Pages

Thursday, October 24, 2013

කොටු කොටු එක

කොටු කොටු තියන එවා නම් ගොඩක් ඇති. ඒ කොටු කොටු වලින් එක කොටු කොටු එකක් තමයි දැල කියල කියන්නෙ. සමහර ඒවා නම් කොටු කොටු නැතුව වෙන වෙන හැඩ වලටත් තියනවා. භාවිතා කරන ස්ථානය අනුව මේකේ ප්‍රයෝජන වෙනස්..... ඒක හරියට ධීවර කාර්මිකයෝ දැල දාලා මාලු අල්ලද්දි පෙදරේරුවො දැලක් උපයෝගී කරගෙන වැලි හලනවා වගේ.



එදිනෙදා ජීවිතේදි මේ දැල කියන එක කාන්තා පාර්ශවයටත් බොහෝ දුරට අදාල වෙනවා. හැබැයි ඒ දැල එලුවොත් කොහේ හරි ඉන්න අහිංසක පිරිමියෙක් අනාත වෙලා තමයි වැඩේ ඉවර වෙන්නේ. ගැලවෙනවා බොරු....... මාලුවෙක් දැලට අහු උනාම ඌ මැරිලවත් යනවා. ඒත් මේ දැලට අහුවෙන එකාට එහෙම වත් සැනසිල්ලක් හම්බවෙන්නේ නෑ. ඌ ජීවිත කාලේ ඉවර වෙනකන්ම විඳවනවා............. ඒ අතින් කාන්තා පාර්ශවයට දැල් එලීමේ හැකියාව උපතින්ම ලැබෙන දායාදයක් කියලා කියන්නත් පුලුවන්...... මේ ලොකේ බලවත්ම දැල ඕක වෙන්න ඇති කියලා තමයි හැමෝම කියන්නේ.

තියමුකො ඒ දැලත් පැත්තකින්...... ලොකේ ඔබ දන්න හොඳම දැල් කාරයා කවුද කියල ප්‍රශ්නයක් මතු උනොත් මොකක්ද දෙන උත්තරේ????? මගෙනම් උත්තරේ මකුළුවා..... හෙන ගේමක් දීලා පට්ට ලස්සනට දැල වියන්නේ ජීවිතේ ගැටගහගන්න උනත් ඒ උත්සාහයේ අවසානයේ තවත් ජීවිතයක් ගොදුරක් බවට පත් වෙනවා. කමක් නෑ, මකුලුවත් කන්න ඔනනේ, උටත් බඩක් තියනවනේ.



තවත් දැලක් තියනවා අපි හැමෝම දන්න..... සිංහලෙන් කිවුවොත් වල්ඩ් වයිඩ් වෙබ් (WWW) නැත්තම් අන්තර්ජාලය. මේක ජාලයක් උනාට එක පැත්තකින් බැලුවම ජංජාලයක්..... ලෝකයේ දුර්වලම ස්ථාන වලින් එකක් මේක. ඔය පෘථිවිය ආක්‍රමනය කරන්න එන උන්ට එක ට ගේම දෙන්න පුලුවන් උනොත් වැඩේ නිකන්ම ගොඩ.

                           

එදිනෙදා ජීවිතේදි අපි හැමෝම අන්තර්ජාලයෙන් යැපෙනවද???? මට ඒක හොඳටම තේරුම් යන්නේ ගෙදර එනකොට ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැති උනාම....... පැය ගානක් යනකන් නොකා නොබී හරි ඉන්ටනෙට් ආපහු අටවගන්න දඟලනෙ ඒක නැතුව ජීවත් වෙන්නත් අමාරු ගානට. කොච්චර පාවිච්චි නොකලත් ගැහුව ගමන් බඩු වැඩ කියල දන්න එකම අපිට කොච්චර සැනසීමක් ද! ( මම කිවුවේ ඉන්ටනෙට් කනෙක්ශන් එක ගැන ) මේක විශ්ව ගම්මානයක් ලු... ඒත් මේ විශ්ව ගම්මානයේ පාදම වෙන අන්තර්ජාලයට කොච්චර ආරක්ශන විදි දැම්මත් වැඩ දන්න උන්ට පාදමට ගේමක් දෙන්න පුලුවන්. අන්න ඒ වෙලාවට විශ්ව ගම්මානය අමුතුම විදියේ ගල් යුගයකට ආපහු යනවා. තාක්ශනය තිබුනත් සම්බන්දතාවය නෑ කියන්නේ යුද්දෙට නැති කඩුව වගේ.

අන්තර්ජාලයෙන් තියන ප්‍රයොජන බොහොමයි..... ඒක කවදාවත් නෑ කියල බැහැර කරන්න බෑ. ලොකේ මෙච්චර දියුණු තත්වයක තියෙන්න එක හෙතුවක් වෙන්නෙත් අන්තර්ජාලය. ඒත් මිනිසා කියන සත්වයාට උපතින්ම පොඩි අවුලක් තියනවා. මොන තාක්ශනේ ආවත්, මොන විදියට තාක්ශනේ දියුණු උනත් මිනිසා කියන කෙනා ඒකෙන් ඉස්සෙල්ලම කරන්නේ ඒ අලුත් දේ "නරකට" භාවිතා කරන්නේ කොහොමද කියලා හොයන එක සහ අලුත් අලුත් "නරක" මාර්ග ඉදිරිපත් කිරීම. මේ හේතුව හින්දා මොන දේ ආවත් ඉස්සෙල්ලම අපිට හිතන්න වෙලා තියෙන්නෙ මුන් මේකෙන් මොන විනාසයක් කරයි ද කියලා.

