Pages

Friday, August 31, 2012

නිල් තැවරුන නිල ඇදුම් අස්සෙන්....

අද A\L විභාගයේ අවසාන දවසය.... ඔය ගැන කිසිම මතකයක් නොතිබි මට ඒය මතක් වූයේ දහවල් දුටු නිල් තැවරුනු, පාට ගෑවුනු, අත්සන් තබන ලද පාසල් නිල ඇඳුම් දුටුවාට පසුවය... ඇත්තටම මේ දවස හැම කෙනෙකුගේම ජීවිතයේ නොමැකෙන මතක සටහන් ඇතිකරන දිනයක් බව හැමෝම දන්නා කාරනාවකි... ඒත් මෙතනින් එහාට ජීවිතය, මෙතෙක් ආ සුන්දර ගමන් මගේ අවසානය බව මොවුන්ට වැටහීමක් ඇත්ද නැද්ද යන්න වග කිසිසේත්ම පැහැදිලි නැත. ඔවුන්ගේ හිනා මුසු මුහුණු දුටුවිට අපිට ඇතිවන්නේ මහත් දුකකි.. ඒ මේ අවසාන වූයේ ජීවිතයේ සොඳුරුතම පරිච්චේදය වග ඔවුනට තෙරුම් යන්නට තව බොහො කාලයක් යන නිසාය.



මේ දිනය බොහෝ සෙයින් වැදාගත් වන්නේ පලමුවර විභාගයට මූන දෙන සිසු සිසුවියන්ටය. ඒ පාසැල් නිල ඇදුම අන්තිමට අඳින දිනය මෙය වීමය... ( results බැලීමට යනවිට හා වීශේෂ අවස්තා වලදී හැර )  එක අතකින් ඔවුනට මෙය ඉතා සතුටකි... ඒ පාසල තුල ගාල් කර ඉගෙනගන්නට සැලැස්වූ, තමන්ගේ බාහිර ස්වරූපය අන් අයෙක්ගේ උපදෙස් මත පවත්වා ගැනීමට සිදු වූ කාලයේ අවසානය මෙය බැවිනි... එක අතකින් ඔවුන්ට මේ දිනය විශාල දුකකි. දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු වී සිටි මිතුරන්ගෙන්, පාසැල් ක්‍රියාකාරකම් වලින්, ඒ සුන්දර මතකයන් වලින් ඈත්වෙන්නට පටන්ගන්නා දිනය මෙය බැවිනි...

කෙසේ හෝ කට්ටිය මේ දවසේ එයාලගෙම භාශාවෙන කියතොත් " ෆුල් ආතල් එකක් " දමන්නෙය... කෑ කෝ ගසමින් නිල්, ගොල්ඩ් ඩස්ට්, වතුර සහ නා නාප්‍රකාර දේවල් ගසා ගනිති... කොල්ලො සමූහයක් මෙසෙ යනවිට ගැහැණු ලමුන් දුටුවහොත් ඒ ගැහැණු ලමුන්ටත් "එකම සෙත" අත්වේය.... කොල්ලො මේ දේවල් එලි පිට කරද්දී කෙල්ලො බාහිර සමාජයට හොරෙන් මේ දේවල් පාසැල් ඇතුලෙදී සිදු කරති. ඒ ගැහැණු ලමයින්ගේ හැදියාවක් තිබිය යුතු යැයි සමාජයේ පවතින සම්මතය නිසාය... කාන්තාවට සමාජයේ සම තැනක් දිය යුතු යැයි ප්‍රකාශ කරන මිනිසුන් මෙතනදී කෙතරම් අසාදාරණද? එක ජීවිතයකට සමු දෙන දවසේ දී පිරිමි ලමුන්ට ඇති හැඟීම ගැහැණු ලමුන්ගේ සිත් තුලත් ඇති නොවන්නේද? එසේ නම් මෙසේ එක් පාර්ශවයකට නිදහස තිබියදී තවත් පාර්ශවයක් මේසේ හිර කරන්නේ මන්ද?





කෙසේ වෙතත් මේවා දකින බොහොමයක් වැඩිහිටියන්ට මේවා "දිරවන්නේ නැත" ඔවුන් මේ පිරිසට බැණවදින්නේ තමන්ටත් අතීතයේ මෙසේ දවසක් තිබූ බව අමතක කරමිනි... දෙයක් අවශ්‍ය ප්‍රමානයට වඩා අවශ්‍ය නැති බව සැබෑය.. ඒත් මේ ජීවිතයේ එක වරක් පමනක් උදාවන අවස්තාවක් නිසා ඔවුන් මේසේ යම්කිසි වින්දනයක් ලබාගැනීමේ ඇති වරද කුමක්ද? දෙවන වර විභාගයෙන් පසු මේ දෙවල් ඔවුන්ගේ අතින් සිදුවන්නේ නැත... ඒ ඒ කාලය වන විට ජීවිතයේ තිත්ත ඇත්තෙන් යම් හෝ ප්‍රමානයක් තෙරුම් යන බැවිනි....

