Pages

Friday, October 4, 2013

කෑල්ල

අපි ජීවිතේ ගැන මොනවා හිතන් හිටියත් අපි නොහිතන වෙලාවට අපේ ජීවිත් වලට එන මිනිස්සු අපේ ජීවිත වල තිබුන බලාපොරොත්තු වෙනස් කරන අවස්තා අනන්තයි....... නොහිතපු වෙලාවක් මගේ ජීවිතේට ආපු ඔයත් හරියට ඒ වගේ. සමහර විට මේක දෛවය වෙන්න ඇති... ඒත් මගෙ දෛවය මෙච්චර කුරිරු වෙන්න මම මොන පවක්ද කරලා තියෙන්නෙ කියලත් මට හිතෙනවා.



ඒ මම ඔයාව දැක්ක පලවෙනි දවස නෙමෙයි වෙන්නත් පුලුවන්, මීට කලින් ඔයා එහේ මෙහේ යනවා මම අනන්තවත් දකින්න ඇති, ඒත් ඔයා ගැන මට ආවේදනයක් නො එන්නට ඇති...... වලාකුලු වලින් හඳ වැහිලා තියනකොට අපිට පේන්නේ තරු විතරයි නේ, ඔයා වලාකුලු වල හැංඟිලා ඉද්දි මම සිකුරු තරුවක් දිහා බලාගෙන ඉන්නත් ඇති...... මමත් මනුස්සයෙක් නේ. අපේ යාලුවො අපිව අමාරුවේ දාන අවස්ථා එමටයි.... මාවත් මේ අගාදයට ඇදලා දැම්මේ මගේම සහෝදරයෙක් වගේ ඉන්න එකෙක්. මුල්ලකට වෙලා පිස්සුවක් කෙල කෙල ඉන්න වෙලාවක "ඔයි ඔය මොනවද ඔය, අර බලපන්කෝ අරකිගෙ ලස්සන, පට්ට කෑල්ල නේ"  මේ වචන ටික මාව දාන්න යන අමාරුවක තරම මම දැනගෙන හිටියනම් මම ඔකගේ කට ගලක උලලා මැහුම් දානවා ආයේ කතා කරන්න බැරි වෙන්න.... මොකද ඒ වචන පේලිය හින්දා හැරිලා බලපු මට තාමත් අහක බලන්න හම්බවුනේ නෑ..

ඇත්තටම ඔයා  "හෙන කෑල්ල" ද? එක එකා මොන මොන කතා කිවුවත් මටනම් එහෙම පේන්නේ නෑ.... ඒත් එහෙම වෙන්නත් ඇති, නැත්තම් මෙච්චර කොල්ලො ගොඩක් ඔයාගේ පස්සෙන් එන්නෙත් නෑනේ... ඒත් ඔයා දිහා බලන හැම වෙලාවෙම මට නම් පේන්නේ අහිංසක සුන්දරත්වයක් විතරයි... ඔයා දිහා ඒ බලපු පලවෙනි පාර මගේ හිතට ආපු හැඟීම තාමත් මට මොකක් ද කියලා තේරෙන්නේ නෑ. ඒ හැඟීමෙන් තාමත් මට මිදෙන්න හැකියාවකුත් නෑ.... මම හැමදාම උදේට එන්නේ ඔයා දඟල දඟල පොඩි  එකෙක් වගේ එහාට මෙහාට යන එක බලන්න. ඒ වෙලාවට ඔයා ගැන මට කොච්චර ආදරේ හිතෙනවද? මිනිස්සු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවලු.... ඇබ්බැහි වෙන්න මෙච්චර දේවල් ලෝකේ තියෙද්දි මම ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියලා මම තාම්ත් මගේන් අහනවා.




ඔය ඇස් දෙක දිහා බලාගේන, ඔයා පැය ගණන් කියවනවා අහන් ඉන්න මම කොච්චර ආස උනත් මට ඒකට පින නැතුව ඇති.... ඒක මගේ කරුමේ වෙන්න ඇති. මට වෙලා තියෙන්න ඈත ඉඳන් ඔයා දිහා බලාගෙන ඉන්න. ඒ වෙලාවට හිතට දැනෙන දුක කොච්චර උනත් ඒ දුකට වඩා ඔයා ගැන හිතේ තියන ආදරය වැඩි නිසාම මම හැමදාමත් බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට ඔයා දන්නවත් ඇති මම ඔයාට කැමති කියලා ඒත් මට ඒක ඔයාට කියාගන්න බෑ....... හැම එකාම බනිනවා යකෝ ගිහින් කතා කරපිය කියලා. ඔයා ලොකයට සාමාන්‍ය කෙල්ලෙක් උනාට මට එහෙම නෑ.... තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් ගෙන් ප්‍රතික්ශේප උනාම තියන දුක මම විඳලා තියනවා, ජීවිතේ එහෙම තමයි කියලා හිතලා මම ඒවා අමතක කරලා දාලත් තියනවා..... එත් ඔයාගෙන් එහෙම උනොත් මම ඔයාව අමතක කරලා දාන්නේ කොහොමද? ඒකත් උදේ හවස ඔයාව දැක දැක..... ඒ අපායේ මට ජීවත් වෙන්න ඔනේ නෑ.  ඉතින් මම කතා නොකරන එක සාධාරණ නැද්ද?  සමහර විට ප්‍රතික්ශෙප නොවෙන්නත් පුලුවන් ඒත් මම කොහොමද එච්චර ලොකු  අවදානමක් ගන්නේ???????  ඊට වඩා හොඳයි ඔයාට ඈත් ඉඳන් ආදරේ කරන එක.... හිතේ තියන පුංචි හරි බලාපොරොත්තුව නැති කරගන්නවට වඩා හැමදාම ඒක හිත ඇතුලේ තියන් ඉන්න මම ආසයි.... එකේන් ඔයාට කරදරෙකුත් නෑනෙ.

