Pages

Thursday, August 22, 2013

අරකද මේකද ?

මනුස්සයෙක්ට ජීවිතේ වැඩියෙන්ම ඔනේ කරන්නේ මොනවද? 




මෙහෙම ප්‍රශ්නයක් කාට හරි යොමු කලොත් කිසිම කෙනෙක් ට එක පාර උත්තරයක් දීගන්න බැරුව ටිකක් වෙලා කල්පනා කරන්න වෙන්නේ අපි අපිට වැඩියෙන්ම ඔනේ දේ හිතාගන්න අමාරු හින්දා.... ඒ තරමටම අපේ අවශ්‍යතාවයන් වැඩී. මොකද අපි පෘතක්ජන මිනිස්සු නේ.

බොහොමයක් අයට ගොඩක් වෙලාවට සල්ලි කියන දේ උත්තරේ වෙයි..... සමහර අයට නීරෝගී කම, ආදරය, සෙනෙහස කියන වෙන වෙන උත්තර තියෙයි.  ඒ හැම මනුස්සයෙක් ම එකිනෙකාට වෙනස් නිසා.

මිනිස්සු දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් දුප්පත් අනිත් එක්කෙනා පොසත්...... දුප්පත් මනුස්සයා අනිත් කෙනා දිහා බලලා තමන් එයා වගේ උනා නම් කියලා හිතනකොට පෝසත් මනුස්සයා ඒකේ අනිත් පැත්ත හිතන්නත් පුලුවන්... සල්ලි වලට වටිනා කමක් තිබුනත් සල්ලි වලට කරන්න බැරි දේවල්, සල්ලි නිසා අහිම වන දේවල් බොහොමයක් තියනවා කියලා සල්ලි නැති මනුස්සයා නොදන්නවා උනාට සල්ලි තියන මනුස්සයා ඒක දන්නවා.... සල්ලි තියන මනුස්සයට හොඳ කරගන්න බැරි ලෙඩක් තියනවා නම් කොච්චර සල්ලි තිබුනත් ඔහුට ඒ දේවල් වලින් වැඩක් නෑ.... සල්ලි නැති මනුස්සයා සල්ලි නොමැතිකම හින්දාම ජීවිතේ විඳින්න වෙන දුක් කරදර ගැන දන්නවා, ඒ නිසාම ඒ මනුස්සයා සල්ලි වලට ඇලුම් කරනවා.




ඒත් කවදාවත් මේ මිනිස්සු දෙන්නගේ අත්දැකීම් එකතු වෙන්නේ නෑ.... සල්ලි තියන කෙනා දුප්පත් වීමේ අත්දැකීම නොදන්නවා වගේම දුප්පත් කෙනා පොහොසත් වීමේ අත්දැකීම නොදනී.... සමහර විට ඒ අත්දැකීම කෙසේ හො ලබා දෙන්න තිබුනා නම් මේ දෙන්නගේ බලාපොරොත්තු වෙනස් වෙන්න තිබුනා.

මනුස්ස ජීවිතේ මේ වාගේ විවිධාකාරයි... අපි පිටින් බලලා සමහර දේවල් ගැන නිගමනය කලාට, අපි ඒ පිටින් බලන දේ ඇතුලේ හිටිය නම් අපේ නිගමනය සම්පූර්ණයෙන් ම වෙනස් එකක් වෙන්න පුලුවන්.

ඉතින් මනුස්සයෙක් ගෙ ජීවිතේට වැඩියෙන්ම ඔනේ මොනවද?

සල්ලි, නිදහස, ආදරය, සෙනෙහස, නීරෝගීකම, බලය තව කොච්චර දේවල් තියනවද? මේ දේවල් වලින් තොරගන්න දෙය තොරා නොගත් අනිත් හැම එකෙන්ම, නැතිනම් තොරා නොගත් දෙක තුනක් හෝ නොමැති දෙයක් උනොත්?

තමන් බලාපොරොත්තු වෙන දේ ගැන ඇත්තටම පරිස්සම් වෙන්න ඔනේ.... ඒ  බලාපොරොත්තුව සඳහා යන ගමනේදී තමන්ට ඊට වඩා වටිනා කියන දේවල් නැති වෙන්න පුලුවන්...



ඔයාලට ඇලඩින්ගේ වගේ පහනක් හම්බ වෙලා ඒක ඇතිල්ලුවට පස්සේ වර 3ක් නැතුව එක වරයක් විතරක් තිබ්බොත් ( ඒ වරය තව වර ඉල්ලන්න පාවිච්චි කරන්න බෑ ) ඇත්තටම ඔයාලා මොනවද ඉල්ලන්නේ? 

4 comments:

  1. ලෝකෙ හැමෝම ප්‍රකෝටි පතියො වේවා කියල...(සම පංතියෙ වේවා)

    ReplyDelete
  2. සිම්පල්නේ බන්, වර ගණන සීමාවක් නැති පහනක් ඉල්ලනවා. වැඩේ ගොඩ....:D

    ReplyDelete
  3. පහන නිවෙන්න ඉස්සෙල්ලා තෙල් පොඩ්ඩක් ලැබෙන්න කියලා ඉල්ලනවා.

    ReplyDelete
  4. ශ්‍රුකානු බිඳක් වත් ගර්භාෂයට නොගියපු, ඉපදෙන්න ඉන්න දරුවෝ ගැන හිතන්නේ නැහැ බං.
    නොවෙන දේ මොනා හිතන්න ද ?

    Bora Diyaka Induwara

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.