Pages

Saturday, August 25, 2012

පිස්සු පීකුදු....

පොඩි කාලේ ඉදලම මට වාහන ගැන තියෙන්නේ මාරම අමාරුවක්.... ලස්සන කෙල්ලෙක් දැක්කත් 2පාරක් හැරිල බලන්නෙ නැති මම පට්ට වාහනයක් හරි බයික් එකක් හරි දැක්කොත් අනිවාර්යයෙන්ම හැරිල බලන එක සාමාන්‍යයයි.... හැබැයි අපේ අම්ම මම වාහන එලවනවට තියෙන්නේ මාර තරහක්...

ඔන්න ඉතින් මේ ලඟදි අපේ තාත්තා 4wheel Hilux CAB එකක් ගෙනාවා. මට ගෙනාපු දවසේ ඉදන් ඉන්න බෑ මේකේ off road ride එකක් යන්න... ට්ව් එකෙ off road events පෙන්නන කොට කට ඇරන් බලන් හිටපු මට කැබ් එකක් ගෙනාවා කියන්නෙ ඉබ්බට පිහාටු හම්බුනා වගේ වැඩක්...




අපිත් ඉතින් දකින දකින එක ලේසියි කියල හිතන් එවා කරන්න දගලන අයනෙ... ලෙක්චර්ස් නැතුව ගෙදර ඉදපු දවසක් ගෙවල් ලඟ පාත යාලුවො 2නෙක් සෙට් කරගත්තා. එකෙක්ගෙ සීයලගේ වත්තක් තියනවා අක්කර 20ක් 30ක් විතර... Off road  පදින්න කියාපු තැන. තියන අමාරුව නිසාම අරුන් 2න වත් දාගෙන ගියා ඒ වත්තට.... වාසනාවෙ තරම කියන්නේ ගිහින් බහින්න හම්බවුනේ නෑ වැස්සක් පටන් ගත්තා...






වැස්ස ටිකක් නතර වෙනකම් ඉදලා ඒ ගෙදර මල්ලි වත් සෙට් කරගෙන බැස්සා වැඩේට.... වත්තේ වල ගොඩැලි වලින් යනකොට නම් මාර කික්... ඔහොම ගිහින් දැම්ම හොඳ මඩ වලක් තිබුන තැනකට. එතකොට තමයි රඟේ තෙරෙන්න පටන් ගත්තෙ... ටිවි වල පෙන්නන උන් off road යන්නම උන්ගෙ වාහන හදාගෙන නෙ තියෙන්නේ. ඒවගෙ දාන වැඩ කිඩ අපෙ වාහන වල දාන්න බෑ කියල තෙරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ... මඩවල මැද්දේ වාහනේ හිර උනාම මට ඉහෙන් කනෙන් දාඩිය දැම්ම තාත්තගෙන බැනුම් අහන හැටි මතක් වෙලා....




ජීවිත කාලේන් වැඩි කොටසක් වාහන එක්ක ගෙවපු off road පදින ප්‍රවීණයින් මොන මොන සෙල්ලම දැම්මත් අපි වගේ වැඩ බැරි ටාසන් ල වැඩට බැස්සම් එරෙන එරිල්ල හොඳටම තෙරුනේ එදා... දෙය්යො බුදුන් සිහි කරල දන්න සෙල්ලම් ඔක්කොම දාලා එතනින් ගොඩ ආවෙ ජීවිතෙට හොඳ පාඩමකුත් ඉගෙනගෙන.... කොච්චර පුලුවන් කියල හිතන් හිටියත් ඒ දේවල් එහෙම නෙමෙයි කියල තෙරුම් යනකොට සමහර වෙලාවට අපි ගොඩක් පරක්කු වැඩී...



