Pages

Tuesday, December 10, 2013

සත් ගුණවත් බාර් එක

කුකුලා අතේ තියාගෙන බාර් එකකට ගිහිල්ලා තියනවද???? ලඟදි දවසක බාර් එකක් අරිනකන් ඒක ඉස්සරහ බලන් ඉන්න උනා. කොහොම කොහොම හරි බාර් එකේ දොර අරිනකම් ඉඳලා ඇතුලට ගියාම එකේ ඉන්න එකා කියාපි පොඩ්ඩක් ඉන්න පහන තියලා එන්නම් කියලා..... මූ මල් තියලා පහන පත්තු කරලා හදුන්කූරු 2ක් අරගෙන බොතල් වලට දුම් ඇල්ලුවා. අඩන්නද හිනා වෙන්නද කියලා හිතාගන්න බැරුව ගියපු එකයි මමයි මූණට මූණ බලාගත්තා.

අපේ මිනිස්සු සුභ දෙයක් පටන් ගන්නකොට ආගම දහමට මුල් තැන දෙන එක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි ඒ මුල් තැන දෙන එක කොතරම් දුරට දැනුවත් වීමකින් කරනවද කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක් උනේ එදා. කරන්නම් වාලේ කරන දේවල් දිහා දැක්කම පවු කියලත් හිතෙනවා. කන්න ගියාම කබරයත් තලගොයා වෙනවා කියලා කතාවට කිවුවට දැන හෝ නොදැන හරි මෙහෙම දේවල් කරන එක තමන්ගේ ආගමටත් අගෞරවයක් නෙමෙයිද!



Thursday, November 28, 2013

ගංජා කාරයා

දුම් බීම හෘද්‍යාබාද ඇති කරයි කියලා පෙට්ටියේ කොච්චර ගහලා තිබ්බත් දවසකට ලංකාව ඇතුලේ සිගරට් කෝටි කීයක් විකිනෙනෙවා ඇත්ද! සෞඛ්‍යය ට කොච්චර හානිකර උනත් මොකක් හරි ආතල් එකක් තිට කොච්චර හානිකර උනත් මොකක් හරි ආතල් එකක් තියනවා නම් මිනිස්සු ඒ දිහා නොබලා ඒක මගහරින්නේ නෑ ගොඩක් වෙලාවට. දවසකට පාර අයිනේ, කඩ පේලියේ කොනක, වාහනයක් ගාව, නැත්තම් කොහෙ හරි අයිනක මිනිස්සු කී දාහක් සිගරට් බොනවද! අපි කොච්චර ඒ දේ දකිනවද???? ඒත් අපි ඒ දේ ගණන් ගන්නෙ නැත්තෙ ඒක අපිට හුරු පුරුදු දර්ශනයක් නිසා වෙන්න ඇති. හැබැයි කොල්ලො දෙතුන් දෙනෙක් මුල්ලකට වෙලා ජොයින්ට් එකක් ඔතනවා දැක්කොත් හරි ගහනවා දැක්කොත් හරි මොකද වෙන්නෙ????



කොල්ලෙක් එක පාරක් ගංජා පාරක් ගහනවා දැක්කොත් ඌ ගංජා කාරයා කියලා උගේ ජීවිත කාලෙටම හංවඩු ගහනවා...මේක කොච්චර දුරට සාධාරණද! ඇබ්බැහි වෙනවා කියන එක නිකම්ම වෙනවා කියල හැමෝම කිවුවට මමනම් ඒක කොහෙත්ම පිලිගන්නේ නෑ. ඇබ්බැහි වන එක නොවෙන එක තීරණය වන්නේ තමන්ගේ අවශ්‍යතාව මත මිසක් පාවිච්චි කරන දේ මත නෙමෙයි. දවසට සිගරට පැකට් 2, 3 බොන උන්ට මිනිස්සු සිගරට් කාරයා කියන්නේ නැත්තම් ඇයි මේහෙම ගංජා ගහන එකාට ලේබලයක් ගහන්නේ???? මම නම් සම්පූර්ණයෙන් ම විරුද්ධයි මේ කතාවට.

ගංජා වලට ඇබ්බැහි වෙනවා කියන එක නම් සම්පූර්ණ බොරුවක්.... මොකද ගොඩක් අය දැකලා තියෙන්න ගංජා ගහන උන් උනාට මම ගංජා නාන උන් වත් දැකලා තියනවා. හැබැයි ඒ මිනිස්සු "නැ බං අද බෑ, උබලා ගහපල්ලා" කියනවත් මට ඇහිලා තියනව.... ගංජා සුරුට්ටුවක් ඔතලා ගහන උන් මෙල්බොරො ග්‍රීන් එකක් බොනවා දැක්කොත් අපේ මිනිස්සු ඌට මුකුත් කියන එකක් නෑ සමහර විට..... මොකද මොන වැරැද්ද උනත් පොශ් විදියට කරනවා නම් අපේ උන්ට ඒක වැරැද්දක් විදියට පේන්නේ නෑන.

