Saturday, July 28, 2012
අරමුණ හා කැපවීම....
අපි හැමෝටම විවිධ අරමුණු ඔනේ තරම් තියනවා... අපි හැමෝම වගේ ඒ අරමුණු ගැන හිත හිත හීන දකිනවා මිසක් ඒ අරමුණට ලඟා වෙන්න කරන කැපවීම අඩු නැද්ද? අපි ජීවිතේ හැම වෙලාවෙම අපිට ඔනේ දේවල් ලබාගන්න මහන්සි නොවි short cuts හොයනවා. ඒත් ජීවිතේට වැදගත් දේවල් ජීවිතේට ලගා කරගන්න short cuts කොහෙවත් නෑ... එහෙම short cuts වලින් හම්බවුන දේවල් වල වටිනාකම ගොඩක් අඩුයි...
හැබැයි ජීවිතේ වයසින් මුහුකුරා යනකොට තමන්ගේ අරමුණට යන්න අපි කරපු කැපවීම කොච්චර මදිද කියලා හිතෙනවා... ( මෙහෙම කිවුවට අරමුණු වෙනුවෙන් හැම දේම කැප කරන අයත් ඔනෙ තරම් ඉන්නවා ) තමන්ට ලේසියෙන්ම යන්න තිබුනු ඉලක්ක වලට තමන්ගේම උවමනාවක් නැති කම නිසා යන්න බැරි උනාම එවලෙට "අනේ කමක් නෑ, තව දේවල් කොච්චර තියනවද" කියල තමන්ටම කියාගත්තත් ටික කාලයක් යනකොට තමන්ටම දුක හිතෙනවා " බැරි කම නෙමේනේ, අපේ ඔනේ නැති කම නිසානේ මෙහෙම උනෙ කියලා"
Wednesday, July 11, 2012
ජීවත් වෙන්න ඉඩ දෙන්න...
අපේ පුංචි කාලේ මතක් වෙනකොට අපිට කොච්චර ආසද? ඒ කාලේ අපේ ජීවිත ගෙවුන හැටි මතක් වෙනකොට ඇයි ඒ කාලේ ගෙවිලා ඉවර උනේ කියල හිතෙන වාර ගණන අනන්තයි. ඒ තරමටම අපේ ඒ පුංචි කාලේ සුන්දරයි.
අපි ඉස්කෝලෙ පොඩි පන්ති වල ඉද්දි (පොඩි කියන්නේ 4,5,6,7 වගේ ) අපි කොච්චර දේවල් කලාද? ජීවිතේ ගැන කොච්චර අත්දැකීම් ලබාගත්තද? ඒ මතකයන් පවා දැනුත් අපේ ජීවිත වලට කොච්චර සතුටක් ගෙනත් දෙනවද? උදේ පාන්දර ඉස්කොලෙට ගිහින් ඉස්කෝලෙ පටන් ගන්න කන් සෙල්ලම් කරන්න අපි කොච්චර ආස කලාද? ඉස්කෝලෙ අස්සක් මුල්ලක් නෑරම කොච්චර දුවල පැනල ඇත්ද? ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ඇවිත් නාලා, කාලා 4 විතර වෙනකොට ගමේ ඉන්න යාලුවො එක්ක වෙලවල් ගානේ, කැලෑ රොදවල් ගානේ කොච්චර නටන්න ඇත්ද? ඒ නටන අතරේ වැටිල ලෙලි ගහගෙන ඒ තුවාල වලින් ලෙ පෙරෙද්දිත් තව කොච්චර නටල ඇත්ද? ඊටත් වඩා තුවාල කරන් ගෙදර ඇවිල්ල ගෙදරින් කොච්චර ගුටි කාල, බැනුම් අහල ඇත්ද?
අපිට ඒ කාලෙ ටියුශන් තිබුනේ සති අන්තෙ විතරයි... සතිය මැද ටියුශන් තිබුනේ ගොඩාක් අඩුවෙන්... ඉතින් අපිට ලමා කාලේ විඳින්න ඔනෙ තරම් වෙලාව තිබුනා... තව එකක්, දැන් මාසයක් දන්නෙම නැතුව ගෙවිල යනවා උනාට අපිට එ කාලේ කාලය ගත් වෙනවා ගොඩක් විදියට දැනුනා... නිවාඩු කාලයක් එනකම් අපි කොච්චර බලන් හිටියද? ඒ නිවාඩු කාලේ එන්න කොච්චර කල් ගියාද?

Tuesday, July 3, 2012
ජීවිතය...
