Pages

Wednesday, April 25, 2012

මටත් වෙන වැඩ.....

කම්මැලි කමෙ ඉන්න එකේ ඊයෙ පෙරේදා මට උන වැඩක් ගැන ලියලා දාන්න හිතුනා.


ගෙදර ඉන්න දවස නිසා ෆුල් ආතල් එකෙ නිදාගෙන ඉන්න කොට 10 ට විතර හෝ ගාලා මගෙ ජංගම දු.ක. ring වෙන්න පටන් ගත්තා.... මමත් නිදිමතේම ඇද උඩ අතගාලා අතගාලා දු.ක. හොයාගෙන "හෙලො" කිවුවා. මගෙ බොක්කෙ ෆිට් එකක් call කලෙ.



ඌ :- අඩො #^&*#* මොකද කරන්න්නේ?


මම :- මම නිදි යකෝ... මොකද උදේ පාන්දර වද දෙන්නේ?


ඌ :- නෙදකින් විතරක් තො තාම නිදිද? වරෙන්කො ඉස්කෝලෙ පැත්තෙ ගිහින් එන්න.... 


මම :- ම්ම්ම්ම් හා මම එන්නම්... උබ ගෙදරින් එනකොට msg එකක් දාපන්.


ඌ :- හෙල්මට් 2ක් අරන් වරෙන්... මම හන්දියේ ඉන්නම්...


මම :- හරි යකො මම ගෙන්නම්...



මම හිතින් උට බැන බැන ඇදෙන් නැගිටල මූන කට හෝදගෙන උදෙට සප්පායම් උනා.... එතකොටම අර යකා msg එකක් එවල තිබුන ඌ දැන් එන ගමන් කියල.
මමත් ඉතින් ඩෙනිමකුයි ටි එකකුයි දාගත්තා ඉස්කොලෙට යන නිසා. ලැස්ති වෙලා ඔලු 2කුත් අරගෙන මගෙ කබල් පුටු පුටුවට නැග්ගා. එතකොටම තව call එකක් ආව.



දෙවෙනි එකා :- මචන් උබ කොහෙද?



මම :- මම town එකට යන්න බන් හදන්නේ, ඇයි අවුලක්ද?


දෙවෙනි එකා :- ඔවු බන්.. මමයි ඇනොයි සෙට් උනා... උට වැඩි වෙලා 
                        වැටුන බන්. වෙල ගාව ගලෙ ඉන්නේ. 


මම :- මල කෙලියයි. ඉදපන් මම එන්නම්.

දෙවෙනි එකා :- ලොකු දෙයක් බන්. ඉක්මනට වරෙන්.


වැඩි ඈත පොට් එක්ක නෙමෙයි. ඉතින් මම පුටු පුටුවෙම එතනට ගියා. ඈත ඉදන්ම මුන් 2නව දැක්කහම මට තෙරුනා වැඩේ ලේසි නෑ කියලා. ගත්තා උදෙම කතා කරපු එකාට  call එකක්.


මම :- මචන් පොඩි කේස් එකක්. එකෙක් වැඩි වෙලා වැටිලා. උබ ඉස්කොලෙට පලයන්. මම එන්නම්.


ඌ :- අහ්. හරි හරි උබ ඇවිත් call එකක් දිපන්.


වැහැලා තිබුන නිසා වෙලේ නියරවල් චොර වෙලා. මමත් මඩ නාගෙන පොට් එකට ගියා.... එකක් කෙලින්, අනිකා බිම වැදහොත්තෙය.. මම බිම ඉන්න එකා ගාවට ගියා.


"මල්ලී අවුලද?"


"ම්ම්ම්ම්ම් අහ් ම්ම්ම්ම්ම්ම්"


පිලිතුර එපමනයි.... මූ නම් මේ කපෙදි නැගිටින පාටක් නැත. වැස්සකුත් ලග ලගම එන පාටය. අලි පැටියෙක් වගේ ඉන්න මුව අපි 2නට වෙල මැදින් උස්සාගෙන යන එක හිතන්නවත් බැරි වැඩකි. අනිත් එකා මම ඉස්කොලෙට එනකම් බලන් ඉන්නවා. වෙලාවල ගල උඩ කනු 4ක් හිටෝල හදපු පැල්පතක් ඇත.


"අඩෝ, මූව දැන් උස්සන් යන්න බෑනෙ. අර මඩුවට උස්සන් යමු. වහින්න නෙ එන්නෙ. මම ඉස්කොලෙට ගිහින් පැය බාගෙන් එන්නම්"
මම අනිත් එකාට කිවුවා.


අරුව උස්සන් ගිහින් මඩුවට දාල මම ආපහු පුටු පුටුව නවත්තපු තැනට ආව. කරුමෙක මහත, කිලොමීටරයක් යන්නත් කලින් අමොරා වැස්සක් පටන් ගත්තා. නවත්තන්න හරිහමන් තැනක් තිබුනෙත් නෑ. මොනවා කරන්නද කියල හිතල නාගෙනම ඉස්කොලෙ ගාවට ආව. එතකොටම වගෙ වැස්සත් නැවතුනා. ගත්තා අරූට එකක්. 



මම :- මචන් මන් gate එක ලග.

ඌ :- මම ලැබ් එකෙ බන්.

මම :- මම නාල ඉන්නෙ බන්. ඇතුලට එන්න බෑ.... වරෙන් එලියට. 


