Pages

Saturday, August 11, 2012

කඩුවෙන් කෙටෙන අපේ උන්

ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ සති අන්තෙ විතරයි නෙ.... උදේ 9 විතර නැගිටලා උදේ කෑම පිඟානත් බෙදාගෙන ෆිල්ම් එකක් බලන්න් පටන් ගත්තම හැමදාම මොකක් හරි එකක් මගේ ඔලුවට කඩා පාත් වෙනවා. තාත්තගෙ වැඩකට යන්න එන්න කියලා කිවුවා. තාත්තා නිසා බෑ කියන්නත් බැරි එකේ ඔන්න ඔහෙ යනවා කියලා මමත් කාලා ඉවර වෙලා තාත්තත් එක්ක එයාගේ වැඩ වලට හෙල්ප් එකක් දෙන්න ගියා.... ඔහොම දවසම කට්ට කාලා හවස ගෙදර ආවම අම්ම කියනවා බණ ගෙදරක යන්න ලෑස්ති වෙන්න කියල.... යාලුවන්ගෙ මල ගෙවල්, දානෙ ගෙවල්, පිරිත්, බණ හොයාගෙන ගියාට මොකද මට නෑදෑයින්ගේ ඒවට යනවා කියන එක නම් අරහං... ගියාම අහන ප්‍රශ්න වලට උත්තර දීල ඉවරයක් නෑ. "පුතා කොහොමද? දැන් මොනවද කරන්නේ? " හැමෝම අහන්නේ ඔය ටිකනේ... ඔකට උත්තරේ ප්‍රින්ට් කරන් ගිහින් හැමොටම බෙදුවත් පාඩු නෑ....



එක දාන්න කොච්චර කලත් වැඩක් උනේ නෑ.... මොනවා කරන්නද කියලා මමත් කට්ට කමට එකකුත් දාගෙන එලියට බැස්සා. එක නිසා ඇතුලේ ඉදගෙන බණ අහන්න වෙන්නේ නෑ කියල මම හොදටම දන්නවනේ. අපෙ අම්මට කැමතිම නැති දෙයක් තමයි පන්සල්, බණ, පිරිත්, දානෙ ගෙවල් වලට මම ඇදගෙන යන එක... ඒක සංවර නෑලු.. ඇත්ත වෙන්න ඇති ඒත් හිත ඇතුලේ ගෞරවයක් නැතුව ඇදුම සංවර උනාට වැඩක් නෑනේ, මගෙ ඇදුම මොකක් උනත් හිත ඇතුලෙ ගෞරවය තියනවනේ කියල මම හැමදාම කියල අම්මගෙන හොදට බැණුම් අහනවා...

කොහොම කොහොම හරි බණ ගෙදර ගියා... මම අයිනක තියන එකක පුටුවක වාඩි වෙලා හිටියා... මම හිටපු තැනටත් හොදට බණ ඇහෙනව... මම කවදත් හරියකට බණක් අහන්නේ නෑ ඇහෙනවා මිසක්.. හාමුදුරුවො අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියන දේවල් ගැන කිවුවා, අපේ උන්ට සංස්කෘතිය මතක නෑලු, ජාතිය මතක් නෑලු ඇවිදින මල මිණී වගේලු. ඇත්ත කතාව මොනා උනත්... ඔහොම ගිහීන් බණ ඉවර උනා 8.30 ට විතර... හාමුදුරුවොත් පන්සලට වැඩම කලාට පස්සේ කට්ටිය එක එක තැන් වල ආගිය විස්තර කතා කරනවා...



ඔන්න ඔය අස්සෙ හීනියට වගේ පොඩි එකෙක් ගෙ කටහඩකින් කඩු වැනෙනවා... මම වටපිට බැලුවා සුද්දෙක් වත් ඇවිත් ද කියලා... නෑ මේ බණ අහ අහ එයාගෙ අම්මත් එක්ක ඇතුලේ වාඩි වෙලා හිටපු පොඩි එකෙක්... මූට සිංහල පුලුවන්ද බැරිද මම දන්නේ නෑ හැබැයි අම්මයි තාත්තයි නම් සිංහල... අනිත් මිනිස්සු එක්ක හොදට සිංහලෙන් කතා කරන ඒ අම්මයි තාත්තයි ලමයි එක්ක කතාකරන්නේ කඩ්ඩෙන්.. ඒ දෙන්නා කතා කරන්නෙත් කඩ්ඩෙන්... යකෝ පොඩි එකාට සිංහල තේරෙන්නේ නැත්තම් ඇයි මූට බණ ඇස්සුවෙ? ෆැමිලි එකම  වගේ හිටියෙ.... මට හිනත් එක්ක.. එතන හිටපු ගොඩක් අය ලොකු ලොකු මිනිස්සු... නම් ගිය ඉන්ජිනෙරු වරු, දොස්තරලා... සමහර අය ලොකු ලොකු ආයතන වල අද්‍යක්ශක වරු ( ආයතන වල නම් කිවුවොත් කවුද කියලා දැනගන්නවනේ ) ඒත් ඒ මිනිස්සු හරිම චාම්, කිසිම ලොකු කමක් නෑ... හරියටම කිව්වොත් සරල ජීවිතයක් ගත කරන ලොකු මිනිස්සු.. ඒවගේ මිනිස්සු අස්සෙ අර වගේ අය කැපිලා පේනවා වැඩී නෙ.

