තිබුන වැඩ ටිකත් කරගෙන ගෙදර යන්නත් කම්මැලී වගේ හින්ද නිකමට වගේ දැම්ම එකෙක් ට call එකක්... ඌ කියපි ඌත් ගෙදර වරෙන් ඒ පැත්තෙ කියල.. ඔන්න ඉතින් එහෙ යන්න කියල යනකොට ආයෙත් වැස්ස පටන් ගත්තා... පාරෙ තැන් තැන් වල වතුර. මම ගොඩක් හිමින් එලවන නිසා පාරෙ හිටපු අංකල් කෙනෙක් නෑවුනේ නෑලු... එවලේ නම් මට කිඹුහුම් 2, 3කුත් ගියා...
::::සොරි වෙන්න ඔනේ අංකල්, පොඩි උනගෙ දැගලිල්ලනෙ කියල ඒක අමතක කරල දාන්න::::::
යාලුවගේ ගෙදරට සැපත් වෙලා කයියක් දාගෙන හිටියා... ඉස්සර වගේ හැමදාම කට්ටිය සෙට් වෙන්නෙ නැති නිසා සෙට් උන දවසට කතා කරන්න කුනු ගොඩවල් ඔනේ තරම් තියනවනේ. ඌට exam නිසා study leave ලු... මූ මං යනකොටත් හොඳට නිදි... අපෙ උන් පාඩම් කරන හැටි පේනවනෙ... ඒ අස්සෙ මම උදේ ඉඳන් වෙන එකෙක් ට call කර කර හිටියෙ notes වගයක් ඉල්ලගන්න.. ඌත් answer කරන්නේ නෑ. ගෙදර ගියොත් ආපහු පොත් ටික ගන්න එන්න වෙන හින්දා තව ටිකක් වෙලා බලනව කියල ඉන්නකොට තවත් එකෙක් call කරනවා උබ කොහෙද බං ඉන්නෙ පොඩි ගමනක් යන්න තියනවා උබ එනවද කියලා... මමත් ඉතින් හා කිවුවා. ඌ තව ටිකකින් තවත් එකෙක් ගෙ ගෙදරට එනවා කියලා මට එහෙට එන්න කිවුවා.





