අපේ මොලේ උඩ ඉදගන්න පාලක අංශයෙන් කියපිනේ සොෆ්ට් බොල් නෙමෙයි ලෙදර් ගහන්නේ කියල.... ගහපංකො දැන් @#$$#@$%..... අපේ branch එකේ කොල්ලො ඉන්නේත් පොඩ්ඩයි.. උන්ගෙන් එකෙක් දෙන්නෙක් ඇර ඔක්කම වගේ ලෙදර් බැට් එකක් අතින්වත් අල්ලලා නැ..... කට්ටියට දැන් මල... කරන්න දෙකුත් නැති එකේ පුලු පුලුවන් කියන උන් ටික එකතු වෙලා හදාගත්තා ටීම් එක... එකම බොල් ගාඩ් එක ශොපින් කවරෙ දාගෙන පාවිච්චි කරලා, කරන්න පුලුවන් උපරිමයයි තව ටිකක් වැඩියෙනුයි කරලා කොල්ලො ටික බුදු ගේමක් දීල ප්‍රැක්ටිස් කලා.... අපරාදේ කියන්න බෑ අන්න මොරාල් එක.... හැබැයි ඊලග හෙන ගෙඩිය අයෙත් අපිට හරහට හිටියා... අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් එක උඩ ත්‍රිබලක් ලුනේ.....
අපේ උන්ට තවත් මල... ජාතිය ඇමතීම් හැම තැනම... ඒත් අපෙ උන් සැලුනේ නෑ... උන් බැන බැනම මැච් එකට සෙට් උනා... ඊට පස්සේ ඩෙකරෙශන් ද මොනාද ඔනෙ කියල සීනි බොල වැඩ ටිකකුත් කෙරෙවුවා... අය්යෝ සල්ලි, කාලද බීලද.... පාලන අංශයේ මුන් හෙන ලොකුයි කියල හිතන් හිටියට උන් දන්නෙත් නෑ උන් චොරයෝ කියල...
ඉතුරු විකාර ඔනේ නෑ...මැච් එක දවසට එමුකො.. මැච් එක ගහන්න තිබ්බේ සිංහලෙන්ම කිවුවොත් තුප්පහි පිට්ටනියක.... අර කාල්ටන් සුපර් 7 ද මොකක්ද එකේ අන්තිම ෆයිනල් එක තියපු පිට්ටනිය හරියේ එකක්..... ටර්ෆ් එකේ බෝලේ හරියට බම්ප් වෙන්නෙත් නෑ....
ඔන්න ඔහොමයි උනේ... කියන්න ඔනේ උනේ ඔය කතාවෙ ඇතුලාන්තය.... අපේ මොරාල් අප් කරන්න කියල උන් කලේ උන්ගේ ලොකු කම පෙන්නලා ප්‍රමොට් වෙන්න හදපු එක.... ලංකාවෙ තියන නම ගිය ආයතනත් සොෆ්ට් බොල් ගහනකොට මේ වගේ හිච්චි උන් ඇඟිල්ලට වඩා ඉදිමෙනවා.... උන්ගේ හැටි දැනගත්තට පස්සෙ එකෙක්වත් වෙන එකෙක් ට ඒ ආයතනයේ ඉගෙන ගන්න එන්න කියන්නේ නෑ... ආයතනයේ වැරැද්ද නෙමේයි පාලනය කරන අයගේ වැරැද්ද... කවදාවත් කියපු වෙලාවට වැඩක් කරල නෑ... කරන වැඩ වල තේරුමක් නැ... නොගැලපෙන උන්, සුදුසුකම් නැති උන් ලොකු ලොකු තැන් වලට ගියාම වෙන්නේ ඔක තමයි... උන් හිතන්නේ උන් සියල්ල දත් කියා වුවත් එතන් ඉගෙන ගන්න සිසුන්ට ඊට වඩා දැනුම් තෙරුම් තියනවා.....
යකෝ සොෆ්ට් බොල් ගැහුවනම් ඉන්න හැම කොල්ලම සෙල්ලම් කරනව නේද? හැම එකාම මූනටම නොබැන්නට නැති තැන හොදටම බැන්නා... ඒ කොන්ද පණ නැති හින්ද නම් නෙමයි... මුන්ගෙ බලු ගති හින්දා... මමත් එක පාරක් වැරැද්ද පෙන්නන්න ගිහින් කෙලෝ ගත්තා... මොඩයින් කවදත් තමන්ගේ වැරැද්ද පිලිගන්නේ නෑ.. උන් කරන්නේ වැරැද්ද පෙන්නපු එකාට කෙලවන එක....
තව කියන්න දේවල් තිබ්බත් ඇති වගේ...
අන්තිමටම කියන්න තියෙන්නේ අපේ කොල්ලො ටික පැරදුනා කියල අප්සට් එකේ හිටියේ... එකෙ හැම එකාගෙන ම සමාව ඉල්ලුවා පැරදුනාට.... යකුනේ, තොපි මැච් එක පරාද උනා තමයි ඒත් එකක් විදියට අපි පරාද උනේ නෑ... අපෙ එකමුතුව, සහොදරකම වෙන එකෙක් ලඟ වත් තිබුනේ නෑ... අපිව දිනවන්න රෑ දවල් නොබල උබලගේ උපරිමයෙන් පුහුණුවීම, කැපවීම කල කරදර භාදක ගොඩක් මැද්දේ මෙච්චර දුර ගමනක් ආපු උබල අපේ හිතේ කප් එක ඉස්සුවෙ මැච් එකටත් කලින් බං... උබල ඒ උස්සපු කප් එක ලොක කුසලානේ හම්බවුනාටත් වැඩිය අපිට වටිනවා..... උබලට ජය...
aniwa.......Kollane.....U r the Real Champs
ReplyDeleteබුදු අම්මෝ.........මේ ඔයා පරිස්සමින් ඈ....:O
ReplyDeleteපරිස්සමෙන් තමයි ඉන්නේ...
Deleteවෙඩිතියලා සමූහ ඝාතනය කරලා දාන්න තිබ්බෙ බං සෙට් එකම
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
කේප්ප හරක් මරන්න තහනම්ලුනේ රජෝ....
Deleteඔවුවානම් ඔහොම තමයි යාළුවා.. ලොකු කම පෙන්නන්න ගියාම ගියාම ඔහොම වෙනවනේ.
ReplyDeleteමුන්ගේ ලොකුකම් හින්දා දුක් විදින්නේ අපිනේ බන්... ඒකයි අවුල...
Deleteඅර මම කිව තැනත් ඔය වගේම ගොන් ආතල් 1 ක් ගත්ත බං
ReplyDeleteබලන් ගියාම හැම තැනම එක වගේ...
Deletehmm sira macho api wenuwen hari un ekka thiyena malata hari me wadenam watinawa................
ReplyDeleteමේ උබල වෙනුවෙන්... අරුන් එක්ක තියන මලට වත් මෙවා ලියන්න තරම් උන් වටින්නේ නෑ...
Deleteelaz
ReplyDeleteජය ගත්තත් හිතින් පරාද වෙනවාට වඩා පැරදුණත් හිතුන් ජය ගත්තු එක වටිනවා
ReplyDeleteඔව් ඔව්... නැව ගිලුනත් අපිට බෑන් චූන්...
Delete