Pages

Wednesday, May 9, 2012

වෙසක් බැලීම......

ඔන්න ඉතින් 5 වෙනිද තියන වැඩ ඔක්කොම කරලා ඉවර වෙලා ගෙදරිනුත් ශෙප් කරගෙන පුටු පුටුවත් අරන් 7ට විතර එලියට බැස්සා සෙට් එකත් එක්ක වෙසක් බලන්න යන්න කියල... ඔහොම එලියට බැහැල හන්දියට එනකොට 4 දෙනෙක් එ වෙනකොටත් හන්දියට සෙට් වෙලා.... අනිත් උන එනකන් කියල වල් පල් කිය කිය පැය බාගයක් විතර ඉන්නකොට උන් 2ත් ආවා. කට්ටිය ඔක්කොම 7යි.. පුටු පුටු 4යි..





වෙසක් දවසෙම අපේ එකෙක් ගෙ උපන් දිනයක්.... වෙසක් බැලිල්ල පැත්ත්කින් තියලා සෙට් එකම ගියා උන්ගෙ ගෙදර.... මග දිගට දන්සැල් කොච්චර තිබුනත් පොලිම් වල දිග දැක්කම ඔනේ නෑ කියල හිතෙනවා.... බඩගින්නෙම ගියා අරුගෙ ගෙදර.... අපේ වෙලාවට උන්ගේ ගෙදර ඉස්සරහ මඤ්ඤොක්කා දන්සැලක්.... උටම කියල එතනින් ගෙන්නගෙන කාලා තෙත් බීල පැයක් විතර කතා කර කර හිටියා...



එතනින් ආපහු  එලියට බැහැලා කඩවත වෙසක් කලාපෙත් බලාගෙන ඇද්දා කොලඹටම... මග දිගට traffic එකට සෙට් වෙලා කාපු කට්ට නම් මතක් කරන්න වත් ඔනේ නැත......






සෙට් එකේ ඉදපු එකෙක් ගෙ තාත්තා කෙනෙක් BOC tower එකේ වැඩ.... ඒ මාර්ගයෙන් අපිට tower එක උඩට නැගලා වෙසක් බලන්න අවස්ථාව හම්බුනා. car parkඑකේ නවත්තන්න ආපු අපේ පුටු පුටු ටික දැකලා සික්කාටත් හීනියට හිනාවක් ගියා......


වෙසක් බැලිල්ල කෙසේ වෙතත් මාර්ග තදබදයේ තරම නම් හරියටම බලාගන්න හම්බුනේ එතනදිය... ගාලු මුවදොර පිටිය එකම සෙනඟ ගොඩකි... මුන් වෙසක් බලන්න එන්නෙ මෙතනට දැයි මට මොහොතකට සිතිනි......




මොක උනත් අපිත් galle Face එක පැත්තෙ ඔලුව දාල එන්න ගියා...
බලන්න පුලුවන් ටික බලලා දන්සැල් 2, 3ක් වැදලා අන්තිමට පාන්දර 3.30 විතර ගෙදරට ආව. අන්තිමට බලපු දේකුත් නැති තරම්.....




වෙසක් බැලීමට යාම දැන් කොල්ලන්ට ට්‍රෙන්ඩ් එකක් වී හමාරය... මොටර් බයිසිකල් ටිකක් සෙට් කරගෙන තෙල් පුච්චාගෙන රට වටේ යෑම මෙහි ප්‍රධානතම අරමුණ වී ඇත. ඒ යන අතර මග සිටින පියකරු යුවතියන් දැක බලාගෙන හැකි විටක ඔවුන්ට සරදමක් කර යම්කිසි ආකාරයක වින්දනයක් ඔවුන් ලබති... අතර මග තිබූ තොරන ක ජාතක කතාව කුමක් දැයි ඇසුව හොත් බහුතරය පිලිතුරු නැතිව ලතවේ....






‍යුවතියන් ටත් බොහො විට මෙය එසේමය... තියන ලස්සනම ඇඳුම ඇදගන්නා ඔවුන් තියන දෙවල් සියල්ල මුහුනේ උලාගෙන, කොන්ඩය ටත් කුමක් හෝ මගුලක් කරගෙන එලියට බසින්නේ වෙසක් බැලීමටමද?


මිනිසුන්ද අවස්තාවාදිය... දන්සැලක් දුටු විට පාර මැද වාහනය නතර කරගෙන දන්සැල වැදගන්නා ඔවුන්, තමන් නිසා අනෙක් අයට වන අපහසුතාව ගැන නොසිතති.... ටික දුරක් ඉදිරියට ගොස් නවතා පයින් ඒමට ඔවුන්ගේ කකුල් පණ නැත... වෙනත් අයෙකු එම දේම කරන විට මාරග තදබදයට අසුවන ඔවුන් එම මිනිසුන්ට බලු බැනුම් වලින් බැන වදිති...


තැබැරුම් වල අයිති කරුවන් ඇගිලි ගනින්නේ වෙසක් එන තුරුය... ඒ ඔවුන්ගේ වෙළදාම් වැඩිපුරම සිදුවන්නේ වෙසක් සතියට තැබෑරුම් වසන දිනට කලින් දවසේ නිසාය...


මෙම දෙවල් වල වැරැද්ද කොතනද කාගේද? එය පිලිතුරු නොමැති ගැටලුවකි...

6 comments:

  1. කාලේ වෙනස් වෙලා.. ඒකයි මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. කාලෙත් එක්ක මිනිස්සු වෙනස් වෙලා

      Delete
  2. මෙම දෙවල් වල වැරැද්ද කොතනද කාගේද? එය පිලිතුරු නොමැති ගැටලුවකි...

    ReplyDelete
  3. හැමදේම ඔහේ යන්නන් වාලේ වෙලා. වෙසක් එකත් ඔහේ ඇවිත් ඔහේ ගියා

    ReplyDelete
  4. ආගම ධර්මයෙන් ඈත් වීම ප්‍රධානම හේතුව බවට මට හැඟේ,,,

    "මිනිසුන්ද අවස්තාවාදිය..." මෙය සමඟ නම් 100% එකඟ වෙමි.. ඒ ගණයට අයිති වන ඔබද මම ද අවස්ථාවදීය. මම නම් එය පිළිගනිමි. වෙසක් එක හෝ මාකට් කර පෝස්ට් එකකට වැඩි වැඩියෙන් කමෙන්ට්ස් හෝ හිට්ස් ලබා ගැනීම අප හැමෝම බලාපොරොත්තු වන දෙයකි... ලෞකික මිනිසුන් වන අප සැමටම එය පොඩු මිනිස් ගතියකි..
    :)

    "අතර මග තිබූ තොරන ක ජාතක කතාව කුමක් දැයි ඇසුව හොත් බහුතරය පිලිතුරු නැතිව ලතවේ...." ඔබටත් පිළිතුරක් දිය හැකි බවට විස්වාසද?
    :)


    සුභ ගමන් සහෝ... බ්ලොග් අවකාසයේ ඔබගේ දිගු ගමනක මග සළකුණු පෙනෙනවා මට නම්...

    ජය

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.