කොටු කොටු තියන එවා නම් ගොඩක් ඇති. ඒ කොටු කොටු වලින් එක කොටු කොටු එකක් තමයි දැල කියල කියන්නෙ. සමහර ඒවා නම් කොටු කොටු නැතුව වෙන වෙන හැඩ වලටත් තියනවා. භාවිතා කරන ස්ථානය අනුව මේකේ ප්‍රයෝජන වෙනස්..... ඒක හරියට ධීවර කාර්මිකයෝ දැල දාලා මාලු අල්ලද්දි පෙදරේරුවො දැලක් උපයෝගී කරගෙන වැලි හලනවා වගේ.
එදිනෙදා ජීවිතේදි මේ දැල කියන එක කාන්තා පාර්ශවයටත් බොහෝ දුරට අදාල වෙනවා. හැබැයි ඒ දැල එලුවොත් කොහේ හරි ඉන්න අහිංසක පිරිමියෙක් අනාත වෙලා තමයි වැඩේ ඉවර වෙන්නේ. ගැලවෙනවා බොරු....... මාලුවෙක් දැලට අහු උනාම ඌ මැරිලවත් යනවා. ඒත් මේ දැලට අහුවෙන එකාට එහෙම වත් සැනසිල්ලක් හම්බවෙන්නේ නෑ. ඌ ජීවිත කාලේ ඉවර වෙනකන්ම විඳවනවා............. ඒ අතින් කාන්තා පාර්ශවයට දැල් එලීමේ හැකියාව උපතින්ම ලැබෙන දායාදයක් කියලා කියන්නත් පුලුවන්...... මේ ලොකේ බලවත්ම දැල ඕක වෙන්න ඇති කියලා තමයි හැමෝම කියන්නේ.
තියමුකො ඒ දැලත් පැත්තකින්...... ලොකේ ඔබ දන්න හොඳම දැල් කාරයා කවුද කියල ප්‍රශ්නයක් මතු උනොත් මොකක්ද දෙන උත්තරේ????? මගෙනම් උත්තරේ මකුළුවා..... හෙන ගේමක් දීලා පට්ට ලස්සනට දැල වියන්නේ ජීවිතේ ගැටගහගන්න උනත් ඒ උත්සාහයේ අවසානයේ තවත් ජීවිතයක් ගොදුරක් බවට පත් වෙනවා. කමක් නෑ, මකුලුවත් කන්න ඔනනේ, උටත් බඩක් තියනවනේ.
Thursday, October 24, 2013
Saturday, October 12, 2013
අපේ ඊලඟ පරම්පරාව
ලෝකේ දවසෙන් දවස දියුණු වෙනවා, නව තාක්ෂනයන් එලියට එනවා..... මිනිස්සු දියුණු වෙනවා, සමහරු ඒ දියුණුවටම ඊර්ෂියා කරනවා...... හැබැයි මේ වෙලා තියන දියුණුව අපේ ඇස් වලට කඳුලු උනන තරමටම අපිට සතුටක් වෙලා..... ඒ උඹලා අපේම උන් නිසා...... මේ ලියන්නේ උබලා වෙනුවෙන්......
හැමදාම හැමතැනම වගේ වෙන්නේ කෙනෙක් දුක් මහන්සියෙන් ගොඩනගාගත්ත දේවල් ඊලඟ පරම්පරාවේ එවුන් විනාස කරලා දාන එක.... ඒත් උබලා අපි ඒ අමාරුවෙන් ගොඩනගාගත්ත දේ උබලගෙ කැපවීමෙන් තව තවත් දියුණු කරලා තියනවා දකිද්දි ඇත්තටම සතුටුයි බං... ඒක බඩවැල කඩාගෙන නාවත් උබලා අපේම පොඩි උන් කියලා අපිට හැඟෙන්නේ උබලා අපි කරපු කැපකිරීම්, හෙලපු දහඩිය ඒ විදියටම සමහරක් විට ඊටත් වඩා වැඩියෙන් කරන නිසා වෙන්නත් ඇති.... දෙමව්පියො දරුවන්ගෙ දියුණුවේදි කොච්චර සතුටු වෙනවද කියන ඒ හැඟීම දැනෙන්න අපිට තව ගොඩක් කල් තිබ්බත් ඒ හැඟීම අපේ හිත් වල උබලා ඇති කලා. ඊට වඩා මොනවා අපි උබලගෙන් බලාපොරොත්තු වෙන්නද මල්ලියේ!!!!!!
