Pages

Wednesday, June 27, 2012

තිත්ත ඇත්ත

ඔන්න ලගදි දවසක ගෙදර ඉන්න කම්මැලිකමට උදෙම බැස්සා එලියට රස්තියාදු පාරක් වත් දානව කියල... බස් එකේ නැගලා ටවුමට ආවා... උසස් පෙල ක්ලාස් යන කෙල්ලො කොල්ලොන්ගෙන් ටවුන් එක පිරිලා... ඉස්සර අඩියක් අඩියක් ගානෙ පය ගහල තිබුන ටවුන් එකේ අමුතුම නුපුරුදු කමක් හිතට දැනුනා... අදුරන එකෙක් හොයාගන්න හතර වටේ බැලුවත් හැමතැනම තිබුනේ ජීවිතේට ඇහැ ගැටිල නැති මූණු විතරයි.



අපි ක්ලාස් යන දවස් වල නම් ටවුන් එකට බැහැපුවහම අදුරන අය ඔනේ තරම්.... දැකල පුරුදු නැති කෙල්ලෙක් කොල්ලෙක් හිටියෙ බොහොම අඩුවෙන්.... අදුරන උනුත් නැති එකේ ටිකක් වෙලා ඉදල කොහෙ හරි යනව කියල හිතන් ටවුන් එකේ එහෙ මෙහෙ යන කෙල්ලො කොල්ලො දිහා පැත්තකට වෙලා ටිකක් වෙලා බලන් හිටියා... ටික වෙලාවකින් මට අපේ සොදුරු අතීතය මතක් උනා... අපිත් මෙහෙම හිටියා නේද කියල....

සාමන්‍ය පෙල ඉවර වෙලා අපි උසස් පෙල කරන්න ආපු හැටි... අවුරුදු 2,3ක් මේ ටවුමෙම ජීවිතේ වැඩි කොටසක් ගෙවුන හැටි... ඒ කාලේ තිබුන සුන්දරත්වය! ඒ කිසිම දෙයක් අද නෑ... ඉතුරු වෙලා තියෙන්නේ ඒ දෙවල් වල මතකයන් විතරයි... එක වෙලාවකට හිතෙනවා ජීවිතේ ගතකරපු හොඳම කාලෙ නේද ඒ කියල...

ක්ලාස් වල නටපු පිස්සු... සෙට් එකත් එක්ක ක්ලාස් කට් කරලා රවුම් ගහපු හැටි.... කෙල්ලො ටොක් කරන්න කරපු වැඩ... වලි දාගෙන ගහගත්ත ඒවා.... පොලිසියෙන් බේරෙන්න දුවපු ඒවා... මතක් වෙනකොටත් හිනා යනවා. ඔවා ඒ කාලේ කරන්නේ නැතුව නාකි උනාම කරන්නද? ක්ලාස් කට් කරන්න ක්ලාස් යන්න ඔනනේ.



ටවුන් එකේ හිටපු සමහර උන් ක්ලාස් වලට දුවනවා. සෙට් බහින උන් අනිත් එවුන් එනකම් ඉන්නවා.. ඒ අතරෙ සමහර තැන් වල කෙල්ලො ෆොන් එක අතේ තියන කොට කොට කොල්ලා එනකම් බලන් ඉන්නවා... කොල්ලො කෙල්ලෝ එනකම් බලන් ඉන්නවා.... සමහර උන් වල බහින්න තැන් ගැන බරට සාකච්ඡා. කපල් තැන් තැන් වලට වෙලා කතා කර කර ඉන්නවා අද  ක්ලාස් යනවද නැත්තම් කොහෙ හරි රවුමක් දානවද කියලා....


