Saturday, April 20, 2013
සයිබර් සිහින බක් මහ උළෙල
දැන් ඉතින් යමන්කො හෙට මහරගම..... මුන් ගෙදර ඉන්න දවසේ වත් ටිකක් වැඩිපුර නිදාගන්න දෙන්නේ නැති හැටි බලහල්ලකො. කමක් නෑ ඉතින් හැමදාම නෑ හැම තැනම නැති නිසා නින්ද පැත්තකින් තියල එන්න තමයි ඉන්නෙ... කට්ටියම එයි කියලා බලාපොරොත්තු වෙනවා.. හෙට ගෙදර නෑ කියල අම්මගෙනුත් බර බරේ හොඳටම.... බොහොම අමාරුවෙන් ශෙප් කරගත්තෙ.
හෙට මොනවයෙන් මොනව වෙයිද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ... මොනා උනත් ගම්පහ ගෙට්ටුව වගේ ෆුල් ආතල් එකක් සෙට් වෙයිනෙ..
Wednesday, April 17, 2013
හැඟීම් හා යුතුකම අතර අපි
පලවෙනි කොටස මෙතනින්
නිදහස් නිවහල් අපේ රටක ජීවත් වෙන අපි ඇත්තටම අපේ දෙමව්පියො ඉස්සරහා නිදහස් ද? කොච්චර වයස ගියත්, කර දඬු උස් මහත් උනත් අපිට දෙමව්පියන්ගේ වචන වලට යට වෙලා ජීවත් වෙන්න වෙලා නැද්ද? යුතුකම්, වගකීම් කියන දේවල ගැන හිතලා ගොඩාක් වෙලාවට අපි එයාලට අවනත වෙනකොට සංස්කෘතිය කියල මගුලකුත් ඇවිත් අපේ බෙල්ල හිර කරනවා...මොන එහෙකට ලංකාවේ ඉපදුනාද කියල හිතුන වාර ගණන අනන්ත වෙන්න ඇති. ඒ අපි ෆිල්ම් වල දැකලා තියන ඒ නිදහසෙන් පොඩ්ඩක් වත් අපිට නැති නිසා..
පොඩි කාලෙ ඉඳන් පාට් ටයිම් ජොබ් එකක් හොයාගෙන කියක් හරි සාක්කුවට දාගෙන යාලුවොත් එක්ක රට වටේ ඇවිදලා එන්න, කැමති එකෙක් එක්ක ගෙදරටම කියල ලව් කරන්න... මේ දේවල් අපිට හීනයක් විතරයි. කමක් නෑ මේ ලංකාව නේ කියල හිත හදාගන්න පුලුවන් කොහොම හරි... ඒත් අපි අපේ හීන ඉස්සරහ අසරණ වෙන වෙලාවල් කොච්චර තියනවද?
තමන් කැමති එකෙක් කසාද බඳින්න ගියාම මෙහෙ කොච්චර අමාරුද? ලව් එක මාට්ටු වෙලා ගෙදරින් අම්බානට බැණුම් අහපු උන් කොච්චර ඇද්ද? අපිට ගැලපෙන කෙනා දන්නේ අපි උනාට ඒක කවදාවත් දෙමව්පියෝ තෙරුම් ගන්නවද? ජීවිතේ ඉතුරු කාලේ ගෙවන්න හොයාගන්න පුද්ගලයා හොයාගන්න ඔනේ තමන්ද නැත්තම් දෙමව්පියො ද? එයාලා බන්දලා දීලා පැත්තකට උනාම ඒකේ විපාක විඳවන්න වෙන්නේ තමන්ගේ අසරණ ලමයින්ට නේද කියල හිතන්නේ කීයෙන් කී දෙනාද? දෙමව්පියෝ දරුවන්ගේ යහපත ගැන, සතුට ගැන හිතනව කියලා හැමෝම කිවුවට ලමයින්ගේ සතුට දෙමව්පියන්ගේ කැමැත්තම නෙමේ කියලා එයාලා තෙරුම් ගන්නේ නැත්තේ ඇයි?

Saturday, April 13, 2013
අලුත් අවුරුද්ද
අවුරුදු නේ? අනේ මංදා...... සකල ලෝක වාසී හා ලංකාවාසී ජනතාවට කියන්න තියෙන්නේ ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන, කරදර භාදක දුරුවෙලා යන සතුට සාමය රජ කරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා තමයි...
