ඇත්තටම කෙනෙකුට තනියම ජීවත් වෙන්න පුලුවන්ද? මේ ප්‍රශ්නේ මගෙ හිතට ආවේ ලෙක්චර්ස් වලට පරක්කු වෙලා ඒක ඉවර වෙනකන්, ඉවර වෙලා සෙට් එක එලියට බහිනකන් පැත්තක තිබුන බෙන්ච් එකකට වෙලා ඇබ දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහ අහ ඉන්න අතරේ...
පොඩි කාලේ ඉඳන් අපි මැරෙන දවස් දක්වා කොච්චර බැඳීම් ඇති කරගන්නවද? ඒ ඇත්තටම අපිට තනියම මේ ලෝකේ ජීවත්වෙන්න අමාරු නිසා නෙමෙයි ද? මිනිස්සු වන අපි හැම වෙලේම හදන්නේ අපේ සමාජයීය සම්බන්දතා වැඩි කරගන්න.... ඒ මිනිසා කියන්න උපතින්ම සමාජයීය සත්වයෙක් හින්දා වෙන්න ඇති... හිතන්න මොහොතකට.... අපේ තියන සියලුම සම්බන්දතා එක පාරට නැති වෙලා ගියොත් අපිට මොනවා වෙයිද? ඒකත් හරියට උදේ ඇහැරෙනකොට කාන්තාරයක් මැද හිටියා වගේ හැඟීමක් වෙයි.
තනිකම කියන දේ ඇත්තටම මිනිස්සුන්ට දරාගන්න අමාරු දෙයක්.... මිනිස්සු සිය ගණනක් අතරෙ අඳුරන කිසිම කෙනෙක් නැතිව තනි වෙච්ච අවස්තාවල් බොහෝ දෙනෙක් ට ඇති.... ඒ වෙලාවට දැනෙන අපහසුතාව වචන වලින් කියන්න අමාරුයි.... කවුරු කොහොම කිවුවත් තමන් දන්න අය අතරේ ඉන්න එක, නාදුනන මිනිස්සු ගොඩක් මැද්දේ ඉන්නවට වඩා පහසු දෙයක්....
Monday, July 15, 2013
Sunday, July 7, 2013
චූ කරමුද ? ? ?
මේ දවස් වල හොට් හොට් ම නිවුස් එක කොලුවෙක් චු කරන්න ප්ලේන් එකේ දොර අරින්න හදපු කතාව.... ඒත් ඒ නිවුස් එකෙන් ඇත්තටම උනේ අපේ මාධ්‍යය කියලා බොඩ් එල්ලන් ඉන්න අයගේ නිරුවත ප්‍රදර්ශනය වුන එක විතරයි කියලයි මටනම් තෙරුනේ.... ලංකාවේ මාධ්‍ය කාරයන් ට අවශ්‍ය ජනප්‍රිය කාගේ හෝ රෙද්ද උස්සා තමාගේ වේල පිරිමහගන්නය...
කතාව ඇමති පුතෙක් අධික බීමතින් ගුවන් යානයක දොරක් ඇරීමට තැත්කිරීම ගැනය.... කතාවේ ඇත්ත නැත්ත මම ඇසින් නොදුටු නමුත් කියන්නා වූ කාරණාවන් පිලිඹද මාගේ තර්කයන් මෙසේය...
කතාව ඇමති පුතෙක් අධික බීමතින් ගුවන් යානයක දොරක් ඇරීමට තැත්කිරීම ගැනය.... කතාවේ ඇත්ත නැත්ත මම ඇසින් නොදුටු නමුත් කියන්නා වූ කාරණාවන් පිලිඹද මාගේ තර්කයන් මෙසේය...
- මම දැනුවත්ව කිසිම පුද්ගලයෙකුට අධික බීමතින් ගුවන් යානයකට ගොඩවීමට අවසර ලබා නොදේ... පෞද්ගලික ගුවන් යානාවල නම් කෙසේද කියා මම නොදනිමි. ගුවන්යානය තුල මත්පැන ලබාදෙන නමුදු පමණ ඉක්මවා ලබානොදීමට ඔවුන් වගබලා ගනී..
