Pages

Saturday, July 28, 2012

අරමුණ හා කැපවීම....



අපි හැමෝටම විවිධ අරමුණු ඔනේ තරම් තියනවා... අපි හැමෝම වගේ ඒ අරමුණු ගැන හිත හිත හීන දකිනවා මිසක් ඒ අරමුණට ලඟා වෙන්න කරන කැපවීම අඩු නැද්ද? අපි ජීවිතේ හැම වෙලාවෙම අපිට ඔනේ දේවල් ලබාගන්න මහන්සි නොවි short cuts හොයනවා. ඒත් ජීවිතේට වැදගත් දේවල් ජීවිතේට ලගා කරගන්න short cuts කොහෙවත් නෑ... එහෙම short cuts වලින් හම්බවුන දේවල් වල වටිනාකම ගොඩක් අඩුයි...

හැබැයි ජීවිතේ වයසින් මුහුකුරා යනකොට තමන්ගේ අරමුණට යන්න අපි කරපු කැපවීම කොච්චර මදිද කියලා හිතෙනවා... ( මෙහෙම කිවුවට අරමුණු වෙනුවෙන් හැම දේම කැප කරන අයත් ඔනෙ තරම් ඉන්නවා ) තමන්ට ලේසියෙන්ම යන්න තිබුනු ඉලක්ක වලට තමන්ගේම උවමනාවක් නැති කම නිසා යන්න බැරි උනාම එවලෙට "අනේ කමක් නෑ, තව දේවල් කොච්චර තියනවද" කියල තමන්ටම කියාගත්තත් ටික කාලයක් යනකොට තමන්ටම දුක හිතෙනවා " බැරි කම නෙමේනේ, අපේ ඔනේ නැති කම නිසානේ මෙහෙම උනෙ කියලා"



මේ බහුතරෙකටම හිතෙන දේ, ඒත් ඒ දේවල් තෙරුම් යනකොට ගොඩක් පරක්කු වැඩී. හැබැයි එතන ඉදන් වත් තමන්ගේ අරමුණු වලට යන්න කැපවෙනවා නම් අන්න එදාට ඒ පුද්ගලයා ඇත්තටම ජීවිතේ දිනලා.... අපි ගොඩක් දෙවල් වලට පැනපු ගමන් බෑ කියන්නේ ඒ දේ කරන්න බැරිකමට වඩා තමන් ගැන තියන අවිශ්වාසය නිසා නෙමේයි ද? ඒක පාරක් වැරදුනා කියලා ඒ දේ අතාරින්නේ නැතුව වැරැද්ද අඳුනගෙන ඒ වැරැද්ද හදාගන්න ඒක නෙමෙයි ද කරන්න ඕන?

හැබැයි ඒ කාලේ මේව ගැන යම් වැටහීමක් තිබුනත් මේවා ක්‍රියාත්මක උනේ නැත්තේ අපේ ඔනේ නැති කම නිසාද නොතෙරුම් කම නිසාද කියල තාමත් මට තෙරුම් ගන්න අමාරුයි... සමහර විට ඒ ජීවිතේ බරක් පතලක් නොතෙරුන නිසා වෙන්නත් ඇති....  තියන අතිදැකීම් නිසාම වයසින් අඩු උන්ට මේවා තෙරුම් කරල දුන්නත් උන් මේවා කවදාවත් තෙරුම් ගන්නෙත් නෑ, අහන්නෙත් නෑ... ඒ හරියට අපිත් ඒ කාලේ වැඩිමල් අය අපිට කියපුවා කට කොනින් හිනාවෙලා ඇහෙන පරක්කුවට අමතක කරල දැම්මා වගේ....

අරමුණු වෙනුවෙන් කැපවෙන්න කොච්චර උත්සාහ දැරුවත් ඒ හැම දේම සොඩා බොතල් වගේ උන ඒ කාලේ ගැන මතක් වෙනකොට තමන්ට තමන් ගැන කොච්චර ආදරේ හිතෙනවද? කැපවීම කියන වචනේ දැනන් හිටියත් ඒකෙ ඇත්තම තේරුම තෙරුම් ගන්න අපිට කොච්චර කල් යනවද? පංච් ඉන්ද්‍රිය පිනවන්න පුලුවන් හැම දේකම ඇලී ගැලෙන අපි අතින් කැපවීම කියන දේ ඈත්වෙලා යන්නේ අපේ හිත වල දුර්වල කම නිසා නෙමෙයි ද? මේ දේවල් වලට වගකියන්න ඔනේ අපි විතරක් මද?


7 comments:

  1. වැදගත්ම දේ අරමුණු වලට යන්න කෙටි මාර්ග නෑ.. තියෙන මාර්ගේ දුශ්කර උනත් ඒකෙම යන එකයි වැදගත්..

    ReplyDelete
  2. මම නම් ගොඩක් දේවල් කරන්නේ අරමුණක් ඇතුව.කොච්චර එක අරමුණකින් ඉන්න බැරි උනත්..හිත හදාගෙන ඉඳල ඉඳල පස්සේ ජිවිතේ ඒ හරහා ගොඩක්ම ලස්සන කරගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. එක අරමුණේ ම ඉන්න බැරි එකනේ තියන අවුල....

      Delete
  3. ඕනෙම දේකට අරමුණක් තියෙන්න ඕනේ... අරමුණක් නැතුව ලෝකේ ජය ගත්ත කෙනෙක් නැ ..

    ReplyDelete
    Replies
    1. ඔවා අපිට ඒ කාලෙ තෙරුනේ නැ නෙද බං?

      Delete
  4. හිත එක අරමුණක තියා ගන්නවා කියන්නේ සෑහෙන්න අමාරු වැඩක්!!!

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.