හැබැයි ඉතින් අලුත් අවුරුද්ද කියන එකේ නියම තෙරුම වටහාගෙන ඒ අනුව ජීවිත හැඩගස්ස ගන්නවා නම් දවස් ගනන් සෙනඟ අස්සේ තෙරපි තෙරපි ඇඳුම් තෝරලා පැය ගනන් පොලිම් වල ඉඳලා ලෝකෙට පේන්න හොඳට කාලා බීලා ඇඳලා ඉඳලා ඊට පස්සේ ලොකු කේක් එකක් අරන් නෑදෑ ගෙවල් වල යනවට වඩා ඒක වටිනවා...
අර කියනවා වගේ අලුත් අවුරුද්දට අලුත් වෙන්න ඔනේ අපේ සිතිවිලි...... එහෙම නොකර මොන දේ අලුත් කලත් අන්තිමට ඉතුරු වෙන්නේ කලින් අවුරුද්දේ හිටපු පුද්ගලයම තමයි... ඒ නිසා තමන්ගේ තිබුන අයහපත් ගතිගුණ වලින් ඈත් වෙලා කලින් අවුරුද්දට වඩා යහපත් මිනිහෙක් විදියට අලුත් අවුරුද්ද සමරන්න පුලුවන්නම් එදාට අපේ මුලු රටටම ලිප ගිනි මෙලෙව්වේ නැතත් කිරි ඉතිරෙයි...
Monday, April 1, 2013
අයිතිය හා යුතුකම අතර අපි
ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්... ඒකට අර්ථකතනයක් දෙන්න මට තාම තෙරෙන්නේ නෑ. මව් කුසින් එලියට ඇවිත් මේ ලෝකේ එලිය දැකලා දෙමව්පිය ආදරය රැකවරණය යටතේ හැදිලා වැඩෙන අපේ ජීවිත ඇත්තටම අපිට අයිති ද? මේ කියන්න යන දේ ඇත්ත නැත්ත විනාඩියක් නැත්තම් දෙකක් හොඳට කල්පනා කරලා බලන්න... මම දැක්ක මට දැනිලා තියන දේවල් වල සාරාංශයක් මේ...
පොඩි කාලේ අම්මලා තාත්තලා අපේ පස්සෙන් හිටියේ හැමවෙලේම අපි දිහා ඇහැ ගහගෙන... මොකක් හරි දෙයක් කරන්න ගියාම '' හා හා බලාගෙන" අරක වෙයි මේක වෙයි කියලා පස්සෙන් ඉන්නේ අපිට තියන ආදරේට වෙන්න ඇති... ආසාවට වැස්සට තෙමිලා ගෙවල් වලින් බැනුම් අහගත්ත අය කොච්චර ඇතිද? ඒ පුංචි හිත් වල තියන ආසාවල් ලොකු අයගේ හිත් වලට දැනුනා හෝ නැතා හෝ එයාලා හැම වෙලේම පුංචි උන් කරන දේවල් දිහා බලන්නේ ඒ දේවල් වල අනතුරුදායක පැත්තෙන්.... සමහර වෙලාවට දෙමව්පියන්ගේ බැනුම් ගුටි බැට හින්දාම ඒ පුංචි හිත් වල තියන ආසාවල් ඒ හිත් ඇතුලෙම පරවෙලා යනවා ඇත්ද?
මම කියන්නේ නෑ පොඩි උන්ට මග පෙන්නන එක නරක දෙයක් කියලා... ඔව් දෙමව්පියො හැටියට උන්ට හරි මග පෙන්නන එක, හොඳ නරක කියාදෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඔනේ දෙයක්... ඒත් ලමයෙක්ට දූව්ලි වැදෙයි, නැත්තම් වැටිලා තුවාල වෙයි කියලා යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න යවන්නේ නැති දෙමව්පියො කොච්චර ඉන්නවද? පියරු බබ්බු හදලා උන්ව සමාජයට යැව්වම උන් අසරණ වෙන විදිය දෙමව්පියො කවදාවත් හිතන්නේ නෑ... ගින්දර අල්ලන්න යන පොඩි එකෙක් ට "හා හා පිච්චෙයි" කියලා අල්ලන එක නවත්තන්න හදනවට වඩා යන්තම් හරි ඌට ගිනි රස්නේ ඇඟිල්ලට දැනෙන්න අරින එක හොඳ නැද්ද? මොකද පිච්චෙනවා කියන එක අත්දැකීමෙන් නොදන්න එකා කවදා හරි පුච්චගන්නකන් ගින්දරට තියන ආසාව අත අරින්නේ නෑ නේ.... මොනවා උනත් පොඩි කාලේ ලමයින්ගේ ජීවිත පාලනය කරන්න හදන එක කමක් නෑ කියමු. ඒ නොතෙරුම් කමට වැරැද්දක් කරන එකෙන් හරි අනතුරක් වෙන එකෙන් හරි වලක්වගන්න කරන උත්සාහයක ප්රතිපලයක් නේ.