මමත් ආසයි ඔයාව මගේම කරගන්න, ඔයත් එක්ක ඇවිදින්න යන්න, ඉර බහින වෙලාවට ගොල්ෆෙස් එකෙ බංකුවක් උඩට වෙලා ඔයාව බදාගෙන මුහුද දිහා බලන් ඉන්න..... ඔයත් එක්ක රන්ඩු කරන්න, ඔයාව අඩවලා ඔයාගේ කදුලු පිහදාන්න..... ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන මම ඔයාට කොච්චර ආදරෙයි ද කියලා කියන්න.  ලස්සන පුංචි කැදැල්ලක් හදාගෙන මුලු ජීවිතෙම ඔයත් එක්ක ගෙවන්න. හැමදාම ඔයා හිනා වෙලා ඉන්නව බලන්න. ඒත් ඒ හැම දේකටම දවසක් එන එකක් නැද්ද? මගේ ඇස් ඉස්සරහ ඔයා වෙන කෙනෙක් ට අයිති වෙයිද? ඒත් කමක් නෑ ඔයා ඔයාව හොඳින් බලාගන්න පුලුවන් හොඳ කෙනෙක් හොයා ගන්නවා නම්. ඒත් ඒයා ඔයාට මම තරම් ආදරේ කරයි ද? ඔයා මට කැමති වෙලා මම අපේ අම්මට ඔයා ගැන කිවුවොත් එයා ඉස්සෙල්ලම අහන්නේ "උබට සිංහල කෙල්ලෙක් හිටියෙම නැද්ද" කියල උනත් මට කමක් නෑ....... මම ආදරේ ඔයාට මිසක් ඔයාගේ ජාතියට, ආගමට නෙමෙයි.....



මම ඔයාට මගේ හිතේ තියන දේ කියන දවසක් සමහර විට එයි, එදාට මොකක් වෙයිද මම දන්නේ නෑ.... හැබැයි ඒ ටික වෙලාවට හරි ඔයා මම කියන දේ අහන් ඉඳී කියලා මට හිතෙනවා.  මගේ හිතේ ඔයා ගැන තියන හැඟීම ඔයාට කියන්න ගලපගන්නේ කොහොමද කියන එක මම තාමත් හිතනවා..... මම ඔයාට ආදරෙයි කියන වචන තුනෙන් ඒ හැම දේම මම කියන්නේ කොහොමද!


15 comments:

  1. ඔච්චර ගොඩක් නම් කියන්න හම්බවෙන්නෙ නැ පුතො.කෙටියෙන්ම කියපන්

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් උනත් කියාගන්න බැරි එකනේ අවුල :(

      Delete
  2. සුබ පැතුම්.. බෝතලේට ලව අඩු කරල කෙල්ලට ලව් කරපං :)

    ඇත්තම කතාව මේකයි.. කවදාවත් කෙල්ලට ආදරේ කෙලින් කියන්න බැහැ බං. ඇත්තටම ආදරේ නම්.. උබ කියන්න කලින් ඒකිට දැනෙනවා. ඒකිත් කැමති නම්.. ඒක උබෙ කටින්ම අහගන්න උබ ලගට වෙලා ඉදී..

    ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. හුටා... එහෙනම් ඉතින් අමතක කරලා දාන්න තමයි වෙන්නේ... ලඟ ඉන්නවා තියා ලගට එන්නේ වත් නෑනේ.

      Delete
    2. අනේ පල සෑමෝ යන්ඩ

      Delete
  3. කෑල්ලකට පෙම් බඳින ෆුල් එකෙකුගේ කථා වස්තුව හෙවත් වෙඩික්කාරයගේ පළමු වෙඩිල්ලද?

    ReplyDelete
    Replies
    1. වෙඩි වැදුනයෙන් පස්සෙ පලවෙනි එක බං...

      Delete
  4. අදාල දේ ඉක්මනින් කියපං මචං.. පරක්කු කරන්න යන්න එපා.. කියන්න අමාරුනම් මේක පෙන්නපන්.. පෙන්නලාම අදාල වචන තුන කියපං. ඒත් ඇති.. සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඒක වත් කරලා බලන්න ඔනේ එහෙනම්

      Delete
  5. අඩෝ ලවු ගැන කතා කර වැඩක් නැත... මමද තවම මාගේ ප්‍රියම්භිකාවගෙන් කැමතිද කියා අසා නොමැත.... මන්ද මම භය නිසාවෙනි....

    උබ ඉක්මනට අහපන්.... භය වෙන්න එපා....

    සුභ පතුම්....

    ReplyDelete
    Replies
    1. මරු එකා මට කියන්නේ....... කක්කුට්ටා පොඩි එකාට කෙලින් යන්න කිවුවා වගේ සීන් එකක් නේ උබ මට කියන්නේ.... :D

      Delete
  6. කෙල්ලෝ ගැන නම් කතා කරන්න එපා .... උපදෙසක් දෙන්නම් .. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ :D

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.