Pages

Monday, August 6, 2012

වටිනාකමට වටිනාකමක් දෙන්න.....

අපි වටිනාකම ගැන ගොඩක් වෙලාවට කතාකරන්නේ සල්ලි වලින් ඒත් එතනින් එහාට ගිය වටිනාකම ගොඩක් අපේ ජීවිත වටේ තියනවා නේද? ඒ දේවල් වලට ලැබෙන්න ඔනේ වටිනාකම අපි දෙනවද? අපිට නොලැබුන දේවල් වල වටිනාකම ගැන කතාකරන අපි අපි ලඟ තියන දේවල් වල වටිනාකම ගැන නොහිතන්නේ ඒ දේවල් අපි ගාව තියනවා, නැතිවෙන්නේ නෑ කියල දැනෙන නිසාද?



අපිට ඔනෙම දෙයක ලැබුන ගමන් තියන වටිනාකම කාලයත් එක්කම අඩු වෙලා යනවා නෙද? ඒක වයස සීමාවකින් තොරව හැමෝටම පොදු දෙයක්. හිතල බලන්න පොඩි එකෙක් ට අලුත් සෙල්ලම් බඩුවක් අරන් දුන්නා කියල... හම්බුන දවසේ ඒක ලඟින් හෙල්ලෙන්නෙ වත් නැති පොඩි එකාට ආයෙත් අලුත් එකක් හම්බුනාට පස්සේ පරණ එක ගැන තියන අවධානය කොච්චර අඩු වෙනවද? ඌට අයෙත් සමහර විට ඒක ඔනේ වෙන්නේ 'බබා මම මේක අරන් යන්නද?' ඇහුවට පස්සෙ. අන්න එවලෙට ඌ ඒක බදාගන්නේ අත් 2න් ම..... හැම දේකම තත්වෙ ඔය වගේ නෙමෙයි ද? හැබැයි ඔය දේවල් අතර තමන්ට මුලින් ලැබුන දේ පරිස්සම් කරන අයත් නැතුවම නෙමෙයි.....




අලුතින් වාහනයක්, ෆොන් එකක්, මොකක් හරි තමන් ආසාවෙන් ගන්න හිටපු දෙයක්  මේ වගේ දේවල් වලටත් වෙන්නේ අර පොඩි එකාගේ සෙල්ලම බඩු වලට උන සෙතම නෙමෙයි ද? මුල දවස් වල වැඳගෙන පුදාගෙන තියන් හිටියට ටික කාලයක් යනකොට ඒ වැඳුම් පිදුම්  අඩු වෙලා අපිට ඒ දේවල් වල වටිනාකම් අමතක වෙන්නේ ඇයි?



මේ දේවල් වල වටිනාකම ආයෙත් මතක් වෙන්නේ මේ දේවල් නැති උනාම, නැති වෙන්න යනවා වගේ කියල තෙරුනාම නෙමෙයි ද? ඒත් සල්ලි තියනව නම් මේ දේවල් ඒච්චරටම ඇඟට තෙරෙන්නේ නෑ. ඒ නැති උන එකට අලුතින් එකක් ගන්න පුලුවන් නිසා.

වෙන දෙයක් ඔනේ නෑ, අපි විභාග කොච්චර අනාගෙන ඇත්ද? සමහර විට අපිට ගන්න පුලුවන් ප්‍රතිපල වලට වඩා ගොඩක් අඩුවෙන් ප්‍රතිපල අරගෙන ඇත්ද? අන්තිමට අපිම දුක් වෙනවා නේද මේ දේවල් වල වටිනාකම අපිට ඒ වෙලාවෙ තෙරුනේ නැ නේද කියල.


ආද්‍යාත්මික වශයෙන් වැදගත් දේවල් වලට මෙහෙම උනාම ඒ දේවල් ආයෙත් ගොඩනඟා ගන්න කොච්චර අමාරුද? මිනිස්සුන්ගේ තියන බැඳීම් වලින් මෙහෙම වෙනස් වෙන්නේ නැත්තෙ දෙමව්පියන් ලමයින්ට කරන ආදරේ විතරක් නෙමේයි ද?  පොඩි කාලේ තමන්ට තමන්ගේ ලොකයම උන අම්ම තාත්තා ලමයි ලොකු වෙනකොට ඒ තිබුනු හැඟීම වෙනස් වෙනවා නේද? සමහර විට තමන්ගේ ජීවිතේට ආපු වෙනත් කෙනෙක් එයාලට වඩා ලොකු කරගන්න අය කොච්චර මේ ලෝකෙ ඉන්නවද? කෙල්ලෙක් කොල්ලෙක් යාලු උනාම තියන බැඳීම් කාලයත් එක්කම නොසැල්ලකිල්ල නිසා නැති වෙලා යනවද? සමහර විට තිබුන දේ වටිනාකම තේරෙන්න ගන්නේ ඒ දේ නැති උනාම. ඒත් එතකොට ඒ දෙවල් හදාගන්න අපි පරක්කු වැඩි නැද්ද?



අපි අපේ නොසැලකිල්ල නිසා, වටිනාකම අමතක උන නිසා කොච්චර දේවල් ජීවිතෙට නැතිකරගෙන ඇත්ද? ඒ හැම දේකටම වැරැද්ද අපේම නෙමෙයි ද? පුලුවන් හැම වෙලාවකම තමන් ලග තියන දේවල් වල තමන්ට තියන වටිනාකම මතක තියාගන්න උත්සාහ කරන්න. එතකොට අපේ ජීවිත මීට වඩා යන්තම් හරි සුන්දර වෙයි.

8 comments:

  1. හ්ම්ම් ඔබට එකඟයි සහෝ මම.
    මටත් ඉස්සර ඔහොම අගයක් නැතිකම තිබ්බ..ඒත් දැන් නැහැ .. :)

    ReplyDelete
  2. සම්පූර්නයෙන්ම් එකගයි..

    ReplyDelete
  3. වටිනාකම්... අපිට වටිනාකම වැඩියෙන් දැනෙන්නේ ඒ දේවල් අපිට නැති වුනාම..සහතික ඇත්ත කතාවක්.. ඒකට හොඳ උදාහරණේ තමා කාලය.. ඔන්න ඕක නැතිවෙනවා කියලා කාට වත් දැනෙන්නේ නැනේ..

    ReplyDelete
    Replies
    1. එක නැති උනත් කාටවත් එච්චර ගානකුත් නෑනෙ.

      Delete
  4. වටින දේවල් වටිනා බව තේරුම් ගන්න එක ගොඩක් වැදගත්... නැතිනම් නොවටින දේවල් අපි ලග තියෙද්දී වටින දේවල් අපෙන් වෙන් වේවි....

    ReplyDelete
    Replies
    1. හරියටම හරි බං..... මට තෙරුම් ගන්නත් ගොඩක් කල් ගියා....

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.