සමහර අපි ආදරේ කරපු දේවල් වල පල්ලට යන යුගයක, ඒ වලපල්ලට යන දේවල් දැකලා ඒ ගැන දුක් වෙන්න අපිට ඉඩ නොතියපු උබලා ඔක්කොටම පිං.... කටක් ඇරලා ආඩම්බරෙන් බලපන් අපේ පොඩි උන්ගේ වැඩ කියල අපි කියන්නේ හිතේ පුදුම සතුටකින්.

Friday, October 4, 2013
කෑල්ල
අපි ජීවිතේ ගැන මොනවා හිතන් හිටියත් අපි නොහිතන වෙලාවට අපේ ජීවිත් වලට එන මිනිස්සු අපේ ජීවිත වල තිබුන බලාපොරොත්තු වෙනස් කරන අවස්තා අනන්තයි....... නොහිතපු වෙලාවක් මගේ ජීවිතේට ආපු ඔයත් හරියට ඒ වගේ. සමහර විට මේක දෛවය වෙන්න ඇති... ඒත් මගෙ දෛවය මෙච්චර කුරිරු වෙන්න මම මොන පවක්ද කරලා තියෙන්නෙ කියලත් මට හිතෙනවා.
ඒ මම ඔයාව දැක්ක පලවෙනි දවස නෙමෙයි වෙන්නත් පුලුවන්, මීට කලින් ඔයා එහේ මෙහේ යනවා මම අනන්තවත් දකින්න ඇති, ඒත් ඔයා ගැන මට ආවේදනයක් නො එන්නට ඇති...... වලාකුලු වලින් හඳ වැහිලා තියනකොට අපිට පේන්නේ තරු විතරයි නේ, ඔයා වලාකුලු වල හැංඟිලා ඉද්දි මම සිකුරු තරුවක් දිහා බලාගෙන ඉන්නත් ඇති...... මමත් මනුස්සයෙක් නේ. අපේ යාලුවො අපිව අමාරුවේ දාන අවස්ථා එමටයි.... මාවත් මේ අගාදයට ඇදලා දැම්මේ මගේම සහෝදරයෙක් වගේ ඉන්න එකෙක්. මුල්ලකට වෙලා පිස්සුවක් කෙල කෙල ඉන්න වෙලාවක "ඔයි ඔය මොනවද ඔය, අර බලපන්කෝ අරකිගෙ ලස්සන, පට්ට කෑල්ල නේ" මේ වචන ටික මාව දාන්න යන අමාරුවක තරම මම දැනගෙන හිටියනම් මම ඔකගේ කට ගලක උලලා මැහුම් දානවා ආයේ කතා කරන්න බැරි වෙන්න.... මොකද ඒ වචන පේලිය හින්දා හැරිලා බලපු මට තාමත් අහක බලන්න හම්බවුනේ නෑ..
ඇත්තටම ඔයා "හෙන කෑල්ල" ද? එක එකා මොන මොන කතා කිවුවත් මටනම් එහෙම පේන්නේ නෑ.... ඒත් එහෙම වෙන්නත් ඇති, නැත්තම් මෙච්චර කොල්ලො ගොඩක් ඔයාගේ පස්සෙන් එන්නෙත් නෑනේ... ඒත් ඔයා දිහා බලන හැම වෙලාවෙම මට නම් පේන්නේ අහිංසක සුන්දරත්වයක් විතරයි... ඔයා දිහා ඒ බලපු පලවෙනි පාර මගේ හිතට ආපු හැඟීම තාමත් මට මොකක් ද කියලා තේරෙන්නේ නෑ. ඒ හැඟීමෙන් තාමත් මට මිදෙන්න හැකියාවකුත් නෑ.... මම හැමදාම උදේට එන්නේ ඔයා දඟල දඟල පොඩි එකෙක් වගේ එහාට මෙහාට යන එක බලන්න. ඒ වෙලාවට ඔයා ගැන මට කොච්චර ආදරේ හිතෙනවද? මිනිස්සු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවලු.... ඇබ්බැහි වෙන්න මෙච්චර දේවල් ලෝකේ තියෙද්දි මම ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියලා මම තාම්ත් මගේන් අහනවා.

