස මෙතනින්

නිදහස් නිවහල් අපේ රටක ජීවත් වෙන අපි ඇත්තටම අපේ දෙමව්පියො ඉස්සරහා නිදහස් ද? කොච්චර වයස ගියත්, කර දඬු උස් මහත් උනත් අපිට දෙමව්පියන්ගේ වචන වලට යට වෙලා ජීවත් වෙන්න වෙලා නැද්ද? යුතුකම්, වගකීම් කියන දේවල ගැන හිතලා ගොඩාක් වෙලාවට අපි එයාලට අවනත වෙනකොට සංස්කෘතිය කියල මගුලකුත් ඇවිත් අපේ බෙල්ල හිර කරනවා...මොන එහෙකට ලංකාවේ ඉපදුනාද කියල හිතුන වාර ගණන අනන්ත වෙන්න ඇති. ඒ අපි ෆිල්ම් වල දැකලා තියන ඒ නිදහසෙන් පොඩ්ඩක් වත් අපිට නැති නිසා..

පොඩි කාලෙ ඉඳන් පාට් ටයිම් ජොබ් එකක් හොයාගෙන කියක් හරි සාක්කුවට දාගෙන යාලුවොත් එක්ක රට වටේ ඇවිදලා එන්න, කැමති එකෙක් එක්ක ගෙදරටම කියල ලව් කරන්න... මේ දේවල් අපිට හීනයක් විතරයි. කමක් නෑ මේ ලංකාව නේ කියල හිත හදාගන්න පුලුවන් කොහොම හරි... ඒත් අපි අපේ හීන ඉස්සරහ අසරණ වෙන වෙලාවල් කොච්චර තියනවද?



තමන් කැමති එකෙක් කසාද බඳින්න ගියාම මෙහෙ කොච්චර අමාරුද? ලව් එක මාට්ටු වෙලා ගෙදරින් අම්බානට බැණුම් අහපු උන් කොච්චර ඇද්ද? අපිට ගැලපෙන කෙනා දන්නේ අපි උනාට ඒක කවදාවත් දෙමව්පියෝ තෙරුම් ගන්නවද? ජීවිතේ ඉතුරු කාලේ ගෙවන්න හොයාගන්න පුද්ගලයා හොයාගන්න ඔනේ තමන්ද නැත්තම් දෙමව්පියො ද? එයාලා බන්දලා දීලා පැත්තකට උනාම ඒකේ විපාක විඳවන්න වෙන්නේ තමන්ගේ අසරණ ලමයින්ට නේද කියල හිතන්නේ කීයෙන් කී දෙනාද? දෙමව්පියෝ දරුවන්ගේ යහපත ගැන, සතුට ගැන හිතනව කියලා හැමෝම කිවුවට ලමයින්ගේ සතුට දෙමව්පියන්ගේ කැමැත්තම නෙමේ කියලා එයාලා තෙරුම් ගන්නේ නැත්තේ ඇයි?


කෙනෙක් ගැන වැඩිපුරම දන්නේ දෙමව්පියො ද? අවුරුදු 12ක් 14ක් යනකම් නම් එහෙම වෙන්න පුලුවන්... ඒත් ඊට පස්සෙ සමාජයට ගිහින් ජීවත් වෙන ලමයා ගෙදර ඉන්න එකාම නෙමෙයි කියන එක රහසක් නෙමෙයි නෙ? එහෙව් වූ එකාගෙ හිතේ තියන බලාපොරොත්තු ගැන අබමල් රේණුවක තරම් වත් දැනුමක් සමහර වෙලාවට ගෙදර දෙමව්පියන්ට නෑ... එහෙම වෙච්ච දෙමව්පියන් ගන්න තීරණ වලින් තමන්ගේ දරුවට හොඳක් වෙයි කියලා එයාලා විශ්වාස කරන්නේ ඇයි... ඒක එහෙම නොවුනොත් කියලා කවදාවත් හිතනවද?

කවල පොවල උස මහත් කලා.... ඒවා ඔක්කොම හරි කියමුකෝ... ඊට පස්සෙ ඇයි බැරි ලමයින්ට කැමති විදියට ජීවත් වෙන්න අරින්න... තමන්ගේ අවශ්‍යතා වල වහලෙක් කරගන්නවට වඩා නොවදා ඉන්න එක හොඳයි කියලයි මට නම් තේරෙන්නේ....

දෙමව්පියො එයාලගෙ කැමැත්තට ගොඩක් දෙවල් කරල ඇති. සමහර විට එයාලා දියුනු උන හැටි ලමයින්ට කියන අවස්ථාත් කියනවා. ඒත් ලමයිනුත් තමන්ගේ අඩි පාරෙම යන්න ඔනෙද? ගෙවල් වලට විරුද්ධ වෙලා කසාද බැඳලා තමන්ගේ ලමයගේ සම්බන්දෙට විරුද්ධ වෙලා එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ගොඩක් වෙලාවට දෙමව්පියො වර්ථමාන තත්වයේ ඉන්නේ මුරණ්ඩු වෙලා ගත්ත තීරණ ගොඩක ප්‍රතිපලයක් විදිහට... එදා ඒ විදියට මුරණ්ඩු උන එයාලම තමන්ගේ ලමයින්ට ආවම සාම්ප්‍රධායික වෙන්නේ ඇයි?

තමන්ගේ ආසාවල් බලාපොරොත්තු නැති කරගෙන දෙමව්පියන්ට ඔනේ විදියට ජීවිතේ අරන් ගිහින් පස්සෙ කාලෙක දෙමව්පියන්ට සලකන්නේ නැති උනාමත් බනින්නේ වදලා ලොකුමහත් කරපු එකටඩ මෙහෙම කරන්නේ කියලා නෙමෙයි ද? මානසිකව පීඩනයට පත් කරලා කරලා මනුස්සකම් කියන ඒවා අමතක වෙන්න ඇරලා පස්සෙ උන්ටම දොස් කියන එක සාදාරණද? එදාට දෙමව්පියන්ට තෙරෙන දුකම ලමයා පොඩි කාලේ විඳින්න ඇති කියලවත් එයාලට නොහිතෙන තරමටම එයාලා එයාලව සාධාරණීකරනය කරගන්නේ නැද්ද? යකඩ තලලා තලලා හයි උනාට පස්සෙ නමන්න කලින් නොතලා හිටියනම් ඉවරයිනේ තේරුම් නොගන්නෙ ඇයි.



මෙහෙම ජීවත් වෙන අපි ඇත්තටම නිදහස් ද? මම නම් කියන්නේ දෙමව්පියන්ට තමන්ගේ ලමයින්ගේ බලාපොරොත්තු වලටත් ඉඩ දෙන්න.... මොකද තමන් බිහි කලාට ඒ ජීවිත අයිති එයාලට..

2 comments:

  1. කාලීන මාතෘකාවක්,,. :D
    සිරාවටම නියම පෝස්ට් එක...

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.