Monday, June 24, 2013
හිතන්න මොහොතකට
මේක අහම්බෙන් වගේ ඇස ගැටිච්ච වීඩියෝ එකක්.... ඒත් මේ විනාඩි ගානේ වීඩියෝ එකෙන් අපිට ගන්න කොච්චර දේවල් තියනවද? මේ වගේ මිනිස්සු අපේ ඇස නොගැටි කොච්චර ජීවත් වෙනවා ඇත්ද?
මේ මිනිස්සුන්ට මොන දේ නොතිබ්බත් අපිට වඩා මනුස්සකම අතින්, ජීවිතයේ දැක්ම අතින් කොච්චර දියුණුද!
ඔහු නමින් දීපාල්, මේ ඔහුගේ කතාවයි...
දවසෙන් වැඩි හරියක් පාරෙ ඉන්න සත්තු වෙනුවෙන්, ඔවුන්ගේ කුසගින්න පිරවීම වෙනුවෙන් වැයකරන මොහු මෙසේ සත්කාර කරන්නේ අපගේම වැරදි වලට නොවේයිද? මිනිස්සුන්ගේම වැරැද්දෙන් අනාත වන අහිංසක සතුන්ට මිනිස්සුන්ට නොබැන ඒ වෙනුවෙන් තමන්ට කරන්න පුලුවන් උපරිමය කරන මොහු අපිට වඩා කොපමන මිනිසත් කමෙන් පොහොසත් ද?
Wednesday, June 19, 2013
සොඳුරු රුදුරු අතීතය
අපි ජීවත් වෙන හැම මොහොතක් ම ගෙවිල ඉවර වෙනවත් එක්කම එවා අපේ අතීතයට එකතු වෙනවා.... ගෙවෙන හැම තත්පරයකටම අන්තිමට වෙන්නේ ඔය දේ තමයි.... කෙනෙක් ගෙ අතීතය කියන්නේ හරියට සල්ලි ගන්න බැරි බැංකු පොතක් වගේ. දාන දාන එක එකතු වෙනවා ඇරෙන්නේ අපිට ඒවා අපහු ලබාගන්න බෑ. කරන්න පුලුවන් එකම දේ පොත දිහා බලලා සතුටු වෙන එක විතරයි..... හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ අපේ අතීතය කියන බැංකු පොතට එකතු වෙන්නේ සල්ලි කියන අපිව හැම වෙලේම සතුටු කරන්න පුලුවන් දේවල් නෙමෙයි හින්දා.... ඒ පොතට එකතු වෙන දේවල් අතරේ සතුට, දුක කියන දෙවර්ගයම ඇතුලත් වෙන්න පුලුවන්..
අතීතය කියන එකතුවට අපේ ජීවිත වල ගෙවුනු හැම තත්පරයක් ම ඇතුලත් උනත් ඇත්තටම කිසිම පුද්ගලයෙකුට ඒ හැම තත්පරයක් ගානේම නැවත මතක් කරන්න බෑ.... මොකද අතීතය කියන මතකයන් ගොඩට ඇතුලත් වෙන්න සමහර විශේෂ අවස්ථාවන් විතරක් නිසා... ඒ අවස්ථාවන් ගොන්නේ බොහෝ විට ඇතුලත් වෙන්නේ අපේ හිතට වැඩියෙන්ම බැඳුනු, අපි වැඩිපුරම ආස කරපු දේවල් සහ අපිට දුකක්, පීඩාවක් ගෙන දුන්න දේවල්..... සමහර පුද්ගලයන්, ජීවිතේ වැඩිපුරම සතුටු උන අවස්ථා, අපි ගත්ත වැරදි තීරණ, අහම්බෙන් සිදුවුන සමහර සිද්දි ඒ වගේම සමහර දේවල් වලින් නූලෙන් බේරුන අවස්ථා, මේ වගේ දේවල් තොග ගණන් අපේ අතීත මතක් අස්සේ තියනවා... අතීතයට අයත් උන "හොඳ" හා "නරක" මතකයන් ගොන්නේ බහුතරය මත බොහෝ වෙලාවල් වලට අපේ අතීතය කටුක ද නැතිනම් සොඳුරු ද යන වග තීරණය කරනවා...

