Pages

Friday, April 27, 2012

පංතිය.....

පංතිය යන වචනය ඇසෙන විට අපිට අපෙ ජිවිතේ පරණ මතකයන් සිහියට නැගේ. සමහරක් සුන්දරය, සමහරක් අසුන්දරය..... නමුත් ඒ කාලය මනරම්ය. තවම ඉගෙන ගන්න සමහරකුට පංතිය මතක් කිරීම මුහුන බෙරි වීමට හේතුවකි.. සමහරෙක් නැවත පංතියට යනතුරු නොඉවසිල්ලෙන් සිටි... පංතිය පාසැලෙ පංතිය හෝ ටියුෂන් පංතියවිය හැක....

තවත් පංතිය ඇත.. එය උපාධියේ පංතිය වේ... බොහෝ දෙනා වෙර දරන්නෙ 1st class උපාධියක් ගැනීමටය....

මේ නානාප්‍රකාර  පංති තුල තවත් ප්‍රසිද්ධ පංතියක් ඇත... ඒ සමාජීය  පංතිය වේ. පාසලෙ එකම  පංතියේ සිටි, ටියුෂන්  පංති වල එකට බංකු රත් කල අය එයින් පිටට ආ විට මෙසේ  පංති වලට බෙදෙන්නෙ කෙසේද? එසේ කිරීමට අයිතියක් ඇත්තේ කා හටද? අපි ඔක්කොම මැරෙන මිනිසුන්ය......


වත්කමින් ඉතාමත් පොහොසත්, ලොකු ලොකු කාර් තියන, රට වටෙ ඉඩම් තියන ලොකු ලොකු රැකියාවල් වල නිරත වෙන හෝ අති විශාල ව්‍යාපාර හිමි, මවු බස අමතක කර කඩ්ඩෙන් කොටන, තම ලමයින් ජාත්‍යන්තර පාසල් වලට යවන අය පලමු  පංතියේ අය වේ.




(නමුත් මේ ඔක්කොම තියන සිංහල කතා කරන සරල මිනිසුන්ද නැතුවා නොවේ....)

උගත් කමෙන් තැනකට ආපු, බොහෝ විට පිටරට වල ඉගෙන ගත්, යහමින් වත්කමක් ඇති, ලොකු job කරන අය ඉහල මැද  පංතිය වේ... අප බොහොවිට 2nd class කියන්නේ මෙ අයටය.

සාමාන්‍ය රැකියා කරන, යම් වත්කමක් ඇති, ලමයින් සාමාන්‍ය පාසල් වලට යන, බොහෝ විට උපාධි නැති, රටේ බහුතරයක් මේ  පංතියේ ය... අප මෙය 3nd classලෙසද හදුන්වමු.
(සමහර අවස්ථා වල මෙම තත්වයන් වෙනස් විය හැක.)

ඉතා අඩු අදායමක් ලබන, මුඩුක්කු හෝ පැල්පත් වල ජීවත් වෙන දුප්පතුන් ලෙස හදුන්වන කොටසක්ද ඇත... මොවුන්ට  පංතියක් ද නැත...



පංතිය බොහෝ විට සමාජය එම පුද්ගලයාට බෙදන හැන්දේ ප්‍රමානය තිරනය කරන සාධකයක් වේ.

මෙය මිනිසුන් වර්ග කිරීමට කොතරම් ගැලපේ දැයි මට නොතේරේ.... කොතරම් සල්ලි තිබුනත් මැරෙන වෙලාව පැමිනි විට එ හැම දේම අත්හැර සියල්ලොම මෙලොවින් නික්මෙති. මිනිසුන්  පංති වලට බෙදිය යුත්තෙ මිනිසත් කමෙන් හා ඔවුන් තුල ඇති ගුණාංග වලිනි.....

අප හැමගෙ ඇගේ දුවන්නේ එකම රුධිරය වේ....  class එක නිසා රුධිරයේ පැහැය හෝ ගුනාංග වෙනස් වන්නෙ නැත... යම්කිසි හෙතුවක් නිසා 1st class අයෙකුට රුධිරය දිමට සිදු වූ විට මොනයම් class එකක හො අයෙක් දුන් රුධිරය ඔහුට දිමට හැක්කේ එම නිසාය.

