Pages

Thursday, May 31, 2012

සැරසීම හා චොර වීම....

ඔන්න එකෝමත් එක රටක ( මේක සිහින පුරවරයක් ලු ) වෙච්ච කතාවක් තමයි කියන්න යන්නෙ... යටගිය දවස බරණැස් නුවර ........ නම් රජ කෙනෙක් රජ කරන කාලෙක ලොක ගෝලෙ වෙනත් තැනක පුංචි දුෂ්කර ගම්මානෙක කොලුවෙක් ගෙදර අයයි යාලුවොයි එක්ක එකතු වෙලා බොලේ උස්සන් දුවන සෙල්ලමේ තරගාවලියක් තියනවලු... කොලුවා සෙල්ලමට බැස්ස හැටි සැමා අයියගේ වච්නයෙන්ම මෙතනින්....




තරගාවලිය ලස්සන කරන්න කියලා අල්ලපු ගමේ නාඩගම් නටන ලමිස්සියො දෙතුන් දෙනෙකුයි කොලු ගැටවු ටිකකුයි ගේන්න සැලසුම් කලාලු... ඉතින් ඒ අය ගේන්න ලොකු ගානක් වියදම් කරනවලු..... අපේ සල්ලි වලින් නම් රුපියල් මිලියන 150ක් විතර.... ( කජු ඇටද කොස් ඇටද නේ) තව ලමිස්සියෙකුට මිලියන 60යි ලු... සෙල්ලම් කරන කොලුගැටයින්ට සොච්චමයි ලු ගෙවන්නේ....



 එහේ මුදල් ඒකකය නම් මම දන්නේ නෑ....

මේච්චර ගානක් වියදම් කලේ කොල්ලගෙ සල්ලි වෙන්න බැනේ... එයාට හරි හමන් රස්සාවක් වත් නෑනේ... මේ සල්ලි මේ දුෂ්කර ගමේ ග්‍රාමසේවක මහත්තයට ගමේ මිනිස්සු එකතු කරලා දිපු සල්ලි කියල තමයි ගමේ මිනිස්සු කිවුවේ.

මේ සල්ලි වලින් ගමේ මිනිස්සුන්ට කොච්චර දේවල් කරන්න තිබුනද? අබලන් වෙලා තියන ඉස්කොලෙ හදන්න, ගෙයක් නැති කෙනෙක්ට ගෙයක් හදලා දෙන්න? නැත්තම් අඩුගානේ ගමට සෙත් පතලා හත් දොහක් පිරිත් කියන්න?

මෙච්චර ගානක් දිලා ගෙනාවෙ අර ලමිස්සියොන්ගේ අහවල් එක බලන්නද කියල ගමේ මිනිස්සු කියනවලු...



ක්‍රීඩා තරඟවලියක් පැවැත්වීම යනු ඉතා හොඳ ක්‍රියාවකි... නමුත් හැමෝම කියනවාක් මෙන් ඉදිමිය යුත්තේ ඇගිල්ලේ තරමටය..... තරඟවලිය සරසන්නත් අවශ්යය..... නමුත් සරසන මුදලින් තවත් තරගාවලි 2,3ක් පවත්වන්නට පුලුවන්නම් එය අපරාදයකි.... සරසන මුදල් ඉතුරු කර නැගීඑන පරපුරේ දක්ශතා ඔපනැංවීමට කටයුතු කරනවානම් එය කොතරම් භ්‍යාග්‍යට කරුණක්ද? විසිකරන්නට සල්ලි තියන එකා සල්ලි විසිකිරීම හැමතැනම වෙන දෙයකි... නමුත් අනුන්ගේ සල්ලි තමාගේ මෙන් විසිකිරීම කොතරම් දුරට සදාචාර සම්පන්නද?


12 comments:

  1. me kathawata nam macho masuran dan ona ube katata nemee key bord ekata.....

    ReplyDelete
    Replies
    1. මසුරන් නම් ඔනෙත් නෑ... :පි

      Delete
  2. ඕවා ගැන කතා කරලා වැඩක් නැත..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි.... ඒ උනාට මේවා බලන් ඉන්නත් අමරුයි නෙ...

      Delete
  3. මල්ලි වෙඩි තියන්න පටන් අරන් වගේ... පරිස්සමින්...

    ReplyDelete
    Replies
    1. තුවක්කුව මානං ඉන්නකොට කොකා ගැස්සුනා.....

      Delete
  4. තෝව සුදු වෑන් වලින් උස්සයි... පරිස්සමට :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් අපේ රජා බේරාගනී උබව :පී

      Delete
    2. අරා ඉන්නකං අපි සුදු වැන් වලට බය නෑ

      Delete
  5. සියල්ල දේශපාලනීකරනය වූ මේ රටේ දේශපාලනීකරනය නොවන එකම දේ දේශපාලනය පමනි! :)

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.