Saturday, November 9, 2013

තව හයියෙන් තව හයියෙන් ( faster baby faster )

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියත් වෙන දේ තාමත් තෙරුම් ගන්න බෑ ආයුබොවන්ඩ..... සංවර්ධනේ සංවර්ධනේ කිය කිය එක එක තැන් වල එක එක ඒවා අටෝනකොට අනේ සාදු අනේ සාදු කිය කියා ආස්චර්යයක් වෙනකන් බලන් හිටියා ඇරෙන්න වෙන්න යන්නෙ මොකකද කියලා හිතුවේ නෑනෙ....

තුන්වෙනි ලොකේ රටක් වෙච්චි කොට, මෙහෙව් මගුල් අටවන්න යන සල්ලි කන්දරාව දැක්කම ඔකෙන් ජුන්ඩක් රටේ තියන කුඹුරු ටික අස්වද්දන්න දුන්නා නම් මෙලහකටත් අටු කොටු පුරවන්න බැරි වෙන්න වී වත් ගන්න තිබුනා.... වැඩි හරිය රට පටවන්න හරි තිබුනා..... ඒදා වේල හම්බකරන් කන මිනිස්සු ණයට අරන් ගෙවල් හදන්නේ නෑ අයුබොවන්ඩ, හැදුවත් එදා වේල අමාරුවෙන් කන එකා කොහොම ඔවා ගෙවන්නද. අන්තිමට ණය ගත්ත එකාටම සින්න වෙන්න දෙනවා ඇරෙන්න... 


මම නූගත් එකා හින්දා මට මේවා නොතේරෙනවද මංදා, බස් එකේ සොච්චමක් දීලා යන එකටත් අහවල් එක කොරලා අදිවේගී පාරවල් හදලා මොකටද???? රටේ ඉන්න ඈයො ඔක්කොම සල්ලි වැක්කෙරෙන උන් නෙමෙයි නොවැ.... මාස් පඩි කාරයා ගෙවල් වලට කන්න දීලා ඉතුරු වෙන සොච්චම එකතු කලත් වාහන වල ගණන් ඇහුවම රොද හතරක් තියා තනි රොදයක් වත් ගන්න අවුරුද්දක් දෙකක් යනවා..... එහෙව් එකේ ඔය හදන් මගුල් වල සල්ලි දීලා පොඩි කාලේ වගේ ටයර් පදිනවා හැරෙන්න පොඩි එකා වෙන මක්ක කරන්නද...

Thursday, October 24, 2013

කොටු කොටු එක

කොටු කොටු තියන එවා නම් ගොඩක් ඇති. ඒ කොටු කොටු වලින් එක කොටු කොටු එකක් තමයි දැල කියල කියන්නෙ. සමහර ඒවා නම් කොටු කොටු නැතුව වෙන වෙන හැඩ වලටත් තියනවා. භාවිතා කරන ස්ථානය අනුව මේකේ ප්‍රයෝජන වෙනස්..... ඒක හරියට ධීවර කාර්මිකයෝ දැල දාලා මාලු අල්ලද්දි පෙදරේරුවො දැලක් උපයෝගී කරගෙන වැලි හලනවා වගේ.



එදිනෙදා ජීවිතේදි මේ දැල කියන එක කාන්තා පාර්ශවයටත් බොහෝ දුරට අදාල වෙනවා. හැබැයි ඒ දැල එලුවොත් කොහේ හරි ඉන්න අහිංසක පිරිමියෙක් අනාත වෙලා තමයි වැඩේ ඉවර වෙන්නේ. ගැලවෙනවා බොරු....... මාලුවෙක් දැලට අහු උනාම ඌ මැරිලවත් යනවා. ඒත් මේ දැලට අහුවෙන එකාට එහෙම වත් සැනසිල්ලක් හම්බවෙන්නේ නෑ. ඌ ජීවිත කාලේ ඉවර වෙනකන්ම විඳවනවා............. ඒ අතින් කාන්තා පාර්ශවයට දැල් එලීමේ හැකියාව උපතින්ම ලැබෙන දායාදයක් කියලා කියන්නත් පුලුවන්...... මේ ලොකේ බලවත්ම දැල ඕක වෙන්න ඇති කියලා තමයි හැමෝම කියන්නේ.