මේ කාලේ ජීවිතෙ හරිම සැහැල්ලුයි... වගකීම්, යුතුකම් වගේ දේවල් ගැන කිසිම තේරුමක් නෑ. ඒ නිසා පුලුවන් හැම වෙලේම ජීවිතේ උපරිමෙන් විදින්න තමයි ගොඩක් දෙනා උත්සාහ කරන්නේ. අනාගතේ ගැන හීන මැවුවට යතාර්තය ගැන කිසිම අවබොදයක් නැ.... හැම එකාගෙම මුණු වල තියෙන්නේ හිනාවල්... ඒත් ඔය හිනාව හැමදාම තියෙයි ද? මුන් දිහා බලන් හිටියම අපිට මුන් ගැන දුක හිතෙනවා... අනාගතේ මුන්ටත් වෙන්නෙ අපිට උන දේම නේද කියල....


අපි දුක් වෙනවා ඒ කාලේ හරියට වැඩ කලානම් දැන් ගොඩ නේද කියල... ඔය හැම දෙම පවතින්නේ විභාගෙ ඉවර වෙනකම් විතරයිනෙ... ඊට පස්සෙ තමන්ට තමන් විතරයි... ලග හිටපු යාලුවොත් නෑ සමහර විට ලග හිටපු කෙල්ලත් නෑ....

මුන්ට මේ දේවල් තෙරුම් කරල දීලත් වැඩක් නැ... එහෙම කලාම මුන් හිතන්නේ අපිට පිස්සු කියලා. ( අපිටත් ඒ කාලේ හිතුනේ එහෙමනේ ) ඇත්තටම වයසෙ වැරැද්ද කියලයි මටනම් හිතුනේ...

කඩේක දාල තිබුන රේඩියො ඒකේ සිංදුවක් යනවා ඇහුනා,


           සිරිපොද වැස්සේ එකම කුඩේ යට
           තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
           මටත් එසේ ගිය හැටි මතකයි
           මට හොඳ හැටි මතකයි..........


ඒ සිංදුවේ හඩත් එක්කම මමත් යාලුවෙක් ගෙ ගෙදර යන්න බස් එකකට නැග්ගා....

11 comments:

  1. ජීවිතේ හැටි ඔහොම තමා.. අවුරුදු තුනකට පස්සේ ලංකාවට ගිය වෙලේ මටත් හිතුනේ ඔය ටික..

    ReplyDelete
    Replies
    1. එක වෙලාවකට ජීවිතේ හරි අසාධාරනයි.....

      Delete
  2. ඕක අපි හැමෝටම හිතෙන දෙයක් මලේ..අපේ ජීවිත වල ලස්සනම කාලේ තමයි, O/L A/L කලේ. දැන් ටවුමත් වෙනස් වෙලා, උඹල නම් තාම ඉගන ගන්නවා, අපේ ජීවිත ඊටත් වඩා සංකීර්ණ වෙලා.

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවට තමයි හිතෙන්නේ අයෙත් ඒ කාලෙට යන්න පුලුවන් උනානම් කොච්චර දෙයක් ද කියල... සමහර විට මේව කියන අපිවත් අයියලට පෙනවා ඇත්තෙ අපි මුන්ව දකින විදියට වෙන්න ඇති...

      Delete
  3. //සමහර විට ලග හිටපු කෙල්ලත් නෑ....// කිව්වේ????
    ඇයි දැන් නැද්ද?

    වයසේ වැරැද්දලු බං...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. :) ඇත්තටම ඒ කාලේ ලස්සනයි.. ඒත් දැන් ඒ වයස පහු කරන අයට තියෙන්නෙ වෙනම කාලයක්! :)

    ReplyDelete
    Replies
    1. කාලෙත් එක්කම හොද දේවල් නැති වෙලා යනව දැන්...

