Pages

Wednesday, June 19, 2013

සොඳුරු රුදුරු අතීතය

අපි ජීවත් වෙන හැම මොහොතක් ම ගෙවිල ඉවර වෙනවත් එක්කම එවා අපේ අතීතයට එකතු වෙනවා.... ගෙවෙන හැම තත්පරයකටම අන්තිමට වෙන්නේ ඔය දේ තමයි.... කෙනෙක් ගෙ අතීතය කියන්නේ හරියට සල්ලි ගන්න බැරි බැංකු පොතක් වගේ.  දාන දාන එක එකතු වෙනවා ඇරෙන්නේ අපිට ඒවා අපහු ලබාගන්න බෑ. කරන්න පුලුවන් එකම දේ පොත දිහා බලලා සතුටු වෙන එක විතරයි..... හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ අපේ අතීතය කියන බැංකු පොතට එකතු වෙන්නේ සල්ලි කියන අපිව හැම වෙලේම සතුටු කරන්න පුලුවන් දේවල් නෙමෙයි හින්දා.... ඒ පොතට එකතු වෙන දේවල් අතරේ සතුට, දුක කියන දෙවර්ගයම ඇතුලත් වෙන්න පුලුවන්..



අතීතය කියන එකතුවට අපේ ජීවිත වල ගෙවුනු හැම තත්පරයක් ම ඇතුලත් උනත් ඇත්තටම කිසිම පුද්ගලයෙකුට ඒ හැම තත්පරයක් ගානේම නැවත මතක් කරන්න බෑ.... මොකද අතීතය කියන මතකයන් ගොඩට ඇතුලත් වෙන්න සමහර විශේෂ අවස්ථාවන් විතරක් නිසා... ඒ අවස්ථාවන් ගොන්නේ බොහෝ විට ඇතුලත්  වෙන්නේ අපේ හිතට වැඩියෙන්ම බැඳුනු, අපි වැඩිපුරම ආස කරපු දේවල් සහ අපිට දුකක්, පීඩාවක් ගෙන දුන්න දේවල්..... සමහර පුද්ගලයන්, ජීවිතේ වැඩිපුරම සතුටු උන අවස්ථා, අපි ගත්ත වැරදි තීරණ, අහම්බෙන් සිදුවුන සමහර සිද්දි ඒ වගේම සමහර දේවල් වලින් නූලෙන් බේරුන අවස්ථා, මේ වගේ දේවල් තොග ගණන් අපේ අතීත මතක් අස්සේ තියනවා... අතීතයට අයත් උන "හොඳ" හා "නරක" මතකයන් ගොන්නේ බහුතරය මත බොහෝ වෙලාවල් වලට අපේ අතීතය කටුක ද නැතිනම් සොඳුරු ද යන වග තීරණය කරනවා...


කටුක හෝ සොඳුරු හෝ කිසිම කෙනෙකුට තමාගේ අතීතයෙන් ගැලවිලා යන්න බෑ. සෙවනැල්ල තමා සමඟ සිටින්නේ ආලෝකය තියන තාක් කල් උනත් අතීතය හැම මොහොතෙම අපේ පස්සේන් ඉන්නවා. ඒක හරියට කරත්තෙක බැඳ ගොනෙක් පස්සෙන් කරත්තේ එනවා වගේ.... සමහර වෙලාවට අපි හැමොම අතීතයෙන් පැනලා යන්න උත්සාහ කරනවා, අතීතය දිහා හැරිලා බලලා දුක් වෙනවා... ඒත් අපි හිතනවට වඩා ලොකු වටිනාකමක් පුද්ගලයෙක් ගෙ අතීතයේ තියනවා...


