Pages

Saturday, October 12, 2013

අපේ ඊලඟ පරම්පරාව

ලෝකේ දවසෙන් දවස දියුණු වෙනවා, නව තාක්ෂනයන් එලියට එනවා..... මිනිස්සු දියුණු වෙනවා, සමහරු ඒ දියුණුවටම ඊර්ෂියා කරනවා...... හැබැයි මේ වෙලා තියන දියුණුව අපේ ඇස් වලට කඳුලු උනන තරමටම අපිට සතුටක් වෙලා..... ඒ උඹලා අපේම උන් නිසා...... මේ ලියන්නේ උබලා වෙනුවෙන්......

හැමදාම හැමතැනම වගේ වෙන්නේ කෙනෙක් දුක් මහන්සියෙන් ගොඩනගාගත්ත දේවල් ඊලඟ පරම්පරාවේ එවුන් විනාස කරලා දාන එක.... ඒත් උබලා අපි ඒ අමාරුවෙන් ගොඩනගාගත්ත දේ උබලගෙ කැපවීමෙන් තව තවත් දියුණු කරලා තියනවා දකිද්දි ඇත්තටම සතුටුයි බං... ඒක බඩවැල කඩාගෙන නාවත් උබලා අපේම පොඩි උන් කියලා අපිට හැඟෙන්නේ උබලා  අපි කරපු කැපකිරීම්, හෙලපු දහඩිය ඒ විදියටම සමහරක් විට ඊටත් වඩා වැඩියෙන් කරන නිසා වෙන්නත් ඇති.... දෙමව්පියො දරුවන්ගෙ දියුණුවේදි කොච්චර සතුටු වෙනවද කියන ඒ හැඟීම දැනෙන්න අපිට තව ගොඩක් කල් තිබ්බත් ඒ හැඟීම අපේ හිත් වල උබලා ඇති කලා. ඊට වඩා මොනවා අපි උබලගෙන් බලාපොරොත්තු වෙන්නද මල්ලියේ!!!!!!

සමහර අපි ආදරේ කරපු දේවල් වල පල්ලට යන යුගයක, ඒ වලපල්ලට යන දේවල් දැකලා ඒ ගැන දුක් වෙන්න අපිට ඉඩ නොතියපු උබලා ඔක්කොටම පිං.... කටක් ඇරලා ආඩම්බරෙන් බලපන් අපේ පොඩි උන්ගේ වැඩ කියල අපි කියන්නේ හිතේ පුදුම සතුටකින්.





අපි හැමදාමත් අලුත් දෙයක් කලා, අලුත් දේවල් කරන්න උත්සාහා කලා...... සියනෑ සර අපේ ආදරණීය ගුවන්විදුලි සේවය, තවත් විදියකට කිවුවොත් ශ්‍රි ලංකාවේ පළමු පාසල් ගුවන්විදුලි සේවය බිහිවුනෙ ඒ උත්සාහයන් වල ප්‍රතිපලයක් හැටියට. එතනින් නොනැවතුනු අපි 2008 වර්ශයේ සියනෑ රූ, ශ්‍රී ලංකාවේ පළමු පාසැල් රූපවාහිනී නාලිකාව අපේ විදු මෑනියන්ට දායාද කලා...... ප්‍රථම වරට පාසැල් ක්‍රීඩා උත්සවයක් අන්තර්ජාලයේ විකාශය කලෙත් අපි.... මේ දේවල් ගොඩනගාගත්තේ, මේ දේවල් වලට මුල් ගල් තිබ්බේ කරදර බාදක රැසක් මැද්දේ.... හැබැයි අද උබලා ඉන්න තැන දැක්කම ඒ වින්ද හැම දේකම ප්‍රතිපලය අද අපේ ඇස් ඉස්සරහා අපිට පේනවා..... ඒ මූලබීජ අද දැවැන්ත ගහක් බවට උබලා ගොඩනගලා තියනවා....

සියනෑ සර අද ඇත්තටම වෘත්තීයම ගුවන්විදුලි නාලිකාවක් බවට පත්වෙලා, සියනෑ රූ අද මුලු මහත් ලංකාවම ආවරණය කරනවා...... අපිට හීනයක් වෙලා තිබුන දේ උඹලා අද හැබෑවක් කලා.... අපේ මල්ලිලා විදියට උබලා රටම ආක්‍රමනය කලා බං..... එහෙනම් අපේ ඒ සියනෑ රූ නාලිකාව අද ශ්‍රී ලංකාව ආවරණය කල ප්‍රථම පාසැල් නාලිකාව බවට උබලා පත් කලා. එතනින් නොනැවතී අතේ තියන ස්මාට් ජංගම දුරකතනයද උබලා සියනෑ සර හරහා ආක්‍රමනය කලා.... මේවා ලංකාවේ කිසිම ඉස්කෝලෙකින් මීට කලින් කරලා නෑ...  උබලා ගැන අපිට ආඩම්බරයි....



අපේ ඉස්කොලේ මාධ්‍ය ඒකකය කියන්නේ තවත් එක් පාසැල් මාධ්‍ය ඒකකයක් විතරක්ම නෙමෙයි කියල අපි මුලු මහත් ලංකාවටම ඔප්පු කරලා ඉවරයි..... ඒක පිටිපස්සෙ උබලා හැමෝම ඉන්නවා....

හිරුගේ රැස් අතරින් බැබලේ විදු මව් නාමේ............
නංවා ජය ගෝෂා වැජබේ මවගේ පුතුන්................


ඔනේ වෙලාවක උබලට දිරිය දෙන්න උබලගේ අයියලා ටික ලෑස්තියි.... ඒත් උබලට ඒක ඔනේ වෙන එකකුත් නෑ. මොකද උබලත් නියම Nayakenz ලා...

සියනෑ සර, සියනෑ රූ  අයියලා හැමොම උබලට සුබ පතනවා... උබලට ජයෙන් ජය මල්ලිලා...  


11 comments:

  1. මම ආපු දවසෙ රජා කිව්වෙ ඔබතුමා කොටුවක් පනින්න ගියා කියල..

    ජය !

    ReplyDelete
    Replies
    1. අපෝ මම හීනෙකින් වත් එහෙම එකක් කරන එකෙක් නෙමෙයි සැමෝ

      Delete
  2. එළ එළ මල්ලි...අල්ලගෙන යමු...ජය වේවා හැමෝටම...

    ReplyDelete
  3. උන් ටික සිරා... මම දෙන්නම් සුපිරි වීඩියෝවක්!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. එල එල ඔන්න මගෙනුත් උබලගෙ අයියලාට සුභ පැතුම්....

    ReplyDelete
  5. මගෙනුත් සුභ පැතුම්!!!

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.