Pages

Wednesday, June 6, 2012

අපි ගහපු කිරිකට්.....

එකෝමත් එක රටක... එකෝමත් එක කිවුවට මේ රටෙම තමයි... එකෝමත් එක තමන් ජ්‍යාත්‍යන්තරයි කියාගන්නා වූ සු සූ ගාලා සිසුන් 300ක් වත් නැති හැබයි ශාකා 5ක් තියන උසස් අද්‍යාපන ආයතනයක් අපුල්ලන්න තමයි මේ ලෑස්තිය.... ( මුන්ගේ ලොකු කමේ තරම කියන්න හදන්නේ )


ඔන්න ඉතින් කස්ටියගෙ මොරාල් අප් කරන්න කියල පාලන අංශයෙන් කිවුවා කිරිකට් තරඟයක් තියමු කියලා.... ඔක අහපු ගමන් කොල්ලො ටික මාර කික්..... මැච් එකක් නේ... සොෆ්ට් බොල් ගහන හින්ද කියපු පරක්කුවට ටීම් හදාගෙනත් ඉවරයි කට්ටිය.... අපෙ උන්ට මැච් කිවුවොත් වෙන දෙයක් ඔනේ නැනේ..... ඔහොම ඉන්නකොට පත සයිස් හෙන ගෙඩියක් පාත් උනා....

අපේ මොලේ උඩ ඉදගන්න පාලක අංශයෙන් කියපිනේ සොෆ්ට් බොල් නෙමෙයි ලෙදර් ගහන්නේ කියල.... ගහපංකො දැන් @#$$#@$%..... අපේ branch එකේ කොල්ලො ඉන්නේත් පොඩ්ඩයි.. උන්ගෙන් එකෙක් දෙන්නෙක් ඇර ඔක්කම වගේ ලෙදර් බැට් එකක් අතින්වත් අල්ලලා නැ..... කට්ටියට දැන් මල... කරන්න දෙකුත් නැති එකේ පුලු පුලුවන් කියන උන් ටික එකතු වෙලා හදාගත්තා ටීම් එක... එකම බොල් ගාඩ් එක ශොපින් කවරෙ දාගෙන පාවිච්චි කරලා, කරන්න පුලුවන් උපරිමයයි තව ටිකක් වැඩියෙනුයි කරලා කොල්ලො ටික බුදු ගේමක් දීල ප්‍රැක්ටිස් කලා.... අපරාදේ කියන්න බෑ අන්න මොරාල් එක.... හැබැයි ඊලග හෙන ගෙඩිය අයෙත් අපිට හරහට හිටියා... අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් එක උඩ ත්‍රිබලක් ලුනේ.....




6 සයිඩ් ලු ඒ පාර... ලෙදර් 6 සයිඩ්... මේවා ඔගනයිස් කරන් උන්ගෙ හැටි හිතාගන්න පුලුවන් නෙ..... යකො සොෆ්ට් බොල් 6 සයිඩ් ගැහුවනම් ඉවරයි නෙ... එහෙනම්  හැම එකාම ගහනවනේ... උන් හිතන් ඉන්නෙ උන් හෙන ලොකු ආයතනය කියලා... යකෝ කොල්ලොන්ගෙ මොරාල් අප් කරන්න කියල මෙහෙම චොර සෙට් කරනවද? මුන් ලොකුවට රටටම පෙන්න ට්ව් ඇඩ් එකකුත් දාල ලෙදර් තරගාවලියක් කියලා... ඔකට ඔනේ නම් මහා කැල්ලකුත් ඉස්සරහට දාගන්නකො...

අපේ උන්ට තවත් මල... ජාතිය ඇමතීම් හැම තැනම... ඒත් අපෙ උන් සැලුනේ නෑ... උන් බැන බැනම මැච් එකට සෙට් උනා... ඊට පස්සේ ඩෙකරෙශන් ද මොනාද ඔනෙ කියල සීනි බොල වැඩ ටිකකුත් කෙරෙවුවා... අය්යෝ සල්ලි, කාලද බීලද.... පාලන අංශයේ මුන් හෙන ලොකුයි කියල හිතන් හිටියට උන් දන්නෙත් නෑ උන් චොරයෝ කියල...

ඉතුරු විකාර ඔනේ නෑ...මැච් එක දවසට එමුකො.. මැච් එක ගහන්න තිබ්බේ සිංහලෙන්ම කිවුවොත් තුප්පහි පිට්ටනියක.... අර කාල්ටන් සුපර් 7 ද මොකක්ද එකේ අන්තිම ෆයිනල් එක තියපු පිට්ටනිය හරියේ එකක්..... ටර්ෆ් එකේ බෝලේ හරියට බම්ප් වෙන්නෙත් නෑ....


කොහොම කොහොම හරි මැච් එක ගැහුවා... අපේ කොල්ලො ටික කප් එක ගැහුවේ නැති උනාට උන් ගියපාර කප් එක ගහපු ටීම් එක පරාද කලා.... ක්ලබ් ගහන කොල්ලෝ හිටපු ටීම් එකකට අපේ උන් පැරදුනත් එක පරාජයක් නෙමෙයි...


