Pages

Saturday, June 30, 2012

ප්‍රේමය හා කාලය...

අපි උසස් පෙල කරන කාලේ වටේ හිටපු යාලුවන්ට ගෑනු ලමයි හිටියනේ... ඒත් උසස් පෙල ඉවර වෙලා අවුරුද්දක් දෙකක් යනකොට අහන අහන උන්ගේ තිබිච්ච හුටපට ඔක්කොම ඉවරයි.... ( මෙ කිවුවේ සිරා love කරපු උන් ගැන ) ආතල් එකට love කරන උන ගැන නම් කතා කරල වැඩක් නැ... උන්ගෙ love නම් අද තියනවා හෙට නෑනෙ...


ආතල් එකට love කරන උන්ගෙ ටික කාලෙකින් ඉවර වෙන එක සාමාන්‍ය දෙයක්..... ඒ තාවකාලික ආශාවන්, අවශ්‍යතා ටික කාලෙකින් නැතුව යන නිසා... ඒත් අපි හැමොටම පට්ට love එකක් කියල හිතුන ඒවා එකක් හරි තියනවනේ... අන්න ඒවගේ affairs වලට එකපාරටම හෙන ගහල ගියාම සමහර විට අපිටත් පුදුමයි ඒක උනේ කොහොමද කියල... අන්න ඒ වගේ affairs එකක් නතර උනාම බූට් එක වැදුන එකා හෝ එකී මාස ගානක් යනකම් විඳවනවා... ඒත් මගෙ බොක්කේ ෆිට් එකක් කියන විදියට ඒ හැම දේම කාලයත් එක්ක අමතක වෙලා මිනිස්සු පරණ track එකට වැටෙනවලු... ඒත් ඒ මතකයන් හැමදාමත් උන්ගෙ හිත් වල තියනවනේ... ඒ දේ බලපාන්න පටන් ගන්නේ ඊලග affairs එක පටන් ගත්තට පස්සේ...

සිරා කරල බූට් කාපු එකෙක් නම් ඌ හදන්නේ කෙල්ලන්ගෙන් පලි ගන්න.... කෙල්ලෙක් නම් කොල්ලන්ට කෙලවන්න.... අවිශ්වාසය කියන දේ හැම වෙලේම මතුවෙන්න පටන් ගන්නවා.. ඒ හේතුව නිසාම අලුත් affair එකත් ටික දවසකින් ඉවර වෙනවා.. ඒත් හැම කෙනාම මෙහෙම නෑ කියල කියන්න පුලුවන්.. බොක්කෙන්ම කරල බූට් කාපු එකාට වටෙ ඉන්න උන් මොනවා හරි කියල හිත හදන්නන් බලනවා.... ඒත් තුවාලෙ වේදනාව දන්නේ තුවාලෙ තියන එකානේ... කට්ටිය එක්ක ඉද්දි දැන් අවුලක් නැ බන් කියලා ලෝකෙට පේන්න හිනා උනත් උගෙ හිත ඇතුලෙ තියන දේ දන්නේ ඌ විතරයි.... සමහර විට ඇත්තටම උට අවුලක් නැති වෙන්නත් පුලුවන්, සමහර විට ඌ හිත ඇතුලෙන් අඩනවා වෙන්නත් පුලුවන්... කෙල්ලො නම් කරන්නේ මූන එල්ලන් ඉන්න එකයි මතක් වෙන වෙලාවට අඩන එකයි නෙ. ( ඇත්තටම මේ වගේ වෙලාවක කෙල්ලො මොකද කරන්නේ කියල මං හරියටම දන්නේ නෑ )



මේවා වෙන්න හේතු විදියට මම නම් දකින්නේ මේ දෙවල්... සමහර විට මං වැරදිත් ඇති. මම මෙ කතා කරන්නේ කොල්ලොන්ගෙ පැත්තෙන්....


