Pages

Monday, August 20, 2012

වරදට එරෙහිව නැගී සිටීම....

තමන්ටත් අනුන්ටත් අයහපතක් සිදු වන දේවල් "නරකයි" තම්න්ටත් අනුන්ටත් යහපතක් සිදුවන දේවල් "හොඳයි" කියලනේ මිනිස්සු හොඳ නරක් 2 ලේසියෙන්ම නිර්වචනය කරන්නේ.... ඒත් මිනිස්සු කොහොම කිවුවත් මිනිස්සුන්ට හොඳ කරන්න ගියාම ගොඩක් වෙලාවට වෙන්නේ හොඳ කරන්න ගියපු මිනිස්සු නරක මිනිස්සු වෙන එක... අපි හැමෝම වගේ කවදහරි දවසක් කාට හරි හොඳක් කරන්න් ගිහින් බැනුම් අහල තියනවනෙ.... ඒ කොච්චර බැනුම් ඇහුවත් තම්න් කලේ නිවැරදි දෙයක් කියල තමන් දන්නවනම් මිනිස්සු මොනවා කිවුවත් ගානක් නෑ...

මම කියන්න හදන්නේ මිනිස්සුන්ට හොඳක් කරන්න හදන එකයි ඒකෙදි අපිට මූණදෙන්න වෙන දේවලුයි ගැන...



අපි ආදරේ කරන අය, අපි ආශ්‍රය කරන අය, අපේ ලඟින් ඉන්න අය වැරැද්දක් කරනව දකිනකොට ඒ දේවල් වලට විරුද්ධව කතා කරන එක අපි හැමෝටම පොදු දෙයක්... අපිට සමීප කෙනෙක් වැරැද්දක් කරනකොට අපි කට වහගෙන බලන් ඉන්නවනම් අපිට ඇත්තටම තියන තත්වය මොකක්ද?  එහෙම කරනවනම් අපිත් ගුණමකු, අවස්තාවාදි, ආත්මාර්තකාමී කියන ගොඩට නෙමෙයි ද ඇතුලත් වෙන්නේ? තම්න්ට සමීප කෙනෙක් වැරැද්දක් කරනකොට ඒකට එරෙහිව නැඟි ඉන්න බැරිනම් ඒ තිබුන සමීපකම අපේ පැත්තෙන් ප්‍රොඩාවක් නෙමෙයිද? මමනම් කියන්නෙ තම්න්ගේ දෙමව්පියො උනත් වැරැද්දක් කරනවනම් ඒ දේ වෙනුවෙන් කතාකරන්න කියලා... මොකද කවුරු කෙරුවත් වරදක් කියන්නේ වරදක්...

ඊලඟට එන ලොකුම ප්‍රශ්නේ අපි කියන් දේවල් ඒ මිනිස්සු අහනවද කියන එක..... මෙන්න මෙතනදි නම් මේ දේ ටිකක් සංකීරණ වෙනවා... ඒ හැම කෙනාටම එකම විදියේ තේරුම් ගැනීමේ ශක්තියක් නැති කමයි, ඒ මිනිස්සුන්ගේ කියන දෙ අහගෙන ඉන්න පුලුවන් සීමාවයි මත.



වැඩිහිටියො නම් පොඩි කෙනෙක් යමක් පෙන්නල දෙනකොට ඒ දේ තේරුම් ගන්න ප්‍රතිශතය ගොඩක් අඩුයි... බොහොමයක් වෙලාවට අන්තිමට අහගන්න වෙන්නේ "පොඩි කමට පණ්ඩිතයා නොවී කට වහගෙන ඉන්නව" කියන සුපුරුදු පද පේලිය. :(  ඇත්තටම මෙතනදි නම් වැඩිහිටියෝ ගොඩක් වැරදී, කෙනෙක්ගේ වයස ඒ පුද්ගලයගේ තෙරුම් ගැනීමේ හැකියාවට බලපාන්නේ නෑ.. මේ වෙලාවට ඇත්තටම ඒ අය කරන්න ඔනේ කියන දේ අහන් ඉදලා ඒ ගැන හිතලා තීරනයක් ගන්න එක.... වැඩිහිටියො සමහර දේවල් කොච්චර හරි කියල හිතන් හිටියත් සමහර විට ඒ දේවල් වැරදි කියල තෙරුම් යන්න පොඩි එකෙක් ගේ වචන 2,3ක් හොඳටම ඇති...