Sunday, September 22, 2013
පෙට්ටිය
පෙට්ටිය වූ කලී අමුතුම එකකි...... සමහරු පෙට්ටි කඩති, සමහරු පෙට්ටි කඩාගනී. තවත් කෙනෙක් පෙට්ටි සොයති. එකෙක් පෙට්ටියක් අරින කල තවත් එකෙක් පෙට්ටියක් වසයි....... මෙහෙව් වූ කල පෙට්ටියෙන් ඇති ප්‍රයෝජන බොහෝ වේ. පෙට්ටිත් එක්ක මොන මොන සෙල්ලම් දැම්මත් අන්තිමටම අපි හෑමෝටම පෙට්ටිය උරුම වේ...... උපතින් පෙට්ටි එකක් හෝ දෙකක් දායාද කරගෙන එන අපි අන්තිමටම පෙට්ටියේම යන්නට යන්නෙමු.... ඒ පෙට්ටිය කැඩෙන්නේ නැත, සමහර විට කැඩෙන්නත් පුලුවන, ඒත් බොහෝ විට වෙන්නේ දිරා යාම හෝ අලුවී යාම පමණි....
ජීවත් වෙන අපි මරණයට පත් වූ විට අවසන් ගමන් යන මිනී පෙට්ටිය අද වෙනකොට බිස්නස් එකක්, තවත් විග්‍රහ කලොත් ආයොජනයක් බවට පත් වෙලා..... කොටින්ම කිවුවොත් මැරිල ගියාට පස්සෙ කනත්තට ගිහින් වලලන හෝ පුලුස්සා දමන මිනී පෙට්ටිය සමාජ තත්වය පිලිඹිබු කරන සංකේතයක් බවටත් පත් වෙලා ඉවරයි.. මැරිලා ගිය එකා 10,000 පෙට්ටියේ ගියත් 1,000,000 පෙට්ටියේ ගියත් වෙනසක් වන්නේ නැත, සමහර විට ඌ යන පෙට්ටිය පිලිඹදව තැකීමක් කරන්නේද නැත. මොකද ඒ ඌ ජීවිතයෙන් සමු අරගෙන සිටිනා නිසාය..

Friday, August 30, 2013
රැකියාව ජීවත් කරවීම
ලොකයේ පැරණිම රැකියාව කියන ගණිකා වෘත්තියෙන් පටන් ගත්තට පස්සෙ අද වන විට මේ ලොකේ එක එක ජාතිය රැකියා බිහිවෙලා තියනවා.... දවසෙන් දවස මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩි වෙනවත් එක්කම ඒ අවශ්‍යතා ඉටු කරන්න තව තව රැකියා අවස්ථා බිහි වෙනවා..
රැකියාවක අවශ්‍යතාවය මොකක්ද කියල ඇහුවොත්???? සරලම උත්තරේ වෙන්නේ මිනිසෙකුට ජීවත් වෙන්න අවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට කියන එක... හැබැයි ඒ උත්තරේ කෙතරම් දුරට නිවැරදිද කියල හිතලා බලපු අය ඉන්නවද? ඇත්තටම මිනිස්සු රස්සාවල් කරන්නේ ජීවත් වෙන්නද නැත්තම් රස්සාවක් කරන්න ජීවත් වෙනවද!
පාසල් යන කාලේ අපි හැමොම අපේ නිදහසට ගොඩක් ආස කලා.... ඒත් ඉගනීම අවසානයේ රැකියාවක් කරන තැනට ආවට පස්සේ ඒ නිදහස කියන එක අමතක වෙලා සල්ලි කියන දේ වටිනාකම නිදහසට තිබුන වටිනාකමට වඩා වැඩි වෙනවා. එතන ඉඳන් සල්ලි පස්සේ යන්න පටන් ගන්න මිනිස්සුන්ට ජීවිතය කියන දේ අමතක වෙලා ඉබේම යාන්ත්‍රික මිනිසුන් බවට පත් වෙනවා.... අන්තිමට ජීවත් වෙන්න සල්ලි හොයන්න පටන් ගත්ත මිනිස්සු සල්ලි හොයන්න ජීවත් වෙන්න පටන් ගන්නේ ඒ මිනිස්සුන්ටත් නොදැනිමයි. සල්ලි පස්සෙ හඹායන මේ ගමනේ කිසිම කෙනෙක් හැරිලා තමන්ගේ ජීවිතේ ගැන මොහොතකට හොයල බලන්න උත්සාහ ගන්නේ නෑ. තමන් කවදා හො මරණයට පත් වෙන බව තෙරුම් ගන්නේත් නෑ.