මම ඒ අම්මටයි තාත්තටයි බනින්නේ නෑ.. ඒ එයාලගෙ කැමැත්ත.. ඒ එයාලගේ දරුවො. හැබැයි හැම කෙනාම ඔය දේ කලොත් මේ රටට යන කල දසාව මොකකද?

ඉංග්‍රිසි කියන්නේ අද අත්‍යාවශ්‍ය දෙයක් කියල මම දන්නවා ඒත් තම්න්ගෙ මවු බාසාව නොදන්න වෙන බාසාවක් දන්න් එකෙක් ගෙන් ඇති වැඩේ මොකක් ද? මම හිතන්නේ තම්න්ගෙ මවු බාෂාව අමතක කරලා කඩ්ඩෙන් පොශ් වෙන්න යන අය ඇත්තේ ලංකාවෙ විතරක් වෙන්න ඇති... ආසියාවෙ එක රටක මිනිස්සු 2 නෙක් කොහෙහරි තැනක කඩ්ඩෙන් කොටනවනම් ඒ අනිවාර්යයෙන්ම ලංකාවෙ 2නෙක් කියලනෙ කතාවට කියන්නේ...  මොකක්ද මෙ රටේ මිනිස්සුන්ට වෙන්නෙ? සිංහල කලු සුද්දෝන්ගෙන් ඇති වැඩේ මොකක් ද? 

මෙක කියනකොට කතාවක් මතක් උනා, ඔන්න එක එකෙ අපි සෙට් එකක් කන්න ගිහින් ඉන්නකොට අපිට එහා පැත්තෙ එකේ අංකල් කෙනෙක් වාඩි උනා, නැශනල් එකක් ඇදලා හම් සෙරෙප්පු දෙකක් දාලා එහෙම... අපිත් එක්කත් හිනා උනා කොහොමද පුතාලා කියල අහල... ඊට පස්සෙ ගිහින් කෑම එකක් අරන් ඇවිත් අතින් අනලා කන්න පටන් ගත්තා.... ඊට එහා පැත්තෙ තිබුන එකක ලංකාවෙ රූපවාහිනී නාලිකාවක එහෙන් මෙහෙන් ඉන්න කෙල්ලෙක් යාලුවො වගයක් එක්ක හිටියා, උන මේ අංකල් ව පෙන්නලා හිනා වෙනවා කඩ්ඩෙක් කුටු කුටු ගානවත් ඇහුනා... අපි ගනන් ගත්තෙ නෑ, අපිට ලොකු කෑම නෙ.... ඊට පස්සෙ තමා හොදම එක සෙට් උනේ..



එකපාරට පුටුවෙන් නැගිටපු අංකල් ඒ පැත්ත හැරිලා කොටපි නේද කඩ්ඩෙන්... අන්න කඩ්ඩ, අපේ උන් කොටන ඒවා පරාදයි... කට්ටියම ෆුල් හොල්මන්. කෙල්ලො ටික වාශ්ප උනා.. කියපුවා අපිටත් හරියටම තෙරුනේ නෑ.

පොර අයෙත් ඇවිත් කන්න ඉදගත්ත, අපි ශෙප් එකෙ ඇහුවා අංකල් මොකක්ද සීන් එක කියලා... පුතාලා උන් මට හිනා වෙනවා එක එක ඒවා කියනව මං ගොඩක් වෙලා අහන් හිටියා, මුං හිතන් ඇත්තෙ මම හෙන ගොඩයෙක් කියලා ඒකයි මම මුන්ට පාඩමක් ඉගැන්නුවෙ කියල... අංකල් ලංකාවෙ ප්‍රදාන විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක්.
ඉංග්‍රිසි ටිකක් පුලුවන් උනාම, හැදි ගෑරුප්පුවලින් කන්න පුරුදු උනාම මුන්ට මුන් කවුද කියල අමතක වෙනවා ඒ අංකල් ගෙම වචන...

ඇයි අර කෙල්ලො ටිකට හූවක් තියල අංකල් අප්පුඩියක් ගහන්න බැරිඋනේ කියල මටම දුක හිතුනා. අන්න තමන්ගෙ මුල අමතක වෙලා නැති නියම මිනිස්සු...