ජීවිතෙත් වෙලාවකට හරි පුදුමයි..... ජීවිතේ ගැන අපි කොච්චර දන්නවා කියල හිතන් හිටියත් වෙලාවකට
ඒක එහෙම නෙමෙයි කියල අපිට දැනෙනවා... ඒ අපි නොහිතන දේවල්, කවදාවත් වෙන්නේ නැතිවෙයි කියල හිතපු දේවල්, බලාපොරොත්තු නොවුන දෙවල් ජීවිතේට වෙනකොට... සමහර වෙලාවල් වලට අපි පුදුම විදියට අසරණ වෙනකොට, තවත් කෙනෙක් එයාගෙ ජීවිතේ සතුටුම දවස සමරනවා වෙන්නත් පුලුවන්...
එක වෙලාවකට හිතෙනවා ජීවිතේ මුහුද වගේ කියලා.... ඒ ජීවිතේ ඒ තරමටම වෙනස්වන සුලු නිසා. ජීවිතේ අපි බලාපොරොත්තු වුන දේවල් ඒ විදියටම හරි, ඒ ලඟින් යන්න හරි සිද්දවෙන අතරෙ නොහිතන වෙලාවල් වලට නොහිතපු විදියට නොහිතපු දේවල් අනන්තවත් වෙනවා....බලාපොරොත්තු ඉටු උනාම සතුටු වෙන අපි බලාපොරොත්තු කඩ උනාම දුක් වෙනවා... ඒ දේ කාටත් පොදුයි.... ඒත් ඒ කඩවුන බලාපොරොත්තු අතරින් අලුත් බලාපොරොත්තු ඇතිකර ගන්නත් අපි අමතක කරන්නෙ නෑ.....
මිනිස්සුන්ව ජීවත් කරන්නේ බලාපොරොත්තු කියලා සමහර අය කියනවා... ඇත්ත වෙන්න ඇති... අපි හැමදේම කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් හිත් ඇතුලේ තියාගෙන නේ....
මිනිස්සුන්ව ජීවත් කරන්නේ බලාපොරොත්තු කියලා සමහර අය කියනවා... ඇත්ත වෙන්න ඇති... අපි හැමදේම කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් හිත් ඇතුලේ තියාගෙන නේ....
Saturday, June 30, 2012
ප්‍රේමය හා කාලය...
අපි උසස් පෙල කරන කාලේ වටේ හිටපු යාලුවන්ට ගෑනු ලමයි හිටියනේ... ඒත් උසස් පෙල ඉවර වෙලා අවුරුද්දක් දෙකක් යනකොට අහන අහන උන්ගේ තිබිච්ච හුටපට ඔක්කොම ඉවරයි.... ( මෙ කිවුවේ සිරා love කරපු උන් ගැන ) ආතල් එකට love කරන උන ගැන නම් කතා කරල වැඩක් නැ... උන්ගෙ love නම් අද තියනවා හෙට නෑනෙ...
ආතල් එකට love කරන උන්ගෙ ටික කාලෙකින් ඉවර වෙන එක සාමාන්‍ය දෙයක්..... ඒ තාවකාලික ආශාවන්, අවශ්‍යතා ටික කාලෙකින් නැතුව යන නිසා... ඒත් අපි හැමොටම පට්ට love එකක් කියල හිතුන ඒවා එකක් හරි තියනවනේ... අන්න ඒවගේ affairs වලට එකපාරටම හෙන ගහල ගියාම සමහර විට අපිටත් පුදුමයි ඒක උනේ කොහොමද කියල... අන්න ඒ වගේ affairs එකක් නතර උනාම බූට් එක වැදුන එකා හෝ එකී මාස ගානක් යනකම් විඳවනවා... ඒත් මගෙ බොක්කේ ෆිට් එකක් කියන විදියට ඒ හැම දේම කාලයත් එක්ක අමතක වෙලා මිනිස්සු පරණ track එකට වැටෙනවලු... ඒත් ඒ මතකයන් හැමදාමත් උන්ගෙ හිත් වල තියනවනේ... ඒ දේ බලපාන්න පටන් ගන්නේ ඊලග affairs එක පටන් ගත්තට පස්සේ...