Wednesday, March 27, 2013
නැවත පැමිණිමි
දන්නේම නැතුව මාසයකුත් ගෙවිලා ගියා... බ්ලොග් එක පැත්ත පලාතේ එන්න හම්බුනෙත් නෑ. සමහර වෙලාවට ඉක්මනට ගෙවෙන්නේ නැතුව අපිට ඇනයක් වෙන 'කාලය' සමහර වෙලාවට අපිටත් නොදැනිම ඉගිල්ලිලා යන්නේ අපේ ජීවිත වල කාර්යබහුලත්වය හින්දද නැත්තම් කාර්යබහුල අපේ ජීවිත වලට තවත් අභියොගයක් දෙන්නද කියල මට තෙරන්නේ නෑ....
විභාග එනකොට එන්නෙ එක පිට එක, පාඩම් කරන්න ගියාමත් එපා වෙනවා... එකකට පාඩම් කරන්න දෙන ගේම අස්සෙ තවත් එකක් ඒ පිට වැටුනහම හිතට දැනෙන ආතල් එක කියල නිමකරන්නත් බෑ... එකක් ගැන හිත හිත අනිත් එක පාඩම් කරනකොට අන්තිමට මතක හිටිච්ච දේකුත් නැති තරම්..... ඒ මදිවට ජීවිතේට මූණදෙන්න වෙන ප්රශ්න!!!! මේ දෙවලුත් ඒ අස්සට එකතු උනාම ඇතිවන මානසික බලපෑම! මේ හැම දේම මැද්දේ පිස්සු නොහැදි ඉන්නවා කියන්නේත් ලොකු දෙයක්...
මෙහෙම පටන් ගන්නම්
හිතේ තියාගෙන හිටපු සමහර බලාපොරොත්තු පැය දෙකකින් තුනකින් සුනාමියක් ඇවිත් නටඹුන් වෙච්ච නගරයක් වගෙ හෝදගෙන ගියාම ඊලගට කරන්නේ මොකක්ද කියල හිතනවා තියා වෙන්නෙ මොනාද කියලවත් හිතාගන්න බැරි තැනට වැටෙන්නෙ අපි කොච්චර දුර්වලයිද කියල අපිටම පෙන්වලා දෙමින්.. සමහර විට ඒ දුර්වල කමට වඩා සංවේදී කම කියල අර්ථ දක්වන්නත් පුලුවන්. ඒත් කොහොම අර්ථ දැක්වුවත් ඒ දෙයින් අපිට වෙන බලපෑම ඉතා බලවත්.

Monday, February 18, 2013
මාටිං, විනිසුරු හා ස්ත්රී දූශණය
ඔන්න එක ගමක හිටියලු මාටිං කියලා පොරක්. මූ හෙනම කුම්භාණ්ඩයලු... මොකක් හරි කුපාඩි වැඩක් උනොත් මුගේ කෑල්ලකුත් කොහෙන් හරි ගෑවිලා තියන එක අනිවාර්යයයි....
එක දවසක් උදේ පාන්දරක හෙන ගැහුවා වගේ පොලීසියෙන් පාත් උනාලු මුගෙ ගෙදරට.. උදේ පාන්දර පොලිස් කාරයො ගෙමට බහින්නෙ නෑ කියලා දන්න හින්දා මූ කලින් දවසේ ගෙනත් තිබුන බඩු වගයක් ගෙදර පිටිපස්සෙ තිබිලා පොලීසියට මාට්ටු... මාට්ටු උනේ වෙල් ෆැන්ටා පෙරන්න ඔනේ කරන බැරල්, කන්ඩෙන්සර්, බට වගේ ඒවා. හැබැයි වෙල ෆැන්ටා නම් කොහෙවත් තිබිලා නෑ...........
පොලිසියෙ උනුත් පොරගෙ හැටි දන්න හින්දා කිසි කතාවක් නැතුව මූව කුදලං ගිහින් කූඩුවට දාලා නඩුවක් දාලා මුට විරුද්ධව... ඊලඟ දවසෙ උදේම මූව උසාවියට දාලා. නඩුකාරයත් කිසිම දෙයක් අහන්නෙ නැතුව මූ ව වැරදි කාරයා කරලා..