Saturday, June 8, 2013
අනේ මන්දා
වැඩ වැඩ ඉවරයක් නෑ... ඒ අස්සේ එක්සෑම් ගොඩ ගැහිලා...
කාලෙකින් මේ පැත්තට එන්නත් බැරිවුනා.... මකුලුදැල් කඩලා අස් පස් කරල ගන්න ඔනේ...
මේ දවස් වල මාර වැස්ස නේ!!!!!
තෙමිලා හෙම්බිරිස්සාව එහෙම හදා ගන්න එපා
කාලෙකින් මේ පැත්තට එන්නත් බැරිවුනා.... මකුලුදැල් කඩලා අස් පස් කරල ගන්න ඔනේ...
මේ දවස් වල මාර වැස්ස නේ!!!!!
තෙමිලා හෙම්බිරිස්සාව එහෙම හදා ගන්න එපා
Thursday, May 16, 2013
තවත් දවසක් II
පලවෙනි කොටස
"අනේ මංදා බං.. මට කරන කියන කිසි දෙයක් හිතා ගන්න බැරුව ඉන්නේ.. කවදා වෙනකම් මෙහෙම විඳවන්නද බං මම" මට කියවුනේ ඔය වචන ටික විතරයි..
"කොහොම හරි ට්‍රයි කරලා හිත හදාගනින් බං. වෙන මොනවා කරන්නද? උබ ඔහොම හිටියයි කියල කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑනෙ බං"
මටත් වෙලාවකට ඔය දේම හිතට ආවත් හිත හදාගන්න තියා උන දෙයක් හිතාගන්න වත් මට පුලුවන් කමක් තිබුනේ නෑ.... ඇත්තටම මගේ හිත ඇතුලේ මොලයයි හදවතයි කියන දෙක යුද්ද කරන්න පටන් අරන් තිබුනත් හදවතේ තියන හැඟීම් ඉස්සරහා මොලේ පරාද වෙලයි තිබුනේ... යතාර්තය කොච්චර හොදට දන්නවා උනත් ඒ දේ හිතට කාවදින්න හැඟීම් ඉඩ දුන්නේ නෑ.... බලාපොරොත්තු, අරමුණු කියන දේවල් නැති වෙන එක මරණයට වඩා අමාරුයි කියන එක මට තේරුනේ මේ හැම දේම සිද්ධ උනාට පස්සෙ.... ජීවත් වෙන්න හේතුවක් නැතුව ඉන්නවට ඉන්නවා කියන එක ඇත්තටම අමාරු දෙයක්.

"මම ජොබ් එකෙන් අයින් වෙනවා බං... මම ලංකාවේ ඉන්නේ නෑ. මෙහෙම ඉන්න ගියොත් මට පිස්සු හැදෙයි බං... ගෙදර උන්ට පේන්න තවත් මට හිනා වෙන්න බෑ. "
මේක අහපු ගමන් අරූ කිවුවේ " තොට පිස්සුද යකෝ?" කියලා
"උබ මෙහේ ඉඳලත් මෙහෙම නම් වෙන කොහෙ හරි රටකට ගියාම උබ මොනවා කරයි ද කියලා උබට හිතෙන්නේ නැද්ද? "
"වෙන මොනවා කරන්නද බං, මෙහෙ තියන ගහක් ගලක් දකිනකොට මට මතක් වෙන්නේ ඒකිව... මේ හැම දේම දැක දැක තවත් ඉන්නේ කොහොමද බං?