සිරා කරල බූට් කාපු එකෙක් නම් ඌ හදන්නේ කෙල්ලන්ගෙන් පලි ගන්න.... කෙල්ලෙක් නම් කොල්ලන්ට කෙලවන්න.... අවිශ්වාසය කියන දේ හැම වෙලේම මතුවෙන්න පටන් ගන්නවා.. ඒ හේතුව නිසාම අලුත් affair එකත් ටික දවසකින් ඉවර වෙනවා.. ඒත් හැම කෙනාම මෙහෙම නෑ කියල කියන්න පුලුවන්.. බොක්කෙන්ම කරල බූට් කාපු එකාට වටෙ ඉන්න උන් මොනවා හරි කියල හිත හදන්නන් බලනවා.... ඒත් තුවාලෙ වේදනාව දන්නේ තුවාලෙ තියන එකානේ... කට්ටිය එක්ක ඉද්දි දැන් අවුලක් නැ බන් කියලා ලෝකෙට පේන්න හිනා උනත් උගෙ හිත ඇතුලෙ තියන දේ දන්නේ ඌ විතරයි.... සමහර විට ඇත්තටම උට අවුලක් නැති වෙන්නත් පුලුවන්, සමහර විට ඌ හිත ඇතුලෙන් අඩනවා වෙන්නත් පුලුවන්... කෙල්ලො නම් කරන්නේ මූන එල්ලන් ඉන්න එකයි මතක් වෙන වෙලාවට අඩන එකයි නෙ. ( ඇත්තටම මේ වගේ වෙලාවක කෙල්ලො මොකද කරන්නේ කියල මං හරියටම දන්නේ නෑ )

Wednesday, June 27, 2012
තිත්ත ඇත්ත
ඔන්න ලගදි දවසක ගෙදර ඉන්න කම්මැලිකමට උදෙම බැස්සා එලියට රස්තියාදු පාරක් වත් දානව කියල... බස් එකේ නැගලා ටවුමට ආවා... උසස් පෙල ක්ලාස් යන කෙල්ලො කොල්ලොන්ගෙන් ටවුන් එක පිරිලා... ඉස්සර අඩියක් අඩියක් ගානෙ පය ගහල තිබුන ටවුන් එකේ අමුතුම නුපුරුදු කමක් හිතට දැනුනා... අදුරන එකෙක් හොයාගන්න හතර වටේ බැලුවත් හැමතැනම තිබුනේ ජීවිතේට ඇහැ ගැටිල නැති මූණු විතරයි.
අපි ක්ලාස් යන දවස් වල නම් ටවුන් එකට බැහැපුවහම අදුරන අය ඔනේ තරම්.... දැකල පුරුදු නැති කෙල්ලෙක් කොල්ලෙක් හිටියෙ බොහොම අඩුවෙන්.... අදුරන උනුත් නැති එකේ ටිකක් වෙලා ඉදල කොහෙ හරි යනව කියල හිතන් ටවුන් එකේ එහෙ මෙහෙ යන කෙල්ලො කොල්ලො දිහා පැත්තකට වෙලා ටිකක් වෙලා බලන් හිටියා... ටික වෙලාවකින් මට අපේ සොදුරු අතීතය මතක් උනා... අපිත් මෙහෙම හිටියා නේද කියල....
සාමන්‍ය පෙල ඉවර වෙලා අපි උසස් පෙල කරන්න ආපු හැටි... අවුරුදු 2,3ක් මේ ටවුමෙම ජීවිතේ වැඩි කොටසක් ගෙවුන හැටි... ඒ කාලේ තිබුන සුන්දරත්වය! ඒ කිසිම දෙයක් අද නෑ... ඉතුරු වෙලා තියෙන්නේ ඒ දෙවල් වල මතකයන් විතරයි... එක වෙලාවකට හිතෙනවා ජීවිතේ ගතකරපු හොඳම කාලෙ නේද ඒ කියල...
ක්ලාස් වල නටපු පිස්සු... සෙට් එකත් එක්ක ක්ලාස් කට් කරලා රවුම් ගහපු හැටි.... කෙල්ලො ටොක් කරන්න කරපු වැඩ... වලි දාගෙන ගහගත්ත ඒවා.... පොලිසියෙන් බේරෙන්න දුවපු ඒවා... මතක් වෙනකොටත් හිනා යනවා. ඔවා ඒ කාලේ කරන්නේ නැතුව නාකි උනාම කරන්නද? ක්ලාස් කට් කරන්න ක්ලාස් යන්න ඔනනේ.

Saturday, June 9, 2012
Modern භක්තිය...
අර ෆිල්ම් එකක කිවුවා වගේ ජීවිතේ කියන්නේ සරුංගලයක් නම් විනය කියන්නේ ඒකේ නූල...
අපේ ජීවිත වලට මුලින්ම විනය කියන දේ උගන්නන්නේ අපේ දෙමව්පියෝ... ඊට පස්සේ ගුරුවරු... එත් ගොඩක් වෙලාවට අපිට විනය කියන දේ උගන්නන්නේ අපේ ආගම මුල් කරගෙන.... පොඩි කාලේ අපි වැරදි කරල ගුටි කනකොට සමහර විට අපේ අච්චිලා සීයල කියන්නේ 6,4 නොතෙරෙන ඔය පොඩි එකාට ගහන්න එපා කියලා.... ඔතන 6 කියන්නේ දිව්‍යලොක 6, 4 කියන්නේ සතර අපාය කියල තමයි මම දන්නේ...