විවාහය බොහො අවස්ථා වල class සොයා බලන දෙයක් වේ... 1st class කොල්ලෙක් 3rd class කෙල්ලෙක් හා ආදර සබදතාවක් ඇති බව දැනගත් විට කරන්නේ එය කෙසේ හො නවත්වා තම පවුල් පසුබිමට ගැලපෙන තරුණියක් හොයා විවාහ කර දෙයි.... මෙම හොයාදෙන තරුණියට වඩා ඔහුගේ පරණ පෙම්වතිය දස දහස් ගුණයක් හොඳ තරුණියෙක් වුවත් දෙමවුපියන් තැකිමක් කරන්නේ නැත..... කසාදය ටික කලකින් දික්කසාදයකින් කෙලවර වූවත් ඔවුන්ට එය 3rd class තරුණිය විවාහ කර දෙනවාට වඩා ආඩම්බරයකි. මෙලො වටිනාකමක් නැති class එක නොමැති වුවෙ නම් තරුණයා ඔහුගේ පෙම්වතිය කසාද බැඳ සතුටින් ජිවිතය ගත කරනු ඇත.





යමෙකු දියේ ගිලෙන කල මොන class එකක මිනිසුන් සිටියත් බොහෝ විට පලමුව වතුරට පනින්නේ දුප්පතෙක් හෝ 3rd class අයෙකි.... නාන තඨාට වල මාස ගනන් පල් වු වතුර වලට හැරෙන්නට ගගක, ඇලක වතුර 1st class අයට බහිනට posh මදිය.....






විවිද පංති වල මගීන් රැසක් සිටි titanic ගිලුනෙද එම සියලු පංති වල අය එකම මරණ බයෙන් තැති ගන්වා බොහො දෙනා සීත ජලයේ සදා කාලිකව නිදි කරගෙනය.


මම දකින ආකාරයට පොලවේ පය ගසා සිටින්නේ බොහෝ විට පහල  පංති වල අය වේ. ඉහල  පංති වල අය පොලොවට යම්කිසි ප්‍රමානයක් ඉහලින් පාවෙමින් සිටී. පාවෙන බහුතරය 1st class වේ. 

දෙමව්පියන්ට නොසලක්න,දුප්පතෙකුට සත පහක් නොදෙන, ගුණ ධර්ම නොදන්නා, මිනිසත් කම අහලකවත් ගෑවි නැති 1st class මිනිසුන්ගෙන් ඇති පලේ කුමක් ද? බොධිසත්වයින් වැනි මිනිසත් කමෙන් පොහොසත් දුගී දුප්පතුන්ට දුප්පතුන් යයි කිමට මිනිසත් කමෙන් දුප්පත්, පොහොසතුන්ට ඇති අයිතිය කුමක්ද? පොහොසත් යන වචනය සල්ලි මත පමනක් පදනම් වේ යැයි බොහෝ මිනිසුන් සිතන්නේ මන්ද?



පංතිය තිරණය වන්නට මිනිසුන්ගේ ක්‍රියකලාප හා අචාර ධර්මද වැදගත් වේ. මිනිසත් කමෙන් පිරී ඉතිරෙන, රටට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකල, උගත් ගුණගරුක මිනිසුන් වත්කම ගැන පමනක් සලකමින් පහල  පංතියකට දැමීම කොතරම සාධාරණ ද? ඔවුන්ට සමාජයේ හිමිවිය යුතු ඉහලම  පංතිය හිමිවිය යුතු නොවේද?


high class යයි කියා ගන්නා මිනිසුන් යුද්දය රුපවාහිනියෙන් නරඹද්දී රට බේරාගැනීමට දිවි පිදු රනවිරුවන් 3rd classවන්නේ කෙසේද?

ස්වබාදහම මිනිසුන්ගේ  පංති බේද සලකන්නේ නැත... සමාජය මෙන් නොව සෑම මිනිසෙකුටම බෙදන්නේ එකම හැන්දෙන්ය. හුස්ම ගැනීමට මිනිසුන්ට දෙන්නේ එකම වාතය වේ..  class එක බලමින් වාතයෙ පිරිසිදු භාවය වෙනස් කරන්නෙද නැත. සුනාමියක් ආ විට 1st class මිනිසුන් බේරා අනිත් අයව මුහුදට ගසාගෙන යන්නේ නැත.


