Pages

Sunday, July 7, 2013

චූ කරමුද ? ? ?

මේ දවස් වල හොට් හොට් ම නිවුස් එක කොලුවෙක් චු කරන්න ප්ලේන් එකේ දොර අරින්න හදපු කතාව.... ඒත් ඒ නිවුස් එකෙන් ඇත්තටම උනේ අපේ මාධ්‍යය කියලා බොඩ් එල්ලන් ඉන්න අයගේ නිරුවත ප්‍රදර්ශනය වුන එක විතරයි කියලයි මටනම් තෙරුනේ.... ලංකාවේ මාධ්‍ය කාරයන් ට අවශ්‍ය ජනප්‍රිය කාගේ හෝ රෙද්ද උස්සා තමාගේ වේල පිරිමහගන්නය...



කතාව ඇමති පුතෙක් අධික බීමතින් ගුවන් යානයක දොරක් ඇරීමට තැත්කිරීම ගැනය.... කතාවේ ඇත්ත නැත්ත මම ඇසින් නොදුටු නමුත් කියන්නා වූ කාරණාවන් පිලිඹද මාගේ තර්කයන් මෙසේය...


  • මම දැනුවත්ව කිසිම පුද්ගලයෙකුට අධික බීමතින් ගුවන් යානයකට ගොඩවීමට අවසර ලබා නොදේ... පෞද්ගලික ගුවන් යානාවල නම් කෙසේද කියා මම නොදනිමි. ගුවන්යානය තුල මත්පැන ලබාදෙන නමුදු පමණ ඉක්මවා ලබානොදීමට ඔවුන් වගබලා ගනී..

  • ගුවන්යානයක දොරක් (බොයින් 777) ගුවන්ගත්වූ පසු විවෘත කල නොහැක....
  • අදාල පුද්ගලයා කොල්ලෙකි... ඔහු මත්පැන පානය නොකරනවා නොවන්නට හැකියාවක් බොහෝ දුරට ඇත...
  • මත්පැන් පානය කර මදක් වැඩිවූ විට විවිද පිස්සු කෙලවෙන බව දන්නෝ දනිති...
  • රටක් නියෝජනය කරන විට රටේ නම්බුව රැකීම් එම පුද්ගලයාගේ වගකීම වේ...
  • ජනප්‍රිය පුද්ගලයන්ගේ රෙදි ගැලවීමට මාධ්‍ය ඉතා ආසාවෙන් තම වාරය එන තුරු බලා සිටී... 
  • බ්‍රිතාන්‍ය ගුවන් සේවා සමාගමට නැති කැක්කුමක් අපේ උන්ට ඇත
  • විහින් මැරෙන්න කිසිවෙකු උත්සාහ කරන්නේ නැත

කෙසේ හෝ වුන දේ සිදුවී හමාරය.... නමුත් මාධ්‍ය සදාචාරය ශ්‍රී ලංකාව තුල පිහිටවීමට අවශ්‍යව ඇත. ජනප්‍රිය පුද්ගලයන්ට ලැබෙන සෑම විදියකින්ම එලව එලවා පහරදෙන්නට තැත් කරන මාධ්‍යය වංචා, දූශණ, මැරකම්, අශිෂ්ඨ දේශපාලනය ඉදිරියේ නැට්ට කකුල් 2 අස්සේ ගහගත් බලු කුක්කන් සේය.... ගෙදර ගිනි පිටට දෙන්න එපා කියන්නාවූ සමාජයක සුදු කොඩි ජාත්‍යන්තරයට ගෙනගියේද මෙහෙව් අපේ ජනමධ්‍යයයි..... 

තමන් ජනමාධ්‍යයි කියාගෙන සෑම දෙයකටම අයිතිවාසිකම් කියන්නා වූ මොවුන්ට, තමන්ට වඩා කෙරුමෝ නෑ කියනා වූ මොවුන්ට තම සැබෑ තත්වය පෙන්වාදීමට කාලය එලඹ තිබේ... ජාති, කුල බෙද ඉවත් කර පාරට බැසීමට කාලයයි.... ඒ මාධ්‍යය සදාචාර පනතක් පිහිටුවිය යුතුය කියාය... සමහර විට එදාට එය මාධ්‍ය ගත කරන්නට එකෙන් වත් නොසිටීමට පුලුවන... එහෙත් මෙය රටේ යහපැවැත්ම සඳහා අවශ්‍යතාවයකි.... නැතහොත් ඇමති පුත්තුන්ට තියා ඔබට මට වත් නිදහසේ දොට්ට පිලට යාමටවත් බැරි කලක් උදාවිය හැක...



6 comments:

  1. රමිත් රඹුක්වැල්ල සියඹලා ගෙනාවෙම නැද්ද?

    ReplyDelete
  2. උඹේ තර්කනං සිරා... ඔහොම තමා බං අපේ උන්! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. දසැන් එතකොට චූ කරණ කොට පරිස්සං වෙන්ඩ ඕනද බං

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... චූ කරන්න දොර අරිනකොට පරිස්සම් වෙන්න ඔනෙ

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.