එතනින් ගොඩ ඇවිත් ආසාව සංසිඳෙන්නත් එක්ක තව රවුම් 2,3ක් ගහලා ආපහු මිදුලට එනකොට වාහනේ මඩකරියෙක් වගේ... වෙලාවට compressor එකක් තිබුන නිසා ඉකමනට හෝදගත්තා... ඒක නොතිබුනානම් තාමත් අපි කැබ් එක හෝදනවා... හෝදන එකත් පදින තරම් ලේසි නෑ කියල තේරුනෙත් එදා තමයි...  අපි ටීවි එකේ කට ඇරන් බලන් ඉන්න දේවල් වලට වඩා වැඩි දෙයක් ඒ දේවල් ඇතුලෙ තියනවා කියල තෙරෙන්න ඒ අත්දැකීම විඳලම බලන්න ඔනෙ.






කියන්න ඔනෙ උනේ පැදපු එක ගැන නෙමෙයි... ඇස් 2න් දැක්ක පලියට ලේසියි කියල හිතෙන, හිතන් ඉන්න දේවල් කරන්න ගියාම ලේසි නෑ කියල තේරෙන්නෙ ඒ දේ කරන්න පටන් ගත්තට පස්සෙ.... සමහර විට අපි ගේමක් නෑ කියල නොකරපු දෙයක් දැකල තිබුන පලියට කරන්න ගියාම අපි කොච්චර අමාරුවේ වැටෙනවද? මමනම් අත්දැකීමෙන් ම හොඳ පාඩමක් ඉගෙනගත්තා.... තිබුන වාසනාව නිසාද කොහෙද කරදරයක් නැතුව ගෙදර එන්න හම්බවුනාට ඒ වාසනාව අනිත් පැත්තට පෙරලුනා නම් මොන කරදරයකට මූන දෙන්න වෙනවද? ඒක නිසා නොදන්න දේවල් කරන්න යනකොට ඒ දේවල් කරන්න ඔනේ ඉතාමත් පරිස්සමෙන්, නොකර ඉන්න පුලුවන්නම් ගොඩක් දුරට අපිට වගේම අනිත් අයටත් ගුණදායකයි....



12 comments:

  1. //ඇස් 2න් දැක්ක පලියට ලේසියි කියල හිතෙන, හිතන් ඉන්න දේවල් කරන්න ගියාම ලේසි නෑ...
    සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. කරලම බලන්න ඔනෙ රඟේ තේරෙන්න

      Delete
  2. හ්ම්ම් හ්ම්ම්..එකඟයි ඔබට.
    'compressor' කිව්වම මම හිතුවේ මේ Audio Side එකේ තියන 'compressor' එකක් කියල හි හි.....:)

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතින් Audio කිව්වොත් වෙන දෙයක් ඔනේ නෑනෙ...

      Delete
  3. අනේ නෙදකින් වාහනේ කනවා.... :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වාහනේ කෑවට ජනෙල් ගලවන් ගෙවල් ඇතුලට ගියේ නෑනෙ...

      Delete
    2. ජනෙල් ගලවන් ගෙවල් ඇතුලට යෑමේ සිද්දියකට රජා සම්බන්දද? අර ලගදි අදපොලු කැඩුන වගේ එකක්...

      Delete
    3. මම කතාව පස්සෙ කියන්නම්කො

      Delete
  4. //ඒක නිසා නොදන්න දේවල් කරන්න යනකොට ඒ දේවල් කරන්න ඔනේ ඉතාමත් පරිස්සමෙන්\\

    …ඒක ඇත්ත කතාව. :)

    ReplyDelete
  5. ම්ම්ම්...අනේ මන්දා.. නොදන්න දේ දන්න විදිහට කරන්න යන එක තමා භයානක.. නොදන්න දේ දන්නේ නැ කියලා හිතාගෙන හෙමිට කලා නම් සමහර විට නොදන්න දේ පවා ඉගෙන ගන්න පුළුවන්.. ;) නොදන්නා දේ කීරීමේ මගේ සූටී සූටී අත්දැකීම් වලින් තමා කියන්නේ.. ජය වේවා සහෝ..

    ප.ලි.මේ අර රජා කඩාගෙන ගිය කතාවත් කිව්වා නම් තමා හොඳ.. ;)

    ReplyDelete
  6. තැන්කූ... රජා කඩාගෙන ගියපු එකක් නෙමෙයි රජාගෙ කඩන් ගියපු එකක්..

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.