Pages

Thursday, August 30, 2012

ඉක්මනට ගිහින් ආපු හැටි....

උදේ පාන්දර පුරුද්දට වගේ ඇහැරුනත් ලෙක්චර්ස් නැති නිසා එහෙම්මම අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. මේ දවස් වල හැම තැනම වැස්සනෙ... අපරාදේ කියන්න බෑ සැපට නින්ද යනවා. කොහොම හරි පැය 3කට පස්සෙ නැගිටලා කාලා බීලා වැඩ වගයකට town එක පැත්තෙ යන්න ඔනෙ නිසා ලෑස්ති වෙලා ගැරෙජ් එක ඇරියහම බඩු බනිස්... තාත්තා bike එක අරන් ගිහින්. වැස්සත් තියන එකේ වාහනේ යනවා කියල හිතාගෙන ඒකට නැගලා බැලුවම තනි ඇහැට ඇඩුනා.... ඒකෙත් ඩීසල් කට්ට හේත්තු වෙලා... මගෙ පාත්තරේටමයි හෙනහුරා පාත් වෙන්නෙ. දැන් ගහපන්කො තෙල්. කොහොම හරි 8 ට විතර බැස්සා එලියට ඉකමනට town ගිහින් එනවා කියල....



තිබුන වැඩ ටිකත් කරගෙන ගෙදර යන්නත් කම්මැලී වගේ හින්ද නිකමට වගේ දැම්ම එකෙක් ට call එකක්... ඌ කියපි ඌත් ගෙදර වරෙන් ඒ පැත්තෙ කියල.. ඔන්න ඉතින් එහෙ යන්න කියල යනකොට ආයෙත් වැස්ස පටන් ගත්තා... පාරෙ තැන් තැන් වල වතුර. මම ගොඩක් හිමින් එලවන නිසා පාරෙ හිටපු අංකල් කෙනෙක් නෑවුනේ නෑලු... එවලේ නම් මට කිඹුහුම් 2, 3කුත් ගියා...

::::සොරි වෙන්න ඔනේ අංකල්, පොඩි උනගෙ දැගලිල්ලනෙ කියල ඒක අමතක කරල දාන්න::::::


යාලුවගේ ගෙදරට සැපත් වෙලා කයියක් දාගෙන හිටියා... ඉස්සර වගේ හැමදාම කට්ටිය සෙට් වෙන්නෙ නැති නිසා සෙට් උන දවසට කතා කරන්න කුනු ගොඩවල් ඔනේ තරම් තියනවනේ. ඌට exam නිසා study leave ලු... මූ මං යනකොටත් හොඳට නිදි... අපෙ උන් පාඩම් කරන හැටි පේනවනෙ... ඒ අස්සෙ මම උදේ ඉඳන් වෙන එකෙක් ට call කර කර හිටියෙ notes වගයක් ඉල්ලගන්න.. ඌත් answer කරන්නේ නෑ. ගෙදර ගියොත් ආපහු පොත් ටික ගන්න එන්න වෙන හින්දා තව ටිකක් වෙලා බලනව කියල ඉන්නකොට  තවත් එකෙක් call කරනවා උබ කොහෙද බං ඉන්නෙ පොඩි ගමනක් යන්න තියනවා උබ එනවද කියලා... මමත් ඉතින් හා කිවුවා. ඌ තව ටිකකින් තවත් එකෙක් ගෙ ගෙදරට එනවා කියලා මට එහෙට එන්න කිවුවා.


ඊට පස්සෙ මම එහෙට ගියා, ගිහින් විනාඩි 5ක් යනකොට පොරත් ආවා. ඊට පස්සෙ ඌත් එක්ක ඌ කියපු වැඩේට යන්න එලියට බැස්සා...

වැඩේ මොකක්ද කියලනම් අහන්න එපා ඒක බලධාරීන් විසින් කපා හරින ලදී... 



එක කරගෙන යන අතර මගදි මට පොත් ටික දෙන්න හිටපු එකා call කරලා වෙන තූත්තුකුඩියකට එන්න කිවුවා... අරුගෙ වැඩෙත් කරගෙනම පොත් ටික ගන්න කියපු තැනට ගිහින් ඒ ටික අරගෙන ආපහු එන්න හරවනකොටම ඉස්කෝලෙ යාලුවෙක් සෙට් උනා... ඌත් එක්ක විනඩි 5ක් කතා කර කර හිටියහම ඌ කියපි යන ගමන් උගෙ ගෙදරත් එන්න කියලා... ඒ අතරෙ වෙන එකෙක් ගෙ ගෙදරක යන්නත් සෙට් වෙලා හිටියේ. ඒ නිසා එන ගමන් එන්නම් කියල අපි දෙන්නා කලින් යන්න හිටපු එකාගෙ ගෙදර ගියා... උගෙ ගෙදර යනකොට හරියට තුම්පනේ යනවා වගේ යනවා යනවා ඉවරයක් නෑ... කොහොම කොහොම හරි 11.30 විතර වෙනකොට එහෙට සම්ප්‍රාපත උනා.

