තාත්තලගේ අම්මලගේ සිරිත ඉල්ලන දේවල් අරන් දිදී ළමයි නරක් කරන එකනේ.... යටගිය දවස බරණැස් නුවර කවුද මන්දා රජ කරන කාලේක් අපේ ග්‍රාමසේවක මහත්තයත් ඔය වගේම තමයි... පොඩි එවුන්ට මොනවද ඔනේ කොහොම හරි ඒ දේවල් දීලා පොඩි උන්ව සතුටු කරනවා... එක අතකින් ඒව්ගේ තාත්තා කෙනෙක් හම්බවෙන්නත් වාසනාව තියෙන්න ඔනේ... මොකද අපි ඔහොම බූරුවෝ වගේ මොකක් හරි ගොං දෙයක් ඉල්ලුවොත් අපිට හම්බවෙන්න කන හරහ නේ....
ඔන්න කොහොම හරි වැලේ වැල් නැතුව හිටපු එක කොල්ලෙක් දවසක් මේ ග්‍රාමසේවක මහත්තයට කිවුවලු "තාත්තේ, තාත්තේ මට ගමටම රූකඩ පෙන්නන ඔනේ කියලා" මූටත් එන ආසාවල් කියලා පහුවෙනි දවසේම ගමේ හංදිය මැද්දෙ මුලු ගමටම පේන විදියට කොල්ලට රූකඩ මඩුවක් දාලා දුන්නලු ග්‍රාමසේවක මහත්තයා. පොඩි එකා පවුනේ නැත්තම්... කොල්ලට දැන් මාර හැපි ලු, මූ හෝ ගාලා දැන් රූකඩ නටවනවලු. ඒත් ගමේ උන්ටත් හැමදාම එකම කුකුලගේ කරමලේ හැඩ බලන්න බැරි නිසා රූකඩ බලන්න එන අය අඩු උනාලු... මෙච්චර දවස් හැපි එකේ හිටපු කොල්ලා දැන් බලාගත්ත අත බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා දැකපු ග්‍රාමසේවක හාමිනේ මහත්තයට කිවුවලු " බලන්න අනේ කොල්ලා බලාගත්ත අත බලාගෙන හූල්ලනවා, පොඩ්ඩක් බලන්නකො" කියලා.
Friday, December 14, 2012
Tuesday, December 11, 2012
මායම්කාරී....
මතකය මුල් දවස ඔබ මගේ නෙත ගැටුන
තවත් එක් කෙල්ලෙක්ය එදවස නුබ මෙමා හට
සිනහවට, බලන හොර බැල්මට ඇඳුනත් මගේ සිත
තාවකාලික් විය සියලු හැඟුමන් ඇස ගැටුන නිමේශයකට
හැඩය නුඹ ඇත්තටම ඒ නිසයි බැලුවෙ මම
කැත සිතින් නෙමේ ඒ පිරිසිදු චේතනාවෙන් ය
මතුවිනි අහිංසක ආශාවක් මගේ පෘතක්ජන සිත වෙතට
ඔබ මගේ කරගන්න තුරුලේ හොවාගන්න
Tuesday, December 4, 2012
අපි කලුයි ද? අපේ කලුයි ද?
එදිනෙදා ජීවිතෙදි කෙල්ලොන්ට "කාන්තාව" කියන කෑල්ල හින්දා කොච්චර වාසි ලබාගන්නවද ලැබෙනවද? ඔනේම දෙකට එයාලට උදව් කරන්න ඉන්න කට්ටිය පෝලිම් ගණන්, ඒත් කොල්ලොන්ට? සමහර වෙලාවට තමන් විතරයි. හැම කෙනාම ප්‍රමුකත්වය දෙන්නෙ ගැහැනු අයට නෙ. මම කියන්නේ නෑ එයාලට ප්‍රමුකතාව දෙන්න හොඳ නෑ කියලා ඒත් කෙල්ලෙක් උන පලියට හැම වෙලේම එහෙම චාන්ස් දෙන එක සදාචාර සම්පන්නද? ඊයෙ පෙරේදා බුකියේ කරක් ගහනකොට දැකපු පින්තුරයක් save කරලා තියාගත්ත පොස්ට් එකක් දාන්නමයි කියල ඒත් වෙලාවක් හම්බවුනෙ අද තමයි.
