Pages

Monday, June 24, 2013

හිතන්න මොහොතකට

මේක අහම්බෙන් වගේ ඇස ගැටිච්ච වීඩියෝ එකක්.... ඒත් මේ විනාඩි ගානේ වීඩියෝ එකෙන් අපිට ගන්න  කොච්චර දේවල් තියනවද? මේ වගේ මිනිස්සු අපේ ඇස නොගැටි කොච්චර ජීවත් වෙනවා ඇත්ද?

මේ මිනිස්සුන්ට මොන දේ නොතිබ්බත් අපිට වඩා මනුස්සකම අතින්, ජීවිතයේ දැක්ම අතින් කොච්චර දියුණුද!

ඔහු නමින් දීපාල්, මේ ඔහුගේ කතාවයි...




දවසෙන් වැඩි හරියක් පාරෙ ඉන්න සත්තු වෙනුවෙන්, ඔවුන්ගේ කුසගින්න පිරවීම වෙනුවෙන් වැයකරන මොහු මෙසේ සත්කාර කරන්නේ අපගේම වැරදි වලට නොවේයිද? මිනිස්සුන්ගේම වැරැද්දෙන් අනාත වන අහිංසක සතුන්ට මිනිස්සුන්ට නොබැන ඒ වෙනුවෙන් තමන්ට කරන්න පුලුවන් උපරිමය කරන මොහු අපිට වඩා කොපමන මිනිසත් කමෙන් පොහොසත් ද?



"ලොකු මහල් වල ඉන්න මිනිස්සුන්ට ඔනේ පූසො හදලා ගෙවල් වල ඉන්න මීයෝ නැතිකරගන්න විතරයි.... ඊට පස්සේ උන්ව අතාරිනවා පාරට" මෙහෙමයි දීපාල් කියන්නේ.

යාන වාහන දෙපල රැස්කරන අපේ කාලේ සමාජයක ජීවත්වෙන මේ මිනිසා ප්‍රකාශ කරනවා " අපි ජීවත් වෙන්න ඔනේ අපි වටා අඩුම ප්‍රමානයක දේවල් තබාගනිමින්" කියලා..... ඇත්ත නෙමෙයි ද? එක එක දෙවල් රැස් කරගන්න රෑ දවල් නොතකා සල්ලි හොයන අපි මොහොතකට හිතුවද අපි හෙට මැරුනොත් අපිට මොකද වෙන්නේ කියලා? මානසික සහනය පැත්තකට දාන අපි කායික සැනසීම සඳහා අපේ ජීවිතයම කැප කරද්දි මානසික සහනය සඳහා කායික සැනසීම කැප කරන මෙවන් මිනිසුන් අපිට කොපමන ආදර්ශයක් ද?

ඔබගේ අරමුණ කුමක්ද? මේ ප්‍රශ්නයට අපි අතර කොච්චර උත්තර ඇත්ද? ඒත් ඒ එක උත්තරයක් වත් "මානසික සුවය" කියන වචනය තෘප්ත කරයි ද? ඇත්තටම අපිට ජීවිතය කියන වචනයේ සැබෑ අරුත තේරෙනවද?

අන්තිමට දීපාල් කියනවා "ඔහු ලෑස්තියි" කියලා... ඒ මරණයට මුහුණ දෙන්න! එතරම් ඔහුට ඔහුගැන විශ්වාසයක් තියනවා...

ඒ ප්‍රශ්නයම මම ඔබට එල්ල කලොත්!!!

5 comments:

  1. වදගත් පණිවිඩයක්

    ReplyDelete
  2. සතුන්ට දක්වන සැලකිල්ලනම් මදි තමා සමාජයේ. විශේෂයෙන්ම ගෙවල ඇති කරන සතුන්ගේ ගෑනු සත්තුන්ට.

    ReplyDelete
    Replies
    1. හදන්න බැරිනම් නොහදා ඉන්න ඔනේ

      Delete
  3. එකෙන්ම මචන් .. එහෙම කරන උන් වත් පාරට ගෙනත් අතාරින්න ඕනේ

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.