සම වයසෙ අය නම් ගොඩක් වෙලාවට යනක් තෙරුම් කරනකොට අහගෙන ඉන්නවා, ඒ අතරේ ඒ වැරැද්ද සාධාරණීකරනය කරන්නත් උත්සාහ කරනවා. ඒවගේ වෙලාවල කරන්න ඔනේ අපි තෙරුම් කරන ගමන් එයාලටත් කන් දේන එක... සමහර විට ඒයාල එයාලගේ පැත්තෙන් හරි වෙන්නත් පුලුවන්, එතකොට වැරැද්ද තෙරුම් කරන්න හොඳ විදියක් හොයාගන්න වෙනවා.. තවත් වෙලාවක සමහරෙක් "පලයන් බං යන්න බණ කියන්නේ නැතුව" කියලා කියන්නත් ඉඩ තියනවා.. හැබැයි ඒ වචන ටිකෙන් කවුරුහරි පරාද වෙනවනම් ඇත්තටම ඒ කෙනා නියම යාලුවෙක් නෙමෙයි... හැමෝම එක වගේ නෑ, හැබැයි හැම කෙනාටම තෙරුම් කරන්න පුලුවන් මොකක් හරි විදියක් තියන්වා. ඒ නිසා කවදාවත් පරාජය බාරගන්න එපා, දිනනකම් උත්සාහ කරන්න....

ඊලඟට ප්‍රශ්නේ වෙන්නේ තමන්ගෙ වැරදි... තම්න්ගෙ ඇහෙ පොල් පරාලයක් තියන් අනුන්ගෙ පොල්කෙඳි ගැන කියෙවුවට ඇත්තටම වැඩක් නෑ.... අනුන්ට වැරැද්දක් පෙන්නන්න කලින් තම්න් ඒ වැරැද්ද නොකර ඉන්නව නම් ගොඩක් හොඳයි.. සමහර විට පෙන්නල දෙන්න හදන වැරැද්ද තම්න් කලින් හදාගත්ත දෙයක් නම් තමන්ගේ අත්දැකීම් එක්ක ඒ දේවල් තෙරුම් කරල දෙන්න පුලුවන්... තමන් කරන දෙයක් නම් " මම ඔය දේ කරල මට වෙලා තියන දේ පේනවා නේ, මෙ දේ දැන දැනත් ඔක කරන්න එපා" කියල කියන්න පුලුවන්... හැබැයි අවවාදය ආදර්ශයත් සමගම කරන්න පුලුවන් නම් ඒ දේ ගොඩක් වටිනවා.. .



වැදගත්ම දේ තමන් කොපමණ දෙයක් ඒ වෙනුවෙන් කරනවද කියන එක... එකපාරක් වැරැද්ද පෙන්නනවට වඩා ඒ වැරැද්ද නිවැරදි වෙනකම් තමන්ට පුලුවන් විදියට ඒ දේ තේරුම් කරනවනම් වැඩියෙන්ම වටින්නෙ ඒක... සමහර විට සමහරු ඒ වැරැද්ද හදා ගන්නේ නැතිවෙයි, ඒත් එක්කෙනෙක් හරි ඒ වැරැද්ද හදා ගත්තොත් එදාට තමන්ට දැනෙන සතුට කියල නිමකරන්න බැරි වෙයි... ඇත්තටම කාව හරි හරි මඟට ගන්න ඔනේ නම් අපි ඉවසන්නත් පුරුදු වෙන්න ඔනේ... මොකද වැරදි හදාගන්න එක වැරදි කරන තරම් ලේසි නෑ.... හැබැයි ඒ වැරැද්ද හරි ගිය දාට තමන්ට තමන් ගැනත් ආඩම්බර වෙන්න පුලුවන් වෙයි..


මිනිස්සු වැරදි කරන එක සාමාන්‍යයි... ඒත් ඒ මිනිස්සුන්ට ඒ වැරදි හදාගන්න ඉඩ දෙන්න ඔනේ, ඒ වැරදි හදාගන්න උදව් කරන්නත් ඔනේ... එතනයි මනුස්සකම තියෙන්නේ.

