Pages

Friday, August 30, 2013

රැකියාව ජීවත් කරවීම

ලොකයේ පැරණිම රැකියාව කියන ගණිකා වෘත්තියෙන් පටන් ගත්තට පස්සෙ අද වන විට මේ ලොකේ එක එක ජාතිය රැකියා බිහිවෙලා තියනවා.... දවසෙන් දවස මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩි වෙනවත් එක්කම ඒ අවශ්‍යතා ඉටු කරන්න තව තව රැකියා අවස්ථා බිහි වෙනවා..



රැකියාවක අවශ්‍යතාවය මොකක්ද කියල ඇහුවොත්???? සරලම උත්තරේ වෙන්නේ මිනිසෙකුට ජීවත් වෙන්න අවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට කියන එක... හැබැයි ඒ උත්තරේ කෙතරම් දුරට නිවැරදිද කියල හිතලා බලපු අය ඉන්නවද? ඇත්තටම මිනිස්සු රස්සාවල් කරන්නේ ජීවත් වෙන්නද නැත්තම් රස්සාවක් කරන්න ජීවත් වෙනවද!

පාසල් යන කාලේ අපි හැමොම අපේ නිදහසට ගොඩක් ආස කලා.... ඒත් ඉගනීම අවසානයේ රැකියාවක් කරන තැනට ආවට පස්සේ ඒ නිදහස කියන එක අමතක වෙලා සල්ලි කියන දේ වටිනාකම නිදහසට තිබුන වටිනාකමට වඩා වැඩි වෙනවා. එතන ඉඳන් සල්ලි පස්සේ යන්න පටන් ගන්න මිනිස්සුන්ට ජීවිතය කියන දේ අමතක වෙලා ඉබේම යාන්ත්‍රික මිනිසුන් බවට පත් වෙනවා....  අන්තිමට ජීවත් වෙන්න සල්ලි හොයන්න පටන් ගත්ත මිනිස්සු සල්ලි හොයන්න ජීවත් වෙන්න පටන් ගන්නේ ඒ මිනිස්සුන්ටත් නොදැනිමයි. සල්ලි පස්සෙ හඹායන මේ ගමනේ කිසිම කෙනෙක් හැරිලා තමන්ගේ ජීවිතේ ගැන මොහොතකට හොයල බලන්න උත්සාහ ගන්නේ නෑ. තමන් කවදා හො මරණයට පත් වෙන බව තෙරුම් ගන්නේත් නෑ.



ජීවිතේ සැපවත් කරගන්න නිමාවක් නැතිව, නිදහසක් නැතිව මේ දුවන ගමනේ ජීවිතේ විඳින එක පැත්තකින් තියලා ජීවිතේ විඳවගෙන සල්ලි පස්සෙන් මේ යන ගමනේ අපි හිතන තැනට යන්න කලින් හෙට අපි මැරුණොත්? හිතල බලන්න! මරණයෙන් පස්සෙ වෙන දේ ගැන මම ඇත්තටම දන්නේ නෑ, ඒත්  මෙහෙම අකල් මරණයක් උනොත් ඇත්තටම ජීවිතේ ආපස්සට හැරිල බලපුවහම අපේ ජීවිත වල තේරුමක් තිබිලා තියනවද? මම අදහස් කරන්නේ සල්ලි අවශ්‍ය නෑ කියන එක නෙමෙයි ඒත් ඒ පස්සෙ දුවන ජීවිතේ තෙරුමක් නෑ කියන එකයි... ඔනෙම දෙයක් ඔනේවට වඩා ඔනෙම නෑ කියල කියන අපේ මිනිස්සුන්ට සල්ලි කියන එක ඔනෙවටත් වඩා ඔනේ වෙන්නේ ඇයි?



ඉස්කෝලෙදි එකට කොපි කරලා විභාග පාස් වෙච්ච උන් එකට රස්සා කරන්න පටන් ගත්තම ඇයි එකිනෙකා අභිබවා යන්න හදන්නේ? නිදහස අගය කරපු උන් නිදහස අමතක කරන්නේ? මේ වගේ දෙවල් වෙන්නේ රස්සාව මිනිස්සුන්ව ජීවත් කරවන්න පටන් ගන්න හින්දා නෙමෙයි ද? අපේ ජීවිත අපිට ඔනේ විදියට ගෙවන්න හදපු අපි රස්සාව කියන දේ ඉස්සරහා රූකඩ බවට පත්වෙන්නේ ඇයි?

අම්මලා තාත්තලා දොස්තර ලා, ඉංජිනේරුවො, නැත්තම් ලොකු ලොකු රස්සා කරන ලමයින්ගෙ ජීවිත ගැන පොඩ්ඩක් හිතලා බලන්න? ලමයි අම්මලා තාත්තලා දකින්නේ හාවා හඳ දකිනවා වගේ, මව්පිය සෙනෙහස විඳින එක ඒ ලමයින්ට හීනයක්.. ලොකු ලොකු තැන් වලින් උගන්නලා සැපට ජීවත් කෙරෙව්වට දෙමව්පියන්ගෙන් ඉටු වෙන්න ඔනේ යුතුකම් ඒ මිනිස්සුන්ගෙන් සිදු වෙලාද? සමහර විට ඒ මිනිස්සුන්ගේ උත්තරේ අපි මේ හැම දේම කරන්නේ අපේ ලමයින් වෙනුවෙන් කියන එක වෙන්න ඇති? එත් ලමා කාලේ එයාලට අවශ්‍ය සල්ලි වලට වඩා මා පිය සෙනෙහස, තම දෙමව්පියන්ගේ මගපෙන්වීම.... තමන් තමාගේ ලමයගේ ඉගෙනීම් කටයුතු වලට උදව් කරනවට වඩා පිටින් ගුරුවරගෙක් ගෙනෙල්ලා  පොඩි එකාට ටියුශන් දෙන එක හොඳයි කියල දෙමව්පියන්ට හිතෙන්නේ  ඇයි කියලා මට නම් ඇත්තටම තෙරුම් ගන්න අමාරුයි.