Friday, April 26, 2013
තවත් දවසක්
උදේ 6 ට විතර එක පාරට ඇහැරුනේ පුරුද්දට වගේ වෙන්න ඇති...... ආපහු ඇස් දෙක වහගෙන කනා වගේ මෙට්ටෙ වටේට අත ගෑවේ ෆොන් එක හොයාගන්න. දෙපාරක් තුන්පාරක් අතගානකොට ඇඟිලි වලට අහු වුන ෆොන් එක අතට අරන් නිදිමත බේරි බේරි තිබුන ඇස් දෙක ඇරියේ හැමදාමත් වගේ උදේම එන ගුඩ් මොනිං මැසෙජ් එක බලලා රිප්ලයි එකක් දාන්න උනත් ජීවිතේ තිබුන හැම දෙයක් ම තවදුරටත් ලඟ නෑ කියල මතක් වෙන්න ඒ නිදිමත් ඇස් වලින් තවත් දවසක් ආලෝකය දැක්ක මට මතක් උනා... ඇස් වලට කඳුලු ඉනුවත් ඒ කඳුලු අස්සෙන්ම තව ටිකක් වෙලා නිදාගන්න ඇස් දෙක පියාගත්තේ ඇහැරලා කරන්න දෙයක් හිතාගන්න බැරි හින්දා...... මහ මූදේ රැලි වගේ අගක් මුලක් නැතිව, නිමාවක් නැතිව හිතට ගලාගෙන ආපු පරණ මතකයන් ඒ අහිංසක බලාපොරොත්තුවට යන්තමින් වත් ඉඩක් දුන්නේ නෑ.
නැගීටින්න පරක්කු උනාම මිස් කොල් පිට මිස් කොල් ගහලා ඇහැරවන ඔයා ඊට පස්සෙ කම්මැලියා කියල මට බනින හැටි මතක් වෙනකොටත් හිත කීරි ගැහිලා ගියා... ඒ ආයෙත් මට එහෙම කියන්න ඔයා මං ලඟ නැති හින්දා... හිතට ගලාගෙන එන මේ මතකයන් හින්දම තවත් නිදාගන්න බැරි තැන මම නැගිට්ටේ වැඩට යන්න වත් ඔනේ කියල හිතාගෙන... වෙනදට උදේ නැගිටලා කිරි එකක් හදාගන්න මට මේ දවස් දෙක තුනට ඒ පුරුද්දත් අමතක වෙලා ගිහින් තිබුනේ.... ටූත් බ්‍රශ් එක අතට අරන් බාත් රූම් එකේ කණ්නාඩිය ඉස්සරහට ගියේ දත් මැදලා ලෑස්ති වෙලා ඔෆිස් එකට යනවා කියල හිතාගෙන. ඒත් කණ්නාඩිය ඉස්සරහ හිටගත්තම මට කණ්නාඩියෙන් පෙනුනෙ ඔයාගේ මූණ... ඔයා ලස්සනට හිනා වෙලා මගේ දිහා බලන් ඉන්න විදිය. මම ඔයාගෙ නිල් පාට ඇස් දිහා කොච්චර වෙලා බලන් ඉන්න ඇද්ද... ඔයාගේ පිස්සු කතා වලට හිනා වෙවී ඔයා මගේ ලඟ හුරතල් උන හැටි මතක් වෙනකොට මට හිනා ගියේ මටත් නොදැනිමයි... බල්ලෙක් බුරන සද්දෙට එකපාරට ගැස්සිලා ගියපු මට මම ඉන්නෙ කොතනද කියල මතක් උනේ ඊට පස්සෙ..... ඔයාගේ මතකයන් වල කිමිදුන මට කාලට කියන එකත් නොදැනිම ගිහින් පැයක් විතර එතන හිටගෙන ඉඳලා... වෙනදට විනාඩි 10ක් වත් හිටගෙන ඉන්න බැරි මට කකුල් වලට දැනුන වේදනාව නොතෙරුනේ හදවතේ තියන වේදනාව ඊට වඩා දහස් ගුණයකින් වැඩි නිසා වෙන්න ඇති..
ඔෆිස් යන්නත් පරක්කු නිසා වැලේ තිබුන ඩෙනිමක් දාගෙන ටී ශර්ට් එකක් දාගත්තේ කොහෙ හරි යනවා කියලා හිතාගෙන...

Subscribe to:
Posts (Atom)

.jpg)