Pages

Saturday, June 9, 2012

Modern භක්තිය...


අර ෆිල්ම් එකක කිවුවා වගේ ජීවිතේ කියන්නේ සරුංගලයක් නම් විනය කියන්නේ ඒකේ නූල...




අපේ ජීවිත වලට මුලින්ම විනය කියන දේ උගන්නන්නේ අපේ දෙමව්පියෝ... ඊට පස්සේ ගුරුවරු... එත් ගොඩක් වෙලාවට අපිට විනය කියන දේ උගන්නන්නේ අපේ ආගම මුල් කරගෙන.... පොඩි කාලේ අපි වැරදි කරල ගුටි කනකොට සමහර විට අපේ අච්චිලා සීයල කියන්නේ 6,4 නොතෙරෙන ඔය පොඩි එකාට ගහන්න එපා කියලා.... ඔතන 6 කියන්නේ දිව්‍යලොක 6, 4 කියන්නේ සතර අපාය කියල තමයි මම දන්නේ...

ආගම මොකක් උනත් මිනිස්සු තමන්ගේ ආගමට ගරු කරනවා, අපේ අච්චිලගේ සීයලගේ තිබුන ඒ ගතිගුණ සමහර විට ගොඩක් අයට මතක ඇති... ආගමට පස්සේ අපේ මිනිස්සු දෙවියන් වත් විෂ්වාස කලා.... බාර හාර උනා... තමන්ගේ සතුටෙදි වගේම දුකේදිත් ආගම, දෙවියන්ව මතක් කලා...

ඒත් අද? බොහොමයක් මිනිස්සුන්ට ඔය හැම දේම මතක් වෙන්නේ තමන්ට කරදරයක් උන වෙලාවට විතරයි... තව ස්ටයිල් එකට මේ දෙවල් කරන අයත් ඉන්නව...

තමන්ට කරදරයක් උන වෙලාවට දෙවියන්ට පන්න පන්න කන්නලවු කරන මිනිස්සු හරි ගියාම බාර ඔප්පු කරන්නේත් කරන්න ඔනේ නිසා මිසක් වෙන දේකට නෙමෙයි...


එක මිනිහෙක් තව එකෙක්ට නරකක් වෙන්න කියල කන්නලවු කරනකොට  කන්නලවු කරන කෙනාට අනිත් එක්කෙනා එහෙම කරනවනම්? මේ වගේ වෙලාවට දෙවියොත් අසරණයි නේද? මිනිහෙක් මැරෙන්න කියල පොල් ගහනකොට අපි මිනීමරුවෙක් කරන්නේ අපි විශ්වාස කරන දෙවියන්ම නොවේද? ඒක හරියට දෙවියන්ව පූජා වට්ටියකට HIT MAN කෙනෙක් කරගන්නවා වගේ වැඩක් නෙමේද? මල් පහන් පුජා කරල ගාතා කියල වැදල ඊලගට දේවාලෙට යන අපි වෙන කෙනෙකුට හෙන ගහන්න කියල කඩන්නේ ත්‍රිකොටි පාරිශුද්ද සීලය නෙමේද?





තව කෙනෙක් තමන්ගේ අපල දුරු වෙන්න කියලා බාර වෙන්න පූජාවට්ටි තියන්න යන්නේ පෝලිමත් පැනගෙන සමහර වෙලාවට තව කෙනෙක් එක්කත් රංඩුවක් ඇති කරගෙන... මිනිස්සු නිකන්වත් හිතනවද මේවා තමන් විශ්වාස කරන දෙවියන්ටත් පේනවා ඇති නේද කියල? මෙහෙම පින් කරල ඇති වැඩේ මොක්ක ද? මෙහෙම කරල කවදාවත් හරියයි ද? මම ඇහැට දැකපු කනට අහපු දේකුත් කියන්න හිතුනා.... දේවාලේක පූජාවට්ටියකුත් අතේ තියාගෙන දේවාලේ තෙවාව වෙලාවට එලියේ පොලිමේ ඉන්න මිනිස්සු හිටගෙන ඉන්නේ හිතින් විතරක් නේමේයි කටිනුත් බැන බැන... දේවාලේ ඇතුලෙ තෙරපෙනකොට කියන්නේ ' මොන මගුලක් ද මන්දා, මේක යන්නෙත් නෑ.. අපරදේ ආවේ' කිය කිය... කොහොමද දේව භක්තිය?