ඔන්න ඔහොමයි උනේ... කියන්න ඔනේ උනේ ඔය කතාවෙ ඇතුලාන්තය.... අපේ මොරාල් අප් කරන්න කියල උන් කලේ උන්ගේ ලොකු කම පෙන්නලා ප්‍රමොට් වෙන්න හදපු එක.... ලංකාවෙ තියන නම ගිය ආයතනත් සොෆ්ට් බොල් ගහනකොට මේ වගේ හිච්චි උන් ඇඟිල්ලට වඩා ඉදිමෙනවා.... උන්ගේ හැටි දැනගත්තට පස්සෙ එකෙක්වත් වෙන එකෙක් ට ඒ ආයතනයේ ඉගෙන ගන්න එන්න කියන්නේ නෑ... ආයතනයේ වැරැද්ද නෙමේයි පාලනය කරන අයගේ වැරැද්ද... කවදාවත් කියපු වෙලාවට වැඩක් කරල නෑ... කරන වැඩ වල තේරුමක් නැ... නොගැලපෙන උන්, සුදුසුකම් නැති උන් ලොකු ලොකු තැන් වලට ගියාම වෙන්නේ ඔක තමයි... උන් හිතන්නේ උන් සියල්ල දත් කියා වුවත් එතන් ඉගෙන ගන්න සිසුන්ට ඊට වඩා දැනුම් තෙරුම් තියනවා.....

යකෝ සොෆ්ට් බොල් ගැහුවනම් ඉන්න හැම කොල්ලම සෙල්ලම් කරනව නේද?  හැම එකාම මූනටම නොබැන්නට නැති තැන හොදටම බැන්නා... ඒ කොන්ද පණ නැති හින්ද නම් නෙමයි... මුන්ගෙ බලු ගති හින්දා... මමත් එක පාරක් වැරැද්ද පෙන්නන්න ගිහින් කෙලෝ ගත්තා... මොඩයින් කවදත් තමන්ගේ වැරැද්ද පිලිගන්නේ නෑ.. උන් කරන්නේ වැරැද්ද පෙන්නපු එකාට කෙලවන එක....



තව කියන්න දේවල් තිබ්බත් ඇති වගේ... 

අන්තිමටම කියන්න තියෙන්නේ අපේ කොල්ලො ටික පැරදුනා කියල අප්සට් එකේ හිටියේ... එකෙ හැම එකාගෙන ම සමාව ඉල්ලුවා පැරදුනාට.... යකුනේ, තොපි මැච් එක පරාද උනා තමයි ඒත් එකක් විදියට අපි පරාද උනේ නෑ... අපෙ එකමුතුව, සහොදරකම වෙන එකෙක් ලඟ වත් තිබුනේ නෑ... අපිව දිනවන්න රෑ දවල් නොබල උබලගේ උපරිමයෙන් පුහුණුවීම, කැපවීම කල කරදර භාදක ගොඩක් මැද්දේ මෙච්චර දුර ගමනක් ආපු උබල අපේ හිතේ කප් එක ඉස්සුවෙ මැච් එකටත් කලින් බං... උබල ඒ උස්සපු කප් එක ලොක කුසලානේ හම්බවුනාටත් වැඩිය අපිට වටිනවා..... උබලට ජය...






14 comments:

  1. aniwa.......Kollane.....U r the Real Champs

    ReplyDelete
  2. බුදු අම්මෝ.........මේ ඔයා පරිස්සමින් ඈ....:O

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් තමයි ඉන්නේ...

      Delete
  3. වෙඩිතියලා සමූහ ඝාතනය කරලා දාන්න තිබ්බෙ බං සෙට් එකම

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කේප්ප හරක් මරන්න තහනම්ලුනේ රජෝ....

      Delete
  4. ඔවුවානම් ඔහොම තමයි යාළුවා.. ලොකු කම පෙන්නන්න ගියාම ගියාම ඔහොම වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. මුන්ගේ ලොකුකම් හින්දා දුක් විදින්නේ අපිනේ බන්... ඒකයි අවුල...

      Delete
  5. අර මම කිව තැනත් ඔය වගේම ගොන් ආතල් 1 ක් ගත්ත බං

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම හැම තැනම එක වගේ...

      Delete
  6. hmm sira macho api wenuwen hari un ekka thiyena malata hari me wadenam watinawa................

    ReplyDelete
    Replies
    1. මේ උබල වෙනුවෙන්... අරුන් එක්ක තියන මලට වත් මෙවා ලියන්න තරම් උන් වටින්නේ නෑ...

      Delete
  7. ජය ගත්තත් හිතින් පරාද වෙනවාට වඩා පැරදුණත් හිතුන් ජය ගත්තු එක වටිනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... නැව ගිලුනත් අපිට බෑන් චූන්...

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.