Thursday, August 22, 2013
අරකද මේකද ?
මනුස්සයෙක්ට ජීවිතේ වැඩියෙන්ම ඔනේ කරන්නේ මොනවද?
මෙහෙම ප්‍රශ්නයක් කාට හරි යොමු කලොත් කිසිම කෙනෙක් ට එක පාර උත්තරයක් දීගන්න බැරුව ටිකක් වෙලා කල්පනා කරන්න වෙන්නේ අපි අපිට වැඩියෙන්ම ඔනේ දේ හිතාගන්න අමාරු හින්දා.... ඒ තරමටම අපේ අවශ්‍යතාවයන් වැඩී. මොකද අපි පෘතක්ජන මිනිස්සු නේ.
බොහොමයක් අයට ගොඩක් වෙලාවට සල්ලි කියන දේ උත්තරේ වෙයි..... සමහර අයට නීරෝගී කම, ආදරය, සෙනෙහස කියන වෙන වෙන උත්තර තියෙයි. ඒ හැම මනුස්සයෙක් ම එකිනෙකාට වෙනස් නිසා.
මිනිස්සු දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් දුප්පත් අනිත් එක්කෙනා පොසත්...... දුප්පත් මනුස්සයා අනිත් කෙනා දිහා බලලා තමන් එයා වගේ උනා නම් කියලා හිතනකොට පෝසත් මනුස්සයා ඒකේ අනිත් පැත්ත හිතන්නත් පුලුවන්... සල්ලි වලට වටිනා කමක් තිබුනත් සල්ලි වලට කරන්න බැරි දේවල්, සල්ලි නිසා අහිම වන දේවල් බොහොමයක් තියනවා කියලා සල්ලි නැති මනුස්සයා නොදන්නවා උනාට සල්ලි තියන මනුස්සයා ඒක දන්නවා.... සල්ලි තියන මනුස්සයට හොඳ කරගන්න බැරි ලෙඩක් තියනවා නම් කොච්චර සල්ලි තිබුනත් ඔහුට ඒ දේවල් වලින් වැඩක් නෑ.... සල්ලි නැති මනුස්සයා සල්ලි නොමැතිකම හින්දාම ජීවිතේ විඳින්න වෙන දුක් කරදර ගැන දන්නවා, ඒ නිසාම ඒ මනුස්සයා සල්ලි වලට ඇලුම් කරනවා.

Monday, August 12, 2013
වෙනසක් අවශ්‍යය
එදිනෙදා ජීවිතේදි මිනිස්සු දිහා බලන් ඉන්න මට එක වෙලාවකට හිතෙනවා මුන් හැම එකාම ජීවත් වෙන්නේ මැරෙන්නේ නෑ කියලා හිතාගෙනද කියල.... ජීවිත කාලේම එකම විදියට ජීවත් වෙලා මැරිලා යන මිනිස්සුන්ගෙන් කීයෙන් කි දෙනාටද ජීවිතේ ගැන දැක්මක් තියෙන්නේ.... කාර්යබහුලත්වය නිසාමද කොහෙද මිනිස්සුන්ට ජීවිතේ කියන්නේත් මොකක් ද කියලා අමතක වෙලා.... මේ පොස්ට් එක ජීවිතේ ගැන නම් නෙමෙයි, ලංකාව හා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන.
මේ යන විදියට ලංකාව තව අවුරුදු කීයක් තියෙයිද කියල හිතාගන්න වත් බෑ, ඒ තරමටම වෙන දේවල් බරපතලයි.... හැබැයි ඒ හැම දේකටම වඩා අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන හැටි දැක්කම ඊටත් වඩා බය හිතෙනවා.... අර කියනවත් වගේ අපේ මිනිස්සුන්ට ඔනෙම දෙයක් මතක හිටින්නේ මාස 2,3ක් විතරද කොහෙද....
එක කාලයන් අදහගෙන හිටපු උන් ටික දවසකින් වෙනස් වෙනවා, එක කාලයක් හොඳට තිබුන ඒවා ටික කාලයක් යනකොට නරක් වෙනවා, එක කාලයක් හොඳට හිටපු එවුන් කාලයක් යද්දි නරක වෙනවා... ඔන්න ඔකයි අද ලංකාවෙ තත්වය.

Subscribe to:
Posts (Atom)