Pages

Friday, February 14, 2014

වැලන්ටයින්, පොය හා පොඩි නංගි

මාස දෙකකට විතර පස්සෙ අදයි මේ පැත්තට ගොඩ උනේ.... වෙලාවට පොය දවස උනේ. නැත්තම මොකො බං ගෙදර කියලා හැම එකාම අහනවනෙ. ඇයි යකෝ වැලන්ටයින් නැති උන් ඉන්න බෑ වගේනෙ මුන් කතා කරන්නේ. කොහොම කොහොම හරි බ්ලොග් එක පැත්තෙ එන්න අවස්තාවක් ලැබුනනෙ ඒකෙන් හරි.



වැලන්ටයින් ගැන කිවුවොත් ඉතින් කියන්න තියෙන්න කඩ කාරයෝ පොහොසත් කරන මගුලක් කියල තමයි... මොකෙක් ට හරි ආදරේ කරනවනම් එක දවසක විතරක් විශේෂයක් මොකටද??? කොහොම කොහොම හරි පාර්ක්, ෆිල්ම් හොල් වහලා හින්දා සූ සූ ගාලා සෙනග ඇති රූම්ස් දෙන තැන් වල.... ඇයි ඉතින් ලවු කරන්න කියලා පන්සල් යන්න කියලයැ... හැබැයි මමනම් කියන්නෙ බොක්කෙන් කරන ලවක් නම් රූම් එක පැත්තකින් තියලා පන්සලකට ගිහින් මලක් පූජ කරල පහනක් පත්තු කරල ආවනම් ඒක සමහර විට අනාගතේට ආශිර්වාදයක් වෙයි.... අනික කොල්ලෙක් එක්ක පන්සලේ හිටියා කියලා මිනිස්සුන්ට බනින්නත් බෑනෙ.

රැල්ල යන අතට ඉස්සර හැමෝම පස්සෙන් ගියාට දැන් රැල්ල යන විදියට යන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැති එකේ රැඩිකල් වෙන්න ට්‍රයි කරන එකත් නරකක් වෙන එකක් නෑ ඉස්සරහට. ආදරේ කරනවට සමාජයේ තියන ආකල්පය නම් ටිකක් අවුල්...... කෙල්ලෙක් කොල්ලෙක් එකට ඉන්නවා දැක්කොත් අපේ උන් කොහෙන් හරි කතාවක් හදයි.. ආදරයයි රාගයයි කියන්නේ එකට යන දෙයක් කියල තෙරෙන්නෙ නැති අපේ මිනිස්සු ජෝඩුවක් අනාචාරයේ හැසිරුනා කියලා දැන ගත්තානම් උන් දෙන්නව මැරෙණකම් හංවඩු ගැහුවට ඒ හංවඩු ගහන උන්ට උන් ඒ කාලේ බඩවැටි වල කැලෑ රොදවල් වල කල ඒවා මතක නැතුව ඇති මයෙ හිතෙ...