එහෙට ගිහිල්ල චැට් එක දාගෙන ඌව බයිට් කර කර ඉන්න කොට උගෙ කැම්පස් එකේ යාලුවෙක් එනවා කිවුවා කොහෙටද කියල වරෙන් ගිහින් එක්කන් එමු කියල ඌව අරන් එන්න ගියා... හැබැයි වෙලාවට අපි එතනට යනකොට පොර ඇවිත් හිටියා. ඌවත් පටෝගෙන ආපහු ගෙදර ආවා.. උන්ගෙ ගෙදරිනුත් තේ නම් හම්බුනා.... ඔහොම කියව කියව ඉන්නකොට වෙලාව 1 පහු වෙලා. ඒ නිසා ගෙදර යන්නත් ඔනේ කියල උගේ අම්මටත් වැඳලා එන්න හදනකොට දවල්ට කාලා යන්න කියල අම්ම කිවුවත් යනවයි කියපු නිසාම ඔනේ නෑ ඇන්ටි අපි වෙන වැඩකට ආපු ගමන් කියලා එහෙන් පිටත් උනා.



එන ගමන් මගදි හම්බවුන එකාට එනව කියපු නිසා පොලු තියන්න බැරි එකෙ උට call එකක් දිලා පාර අහගත්තා. ඌ කියපු මග සලකුනු හොයාගෙන ගියාට එහෙම ඒව හම්බවුනේ නැති නිසා ආපහු call එකක් දැම්මා... අපි call එක අරන් තියෙන්නෙ තැන පහු කලාට පස්සෙ... අපහු හරවගෙන ගෙ හොයාගෙන යනකොට ඌ පාරට ඇවිත් හිටියා. ඔන්න එහෙ ගිහිනුත් කතා කර කර ඉන්නකොට කනවද ඇහුවම අපි එතනදිත් බෑ කියපු නිසා සුපුරුදු පරිදි තෙ එකක් හම්බවුනා... ඔහොම ඉදලා 3 ට විතර එහෙනුත් පිටත් උනා. 

එන ගමන් තව එකෙක් ගෙ ගෙදර ගියා මගෙත් එක්ක ආපු අනිත් එකාගෙ bike එක එහෙ තියෙන්නේ ඒක ගන්න ඔනෙ කියපු නිසා... එහෙට ගිහිල්ලත් කතාවට සෙට් වෙලා එහෙන් එනකොට 3.30 පහු වෙලා... කමක් නෑ දැන් ගෙදරනෙ කියල හිත හදාගෙන එලියට බැස්සා.... දවල්ට කාලා නැති නිසා යක්කු 2,3න් දෙනෙක් කන්න බඩගින්නෙ හිටියෙත්. ඒත් කරුමෙක මහත කියන්නෙ තාත්තා call කරල තව වැඩක් පැටෙව්ව. ගෙදර යන එක පැත්තකින් තියල ඒකට ගිහින් ආපහු ගෙදර යනකොට හවස 6...

මෙන්න මෙහෙමයි ඉක්මනට එනවා කියල එලියට බැහැපු ගමන ඉවර උනේ.... 


16 comments:

  1. අනේ හලීම සෝයි... ගොඩක් වේලාසන ඇවිල්ලනේ...

    ReplyDelete
  2. පෙට්‍රල් වියදම කෝමෙයි???????
    අපේ තාත්තත් මම රස්තියාදු ගහන නිසාමද මන්දා කට්ටටම තීලා නවත්තන්නේ..
    අනේ ඉතිං අසරණ මං ගහපංකෝ පැට්ටල්..
    වාහනෙත් අපරාදේ කීන්න බෑ හොදට බොනවා...

    ReplyDelete
    Replies
    1. මම ගහන්නේ ඩීසල් නෙ බං... ඒත් 1500ක් විතර ඉවර උනා.

      Delete
  3. අන්න ඒකට නම් මට හිනා ගියා..නියම ගමන... ජය !

    ReplyDelete
  4. ඔය කරලා තියෙන්නේ :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එකෙක් ආප්පයාය, අනිකා දිලුමාය, තව එකෙක් මාධවයාය. මාත් එක්ක ගියේ ගයන්සියය.

      Delete
  5. මාර ගමන් තොගයක්නේ ගිහින් තියෙන්නේ... ඒකත් නරකම නෑ...

    ReplyDelete
  6. මම නම් ඔහොම එලියට බැස්සොත් ඊට පස්සේ දවසේ තමයි ගෙදර එන්නේ .......

    ReplyDelete
    Replies
    1. එලනෙ බං... මම ඊලඟ දවසේ ආවොත් එදා ඉඳන් ගෙදර ඉන්නත් වෙන්නෙ නෑ..

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.