තියමුකො ඒ දැලත් පැත්තකින්...... ලොකේ ඔබ දන්න හොඳම දැල් කාරයා කවුද කියල ප්‍රශ්නයක් මතු උනොත් මොකක්ද දෙන උත්තරේ????? මගෙනම් උත්තරේ මකුළුවා..... හෙන ගේමක් දීලා පට්ට ලස්සනට දැල වියන්නේ ජීවිතේ ගැටගහගන්න උනත් ඒ උත්සාහයේ අවසානයේ තවත් ජීවිතයක් ගොදුරක් බවට පත් වෙනවා. කමක් නෑ, මකුලුවත් කන්න ඔනනේ, උටත් බඩක් තියනවනේ.

Saturday, October 12, 2013

අපේ ඊලඟ පරම්පරාව

ලෝකේ දවසෙන් දවස දියුණු වෙනවා, නව තාක්ෂනයන් එලියට එනවා..... මිනිස්සු දියුණු වෙනවා, සමහරු ඒ දියුණුවටම ඊර්ෂියා කරනවා...... හැබැයි මේ වෙලා තියන දියුණුව අපේ ඇස් වලට කඳුලු උනන තරමටම අපිට සතුටක් වෙලා..... ඒ උඹලා අපේම උන් නිසා...... මේ ලියන්නේ උබලා වෙනුවෙන්......

හැමදාම හැමතැනම වගේ වෙන්නේ කෙනෙක් දුක් මහන්සියෙන් ගොඩනගාගත්ත දේවල් ඊලඟ පරම්පරාවේ එවුන් විනාස කරලා දාන එක.... ඒත් උබලා අපි ඒ අමාරුවෙන් ගොඩනගාගත්ත දේ උබලගෙ කැපවීමෙන් තව තවත් දියුණු කරලා තියනවා දකිද්දි ඇත්තටම සතුටුයි බං... ඒක බඩවැල කඩාගෙන නාවත් උබලා අපේම පොඩි උන් කියලා අපිට හැඟෙන්නේ උබලා  අපි කරපු කැපකිරීම්, හෙලපු දහඩිය ඒ විදියටම සමහරක් විට ඊටත් වඩා වැඩියෙන් කරන නිසා වෙන්නත් ඇති.... දෙමව්පියො දරුවන්ගෙ දියුණුවේදි කොච්චර සතුටු වෙනවද කියන ඒ හැඟීම දැනෙන්න අපිට තව ගොඩක් කල් තිබ්බත් ඒ හැඟීම අපේ හිත් වල උබලා ඇති කලා. ඊට වඩා මොනවා අපි උබලගෙන් බලාපොරොත්තු වෙන්නද මල්ලියේ!!!!!!

සමහර අපි ආදරේ කරපු දේවල් වල පල්ලට යන යුගයක, ඒ වලපල්ලට යන දේවල් දැකලා ඒ ගැන දුක් වෙන්න අපිට ඉඩ නොතියපු උබලා ඔක්කොටම පිං.... කටක් ඇරලා ආඩම්බරෙන් බලපන් අපේ පොඩි උන්ගේ වැඩ කියල අපි කියන්නේ හිතේ පුදුම සතුටකින්.



Friday, October 4, 2013

කෑල්ල

අපි ජීවිතේ ගැන මොනවා හිතන් හිටියත් අපි නොහිතන වෙලාවට අපේ ජීවිත් වලට එන මිනිස්සු අපේ ජීවිත වල තිබුන බලාපොරොත්තු වෙනස් කරන අවස්තා අනන්තයි....... නොහිතපු වෙලාවක් මගේ ජීවිතේට ආපු ඔයත් හරියට ඒ වගේ. සමහර විට මේක දෛවය වෙන්න ඇති... ඒත් මගෙ දෛවය මෙච්චර කුරිරු වෙන්න මම මොන පවක්ද කරලා තියෙන්නෙ කියලත් මට හිතෙනවා.