දැනුම කියන දේ පැතිරීම සීමා වෙලා තිබුන ලොකෙක අන්තර්ජාලයත් එක්ක දැනුම කියන්න දේ පොදු දෙපලක් බවට පත් වුනා. ඔනෙම කෙනෙකුට ඔනෙම නොදන්න දෙයකට තියන දුර ඇඟිලි හා කී බොඩ් එකට තියන දුරට සීමා උනා..... ඒත් ඒ දෙයින් ප්‍රයෝජන ගන්නෙ කීයෙන් කීයද? අසයිමන්ට් එකකට ඇරුනම වෙන දේකට විකිපිඩියා පැත්ත පලාතක යන අය ඉන්නේ කී දෙනාද? හැබැයි විකී එක වල් වැඩුනත් ෆේස්බුක් යන උන් නම් කවදාවත් අඩු වෙන්නේ නෑ. ලංකාවෙ නම් අන්තර්ජාල භාවිතයෙන් වැඩි ප්‍රතිශතයක් ඇත්තේ ෆෙස්බුක් එකට කියලයි මට නම් හිතෙන්නේ..... සමාජ ජාලවල කිසි වරදක් නෑ. ඇත්තටම සමජ ජාල වෙබ් අඩවි නිසා මිනිසුන් එක්ක සම්බන්දතා පවත්වාගන්න ඉතාම පහසු වෙලා තියනවා. ඒකට අපිට තාක්ශනේ දියුණුව කියලා අර්ත දක්වන්නත් පුලුවන්. හැබැයි ජීවිතේ ඒක කරගන්න තැනදි තාක්ශනේම අපිට හරහට හිටලත් තියනවා..... ඇත්තට කතාව ගත්තොත් සාක්ශර තාව කොච්චර උනත් අලුත් පරම්පරාවේ චින්තන හැකියාව ගොඩක් අඩු මට්ටමක තියෙන්නෙ... මොකක්ද හේතුව??????? මුන්ට ෆෙස්බුක්, යූ ටියුබ්, ඔන්ලයින් වලින් තොර ජීවිතයක් නෑ, ඒ හින්දම තර්කන හැකියාවන් මොට වෙලා යනවා.




සුගතියට යන්න පුලුවන් තාක්ශනෙන් දුගතියට යන ප්‍රමානය වැඩි උනාම තාක්ශනේ මොකටද! එක්කො අපෙ මිනිස්සුන්ගේ ඔලු හදලා ඉන්න ඔනේ... තාම අන්තර්ජාලයට භාවිතා කරන්න අත පය ඔනේ නිසා යන්තම් හරි හොඳයි... ඉස්සරහට කෙලින්ම මොලේට කනෙක්ශන් එක දෙන්න පුලුවන් උන් දාට දෙයියන්ගෙන පිහිටයි......

අපි මේ බ්ලොග් ලියන්නෙත් අන්තර්ජාලය තියන හින්දා තමයි.... ඒක නෑ කියන්නේ නෑ. ඒත් අන්තර්ජාලය හින්දා මිනිස්සු කොච්චර දුර්වල වෙලාද කියල මට නම් සමහර වෙලාවට හිතෙනවා.

නින්දට ගිහින් උදේ ඇහැරෙද්දි අන්තර්ජාලය කියල එකක් නැති වෙලා තිබුනොත් ඊලඟ පැය ඇතුලත ලෝකෙට මොකක් වෙයි ද?????????


11 comments:

  1. මොනවා වෙන්නද......ටික දවසකින් පරණ විදියට වැඩ පටන් ගනියි :D

    ReplyDelete
    Replies
    1. එච්චරට වැඩේ ලෙසි වෙන එකක් නෑ මයේ හිතෙ

      Delete
  2. ඒක නං හරිහ අබග්ගයක් වේවි. මං හිතන්නේ ලෝකෙම කඩා වැටේවි සෑහෙන්න කාලෙකට..

    ReplyDelete
  3. හිතා ගන්නවත් බෑ. මේ...ඔය උඩ තියන දැල් කතාවට විරුද්ධ යි හොඳේ. මාර පුරුෂෝත්තමවාදී සමාජයක් නෙ මේක :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිත්ත උනාට ගුණයි ලුනෙ

      Delete
  4. මට පේනවා දැන් තෝ දැලකට අහුවෙලා කියලා ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එකකට නම් හිත හදාගන්න පුලුවන් බං... දැල් ගාලක පැටලිලා ඉන්නෙ

      Delete
  5. ඔය මොන තාක්ෂනේ තිබුනත් ඔළුව හදාගත්තේ නැත්නම් බලු වෙනවා....ඇත්ත.

    ReplyDelete
  6. පුතා දැල් වලින් ඉක්මනට බේරෙන්න බලපන්.... නැත්තම් ඉවරයි....

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.