Pages

Saturday, November 9, 2013

තව හයියෙන් තව හයියෙන් ( faster baby faster )

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියත් වෙන දේ තාමත් තෙරුම් ගන්න බෑ ආයුබොවන්ඩ..... සංවර්ධනේ සංවර්ධනේ කිය කිය එක එක තැන් වල එක එක ඒවා අටෝනකොට අනේ සාදු අනේ සාදු කිය කියා ආස්චර්යයක් වෙනකන් බලන් හිටියා ඇරෙන්න වෙන්න යන්නෙ මොකකද කියලා හිතුවේ නෑනෙ....

තුන්වෙනි ලොකේ රටක් වෙච්චි කොට, මෙහෙව් මගුල් අටවන්න යන සල්ලි කන්දරාව දැක්කම ඔකෙන් ජුන්ඩක් රටේ තියන කුඹුරු ටික අස්වද්දන්න දුන්නා නම් මෙලහකටත් අටු කොටු පුරවන්න බැරි වෙන්න වී වත් ගන්න තිබුනා.... වැඩි හරිය රට පටවන්න හරි තිබුනා..... ඒදා වේල හම්බකරන් කන මිනිස්සු ණයට අරන් ගෙවල් හදන්නේ නෑ අයුබොවන්ඩ, හැදුවත් එදා වේල අමාරුවෙන් කන එකා කොහොම ඔවා ගෙවන්නද. අන්තිමට ණය ගත්ත එකාටම සින්න වෙන්න දෙනවා ඇරෙන්න... 


මම නූගත් එකා හින්දා මට මේවා නොතේරෙනවද මංදා, බස් එකේ සොච්චමක් දීලා යන එකටත් අහවල් එක කොරලා අදිවේගී පාරවල් හදලා මොකටද???? රටේ ඉන්න ඈයො ඔක්කොම සල්ලි වැක්කෙරෙන උන් නෙමෙයි නොවැ.... මාස් පඩි කාරයා ගෙවල් වලට කන්න දීලා ඉතුරු වෙන සොච්චම එකතු කලත් වාහන වල ගණන් ඇහුවම රොද හතරක් තියා තනි රොදයක් වත් ගන්න අවුරුද්දක් දෙකක් යනවා..... එහෙව් එකේ ඔය හදන් මගුල් වල සල්ලි දීලා පොඩි කාලේ වගේ ටයර් පදිනවා හැරෙන්න පොඩි එකා වෙන මක්ක කරන්නද...

චෝගම් ද මොකක්ද එකක් කියලා එකක් හින්දා කඩිනම් වැඩ කරලා පාරවල් හැදුවට අන්තිමට ගියපු ගාන දැක්කම බඩ යන්න එනවා අයුබොවන්ඩ..... චෝගම් තිබ්බත් නැතත් අපිට මක්කද කන්න බොන්න හරි හරියට තියනවනම්. හම්බකරන් කන්න ආකරයක් දැක්කම වඩාගෙන ගෙදර අරන් එන එක ලොකු එකාගෙ හැටියක්ලුනෙ.... 

ලයිට් බිල දැක්කම ලයිට් වලට වඩා හොඳයි කුප්පි ලාම්පු කියලා හිතුනත් කුප්පි ලාම්පුවට ලාම්පු තෙල් ගන්නත් වේල් දෙකක ගාන යනකොට කලුවරෙම ඉන්න එක සැපයි කියල හිතෙනවා..... වාහන වලට තෙල් ගහන්න තෙල් කෝ??? කොහෙන් හරි බොර තෙල් ටිකක් ගෙනෙල්ලා පුලු පුලුවන් විදියට මෙහෙ තෙල් හිඳපු මෝලත් අන්න බොර තෙල් නැතුව වැහිලා ගොහින් ලු. බොර තෙල් වගේද චොගම් නෙ අයුබොවන්ඩ...... ගෙදර උන් බඩගින්නෙ හිටියත් එන එකාට සංග්‍රහ කොරන එක ඒ කාලේ ඉඳන් අපේ පුරුද්දක් කියලා කතාවට කියනවනෙ..... පෙට්‍රල් ඩීසල් ගේනකොට ගත මනාවකුත් හම්බවෙනවා ඇතිනෙ. 

කැසිනො ද මොකක්ද මංදා දාන එකට අපේ කොල්ලො කුරුට්ටො විරුද්ධ උනාට මොකද ආයුබොවන්ඩ ඔය එක එක ඒවයෙන් හම්බ උන ගතමනාවල් ගෝනි පිටින් බැංකු වල පුස් කනවට වඩා හොද නැද්ද ඔවා සෙල්ලමකට යොදවන එක මං අහන්නෙ..... අනේ දුප්පත් අපිට මොන කැසිනෝ ද ආයුබොවන්ඩ, ඉඳලා හිටලා රෙස් කොලයක්, බූරු අතක් ගැහුවොත් මිස.....