ආගම මොකක් උනත් මිනිස්සු තමන්ගේ ආගමට ගරු කරනවා, අපේ අච්චිලගේ සීයලගේ තිබුන ඒ ගතිගුණ සමහර විට ගොඩක් අයට මතක ඇති... ආගමට පස්සේ අපේ මිනිස්සු දෙවියන් වත් විෂ්වාස කලා.... බාර හාර උනා... තමන්ගේ සතුටෙදි වගේම දුකේදිත් ආගම, දෙවියන්ව මතක් කලා...
ඒත් අද? බොහොමයක් මිනිස්සුන්ට ඔය හැම දේම මතක් වෙන්නේ තමන්ට කරදරයක් උන වෙලාවට විතරයි... තව ස්ටයිල් එකට මේ දෙවල් කරන අයත් ඉන්නව...
තමන්ට කරදරයක් උන වෙලාවට දෙවියන්ට පන්න පන්න කන්නලවු කරන මිනිස්සු හරි ගියාම බාර ඔප්පු කරන්නේත් කරන්න ඔනේ නිසා මිසක් වෙන දේකට නෙමෙයි...
එක මිනිහෙක් තව එකෙක්ට නරකක් වෙන්න කියල කන්නලවු කරනකොට කන්නලවු කරන කෙනාට අනිත් එක්කෙනා එහෙම කරනවනම්? මේ වගේ වෙලාවට දෙවියොත් අසරණයි නේද? මිනිහෙක් මැරෙන්න කියල පොල් ගහනකොට අපි මිනීමරුවෙක් කරන්නේ අපි විශ්වාස කරන දෙවියන්ම නොවේද? ඒක හරියට දෙවියන්ව පූජා වට්ටියකට HIT MAN කෙනෙක් කරගන්නවා වගේ වැඩක් නෙමේද? මල් පහන් පුජා කරල ගාතා කියල වැදල ඊලගට දේවාලෙට යන අපි වෙන කෙනෙකුට හෙන ගහන්න කියල කඩන්නේ ත්‍රිකොටි පාරිශුද්ද සීලය නෙමේද?
Wednesday, June 6, 2012
අපි ගහපු කිරිකට්.....
එකෝමත් එක රටක... එකෝමත් එක කිවුවට මේ රටෙම තමයි... එකෝමත් එක තමන් ජ්‍යාත්‍යන්තරයි කියාගන්නා වූ සු සූ ගාලා සිසුන් 300ක් වත් නැති හැබයි ශාකා 5ක් තියන උසස් අද්‍යාපන ආයතනයක් අපුල්ලන්න තමයි මේ ලෑස්තිය.... ( මුන්ගේ ලොකු කමේ තරම කියන්න හදන්නේ )
ඔන්න ඉතින් කස්ටියගෙ මොරාල් අප් කරන්න කියල පාලන අංශයෙන් කිවුවා කිරිකට් තරඟයක් තියමු කියලා.... ඔක අහපු ගමන් කොල්ලො ටික මාර කික්..... මැච් එකක් නේ... සොෆ්ට් බොල් ගහන හින්ද කියපු පරක්කුවට ටීම් හදාගෙනත් ඉවරයි කට්ටිය.... අපෙ උන්ට මැච් කිවුවොත් වෙන දෙයක් ඔනේ නැනේ..... ඔහොම ඉන්නකොට පත සයිස් හෙන ගෙඩියක් පාත් උනා....
අපේ මොලේ උඩ ඉදගන්න පාලක අංශයෙන් කියපිනේ සොෆ්ට් බොල් නෙමෙයි ලෙදර් ගහන්නේ කියල.... ගහපංකො දැන් @#$$#@$%..... අපේ branch එකේ කොල්ලො ඉන්නේත් පොඩ්ඩයි.. උන්ගෙන් එකෙක් දෙන්නෙක් ඇර ඔක්කම වගේ ලෙදර් බැට් එකක් අතින්වත් අල්ලලා නැ..... කට්ටියට දැන් මල... කරන්න දෙකුත් නැති එකේ පුලු පුලුවන් කියන උන් ටික එකතු වෙලා හදාගත්තා ටීම් එක... එකම බොල් ගාඩ් එක ශොපින් කවරෙ දාගෙන පාවිච්චි කරලා, කරන්න පුලුවන් උපරිමයයි තව ටිකක් වැඩියෙනුයි කරලා කොල්ලො ටික බුදු ගේමක් දීල ප්‍රැක්ටිස් කලා.... අපරාදේ කියන්න බෑ අන්න මොරාල් එක.... හැබැයි ඊලග හෙන ගෙඩිය අයෙත් අපිට හරහට හිටියා... අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් එක උඩ ත්‍රිබලක් ලුනේ.....

Subscribe to:
Posts (Atom)