      Delete
  5. අපි දැන් ටික ටික වයසට යන මිනිස්සු :D

    ReplyDelete
  6. ගම්පහ කියන්නෙ මතක සරණියක් මටත්....
    ඉස්සර කේක් කඩේ ඉස්සරහට වෙලා මම එනකම් බලන් හිටපු උන් ගොඩයි.. ඊට පස්සෙ අපි ඔක්කොම එකතු වෙලා තවත් එකෙක් එනකම් බලන් ඉන්නව.. ඉඳල එක්කො පංති යනව.. නැත්තම් එක්කො රේල් පාර දිගේ බඩුත් අරන් පිල්ලම පැත්තට... කෙටවල පැත්තට.. තම්මිට වාන් දහය පැත්තට.. එක්කො ෆිල්ම් හෝල් එකක හූ කිය කිය..නැත්තම් දවසම ටවුන් එක පුරා ඇවිද ඇවිද... අනේ මන්ද එහෙමත් කාලයක් නේද?

    ඒ කාලෙ වැස්සකට ටවුන් එක පැත්තට ආවත් අඳුරන මූනු දහයක් පහලොවක් තියෙනවමයි..
    මමත්... ළඟදි ගියා ඔය වගෙම... "යහලුවො අද නැත.. වෙන අය එහි ඇත...කාලය මැවු වෙනසක් අරුමේ" තමයි ඉතින්... අපි වගෙම වල බැහැපු... අපි වගෙම පංති ගිය.. අපි වගෙම සෙට් ඉන්නව ටවුන් එකෙ..
    මමත් ගිහින් හිටගත්ත කේක් කඩේ ළඟ උඩ තට්ටුවට යන පඩිපෙල මුලින්... එතනම ඉන්නව පොඩි උන් ටිකක්... එදා අපි වගේම කයිවාරු ගගහ... වල බැහැ බැහැ ඉන්න සෙට් එක දැක්කම සතුටකුත් දැනුන.. මොක උනත් දෙයියනේ.. අපේ තැන ඉස්සරහට ගෙනියන්න තව සෙට් එකක් හැදිල නේද කියල...
    ඒත් පස්සෙ පොඩි දුකකුත් දැනුන... අපි එදා මෙහෙම හිටිය නිසා නේද අද අපි මෙහෙම ඉන්නෙ කියල...
    එතකොට මතක් උනා... අපේම අයියල.. දෙවෙනි පාර උසස් පෙළ කරන.... අපේම අයියල.. මෙතනින් යනකො.... අපිටත් කිවුව... මල්ලි.. උඹලට තේරෙන්නෙ නෑ දැන්... ගිහිල්ල ඉගෙනගනින්.. පංති යමන්.. නැත්තම් උඹල අපේ කාලෙ වෙනකොට පරක්කු වැඩිවෙයි... එතකොට උඹලටත් මේ අපි වගෙම කරපු ගොන්කම් මතක් කර කර ඉන්න වෙයි කියල... ඒත් අපි ඒව තඹේකට ගනන් නොගෙන හිටපු හැටි...
    අද මගෙ හිතේ ඇත්තටම තියෙන කැක්කුමට.. එදා අපිට කියපු අයියලට තිබුන වගෙ කැක්කුමකින්... මේ මල්ලිලට කිවුවත්.. උන් ඒක තේරුම් ගනීවි කියල හිතනවද?? නෑ.. මම නම් හිතන්නෙ නෑ...
    එහෙම උනා නම් අපිටත් ඒ දවස් වල කියනකොට තේරුම් ගන්න තිබුන... මොක කලත් ඒකට ඒ නියම කාලෙම එන්න ඕන තේරෙන්න...
    එක අතකට...
    මම ඒකෙ ඒ හැටි වරදක් දකින්නෙත් නෑ... මොකද.. අත්දැකීම් තමයි පස්සෙ කාලෙක අපේ දැණුම වෙන්නෙත්...

    ලස්සනයි.. මගෙත් හිත අතීතයට ගියා මේ පෝස්ට් එක දැකල... මේ වගෙම පෝස්ට් එකක් තියෙනව..
    අපෙ ලොකු පුතාගෙ...
    හම්බ උන ගමන් මෙතන යටින් දාන්නම්කො ලින්කුව.. කියවල බලන්නකො... ඔය ටවුම ගැනම තමයි ඒ කතාවත්...

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.