ඇත්තටම මිනිස්සු රස්සාවක් කරන්න ඔනේ, හැබැයි රස්සාවකට යන්න කලින් ජිවිතේ කියන්නේ මොකක්ද කියල මිනිස්සු තෙරුම් ගන්න ඔනේ..... ජීවත් වෙන්න සල්ලි ඔනෙ උනාට ජීවිතේ කියන්නේ සල්ලි විතරක් නෙමෙයි කියලා තෙරුම් ගත්ත දවසට ලොකේ ප්‍රශ්න ගොඩක් අඩු වෙයි....


17 comments:

  1. රස්සාව විදිහට තමන් කැමති අංශයක් තෝර ගත්තම රස්සාව නිසා ජීවිතය එපා වීම අවම වෙනවා !

    ReplyDelete
    Replies
    1. ඒත් හැම එකාටම එහෙම ඒවා හම්බවෙන්නෙ නෑනෙ

      Delete
  2. ජීවිතේ කියන්නෙ සල්ලි විතරක් නෙමේ... නිදහස, ආදරය, කරුනාව, වගේ හැම දයක්ම තියෙන්න ඕන...


    එතකොට තමා "ජීවිතය සුන්දර" වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට හැම එකාම යන්නෙ සල්ලි පස්සෙ නෙ

      Delete
  3. මං හිතන විදිහට මනුස්සයා හිතන කැමති රස්සාව කරන්නේ නැත්නම් output එකක් කවදාවත් එන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. වැඩ ගන්න උන් කොහොම හරි උන්ට ඔනේ අවුට් පුට් එක ගන්නවා

      Delete
  4. තමන් කැමති රස්සාවක් කරන්න පුළුවන් වුණොත් ඒ මිනිසා ජීවිතෙ උපරිම තෘප්තිය එයින් ලබනවා..එය සහතික ඇත්ත..!
    නමුත් ඒ තම හීනය වෙච්ච වෘතිය පවුල් ජීවිතේ මේ හැමදේටම කාල වෙලාව සමබරව වෙන්කර ගන්නා පුද්ගලයා ජිවිතේ උපරිම සතුට විදිනවා..

    අද්දැකීම් නම් න.. නමුත් බොහෝ ඇසූ දුටු දෑ ඇසුරෙන් තමයි මට මෙහෙම හිතුනේ..

    මම හරිම ආසයි , පුංචියට මම ආසා කරන සේවය මිනිස්සුන්ට කරගෙන මතු දවසක මගේ කැදැල්ලක ලස්සන පවුලක් වෙන්න.... මම හරි ආසයි ආදරයට වැඩි ඉඩක් දීලා ජිවත් වෙන්න... ඒත් මේ තරඟකාරී සමාජයේ මගේ ඒ හීනේ නිකම්ම නිකම් බොල් හීනයක් වෙයිද කියලා බයයි....

    ReplyDelete
    Replies
    1. කවදාවත් තමන්ගේ හීන අත අරින්න එපා, ඒ හීනෙම ඇති අපිව ජීවත් කරන්න

      Delete
  5. කැමති රස්සාවක් තියා අකැමති එකක්වත් හොයාගන්න අමාරුයිනේ බං

    ReplyDelete
  6. නියමඉ මචන්
    සැහෙන්න බොන්න ඔනේ



    මචන්ලා මම අලුතෙන් බ්ලොග් එකක් පටන් ගත්ත ගිහිල්ලම බලන්නකෝ
    http://mayanthaarts.blogspot.com/

    ReplyDelete
  7. ඒත් දැන් කාලෙ නම් සල්ලි නැත්නම් ජීවිතයක් නෑ කියන තැනට අපේ සමාජය පත් වෙලා.. අනික ලොකු ලොකු ජොබ් වලට යන්න ඕන ප්‍රධාන සුදුසුකම තමයි හොඳ දේශපාලන මෝරෙක්ට වැඩ කිරීම

    ReplyDelete
    Replies
    1. එහෙම වැඩ කරලා ලොකු ඒවට ගියපු උන් හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ

      Delete
  8. මුදල් අවශයයි නමුත් ඉගෙන ගත්ත දෙයකින් ප්‍රෙයාජනයක් ගන්න පුළුවන් නම් නහක්සිය කැපවිම හා යොදවන ශ්‍රමයත් එක්ක බලද්දි රැකියාවෙන් ලැබෙන වැටුප හුඟක් වටිනවා කියලයි මට හිතෙන්නේ :) එතකොට ආත්මතෘප්තිය වැඩියි

    ReplyDelete
    Replies
    1. ඒත් බං කැපවෙලා ගන්න සොච්චම මාසේ ජීවත් වෙන්න වත් මදි නම් තෘප්තිමත් වෙන්නේ මොකෙන්ද?

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.