කෙල්ලෙකුයි කොල්ලෙකුයි love කරන්න ගත්තම ඒ එක හරියට අම්මා කෙනෙක් තමන්ගෙ අලුත උපන් දරුවට ආදරේ කරනවා වගේ... ( සිරා කරන උන් ගැන විතරයි )

බබා පොඩිම කාලේ අම්මා බබා ලගින් හෙල්ලෙන්නේ වත් නෑ... හැම වෙලේම බබා ලග ඉදන් බබාට ආදරේ කරනවා... යන්තම් අඩන සද්දයක් ආවත් අම්මා එතන.... ඒත් බබා ලොකු වෙනකොට මේ දෙවල් වෙනස් වෙනවා... වෙනස් වෙනවා කියන්නේ ආදරේ අඩු වෙනවා කියන එක නෙමෙයි.. ඒත් ඒ ආදරේ පෙන්නන විදිය වෙනස් වෙනවා... දඟ වැඩක් කලාම පාරක් ගැහුවට ඒ ගහන්නේත් තියන ආදරේට... පොඩි කාලේ පැය ගනන් බබාව හුරතල් කරපු අම්මා බබාගේ කර දඬු උස් මහත් උනාම පොඩි කාලේ වගේ හුරතල් කරන්නේ නෑනේ.. ඒත් අම්මගේ හිතේ තිබුන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ....


කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි affair එකත් එහෙම තමයි... මුල් කාලේ පැනි පෙරාගෙන දවස පුරාම මල් කඩ කඩ කොට කොට හිටියට කාලෙත් එක්කම ඒ දේවල් අඩු වෙලා යනවා... ඒ ආදරෙ කරන එකට අමතරව තමන්ගෙ අනාගතේ ගොඩනගා ගන්නත් ඔනෙ කියල තේරෙන නිසා.. වගකීම් යුතුකම් කරපිට පැටවෙන නිසා... ඒත්  බොහෝ වෙලාවට ගැනු ලමයින්ට මේ දේ ප්‍රශ්නයක් වෙනවා... ඒ අය හිතන්නේ කොල්ලගෙ ආදරේ අඩු වෙනවා කියලා..... කාලෙත් එක්කම කෙල්ලගෙ යාලුවෙක් (කොල්ලෙක්)  කෙල්ලට ලං වෙනවා..... කොල්ලට වඩා කෙල්ල ගැන හොයනවා, කොටනවා... පස්සෙ කෙල්ල තමන්ට ඉස්සර ලැබුන ආදරේ අලුත් කොල්ලගෙන් හොයනවා.... ඊට පස්සේ පරන එකාට sorry.com මේක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.... ඊට පස්සෙ කොල්ලා මාස ගානක් විඳවනවා..... කොහොම කිවුවත් love කියන එකෙදි කෙල උනාම කෙල්ලෙකුට වඩා කොල්ලෙක් විඳවන එක වැඩී... මේ වගේ ප්‍රශ්න වලදි කෙල්ලොන්ගෙ දරාගැනීමේ හැකියාව වැඩී....

කොල්ලොන්ගෙ අතින් වෙන ලොකු වැරැද්දක් තියනවා... ඒ තමන් කෙල්ල ගැන හොඳට දන්නවා කියල හිතන් ඉන්න එක.... ඒත් කෙල්ලෙක්ට ප්‍රශ්නයක් ආපුවහම ඒකට මූන දෙන්නේ emotionally. අන්න ඒ දේ නිසා කෙල්ලෙක් ඔනෙ වෙලාවක වෙනස් වෙන්න පුලුවන්... අර ඇඩ් එකෙ කියනවා වගෙ "ගෑනු කවද්ද හිතෙන දේ කිවුවෙ?" මේ කතාව ගොඩක් දුරට ඇත්ත... කොල්ලො කෙල්ල ගැන කොච්චර දන්නවා කියල හිතන් හිටියත් නොදන්න දෙවලුත් තියනවා... සමහර වෙලාවට කෙල්ලො හිතෙ තියන දේ කියන්නෙ නැති නිසා ලොකු ප්‍රශ්න ඇති වෙනවා... කොල්ලො ප්‍රශ්නේ තෙරුම් ගන්නකොට පරක්කු වැඩී...