"තමා ලඟ කසිප්පු පෙරන්න ඔනේ බඩු තිබිලා තියනවා, තමා කසිප්පු පෙරීමට වැරදි කරුවෙක්"
"නිදහසට කාරණා තියනවද?" කියල ඇහුවලු.
මෙකා ගත් කටටම කියපි "මම කසිප්පු පෙරීමට වරදකරු නම් ඔබතුමා ස්ත්රී දූශණයට වැරදි කරුවෙක්" කියලා
මේක අහපු ගමන් නඩුකාරයට ඌරු ජුවල් ලු. ඇයි යකො වැරදි කාරයෙක් කිසිම බයක් සැකක් නැතුව මෙහෙම කියන්න කොහොමද! මේකට හේතුව දැනගන්න ඔනෙ උනාලු නඩුකාරයට.
"තා එසේ කීමට හේතුව කුමක් ද?"
Tuesday, February 5, 2013
වෙන්ඩ සුපර් මෑන් අයියා වෙත...
සුපර් මැන් අයියේ, ඔයාගේ නම කියනකොටම ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ ඕනේ එකෙක් දන්නවා නෙ ඔයා මොන වගේ සුපර් බුලට් එකක් ද කියලා.... සුපර් මැන් කිවුවම හැමෝම ඔයාව දන්නවා උනාට ඔයාගේ ඇත්ත නමින් ඔයාව දන්න අයත් ඕනේ තරම් ඉන්නවා... මම සදාචාර සම්පන්න නිසා ඔයාගේ නම නොකියා ඉන්නම්... එත් නොකියා බැරි ටිකක් තියන හින්දා තමයි මෙක ලියන්නේ..
පුන්චි කාලේ සුපර් මැන්ලා, බැට් මැන්ලා, ස්පයිඩර් මැන්ලට ආස කරපු මට ටිකක් ලොකු වෙනකොට තේරුන එකම දේ උන් කාඩ්බෝඩ් වීරයෝ කියන එක විතරයි... රොකට් එක වගේ උඩින් යනකොට, කාර් වෑන් උස්සන් උඩින් යනකොට, මකුලු දැල් විදිනකොට, බිල්ඩින් දිගේ බඩගානකොට මම ඒවා දිහා බලන් හිටියේ කටත් ඇරගෙන.. ඒත් ලොකු වෙනකොට දිගට තිබුන කන් දෙක කොට වෙලා තවදුරටත් හාවො නෙමෙයි වයසට ආපුවහම තමයි තෙරුනේ ඒ හැම දෙයක් ම අමූලික බොරුවක් කියන එක.. මොන දේ උනත් ඒ කාඩ්බොඩ් වීරයන්ට මම තාමත් ආදරෙයි... ඒ කාඩ්බොඩ් උනත් ඒයාලගෙ සාරාංශය කවදාවත් වෙනස් උනේ නැති නිසා. ඒ අයගෙන් මම වැඩියෙන්ම ආදරේ කලේ සුපර් මෑන් ට.... හේතුව නම් මතක නෑ ඒත් මම දන්නෙ එච්චරයි... සුපර් මෑන් වෙන්න ආසාවට තුවායක් බෙල්ලෙ ගැටගහන් කී පාරක් ගේ වටේ දුවලා ඇත්ද මම... හැබැයි මම කලිසමට උඩින් යට ඇඳුම අදින්න තරම් මොඩ උනේ නම් නෑ...
ඔහොම කාලය ගෙවිලා ගිහින් මම බ්ලොග් වලට සෙට් උනා.... ලියන්න ගත්තෙ පස්සෙ උනාට කියවන්න පටන් අරන් ගොඩක් කල්. ඔහොම කියව කියව ඉද්දි තමයි බ්ලොග් ලොකයේ මම ආසා කරන සුපර් මෑන් ලා, ස්පයිඩර් මෑන්ලා හම්බවුනේ. ඇස් දෙකෙන් දැකලා නැති උනාට පොඩි කාලේ ටීවී එකේ දැක්ක ඒ වීරයන්ට වගේ මමත් ඔයාලට ආසා කලා, ආදරේ කලා.... ඒ කියවපු දේවල් වලින් ඔයාලා ගැන රියන් ගානක් උස ආකල්පයක් මගේ හිතේ තිබුනා... මමත් ඒ වගේ වෙන්න උත්සාහ කලා. ඒත් ඒ වීරයොත් අර වගේම කාඩ්බොඩ් වීරයො කියලා මට දැන් හිතෙනවා.. ඒ ඔයා හින්දා වෙන්ඩ සුපර් මෑන් අයියේ.

Subscribe to:
Posts (Atom)