ටික වෙලාවකින් ඌ එලියට ආව. උටත් කරන්න වැඩක් නෑ කියපු නිසා ඌවත් ඇදගෙන අපේ ගෙදර එන්න ආව. ටික වෙලාවකින් කලින් සෙට් උන චොරේම සෙට් උනා. ආයෙත් වැස්ස. එ අස්සෙ අරු පුටු පුටුවෙ පිටිපස්සෙ ඉදන් මට හොදට දෙසනවා ඌවත් නාන්න සෙට් කලා කියලා....



ආයෙත් අරුත් එක්කම ගල උඩට ආව. අපි 2නගෙන්ම ඇදුම් පිටින් නාන තඨාකයකට බැස්සා වගේ වතුර බේරෙනවා. මොනව කියල කරන්නද ඉතින්..... :(


දැන් නම් වැටිල හිටපු එකාට යන්තම් කතා කරගන්න පුලුවන්. තුන් දෙනාම සෙට් වෙලා අරුව උස්සන් අපේ ගෙදර අරන් ආවා. මොනා උනත් වැටුන එකාව ගෙදරට චොර වෙන්න දෙන්න බෑනෙ. වෙලාවට අපෙ ගෙදරත් කවුරුවත් නෑ. එකයි අරූව අපෙ ගෙදර උස්සන් ආවෙ.



ඇවිත් අරූව නාවල දන්න සෙල්ලම් ඔක්කොම දාල පැය 2කින් විතර වෙරි බස්සවගත්තා. 


"මල්ලි බොන්නෙ ආතල් එකට. ඒ උනාට බීල විඳින්න තියන එක වැඩිපුර බීලා විඳවන්නෙ ඇයි බන්?" මං ඌට යන්න කලින් කිවුවා.


"අනේ අය්යෙ මං ආයෙත් ජිවිතේට බොන්නෙ නෑ" ඌ කිවුවා.... ( හැමෝම වැටෙන්න ගහපු දවසට කියන්නෙ ඔකනේ. )


"බොන නොබොන එක උබේ වැඩක් මල්ලි, හැබයි ලිමිට් එකක් තියාගෙන බිපන් බෙබෙක් නොවී" මගෙත් එක්ක ආපු අනිත් එකා කිවුවා.

ටික වෙලාවකින් අනිත් එකත් එක්ක ඌ ගෙදර ගියා... යන්න කලින් ඌ "අය්යෙ උබ දෙය්යෙක්" කිවුවා.... දවස පුරාම කාපු කටු වල මතකයන් ඒ වචන ටිකත් එක්ක අමතක වෙලා ගියා...


මල්ලියේ, යන තැනක card එක කුඩු කරගන්නෙ නැතුව හොදින් ඉදපන්...




බොන එක මම අනුමත කරන්නේ නැත. නමුත් සෙට් උන දවසට නිකන් ඉන්නෙද නැත...

ගැටලුව ඇත්තේ බීමේ නොව බොන පුද්ගලයාගේ සීමාව හා චර්යාව මතය.... පමනට වැඩියෙන් බී ලොකයා ඉදිරි චොර වීම හො පමන දැනගෙන ආතල් එකේ සිටීම ස්ව කැමත්තය. බිවුවා කියා පොරක් වන්නේද නැත, නොබිවුවා කියා පොරක් වන්නෙද නැත. පදම වැඩිවී අනෙකාට කරදරක් වෙනවාට වඩා නොබී ඉන්න එක සැපය.  ඔනෙවට වඩා ඔනේම දෙයක් ඔනේම නැත.... 




එකෙකුට වැඩිවී බිම වැටුනු කල එතන සිටි අනිත් උන්ගේද ආතල් කැලෙය.... කවුරු මොනවා කිවුවත් වැටුනු එකාගේ වගකිම කරපිට පැටවෙන්නේ එතන සිටින අනෙක් උන්ටය.... බොන හැම එකාම මෙ දේ තෙරුම් ගන්නවානම් කොච්චර හොඳද........



7 comments:

  1. සහතික ඇත්ත.. බොන එකා දැන ගන්න ඕනේ අනිත් උන්ට කරදරයක් නොවෙන්න බොන්න...

    ReplyDelete
  2. මල්ලි හරි මල්ලි..................

    ReplyDelete
  3. වැටෙනකම් දන්නේ නැහැ අපිට වැඩි කියලා. එකනේ ප්‍රශ්නේ.

    ReplyDelete
  4. ඌ උදේ පාන්දරම කට් වෙන්න ගහලද ?

    මොනවා වුනත් පොඩ්ඩක්වත් බීම හොඳ නැත. ඒ මගේ අදහස. ඒත් මෙහෙමත් කට්ටිය කියනවානේ

    සුරාවෙහි අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ දනිත්
    නොබොන අනුවණ දනෝ නොදනිත් :D

    ReplyDelete
    Replies
    1. 9.30 වෙද්දි වැටිලත් ඉවරයි...


      ඒ උනාට හැම එකාම නොබී හිටියොත් කී ලක්ශයකට රස්සා නැති වෙයිද?

      Delete
  5. ඔය තරමටම බොන්න ඕනෑ නම් ඇති තරම් අරගෙන ඇවිත් කාටවත් කරදරයක් වෙන්නෙ නැති තැනකට ඇවිත් තනියම බීලා වැටුනත් කාරි නැත අනිත් අයට කරදරයක් නොකර...

    ඔය කෝවා කිවුවත් වැටෙන්න බොන එකෙත් ආතල් නැත්තේම නැති බව අසා ඇත්තෙමි...

    මොක වුනත් බීම හෝ නොබීම තමාගේ තීරණයකි. බොන ප්‍රමාණය තීරණය කිරීමද ඔහු අතේ පවතී... බුද්ධිමත් තීරණ ගැනීම වඩාත් යෙහෙකි...

    ජය

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.