හැමෝම වගේ ඉස්කෝලෙ යන කාලේ ඉතිහාසය ඉගෙනගෙන ඇති නේ? මහා වංශය ටත් බැන බැන අපි ඒ කාලේ ඉතිහාසය පාඩම් කලේ විභාගෙට ලකුණු ගන්න ඔනේ හින්ද විතරමයි... හැබැයි ඉතිහාසය කියල විශයක් ආවේ ඇයි? අපි නොදන්න අපේ අතීතය ගැන අපිට කියලා දෙන්න.. ඒත් අපි කිවුවේ පරණ මගුල් ඉගෙන ගෙන මක් කොරන්නද කියලා... ඇත්තටම අතීතය කියන්නේ තවත් එක් ගුරුවරයෙක්... පුද්ගලයෙක් ගෙ අතීතයෙන් ඒ පුද්ගලයට ඉගෙන ගන්න බොහොමයක් දේවල් තියනවා... මොකද ඉස්කෝලෙදි අපි අතීතය ඉගෙන ගත්තේ පොතකින් නිසා අපි ඒ ඉගෙන ගත්ත දේවල් වලින් වැඩක් ගත්තේ නෑ... ඒත් අපි අපේ අතීතයේ මුහුණ දීපු ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ඉගෙන ගත්ත සිද්ධාන්ත ඔය කිසිම පොතකින් ගන්න බැරි තරම් දැනුම් සම්භාරයක්... ජීවිතේ සාර්තකව ඉදිරියට ගෙනියන්න අතීතයෙන් ලැබෙන පන්නරය ගොඩාක් වැදගත්.



අපි ජිවිතේ ගන්න සමහර තීරණ අපේ අගාගතේ කොහොම වෙනස් කරයි ද කියල අපි දන්නේ නෑ, ඒත් ඒ තීරණ වල හරි වැරැද්ද අපිට තෙරුම් යන්නේ ඒ තීරණ අතීතයට එකතු වුනාට පස්සේ.... සමහර විට අපි දුක් වෙයි, නැත්තම් සතුටු වෙයි..... ඒත් ඒ දුක ඇතැම් විට අපේ අනාගත සතුටට ම හේතු වෙයි... මොකද නොදන්න දෙයක් කරලා අසාර්ථක වුනත් ඒ මොහොතෙන් පස්සෙ ඒ දේ තමන් දන්න දෙයක් වෙන්නේ ඉබේමයි.

අතීතය මොන විදිහේ දෙයක් උනත් ඒකෙන් පැනලා යන්න උත්සාහ නොකර ඒක පිළිගන්න... මොකද අපි කැමති උනත් නැතත් අපේ වර්ථමානය ගොඩනැගිලා තියෙන්නේ අපේ අතීතය කියන අත්තිවාරම උඩ... ඒ අත්තිවාරම ගලවන්න ගියොත් අපේ වර්තමානය කඩන් වැටිලා අපිට අනාගතයක් නැති වෙනවා... අතීතය කොච්චර දුක් දුන්නත් ඒකෙන් ඈත් වෙන්න හදන්නේ නැතුව ඒකට පුලුවන් තරම් ලං වෙන්න... ඒතකොට තමන්ට වැරදුන හැම තැනක් ම පෙන්න පටන් ගනී... ඒ වැරදි හඳුනාගත්ත තැන ඉඳන් අනාගතයෙන් එකතු වෙන අතීතය ලස්සන් වෙයි....

8 comments:

  1. වැදගත් ලිපියක්

    ReplyDelete
  2. හිතන්න යමක් ඉතිරි කළ ලිපියක්.කටුක බව පසු කර පැමිණි පසුව එය නැවත සිහි කිරීමේදී හිතට ප්‍රිතියක් ඇති වෙන අවස්ථා තිබේ.ඒ මන්දයත් ඒ කටුක බව ඉතාමත් සාර්ථක ලෙස පසු කර බැවින්.

    ReplyDelete
    Replies
    1. පහු කරල ගිය කටුක කාලය ගැන සිහි කරනකොට ඇත්තටම අපිට හිනා යනවා

      Delete
  3. අතීතය ගැන ඒ තරම්ම නොහිතුවට කමක් නෑ නුවනින් අනාගතය දකින්න හා ඒ අනාගතයට අනුව වැඩකරන්න හැකිනම්. නිකං කතාවට විතරක් කියන්න හොඳයි අතිතය ගැන. අපි අනාගත දේට හුරු නොවෙමින් අලුත් යමක් නොසිතමින් අතිතයම මෙනෙහි කර කර හිටියොත් එක තැනම තමා.

    ReplyDelete
    Replies
    1. අනාගතය සාර්ථක කරගන්න අපි ජිවිතේන් ඉගෙන ගත්ත පාඩම් ගොඩාක් වැදගත්

      Delete
  4. Replies
    1. මතක් කරල බලපන් අපේ ඒ අතීතය..

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.