මිනිස්සුන්ව ජීවත් කරන්නේ බලාපොරොත්තු කියලා සමහර අය කියනවා... ඇත්ත වෙන්න ඇති... අපි හැමදේම කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් හිත් ඇතුලේ තියාගෙන නේ....
හැබැයි මෙතුවක් කාලෙකට මට නොතෙරුන දේකුත් තියනවා ( කාගෙන් වත් අහන්න ගියෙත් නෑ හැබැයි ) බෞද්ධ දර්ශනය අනුව සසරෙන් එතෙර වෙන එකනේ හැමොගෙම අවසාන බලාපොරොත්තුව.... ඒ දේ කරන්න "ආශාව" අත්හල යුතු දෙයක් වෙනවනේ... ඒත් අපි සසරෙන් එතෙරෙවෙන්න බලාපොරොත්තු ( ආශාව ) හිතෙ තියාගෙන "ආශාව" කියන දේ අත් හරින්නේ කොහොමද? ( ගොං ප්‍රශ්යක් ඇහුව කියල කට්ටිය මට දෙසයි ද දන්නෙත් නැ )
මරණයක් කියන්නේ මැරුණ කෙනාගෙ ලගම නෑයින්ට වැඩියෙන්ම දුක් දෙන අවස්තාවක්... ඒත් ඒ "මරණය" කියන දෙම තවත් කෙනෙකුගෙ ජීවිකාව වෙන එක ජීවිතේ පුදුම බව පෙන්නන්න හොදම සාධකයක් නෙමෙයි ද.... යාලුවෙක්ගෙ මලගෙදරක නයිට් එකක් ගහල එතන හීනියට ආතල් එකක් හොයන අපි ඒ මල ගෙදර අපේ පවුලේ කෙනෙක් ගෙ උනානම් මොනවා කරයි ද? ( මේක මතක් උන වෙලාවෙ නම් මනො පාර සැරටම වැදුනා )
ජීවිතේ සමහර වෙලාවට අපි කොච්චර වැරදිද කියලා අපිට හිතුනට කාලෙත් එක්කම ඒ හැඟීම් නැති වෙලා ගිහින් අපි ඒ දේම ආයෙත් වතාවක් කරන්නත් පුලුවන්... අපි පෘතඃක්ජන මිනිස්සු නෙ...
ඒත් ජීවිතය කියන්නේ මොකක් උනත්, කොහොම උනත් වැදගත් වන්නේ අපි ඒ ජීවිතය ජීවත් වෙන්නේ කොහොමද කියන එක නේද?
අර කතාවක් තියෙන්නෙ Hell or Heaven is what we make of our life කියල
කොහොම උනත් අපි ජිවිතේ විඳවන් නැතුව විඳින්න ඕන..:)
ReplyDeleteඒ උනාට වෙන්නෙම එකෙ අනිත් පැත්තනෙ....
Deleteජීවිතේ විදවන්නන නොව විදගන්න.. :)
ReplyDeleteජීවිතේ විඳින විදිය ඉගෙනගන්න වෙනවා ඉස්සෙල්ල
Delete//ජීවිතේ මුහුද වගේ//....ඇත්තටම.... හිතා ගන්න බැරි තරම් ඉක්මණින් වෙනස් වෙන ජීවිත....
ReplyDeleteජීවිතේ හැම වෙනසක්ම සුන්දර වෙනව නම්?
Deleteජීවිතේ............
ReplyDeleteජීවිතේ මොකක්ද කියලා තේරුම්ගන්න, ජීවත් වෙලාම බලන්න වෙනවා....:) විඳින්න විතරක් නෙවෙයි, විඳවන්නත් ජීවිතේ කොතනදි හරි උරුමයි තමයි!! ඒථ් උත්සාහ කරන්න ඕනෙ හැමවෙලේම ජීවිතේ විඳින්න..:)