ඒ මම ඔයාව දැක්ක පලවෙනි දවස නෙමෙයි වෙන්නත් පුලුවන්, මීට කලින් ඔයා එහේ මෙහේ යනවා මම අනන්තවත් දකින්න ඇති, ඒත් ඔයා ගැන මට ආවේදනයක් නො එන්නට ඇති...... වලාකුලු වලින් හඳ වැහිලා තියනකොට අපිට පේන්නේ තරු විතරයි නේ, ඔයා වලාකුලු වල හැංඟිලා ඉද්දි මම සිකුරු තරුවක් දිහා බලාගෙන ඉන්නත් ඇති...... මමත් මනුස්සයෙක් නේ. අපේ යාලුවො අපිව අමාරුවේ දාන අවස්ථා එමටයි.... මාවත් මේ අගාදයට ඇදලා දැම්මේ මගේම සහෝදරයෙක් වගේ ඉන්න එකෙක්. මුල්ලකට වෙලා පිස්සුවක් කෙල කෙල ඉන්න වෙලාවක "ඔයි ඔය මොනවද ඔය, අර බලපන්කෝ අරකිගෙ ලස්සන, පට්ට කෑල්ල නේ"  මේ වචන ටික මාව දාන්න යන අමාරුවක තරම මම දැනගෙන හිටියනම් මම ඔකගේ කට ගලක උලලා මැහුම් දානවා ආයේ කතා කරන්න බැරි වෙන්න.... මොකද ඒ වචන පේලිය හින්දා හැරිලා බලපු මට තාමත් අහක බලන්න හම්බවුනේ නෑ..

ඇත්තටම ඔයා  "හෙන කෑල්ල" ද? එක එකා මොන මොන කතා කිවුවත් මටනම් එහෙම පේන්නේ නෑ.... ඒත් එහෙම වෙන්නත් ඇති, නැත්තම් මෙච්චර කොල්ලො ගොඩක් ඔයාගේ පස්සෙන් එන්නෙත් නෑනේ... ඒත් ඔයා දිහා බලන හැම වෙලාවෙම මට නම් පේන්නේ අහිංසක සුන්දරත්වයක් විතරයි... ඔයා දිහා ඒ බලපු පලවෙනි පාර මගේ හිතට ආපු හැඟීම තාමත් මට මොකක් ද කියලා තේරෙන්නේ නෑ. ඒ හැඟීමෙන් තාමත් මට මිදෙන්න හැකියාවකුත් නෑ.... මම හැමදාම උදේට එන්නේ ඔයා දඟල දඟල පොඩි  එකෙක් වගේ එහාට මෙහාට යන එක බලන්න. ඒ වෙලාවට ඔයා ගැන මට කොච්චර ආදරේ හිතෙනවද? මිනිස්සු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවලු.... ඇබ්බැහි වෙන්න මෙච්චර දේවල් ලෝකේ තියෙද්දි මම ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියලා මම තාම්ත් මගේන් අහනවා.

Sunday, September 22, 2013

පෙට්ටිය

පෙට්ටිය වූ කලී අමුතුම එකකි...... සමහරු පෙට්ටි කඩති, සමහරු පෙට්ටි කඩාගනී. තවත් කෙනෙක් පෙට්ටි සොයති. එකෙක් පෙට්ටියක් අරින කල තවත් එකෙක් පෙට්ටියක් වසයි....... මෙහෙව් වූ කල පෙට්ටියෙන් ඇති ප්‍රයෝජන බොහෝ වේ. පෙට්ටිත් එක්ක මොන මොන සෙල්ලම් දැම්මත් අන්තිමටම අපි හෑමෝටම පෙට්ටිය උරුම වේ...... උපතින් පෙට්ටි එකක් හෝ දෙකක්  දායාද කරගෙන එන අපි අන්තිමටම පෙට්ටියේම යන්නට යන්නෙමු.... ඒ පෙට්ටිය කැඩෙන්නේ නැත, සමහර විට කැඩෙන්නත් පුලුවන, ඒත් බොහෝ විට වෙන්නේ දිරා යාම හෝ අලුවී යාම පමණි....



ජීවත් වෙන අපි මරණයට පත් වූ විට අවසන් ගමන් යන මිනී පෙට්ටිය අද වෙනකොට බිස්නස් එකක්, තවත් විග්‍රහ කලොත් ආයොජනයක් බවට පත් වෙලා..... කොටින්ම කිවුවොත් මැරිල ගියාට පස්සෙ කනත්තට ගිහින් වලලන හෝ පුලුස්සා දමන මිනී පෙට්ටිය සමාජ තත්වය පිලිඹිබු කරන සංකේතයක් බවටත් පත් වෙලා ඉවරයි.. මැරිලා ගිය එකා 10,000 පෙට්ටියේ ගියත් 1,000,000 පෙට්ටියේ ගියත් වෙනසක් වන්නේ නැත, සමහර විට ඌ යන පෙට්ටිය පිලිඹදව තැකීමක් කරන්නේද නැත. මොකද ඒ ඌ ජීවිතයෙන් සමු අරගෙන සිටිනා නිසාය..