Pages

Monday, May 28, 2012

ගිනි තියන්න.....

ගිනි තියන්න කිවුවට එහෙම එක පාරට ගිනි තියන්න එපා. නැත්තම් ගිනි නිවන්න ගිනි නිවන හමුදාව ගේන්න වෙයි... මෙක මගේ ආසම Band එකේ අලුත්ම ඇල්බම් එකේ සින්දුවක්... Burn It Down.... 

Linkin Park ලගෙ අලුත්ම  ඇල්බම් එකේ නම් "Living Things". තාම ඇල්බම් එක නම් out කරලා නෑ..  ජුනි 26 තමයි එලිදක්වන්න තියෙන්නේ. සිංදු ටිකේ නම් පහල ඇති... ඒත් කොහොමද කියල බලන්න වෙන්නේ නම් ඇල්බම් එක එලියට ආවට පස්සේ. 


1. ‘Lost in the Echo’
2. ‘In My Remains’
3. ‘Burn It Down’
4. ‘Lies Greed Misery’
5. ‘I’ll Be Gone’
6. ‘Castle of Glass’
7. ‘Victimized’
8. ‘Roads Untraveled’
9. ‘Skin to Bone’
10. ‘Until It Breaks’
11. ‘Tinfoil’
12. ‘Powerless’







Linkin Park කියන්නේ ලොකේ හැමතැනම ප්‍රසිද්ධ Rock Band එකක්. ඒ ගැන කවුරුත් දන්නවනේ. 1996 ඉස්කෝලෙක යලුවො 3දෙනෙක් ( Mike Shinoda, Rob Bourdon,  Brad Delson) එකතු වෙලා පටන් ගත්ත මේ band එක අද වෙන විට ගොඩක් දුර ඇවිත් තියනවා.. ඒත් මේ අවුරුදු 16 ටම එයාලා නිකුත් කරලා තියෙන්නේ ඇල්බම් 8ක් විතරයි.. ඒවගෙනුත් ශබ්ධාගාරයක් තුල පටිගත් කරපු (studio)ඇල්බම් විදියට එලියට ඇවිත් තියෙන්නේ 4යි.. අනිත් ඒවා live shows වලින් ගහපු ඇල්බම්... 

2000 - Hybrid Theory
2003 - Meteora
2007 - Minutes to Midnight
2010 - A Thousand Suns

දැනට එකේ ඉන්න සාමාජිකයන් වෙන්නේ Chester Bennington, Rob Bourdon, Brad Delson, Dave Farrell, Joe Hahn, Mike Shinoda කියන කට්ටිය තමයි.. ( මමනම් නමෙන් අඳුරන්නේ 2,3න් දෙනෙක් විතරයි )

මේගොල්ලෝ Rock in Rio 2012 concert එකේ වීඩියො එකක් පහල තියනවා... Live කියන සිංදු වල තියන ගුණාතමක භාවයෙත් අඩුවක් නැ.. අපේ කට්ටිය එහෙම කිවුවනම් කොහොමට තියේද? මම දන්න විදියට Daddy Band එක නම් එහෙම කරනවලු... ඇත්තද බොරුද නම් දන්නේ නෑ...


ඉතින් මේ විදියට ඇල්බම් 4 කින් විතරක් මෙච්චර ජනප්‍රිය උනේ කොහොමද? අද Linkin Park කිවුවහම දන්නේ නැති කෙනෙක් නැති තරම්. 

ඒ සාර්ථකත්වයට හේතුව මම දකින විදියට නම් කරන දේ හරියට කිරීම හා හැම වෙලේම අලුත් දෙයක් කිරීමට උත්සාහ කරන එක.

