Pages

Saturday, July 27, 2013

ගෙට්ටුවක් නැද්ද?

සයිබර් සිහින බක් මහ උලෙලත් ඉවර වෙලා මාස 4ක් විතර වෙන්න එනවා.... ලබන් මාසේ අන්තිම ඒ ලෙවල් ලියපු උන් ටිකත් ෆ්‍රී.... නැද්ද බ්ලොග් ලියන අය සෙට් වෙන්න අදහසක් ?  ?  ?

කට්ටිය සෙට් වෙලා ආයෙත් මොකක් හරි සංවිධානය කලොත් නරකද? පොඩි අයිඩියා එකක් නම් තියනවා.... හැබැයි වැඩේ ප්‍රායෝගික වෙයි ද දන්නෙ නෑ....

team work game event එකක් වගේ එකක් සංවිදානය කලොත් ! ලාවට විතර ඇඩ්වෙන්චර් තියන ( ගස් ගල් දිගේ බඩගාන, ලනු වල එල්ලිලා යන ඒවා නැතුව ), වයස් සීමාවකින් තොරව සහභාගී වෙන්න පුලුවන් ඒකක්.... වෙනදට වැඩිය ටිකක් විතර වෙනස් ගෙට්ටුවක්.... එකා වගේ වැඩ කරලා, එකිනෙකාට අභියෝගයක් දීලා, ජය පරාජය එක වගේ විඳගෙන, අන්තිමට කට්ටිය එකතු වෙලා සිංදුවක් දෙකක් කියලා ගෙදර එන්න පුලුවන් දවසක්...





දෙන්න උදාහරණ නම් මතක නෑ, හැබැයි ඉස්සරම සිරස ටීවී එකේ මෙහෙම එකක් ගියා මතකයි....  British council ideators එකත් ටිකක් විතර මේ වගේ එකක්... හැබැයි එච්චර ලොකු එකක් නම් සංවිධානය කරන්න අමාරු වෙයි.

කට්ටිය මොකද කියන්නෙ...? හැබැයි වැඩේට අපේ බ්ලොග් ලියන ලොකු ලොකු ඈයො ටික සෙට් වෙන්න වෙනවා... මොකද මේ වගේ එකක් තනියම සංවිධානය කරන්න අමාරුයි, අනිත් එක ලොකු ලොකු අය වැඩේට බැස්සම අනිත් අයත් කොහොම කොහොම හරි සෙට් වෙනවානේ... :D

අයිඩියා එක සෙට් වෙනවා වගේ නම් වැඩේ පටන් ගමුද?

16 comments:

  1. අපි නම් ලොකු ලොකු ඈයෝ නෙවේ මතං, :D හැබැයි ගෙට්ටුව කොහිද මම එතන ඇති :D ^_^ ඕනි සපෝර්ට් එක්ක ඉල්ලන්න ඇ..

    ReplyDelete
    Replies
    1. වැඩේට කට්ටිය සෙට් කරගන්න තමයි ඔනේ

      Delete
  2. මගෙ ඇග හිරි වැටෙනවා මතං..

    ReplyDelete
  3. ammata සිරි මෙන්න නියම අයිඩියාස්... අගෝස්තු 31න් පස්සේ මම නිදහස් මිනිහෙක්... එකෙන්ම බොක්කෙන්ම එනවා.. (පරක්කු වෙලා හරි)

    ReplyDelete
    Replies
    1. එනවනම් කකුල් දෙකෙන් වරෙන්....

      Delete
  4. එයිට කලින් උඹේ Photo එකක් දාපිය මේකට. නිකං හැංගිලා ඉදන් ලොකු ටෝක් ඉෂු කරන්න කලින්.

    ReplyDelete
    Replies
    1. ඔයා සයිබරයට අලුත් යැ? ලින්ක් කියලා ජාතියකුත් තියනවා...

      Delete
  5. මේ දවස්වල ඒ ගැන පොඩි කතිකාවක් යනවා. ඒ විස්තර සංවිධායකවරු ම දැනුම් දේවි.

    ReplyDelete
  6. නියම අදහසක්.ඔය ගම්පහ ගෙට්ටුවයි සයිබර් බක්මහ උලෙලයි තියෙන කාලෙ මම බ්ලොග් කියවනව විතරයි.කොටන්නෙ නෑ.එකනිස හිතවත් කමක් තිබුනෙ නෑ.දෑන් තිබුනොත් අනිවා එනව.කරමු මොනව හරි

    ReplyDelete
    Replies
    1. හරි හරි.. වැඩේ සෙට් උනොත් අනිවා වරෙන්

      Delete
  7. සංවිධානේ කරොත් මං එනවා ඕන දීපංකරේකට...

    ReplyDelete
  8. කරන එකක් කරලා මටත් කියහල්ලකෝ... :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යකෝ මේ කරන්න එවුන් හොයනකොට උබලා කලාම එන්නම් කියල හරියනවද?

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.