මම දෙවියන් ගැන විශ්වාස කරන්නේ නැත්තේ නෑ... ඒත් කරන කන්නලවු, වෙන බාර වල ප්‍රතිපල ලැබෙන්න නම් විශ්වාසය වගේම භක්තිය කියන එකත් තියෙන්න ඔනේ.. ඒ භක්තිය ලොකෙට පේන්න නොව තමන්ගේ හිතට එකඟව තමන් විසින්ම ගොඩනගාගත් එකක් වෙන්නත් ඔනේ... හිතේ කහට තියාගෙන කරන භක්තියෙන කවදාවත් වැඩක් වෙන්නේ නෑ....

හිටියොත් හොදට හැදි.... දෙවියොත් නමට වදි කියල කතාවකුත් තියනවනේ....

අපි කරන වැරදි වලට අපිට මේ ආත්මෙම ප්‍රතිපල හම්බවෙනවා.... ඒක කිසිම දෙවි කෙනෙකුට නවත්තන්න බැ... අනිත් මිනිස්සුන්ට වැරදි කරන මිනිස්සුන්ට පොල් ගැහුවත් නැතත් ඒවට දඩුවම් ඒ මිනිස්සුන්ට හම්බවෙනවා....




ඒත් සමහර වෙලාවට මිනිස්සුන්ගෙත් නොදැනුවත් කම වෙන්නත් පුලුවන්... අපහාසෙකට, අගෞරවයක් කරන්න හදනවා නෙමෙයි, හිතේ තියන දෙයක් කියන්නේ.... තමන්ට අයිති ප්‍රාඩො එකක් නැගල ඇවිත් අල්පෙච්චතා ජිවිතය ගැන බණ කියලා වැඩක් තියනවද? සල්ලි වලට බණ කියවගෙන සසරෙන් එතෙර වෙන්න පුලුවන්ද? අපේ ලොවුතුරා බුදුරජානන් වහන්සේගේ බුදු බණ අපිට කියන කෙනා මත වෙනසක් වෙන්නේ නැ නෙද? පඩුරට දමන කාසියේ හො කොලයේ ආනිසංසය ස්ථානයේ ජනප්‍රිය තාව මත වෙනස් වෙන්නේ කෙසෙද?

හැමදාම බණ අසන මිනිසුන් මේවා තෙරුම් ගන්නේ කවදාද?



11 comments:

  1. ela choka-kavinda :D :D :D nama weten nene.ekay type kale

    ReplyDelete
  2. ඔන්න කොත්තල කිව්වට් මේක ඉගෙනගට්ටෙ අඩ.....:)

    “ඔතන 6 කියන්නේ දිව්‍යලොක 6, 4 කියන්නේ සතර අපාය කියල තමයි මම දන්නේ...“

    ReplyDelete
  3. ඇදහීම හා විශ්වාසය කියන්නේ දෙකක්.. මම නම් හිතන්නේ එහෙම..

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති... ඒත් ඔය දෙකම හිතේ බොරුව තියාගෙන ලෝකෙට පේන්න කරල වැඩක් නැනේ...

      Delete
  4. අනේ මන්දා බං ඕවනං....

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාට වත් මේවට නීතිමය පියවරක් ගන්න බැරිද?

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මිනිස්සු ආගම වෙනුවෙන් සටන් කළත්, වාද කළත් නොකරන්නේ ආගම අනුව ජීවත් වීමයි

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... මෙවා ලිවුවට මමත් ඔය ගොඩේ තමයි.... හැබැයි මම නැති භක්තිය මවා පාන්න නම් යන්නේ නෑ...

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.