කොල්ලො ටික නම් මෙ කතාවට උඩ පැනලා එකඟ වෙයි..... මොකද කතාව සම්පූර්න ඇත්ත. නිකමට හිතලා බලන්න හැම වෙලෙම මේක නෙමෙයි ද වෙන්නෙ කියලා.
කෙල්ලො මොන දේ උනත් ගොඩක් වෙලාවට කරන්නෙ අඬන එකනේ. මොන හේතුව නිසා ඇඬුවත් කෙල්ලෙක් අඩනවා දැක්කම කට්ටියගෙම පපුව හොස් ගාලා යන්නෙ පරණ දුම් කොච්චියක් ස්ටෙසමට ඇවිත් බොයිලර් එකේ වෑල් එක ඇරියා වගේලුනේ.... කෙල්ලෙක් දුකින් ඉන්නකොට සනසන්න අපේ අය පෙල ගැහිලා ඉන්නේ, විශේෂයෙන් කොල්ලො... ඒත් කොල්ලෙක් දුකින් ඉන්නකොට උට ඉන්නෙ තමන් ලඟම හිටපු යාලුවො දෙතුන් දෙනා විතරයි. කෙල්ලෙක් අවුලෙන් ඉන්නකොට හොයාගෙන ගිහින් සනසන අය කොල්ලෙක්ගෙ අවුලකදි ලොවෙත් නෑ... දැන් කට්ටිය පටන් ගනී බොක්කෙන් ඉන්න කොල්ලො එහෙම නෑ කියලා, හරි එකෙක් දෙන්නෙක් එහෙම නැති උනාට හොඳට හිතලා බැලුවොත් බහුතරේ එහෙමනෙ.

Monday, November 26, 2012
මල් ශාලාවක් අතුගෑමි
මෙච්චර කල් මොන මොන ටකරන්, ටින්, බෙලෙක්ක කාලා තිබුනත් මෙහෙම එකක් කන්න උනේ පලවෙනි පාරට ඒකත් අහම්බෙන්.... වැඩේ අවුලක් නෑ වෙන තැනක උනා නම්, ඒත් ක්ලාස් එකක් තියන තැනක බස් හොල්ට් එකෙක් ඉස්සරහ? ඒකත් ක්ලාස් ඇරෙන වෙලාවෙම? ලස්සන ලස්සන සූටි ගැණු ලමයි ගොඩාක් ඉන්න වෙලාවක? ඇයි හත් දෙයියනේ මේවා මටම වෙන්නෙ?
මම හැම කෙනාටම කියන්නේ කවදාවත් කසාද බඳින්නේ නැතුව ඉන්න නම් එපා, එහෙම උනොත් සමහර විට කොහේ හරි ඉන්න මම වගේ අහිංසක හුරතල් කොලු පැටියෙක්ට මේ වගේ ගුජුප්සාජනක අවස්තාවකට මුහුණ දෙන්න තියන ඉඩකඩ වැඩී.

Monday, November 19, 2012
කෙලවීමෙන් සැනසීම
මේ දෙවෙනි කොටස ලියන්න හිටියේ දවස් 2 කට විතර කලින්, ඒත් පොඩි රවුමක් දාන්න උන හින්දා වෙලාවක් හම්බවුනේ අද.... පලවෙනි කොටස කියවපු නැති අය මෙතනින් කියවන්න....
ඇත්තටම අනිත් මිනිස්සු ගැන හිතන්න ගිහින් මිනිස්සු කොච්චර අමාරුවේ වැටෙන වෙලාවල් තියනවද? යහපත් කියන මිනිස්සු අනුන් ගැන හිතද්දි අයහපත් කියන මිනිස්සු අනිත් හොඳයි කියන මිනිස්සුන්ගෙ ඒ යහපත් ගතිගුණ ප්‍රයොජනයට අරගෙන තම්න් ගැන විතරක් හිතනවා. හිතල බලන්න අපි අතරෙ මේ දෙගොල්ලොන්ට අයත් අය කොච්චර ඉන්නවද කියල? ඉස්කොලවල් වල, පංති වල, යාලුවො සෙට් එකේ විතරක් නෙමෙයි ආදරය කරන අය අතර පවා මෙහෙම අය ඕන තරම් ