Pages

Wednesday, July 11, 2012

ජීවත් වෙන්න ඉඩ දෙන්න...

අපේ පුංචි කාලේ මතක් වෙනකොට අපිට කොච්චර ආසද? ඒ කාලේ අපේ ජීවිත ගෙවුන හැටි මතක් වෙනකොට ඇයි ඒ කාලේ ගෙවිලා ඉවර උනේ කියල හිතෙන වාර ගණන අනන්තයි. ඒ තරමටම අපේ ඒ පුංචි කාලේ සුන්දරයි.



අපි ඉස්කෝලෙ පොඩි පන්ති වල ඉද්දි (පොඩි කියන්නේ 4,5,6,7 වගේ ) අපි කොච්චර දේවල් කලාද? ජීවිතේ ගැන කොච්චර අත්දැකීම් ලබාගත්තද? ඒ මතකයන් පවා දැනුත් අපේ ජීවිත වලට කොච්චර සතුටක් ගෙනත් දෙනවද? උදේ පාන්දර ඉස්කොලෙට ගිහින් ඉස්කෝලෙ පටන් ගන්න කන් සෙල්ලම් කරන්න අපි කොච්චර ආස කලාද? ඉස්කෝලෙ අස්සක් මුල්ලක් නෑරම කොච්චර දුවල පැනල ඇත්ද? ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ඇවිත් නාලා, කාලා 4 විතර වෙනකොට ගමේ ඉන්න යාලුවො එක්ක වෙලවල් ගානේ, කැලෑ රොදවල් ගානේ කොච්චර නටන්න ඇත්ද? ඒ නටන අතරේ වැටිල ලෙලි ගහගෙන ඒ තුවාල වලින් ලෙ පෙරෙද්දිත් තව කොච්චර නටල ඇත්ද? ඊටත් වඩා තුවාල කරන් ගෙදර ඇවිල්ල ගෙදරින් කොච්චර ගුටි කාල, බැනුම් අහල ඇත්ද?

අපිට ඒ කාලෙ ටියුශන් තිබුනේ සති අන්තෙ විතරයි... සතිය මැද ටියුශන් තිබුනේ ගොඩාක් අඩුවෙන්... ඉතින් අපිට ලමා කාලේ විඳින්න ඔනෙ තරම් වෙලාව තිබුනා... තව එකක්, දැන් මාසයක් දන්නෙම නැතුව ගෙවිල යනවා උනාට අපිට එ කාලේ කාලය ගත් වෙනවා ගොඩක් විදියට දැනුනා... නිවාඩු කාලයක් එනකම් අපි කොච්චර බලන් හිටියද? ඒ නිවාඩු කාලේ එන්න කොච්චර කල් ගියාද?




නිවාඩු කාලේ පටන් ගන්න ඉස්කෝලෙ අන්තිම දවසේ අපි හිටියෙ කොච්චර සතුටින්ද? නිවාඩු කාලේ අපි කරපු දේවල්? මතක් වෙනකොටත් ආසයි.... සරුංගලයක් උඩ යන්න පුලුවන් වෙන්න හදාගන්න අපි කොච්චර කට්ට කෑවද? සමහර විට 10ක් 12ක් හදලත් හරියට උඩ යන එකක් හදාගන්න බැරි උනාම හදපු ඒවා කෑලි වලට කඩලා විසි කරන්න ඇත්ද? අන්තිමට සරුංගලයක් හදලා උඩ යවපු දවසේ කොච්චර සතුටු උනාද?

ඒ කාලේ ගඩා ගෙඩි කොච්චර කෑවද? ඔවිටවල් වල, කැලෑ වැදුනු වතු වල අපිට කන්න බැරි ගෙඩි ජාතියක් නැති උනේ කලාතුරකින්, කජු පුහුලන් කාලා කොච්චර අසනීප වෙලා ඇත්ද? ඒ කාලේ ඇත්තටම සුන්දරයි...

මෙච්චර දේවල් කරපු අපිට අපේ වැඩිහිටියො එයාලගෙ ලමා කාලේ කරපු දේවල් කියද්දි අපි ඒ දෙවල් වලින් කරල තියෙන්නෙ කොච්චර පොඩි කොටසක් විතරද කියල අපිට කොච්චර හිතිල ඇත්ද? ඒ වෙලාවට අපිට කොච්චර දුකක් දැනිල ඇත්ද?............... මෙ ඔක්කොම පැත්තකින් තියමුකො... දැන් ඉන්න පොඩි උන්?

මේක ලියන්න හිතුනෙත් අපෙ බාප්පගෙ පොඩි එකා ටියුශන් යන විදිය ඇහුනට පස්සෙ... 5 විබාගෙ කරන එකාට උදේ 6 ඉදලා ක්ලාස්... උට ක්ලාස් ඉවර වෙන්නේ 6.30 ට... ඔය කාල සීමාව ඇතුලේ පන්ති 2,3ක් තියනවා... ( යකෝ අපි එ ලෙවල් ක්ලාස ගියෙත් 8 ට, ඉවර උනේ 5 ට ) 7 වසරෙ ඉන්න එකාටත් එහෙමයි... සතියෙ දවස් 5 නුත් 4ක් විතර ක්ලාස්.... ඊට පස්සේ රෑ එලි වෙනකන් homework කරනවා.... නිවාඩු කාලයක් ආවොත් ඒ කාලේ පුරාවටමත් ක්ලාස්... හැම තැනකම තියන තත්වෙ මේක තමයි.

පුංචි ලමයි මල් වගෙලු... ඒ මූනු වල තියන හිනාව සිරියාවන්තයි ලු..... ඒත් අද පොඩි උන්ගෙ මූනු වල ඉතුරු වෙලා තියෙන්න වීඩාබර ගතිය විතරයි.... ඒ මහන්සියෙන් හෙම්බත් උන මූනු වල හිනාවක් දකින්න වත් නැති තරම්.


ආදරනීය අම්මේ තාත්තේ, තමන්ගේ පොඩි උන ඉගෙනගෙන ලොකු ලොක්කෙක් වෙනවට හැම දෙමව්පියෙක්ම ආසයි තමයි.. ඒත් මල් කැකුලු වගේ පොඩි උන්ට මෙහෙම වද දෙන්න එපා.... ජීවිතේ හරියට විඳින්න පුලුවන් මෙ කාලේ විතරයි.. මුන්ට අඩුගානේ ඒකවත් විඳින්න ඉඩ දේන්න....

ලමයින්ට ලමා කාලේ ලමයි විදියට ඉන්න දෙන්නෙ නැතුව උන් ලොකු උනාම උන්ට බැනල වැඩක් නෑ මුන් අපිට සලකන්නේ නෑ කියල.... සමහර විට සලකනවා කියනෙන මොකක්ද කියලවත් මුන් හරියකට දනෙන නැතුව ඇති. ඒ දෙවල් ගැන ඉගෙන ගන්න, දකින්න මුන්ට වෙලාවක් නැති නිසා... අම්මල කරන්නේ ලමයින්ට කවන එකයි ක්ලාස් අරන් යන එකයි නෙ... ශරීරයට ව්‍යායාම ඔනේ කියල මුන් කොච්චර ඉස්කෝලෙදි ඉගෙන ගත්තත් මුන්ට ඒ දේවල් ප්‍රායෝගිකව කරන්න වෙලාවක් නෑ.... ප්‍රතිපලය, එක එක ලෙඩ තියන, අඩි 2ක් ඇවිදගන්න බැරි ලෙඩ වෙච්ච පුස් ඌරො සමාජෙට එක වෙන එක...