කඩ්ඩ නිසා ඉස්සරහට සිංහල පුලුවන් උන් හොයාගන්න පුලුවන් වෙයිද මන්ද? "ඉංග්‍රීසි" කියන දේ වටිනාකමයි ඒකට තිබිය යුතු තැනයි අපේ මිනිස්සු කවදා තෙරුම් ගනීද? ඉංග්‍රීසි වලින් මිනිහෙක් "මිනිහෙක්" වෙන්නෙ නෑ... 


14 comments:

  1. ඇත්ත කතාව.
    ළමයත් එක්ක ගෙදරදී ඉංග්‍රීසි යෙන් කතා කළා නම් ඉවරනේ.
    පිට තැන් වලට ගිහින් පෙනිලා කැපෙන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පොඩි එකාට උගෙ මවු භාෂාව පැත්තකට දාලා වෙන එකක් උගන්නන එක සදාචාර සම්පන්නද?

      Delete
  2. එල එල මචෝ මමත් ඕන තරම් ඔය වගේ කළු සුද්දියෝ කළු සුද්දෝ දැකල තියනවා......සමහර එවුන් සමහර සිංහල වචන වල තේරුම දන්නේත් නෑ.. එවෙලෙට හිතෙනවා මුන්ට සුද්දෙක් මුකුත් කරලවත්ද කියලත්.හැම රටේම වගේ මුල් තැන දීල තියෙන්නේ තමුන්ගේ මවු භාෂාවට ඒත් අපි එහෙමද??? කොහේ ගියත් කඩ්ඩ... අපේ මවු භාෂාව නැතුව මොන කෙන්ගෙඩිය කොලත් වැඩක තියනවද බං.. කොරන ලබ්බකුත් නෑ නේ

    ReplyDelete
    Replies
    1. කඩ්ඩත් ඔනෙ තමයි... එත් සිංහල නොදැන කඩ්ඩ වනන එක හරියට ලන්කට් එක නැතුව කලිසම අදිනවා වගේ කියල මුන්ට තෙරෙන්නෙ නෑනෙ.

      Delete
  3. සම්පූර්ණ ඇත්ත කතව.. ඉංග්‍රීසි දැන ගන්න ඕන.. අද ලෝකේ යන විදිහත් එක්ක ඉංග්‍රීසි නොදැන ඉදිම පසු බැස්මක්.. ඒත් පොඩ්ඩක් දැනගෙන උඩඟු වෙන්න හොද නෑ.. අපේ දේ අමතක කරන්න හොදත් නෑ..

    ReplyDelete
    Replies
    1. අපෙ අය ඉස්සෙල්ලම කරන්නෙ අපෙ දේ අමතක කරන එකනෙ

      Delete
  4. සිංහල දැනගෙන ඉංග්‍රීසිද දැනගත යුතුය,

    ReplyDelete
  5. භාෂාවක් කියන්නේ උපකරණයක්.. ඒ උපකරණය ඕනේ තැනට පාව්චි කරන්න ඕනේ එකක් මිසක් සෝබනේට බෙල්ලේ දාගෙන යන මාලයක් නෙවෙයි කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනේ.. ඕනේම භාෂාවක් ඉගෙන ගත්තාට කමක් නැ. අපේ අයට වෙලා තියෙන්නේ භාෂාව ආභරණයක් කරගෙන පැළඳගෙන ඉන්නවා මිසක් වැඩක් ගන්න දන්නේ නැ.. බොරු සෝබනේ විතරයි..හොඳ ලිපියක් මල්ලි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඉංග්‍රිසි උනත් හරියට දැනගෙන සොබනේ දානවනම් කමක් නැ කියමුකො.. කාල ඉන්න බැරි චුට්ටක් දැනගෙන වැඩ දාන්න යන එකනේ

      Delete
  6. //ඉංග්‍රීසි වලින් මිනිහෙක් "මිනිහෙක්" වෙන්නෙ නෑ...// සහතික ඇත්ත... මෝඩ මිනිස්සුන්ට නොතේරෙන ඇත්ත...

    ReplyDelete
    Replies
    1. මෙවා අපේ මිනිස්සුන්ට තෙරෙනකොට පරක්කු වැඩි වෙයිද මන්දා

      Delete
  7. අඩේ..අපේ එහා පැත්තේ ගෙදරත් පොඩි එකාට අම්මා එලිය පහලියේදී කතා කොරන්නේ කඩ්ඩෙන්!හැබැයි ගේ ඇතුලෙදි හෙළුවෙන් වනන්නේ!!(දැන ගත්තේ කොහොමද කියල නම් අහන්න එපා ඈ!) පිස්සු කර වෙලා බං උන්ට!ඉන්ටනැෂනල් පිස්සුව!

    ReplyDelete
    Replies
    1. අපිනම් කොහෙත් වනන්නේ හෙලුවෙන් තමයි... :පි

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.