තව එකක්... තමන් කොච්චර දන්නවා උනත් කොච්චර විශ්වාස උනත් තමන්ගෙ අම්මා ඇරෙන්න කිසිම ගෑනු කෙනෙක් 100% විශ්වාස කරන්නත් එපා...

එකකදි එකිනෙකා තෙරුම් ගැනීම කියන එක ගොඩක් වැදගත්.. කොල්ලො නම් හිතෙ තියන ඒවා ගෙමක් නැතුව කෙල්ලට කියනවා... තමන්ට ඔනෙ විදියට ඉන්නෙ නැති උනාම කෙල්ලට බනිනවා.... එත් කෙල්ලො වෙනස්. කොල්ලා වැරදි කරනකොට තෙරුම් කරල දෙන්න හදනවා.. බනිනවා.. බැරි උනාම හොරෙන් අඩනවා. මේ කඳුලු නිසාම සමහර විට කෙල්ලගෙ හිත ගලක් වෙනවා.... ඒ ගල් හිත නිසාම නොහිතපු වෙලාවක කොල්ලව අතාරිනවා. හිතෙ තියන දෙවල එලියට දෙන්නේ නෑ... කොල්ලෙක් තමන්ගෙ කෙල්ලව තෙරුම් ගන්න ඔනේ තමයි.. ඒත් හත් දෙයියනේ කොල්ලොන්ට හිත් කියවන්න බෑනේ. එහෙම බැරි එකේ හිතේ තියන ඒව කෙලින් කියන්නේ නැතුව වෙන්න තියන ඒවා උනාට පස්සේ කොල්ලට බැනලා වැඩක් තියනවද තමන්ව තෙරුම් ගත්තේ නෑ කියල?

සමහර වෙලාවට affairs ඉවර වෙනකොට කෙල්ලො මාර කුනුහබ්බ කියනවා.. " මම ඔයාට ආදරෙයි ඒත් මට එයා නැතුව බෑ කියල" යකෝ මොන කුනුහබ්බයක්ද මෙ? සිරා කරපු කොල්ලා කෙල්ලගෙ සතුට ගැන හිතලා කෙල්ලට යන්න දෙනවා... ඌ විදවන්නවා කෙල්ල ආතල් එකේ ඉන්නවා... මම දන්න තරමින් සිරා affairs එකක් ඉවර වෙනකොට කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා... කෙල්ල ගේමක් නැතුව පරන එකාව අතාරිනවා... සමහර උන් දෙකම ටික දවසක් කරලා හොඳ එක තොරගන්නවා... ඒකත් ගොඩක් වෙලාවට අලුත් එකාව... හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි ලුනේ...



කොල්ලො නිසා කෙල වෙන කෙල්ලොත් ඉන්නවා.. මම එහෙම නෑ කියන්නේ නෑ... ඒත් කෙල්ලෙක්ට සිරා ආදරෙ කරලා කෙල වෙච්ච කොල්ලොත් ඔනේ තරම් ඉන්නවා... සිරා ආදරේ කරලා බූට් එක කෑවම කෙල්ලෙක්ට වඩා කොල්ලේක් වෙන කෙල්ලෙක්ට ලංවෙන්න වැඩි කාලසීමාවක් යනවා... අර සිංදුවක තියනවා වගේ " මට පෙන්නලා ආලේ හැටී, නුඹ දුන්නු දුක හොදටම ඇති" කියන දේ කොල්ලෙක්ගෙ හිතේ ගැඹුරටම කාවදින හින්දා....


ආදරෙන් බැට කාපු කොල්ලො ඔනේ තරම් ඉන්නවා.... ඒත් වෙච්ච දේ නිසා කෙල්ලොන්ගෙන් පලි ගන්න හදන්න එපා... ඒකෙන් වෙන්නේ පලිගැනීමට ලක් උන කෙල්ල තවත් කොල්ලෙකුට තමන්ට වෙච්ච දෙම කරන එක උනොත්? උබලා කැමතිද වෙන එකෙකුටත් උබලටම වෙච්ච දෙ වෙනවා දකින්න? උන දේ උනා කියලා තමන් හිටපු විදියටම ජීවත් උනොත් අන්තිමට තමන් ආදරේ කියන දේ හරියට කලා කියලා තමන්ට සතුටු වෙන්න පුලුවන්.....