අනිත් එක මෙයාලගේ සිංදු එකිනෙක අතරේ තියන වෙනස් කම...  වීඩියෝ එකක් කලත් ඒකත් අලුත් දෙයක්... සමහර සිංදු ගත්තම අහසයි පොලවයි වගේ... උදාහරණයක් විදියට 'faint' සහ 'leave out all the rest' ගමු... සිංදු 2 පටන්ගන්න මොහොතෙම ඒ වෙනස රසිකයාට දැනෙනවා... මිනිස්සු ඒකාකාරී සංගීතයට වඩා විචලනයක් තියන සංගීතයට වැඩි ආසාවක් දක්වනවා. ඒ දේ හරියට තෙරුම් ගත්තම සංගීතය කියන්නේ හොඳ ව්‍යාපාරයක්.... කලාව ව්‍යාපාරයක් කරගන්න එක නම් හොද නෑ තමයි... එත් පිනට සිංදු කියල කන්න බොන්න හම්බවෙන්නේ නෑනේ.. පවත්වාගෙන යන්නත් සල්ලි ඔනනේ.

අනික මෙයාලා මොක කලත් එයාලගේ අනන්‍යතාවය ඒ විදියටම පවත්වාගෙන යනව... මෙයාලා අවුරුදු 5,6ක් සද්ද නැතුව ඉදල ඇල්බම් එකක් එලියට දැම්මත් ඒක ගන්න මිනිස්සු පෝලිමේ ඉදි... ඒත් ලංකාවේ මැත කාලයේ ගායකයො මාස 6ක් සිංදුවක් එලියට දාන්නේ නැතුව හිටියොත්? මිනිස්සුන්ට එහෙම එකෙක් හිටියට කියලවත් මතක නෑ...

ලංකාවේ මියුසික් මෙහෙම ගියොත් නම් ගන්නම දෙයක් නැති වෙනවා... සල්ලි තිබ්බ පලියට සිංදු, විෂුවල් කරන්නේ නැතුව කරන එක හරියට කරනවනම් ලංකාවේ මියුසික් වලට මෙහෙම හෙන ගහන්නේ නෑ... ඒ අතින් අපේ පරණ කාලේ ගායකයන් ගේ සංගීතය ඉස්සරහින් තියනවා.. කොච්චර පරණ උනත් අපිට ඒවල පද එකක් දෙකක් හරි මතකයි... එත් නව රැල්ලේ මියුසික්? වැඩිම උනොත් මාස 2ක් මතක තියෙයි....

සල්ලි තියන උන් කොහොම හරි සිංදුවක් කරල විෂුවල් එකක් කරල popular වෙන්න හදනවා මිසක් ඒකෙන් ක්ෂේත්‍රයට වෙන හානිය ගැන හිතන්නේ නැ... ඒත් ඔහොම කරලියට ආපු උන් වැඩි කල් ඉන්නෙත් නැ.. ඒත් ඒ කාලය තුල ක්ෂේත්‍රයට කරන හානිය හොඳටම ඇති.... අන්තිමට ගහපු පදේකුත් නෑ, බෙරේ පලු 2මත් නැ... 

මේ දේවල් ඉක්මනට වෙනස් උනේ නැත්තම් අන්තිමට වෙන්නේ සිංහල සිංදුවක් අහන එකෙක් හොයාගන්න නැතිවෙන එක... හොඳ ගායකයෝ, band නැතුවම නෙමෙයි.. ඒත් බහුතරය පට්ට පජාති..


4 comments:

  1. මෙයාලගේ සිංදු වලට මමත් ආසයි..

    ලංකාව ගැන කියපු කතාව හරි.. ගොඩක් වෙලාවට රැල්ලට නිර්මාණ එන්නේ.. ඔතනින් හොද දෙයක් කරන සාර්ථක කෙනෙක්ට ඉන්නේ කසුන් කල්හාර විතරයි.. හැම සිංදුවකම ලොකු වෙනසක් තියෙනවා.. තමන්ගේ අනන්‍යතාවෙන් ඉස්සරහට යන්නේ..

    ReplyDelete
    Replies
    1. භාතිය සංතුෂ් ලත් ටිකක් හරි හොදයි... ලංකාවෙ මියුසික් පිටරට ගෙනියන්න පුලුවන් උනේ කියෙන් කී දෙනාටද....

      Delete
  2. මට පේන්නෙ නෑ බං... මේ විඩියෝ.. ගෙදර ගිහින් බලන්නං :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබෙවා!!!

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.