10 comments:

  1. මම කියවපු පොතක මෙහෙම තිබුන.පොතේ නම මහ අනඳ හිමි.කතුවරයා ජයසේන ජයකොඩි මහතා.බුදු හාමුදුරුවෝ අනේපිඬු සිටුතුමාට එක වෙලාවක මෙහෙම කියනවා.
    "අනුන් නිසා ඔබ කෝප විය යුතු නැත.සසල විය යුතු ද නැත.ඒ ඔවුන්ගේ වර්තමාන ස්වභාවයයි.ඔවුන් තනනු නොහේ නම් නොතකා නිහඬව පසුවන්න.මේ ආතුර වූ මිනිසුන් අතරේ අනාතුරව ජීවත් වන්න.."

    ReplyDelete
    Replies
    1. මේ ආතුර වූ මිනිසුන් අතරේ අනාතුරව ජීවත් වන්න... මේක තමයි අමාරුම දේ... අපි කොයි මොහොතේ ආතුර වෙයිද කියල අපිම දන්නේ නෑනෙ.

      Delete
  2. මිනිසුන්ට උදවු කරන එකත් මනුෂ්‍ය ගතිය,වැරදි සිදුවෙන එකත් මිනිස් ගතිය.ඒත් පෝස්ට් එකේ කිවුවා වගේ වැරදි දැක දැක උඩ බලාගෙන ඉන්න එක නම් යහපත් මිනිස් ගති නෙමෙයි.තමන්ගේ සමීපතමයන් වැරදි කරන දෙස හෝ වෙනත් අයෙකු කරන වැරදි දෙස බලාගෙන ඔහේ ඉන්න අය ඕනෑ තරම් ඉන්නවා.ඒ නිසා මේ ලිපියේ දේවල් සම්පූර්ණයෙන් පිළිගන්න පුළුවන්

    ReplyDelete
  3. අනුන්ට උදව් කරලා අපිම ප්‍රශ්න ඇතිකරගන්නවා කියන එක නම් මම පිලිගන්නවා..මොකද මටනම් වෙන්නෙම ඔය දේ..

    ReplyDelete
    Replies
    1. මමත් ඔයාගෙම බොට්ටුවේ තමයි...

      Delete
  4. පොඩි අය කියන දේ කවදාවත් ලොකු අය පිලි ගන්නේ නැ . ඒත් වැරැද්ද වැරැද්දමයි ....එහෙම නේද සහෝ ??

    ReplyDelete
  5. හොඳ ලිපියක් සහෝ.. හැමදාම වගේ හොඳම දෙයක් අරන් ඇවිත් ඔයා..
    මෙහෙමයි කෙනෙක් වැරද්දක් කරන කොට පෙන්නලා දෙන්න ඕනේ..හැබැයි ඒකට විදිහක් තියෙනවා.. සමහරු වැරදි කියලා දෙන්නේ බැනලා.. "මන් කිව්වා තමුසෙට ඔහොම වෙයි කියලා.. දැන්වත් ඕක කරන්න එපා.. / ඕක කරන්න එපා ඕයි..තමුසේ මහ ඔල මොට්ටලයෙක්.." ඔහොම කිව්වාම ඉතින් හරි වැරැද්ද පැත්තකින් තියලා කියන එකාට දෙන්න හිතෙනවා.. කෙනෙක්ට වැරදි පෙන්නලා දෙන්න ඕනේ එයාලව කේන්ති ගස්සලා නෙවෙයි.. එයාලව සන්සුන් කරවලා..එයාලටම ඒ වැරැද්ද පේන තැනට වැඩ සලස්වලා..

    අනිත් දේ තමා.. වැරදි පිලිගන්නව එක.. ඕක තියෙන්නෙත් කියන විදිහ අනුව තමා.. මට නම් කෙනෙක් හොඳින් කිව්වොත් මම අහනවා.. හැබැයි මට සැර කරගෙන බැනගෙන එහම ආවොත් නම් මම කොච්චර වැරදි වුනත් ඒක දිගටම කරනවා. ඒකට අපේ යාලුවෝ කියන්නේ මම හරිම මුරණ්ඩුයි කියලා. වෙන්නැති..මම මුරණ්ඩු ඇති..ඒත් මට හොඳින් කතා කරලා කියනවා නම් මම අහනවා..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වැරැද්ද පෙන්නන එකත් කලාවක්... ඉවසීම, තෙරුම්ගැනීම මේ හැමදේම එකට ඔනේ

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.