මෙහෙම ඉගැන්නුවා කියල හැම එකාම දොස්තරලා ඉංජිනේරුවො වෙන්නේ නෑ...  ඉගෙනගන්න එකාට පොඩි තල්ලුවක් දුන්නම ඌ හරියට ඉගෙන ගනී... බැරි එකාට පොඩ්ඩක් පස්සේන් ඉන්න වෙනවා තමයි... ඒත් ලම්යින්ට ලමා කාලේ කරන්න තියන දේවලුත් කරන්න ඉඩ දෙන්න... යාලුවොත් එක්ක ඇල දොලවල් වල, බඩවැටි වල නටන්න, දැන් එහෙම තැන් නෑ.... ඒත් ඒ දේවල් වලටත් ඉඩ දෙන්න... ඒ දේවල් නැතුව උදේ පාන්දර ඉදන් ඉගැන්නුව කියල මුන්ගේ ඔලු හැදෙන්නේ නෑ... ලොකු මිනිහෙක් ට වඩා හොද මිනිහෙක් මෙ ලෝකෙට දෙන්න හැම වෙලේම උත්සහ කරන්න.... දැන් ඉන්න දොස්තර ලා, ඉංජිනේරුවො පොඩි කාලේ හොදට නටපු අය... ඒ දේ වත් තෙරුම් ගන්න... අනික පොඩි පන්ති වලදි ( වසර 5 ඇර ) විශයන් වලට ලකුනක් 2ක් අඩු උනා කියල කිසි දෙයක් වෙන්නේ නෑ. සාමාන්‍ය පෙල කාලෙට ආවම ඇති වෙනකන් පන්ති යවන්න... එතකං වත් මුන්ට ජීවත් වෙන්න ඉඩ දෙන්න..... ඒකත් තෙරෙන්නේ නැත්තම් තමන්ගෙ පොඩි කාලේ මතක් කරල තමන්ගෙ දරුවා දිහා බලන්න.. එතකොට වත් තෙරෙයි.

සමහර අය බනි උබටත් ලමයෙක් හදාගත්තම තෙරෙයි කියල... ඒත් ලමයින්ට මෙහෙම කරලා ලොකු උනාම උන් අපිට සාප කරයි උන්ට වද දුන්න කියල.... උන් එහෙම කලත් අපිට වැරැද්දක් කියන්න බෑ. උන් අහුවොත් සීයල ආච්චිල ඔයලටත් මෙහෙමද ඉගැන්නුවෙ කියල? අපි අනාත වෙනවා නේද?  .... ඊට වඩා සැපයි හොද අද්‍යාපනයක් දෙන අතරෙ ලමයින්ට ලමයි විදියට හැදෙන්න අරින එක...


8 comments:

  1. හ්ම්ම්..ඇත්ත කතාව..හොඳ වෙලාවට මගෙ අම්මත් ක්ලාස් යන්න යන්න කියලා බල නොකලේ..එහෙනම් ඉගනගන්න එකත් එපා වෙනවා..

    ReplyDelete
    Replies
    1. ගිය ආත්මෙ පින් කරල ඇති අපි.... දැන් ඉන්න පොඩි උන්ගේ වයසෙ ඉපදෙන්නේ නැතුව 198. 199. ගනන් වල ඉපදෙන්න...

      Delete
  2. මගේ පන්ති ගැන කතාවනම් මම ලිවුවනේ.. මට නම් එපාම උනා..

    ReplyDelete
    Replies
    1. මට නම් දරුණුවට පන්ති යන්න උනේ නෑ... පන්ති 2,3 කට විතරයි ගියේ....

      Delete
  3. පන්ති........???? මතක් කරන්න එපෝ........... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මතක් කරද්දිත් ආසාවෙ බෑ නෙද බන්?

      Delete
  4. සහතික ඇත්ත මචෝ කොච්චර කලත් අන්තිමට උසස් පෙළට ආවාම ඔක්කොම වෙනස් වෙනවා...

    ReplyDelete
  5. ඒක තෙරුම් ගන්න අම්මලට අමාරු එකනේ ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.