රටක දියුණුව පෙන්නන්න ඔනේ නම අර දීපංකරේ ට අරන් යන්න තිබ්බනෙ මේ කොලඹ ඉසව්වේ පාරවල් වහන්නෙ නැතුව.... එකෙන් මෙකෙන් වෙන්නේත් මහන්සි වලා වැඩ කරලා ගෙදර එන එකා ගෙදර එන්න පැයක් දෙකක් පරක්කු වෙන එක හරි, උදේට රතු ඉර වැදිලා පඩි බාගයක් කැපෙන එක හරි විතරනෙ.... මොකද මුන්ට වැඩට යන්න කියලා පාරවල් හදලා දෙන එකක් යෑ... අනික වතුර පුරවලා ගල කඩපු වාරායක් තියනවා, ගුවන් තොටුපලක් තියනවා අලි එලවන, ඇයි බොලේ අර ලොකු සම්මන්ත්‍රන සාලාවක් ද මොකක්ද එකක් හැදුවෙ 150 ට දාන්න තිබුන කාපට් එකම 550 බිමට එලලා..... මේවනේ ආස්චර්ය ආයුබොවන්ඩ. නිකන් ලොකෙට බොරුව නොපෙන්නා මෙවාගෙ ඔය චොගම් එකද මොකක්ද එක තිබ්බ නම් අපේ මිනිස්සුන්ටත් කරදරයක් නෑ නොවැ.... අනිත් එක හදපු එකේ වැඩක් වත් ගත්ත කියල කියන්න තිබුනා...

මේ කට බිම උලාගන්නත් හිතෙනවා මේවා නොකිය..... රට වටේට මූද තිබිලා ලුණුයි කරලවලයි පිට රටෙන ගෙන මේ රටට මොන ආස්චර්යද බොල.. වේගය මරු කැඳවයි කියුවෙ නිකම් ම නෙමෙයි නෙ.... මේ සංවර්ධන වෙගෙටත් කියන්න තියෙන්නේ ඔච්චරම තමා... කාටවත් බැනලා වැඩක් නෑ ආයුබොවන්ඩ... අන්තිමට අපේ ආදෝ මාර්ගෙට ඇරගෙන තියෙන්නේ අපිම තමයි.... රජ කරන්නේ අපිම රජ කරවන්න ඇරපු අයනෙ... 



හොඳ දේවල් නැත්තේ නෑ ආයිබොවන්ඩ, රට තිබුනට වඩා ගොඩක් හොඳයි..... එක නෑය කියල මම කියන්නේ නෑ, ඒත් මේ යන විදියට තව කොච්චර කල් රට තියෙයි ද කියන එකයි මට සැක... එහෙම උනොත් ඉතින් බොට්ටුවක් හොයාගෙන ඔස්ට්‍රෙලියාවට වත් හබල් ගාන්න තමයි පුලු පුලුවන් ඇත්තොන්ට වෙන්නේ. බැරි උන්ට, හතර වරං දෙයියන් ම රැක දෙන්න ඔනේ උන්ව.... රටට ආදරේ මිනිස්සු ඉස්සරහට එනකන් හරියන්නේ නෑ ආයුබොවන්ඩ. පුරස්නෙකට තියෙන්නේ එහෙම උන් ඉන්නවද කියන එක...

20 comments:

  1. හයිවේ වල යන්න බැරුව මාස් පඩිය කකා ගෙදරට ඉන්න වෙලා ඉන්න ඇත්තොමයි ආස්චර්ය දැකල ලොක්කව රජ කෙරෙව්වෙ. උන්ට තාම ලැජ්ජ නැති එක ගැනයි දුක.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ කටේ මසුරන් දාන්න ඕනා සෑමගෙ

      Delete
  2. //රටක දියුණුව පෙන්නන්න ඔනේ නම අර දීපංකරේ ට අරන් යන්න තිබ්බනෙ මේ කොලඹ ඉසව්වේ පාරවල් වහන්නෙ නැතුව.... එකෙන් මෙකෙන් වෙන්නේත් මහන්සි වලා වැඩ කරලා ගෙදර එන එකා ගෙදර එන්න පැයක් දෙකක් පරක්කු වෙන එක හරි, උදේට රතු ඉර වැදිලා පඩි බාගයක් කැපෙන එක හරි විතරනෙ....// ඒ කතාව නම් ඇත්ත අප්පා....

    ReplyDelete
  3. ඒ වුනාට කමක් නෑ බං ආස්චර්යනේ..

    ReplyDelete
  4. චොගම් කෑල්ලක් කාලා, ආශ්චර්ය වීදුරුවක් බීලා සාටකේ පොරවගෙන නිදාගනිං බන්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ

      Delete
  5. කාපියව් චොයින්ගම්... කාල තව තවත් උන්ටම දීපියව්..
    කැසිනෝ එකේ වැඩට ගණිකාවො මදි උනොත් තමන්ගෙ ගෑණු අරන් ගියාම තොපිට තේරෙයි

    ReplyDelete
    Replies
    1. කැසිනෝ වලට මෙහෙ උන් ගන්න එකක් නෑ මයෙ හිතෙ

      Delete
  6. අපේ රටට වෙන්නෙ මොකද්දෝ.......

    ReplyDelete
    Replies
    1. වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද කියල ඇහුවනම වඩා හොඳයි

      Delete
  7. නියම පෝස්ට් එක .
    වැඩක් නෑ කියල මේ වෙන දේවල් ගැන මිනිස්සු හරක් වගේ ඔහේ ඇස් කන් පියා ඉන්නවනේ අනේ ඉතින් . කොච්චර බර පැටෙව්වත් කොච්චර හොර මැරකම් තිබ්බත් ඔහේ ඉන්න ආස්චයිර්ය (මත්) ජාතියක්නෙ අපි . මැරෙන්න කලින්වත් මිනිස්සු පාරට බහිනකන් බලා ඉන්නෙ .

    ReplyDelete
  8. සාදු කියන්න පිංවත. සාාාදු

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.