17 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් හැබැයි මේ කතාවට විතරක්නම් මම එකඟ නෑ....:)

    “තව එකක්... තමන් කොච්චර දන්නවා උනත් කොච්චර විශ්වාස උනත් තමන්ගෙ අම්මා ඇරෙන්න කිසිම ගෑනු කෙනෙක් 100% විශ්වාස කරන්නත් එපා...“

    මොකද කෙල්ලෙක්ට තමුන්ගෙ ජීවිතේ පලවෙනියටටම ලැබෙන වටිනමදේ වෙන්නෙ බඳින්න කලින්ම තමන්ගෙ ආදරවන්තයගෙන් “අම්මා“ කියල අහගන්න එක...........

    හැබැයි ඒ මං හිතන විදිය.......

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ 'අම්මා' කියන්න කලින් හොද ආදරවන්තයෙක් ලැබිල නේද? තමන්ට ලැබුන දේ වටිනාකම තෙරුම් ගන්නේ නැති එකත් ගෑනු ලමයින්ගේ හැටියක්....

      Delete
  2. ane manda ane..adarenam nokarana tharamata thama honda!

    ReplyDelete
    Replies
    1. ආදරේ නැතුවත් බෑ ඇතුවත් බෑ.... 2න්ම වෙන්නෙ හිත රිදෙන එක විතරයි...

      Delete
  3. ඉස්කෝලේ කාලේ ආදරයක් ගැනනම් කියම්ම පුළුවන් ඕන තරම්..

    ReplyDelete
    Replies
    1. ලොකු උනාම කරන ආදරේට වඩා එක අතකින් ඉස්කෝලෙ කාලෙ ආදරේ හොදයි...

      Delete
  4. උඹ පොඩි එකා උනාට දන්න දේවල්... :D ඔය හැමදේම මම අත්දැකීමෙන් දන්නවා. හොඳ ලිපියක් මලේ...

    ReplyDelete
    Replies
    1. ඉස්තූති ලොකු අය්යේ.... පොඩි උනාට අපිත් රජ වැඩ කාරයො... :P

      Delete
  5. ඕකනෙ අපි ලව් නොකරන්නේ...
    (එකක් කරලා කෙලෝගත්තා)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්තඃපුරේ වේලෙනවද රජෝ?

      Delete
  6. අදහස් දැක්වීමෙන් වැලකී හිටියොත් හොඳයිද මන්ද....

    ReplyDelete
  7. ආදරයට සීරියස් ආතල් අර්ථදැක්වීම අසාධාරණය... ආදරය කරන එකෙක් ආතල් එකට නොකරයි යන්න මගේ අදහසය... අවංක හිතකට දුක් උරුම කළ අවස්ථා ඕනෑතරම් දකින්නට ඇත... ජීවිතයක් අතරමං කිරීම ආදරයෙන් නොවිය යුතුයි.... අවංකව ආදරය කළ කෙනෙක්,බොහෝවිට කොල්ලෙක්,කෙල්ල සතුටින් ඉන්නවා දැකීම නිසා තමන් සතුටින් යැයි පෙන්න දුක් විඳිනවා මා දැක ඇත... එළ !

    ReplyDelete
  8. Some tym dz may b da true bt.. nt sure

    ReplyDelete
  9. ඇයි කෙල්ලෝ විතරද?කොල්ලොත් එහෙම තමයි ඉන්නවා එයාලගෙත් හිතේ එකක් සඟවාගෙන කථා කරන අය.

    ReplyDelete
  10. ජීවිතේටම එකමපාරක් විතර නම් ලව් කරලා තියෙන්නේ ඒකේ ලොකු අඩුවක් තියෙනවා!

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.