මිනිසුන් හැමොටම එකම හැන්දෙන් බෙදිමට මිනිසුන් පුරුදු විය යුතුය.... එවිට ලොකය මීට වඩා ප්‍රිය ජනක තැනක් වීම් සක්කරයාට වත් නැවැත්විය නොහැක.




p.s.
හිතට ආ අදහසකි.... වැරදි තිබිය හැක....

11 comments:

  1. සාර්ථක බ්ලොග්කරණයකට මගෙන් උණුසුම් සුභපැතුම්!!!

    ReplyDelete
  2. මාර කතාවක් මේ කතාවට මසුරන් දාන්න වටිනවා.

    ජය වේවා.!!

    ReplyDelete
    Replies
    1. මසුරන් ඔනෙ නෑ බන්... ඔය වචන ටිකම ඇති..

      Delete
  3. පළමු ලිපියට මගෙන් සුබ පැතුම් මචං :)

    ReplyDelete
    Replies
    1. මේක පලවෙනි එක නෙමේ නේද බං. මං පස්සේ දැක්කේ.

      Delete
  4. පංතිය කියන කතාවත් එක්ක මේ කතාව මතක් වුණේ.

    campus එකෙන් out වුණු උපාධිධාරියෙක් ඇමතිතුමෙක් ගාවට ගිහින් job එකක් ඉල්ල ගන්න.

    මෑන් කියනවාලු "සර් මට ....... campus එකෙන් ....... උපාධිය තියෙනවා"

    ඇමතිතුමාත් " හ්ම්ම් හ්ම්ම්" ගානවාලු.

    අර මෑන් ඊට පස්සේ කිව්වලු "සර් මට class එකකුත් තියෙනවා [class එක කිව්වේ degree එකේ class එක]

    එතකොට ඇමතිතුමා කියනවාලු "තමුසෙට class එකකුත් තියෙනවා නම් ඇයි අපෙන් job ඉල්ලන්නේ. ඒ class එක කරගෙන ඉන්නවකෝ" කියලා :D

    ReplyDelete
    Replies
    1. දෙශපාලනයේ දැනුමේ මට්ටම තමයි බන් ඔය... ඔක නිසා තමයි රටට හෙන ගහල තියෙන්නේ...

      Delete
  5. කතාව නම් සම්පූර්ණම ඇත්තය...
    ආදරය මරණය වැනි සනාතන ධර්මතා වලදී පංති බේදයක් බල නොපැවැත්වේ.
    මෙවැනි පෝස්ටු කොපමණ ලිවුවද මෙව්වා කියවන්නට පළමු පංතියේ අය එනවා ඉතාමත් අඩුය... දෙවැනි පංතිය සාමාන්යය...
    අප කවුරු මෙතරම් විරුද්ධව කතා කළත් පංති බේදය මෙම සමාජයෙන් තුරන් කළ නොහැකි බව අප කවුරුත් පිළිගත යුතුය. ප්‍රායෝගික නොවන බව පිළිගත යුතුමය... ලෝකයේ පැරණිතම රැකියාවට තරම් දිගු ඉතිහාසක් සහිත මෙම පංති බේදය මාගේ දහම තුළ ශ්‍රේෂ්ටතමයා වූ අප මහ බුදුරජානන් වහන්සේටවත් 100% වෙනස් කිරීමට නොහැකි වූ සමාජ ධර්මතාවයකි...
    සමාජය තුළ පළමු පංතිය දෙවන පංතිය මෙන්ම තෙවන පංතියද සිටිය යුතුය. එසේ නොවුනහොත් සමාජයේ සමතුලිතතාව බිඳීමෙන් ඇතිවිය හැකි බලපෑම දැනට එක පිට එක බිහිවෙමින් සිටින පළමු පංතිය නිසා සිදුවන බලපෑම මෙන් දස දහස් ගුණයක් විය හැක.

    ReplyDelete
  6. එකෙන්ම බන් සිරා කතාව

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.