බොහොමයක් සිසු සිසුවියන් ඊලඟ මාසයේ සිට නැවතත් උපකාරට පන්ති වලය... ඒ පලමුවර විභාගයට පෙනී සිටින අයගෙන් 80%ක් පමන දෙවන වර විභාගයට පෙනී සිටින නිසාය..  කොපමන පන්ති වලට ගියත් පාසැලේ අඩුව පුරවන්නට ඒ කිසිම දෙයක් සමත්වන්නේ නැත... "මෙ ඉස්කෝලේ ගමන කවදද ඉවර වෙන්නේ" කියා බලා සිටි අයට "අනෙ ආයෙත් ඉස්කෝලෙ යන්න තියනවනම්" කියල හිතෙන්නෙ තව අවුරුද්දක් 2ක් යනවිටය.  "අපි ආතල් ගත්තෙ අඬන්න ඔනෙ දවසක" කියා තෙරුම් යන්න තව වැඩි කලක් ගත නොවනු ඇත...

මොවුන්ගේ අනාගතයට කුමක් සිදුවේද? මේ වනවිට සිහින පුරවරේ විභාග යනු ලිහාගැනීමට පොටක් පාදගන්න බැරිවුන නූල් බෝලයක් බව කවුරුත් දන්න කාරනයකි... ගියවර විභාගය ලියපු අය තාමත් ගෙවල්වලට නාකි වෙමින් සිටී... ඔවුන්ගෙ විශ්වවිද්‍යාල ප්‍රවේශන කටයුතු "මේ කපේදී" සිදුවන පාටක් පේන්නට නැත.... විශ්වවිද්‍යාල පද්ධතියම වසාදමා ( වෛද්‍ය පීට හැර ) දැන් මාස 2කටත් වඩා වැඩිය.... 5 වසර විභාගයත් කොට උඩය. මේ තත්ත්ව යටතේ මෙවර විභාගයේ ප්‍රතිපල වලට කුමක් සිදුවේදැයි අනුමාන කල නොහැක...

ආදරණීය නංගියේ මල්ලියේ, සැබෑ තත්ත්වය ඔබට පැහැදිලි කිරීමට අවශ්‍ය නැත... මේ ටික කලට වූ සිදුවීම ඔබට හොද උදාහරණ වේ.... එසේ හෙයින් ඒ තත්වයට වඩා වැඩි වෙනසක් හොඳ අතට සිදුවේයැයි උපකල්පනය කිරීමට අපහසු තත්වයක් උද්ගත වී ඇත... ගන්නා තීරනයක් මේ හැම දේම පිලිඹද සිතා බලා ගත යුතුව ඇත... නැතිනම් ඔබේ අනාගතය නිකරුනේ වයස්ගත වීමට ඉඩ ඇත...

11 comments:

  1. අපේ අනාගතයද නොදැනීම වයස් ගතවෙමින් පවතී.....කතාකර වැඩක් නැත.

    මුළු පෝස්ට් එකෙන්ම මම ආසම අවසාන පේලියට.
    බරක් සහිත ලස්සනයි ගේන පේලියක්!

    ඔබට ජය!

    ReplyDelete
  2. සිරා කතාව බං..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත්තිය ලැබෙන පාටක් නම් නෑ

      Delete
  3. "නැතිනම් ඔබේ අනාගතය නිකරුනේ වයස්ගත වීමට ඉඩ ඇත..."

    ඒ කතාවනම් සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. අපි නම් කැම්පස් යන්න බැරි නිසා බේරුනා.. :පී

      Delete

  4. එන්න සමාජයට... බලන්න පුලුවන්ද කියල ජයගන්න ජීවිතය.....කාලය සමග සටන්කරන්න..... අනාගතය ජයගන්න.....

    ReplyDelete
  5. හැමදාම වගේ ගතයුත්තක් හා සිතන්නට යමක් ඇති ලිපියක් මල්ලි..

    ReplyDelete
  6. වටිනා ලිපියක්. ජය!!

    ReplyDelete
  7. අනිවා මචෝ ඉස්කෝලේ යන කාලේ කරපු දේවල් සමහර දේවල් දැන් අපිට කරන්න බෑ ඒත් ඒ මතකයන් තම තියනවා ඒවායින් සතුටක් එනවා/........................ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ ගැන නම් මොන කතාද බං

    ReplyDelete
    Replies
    1. අනෙ මන්දා ලොකු පුටු වල ඉන්න උන්ගෙ වැරැද්ද නෙ..

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.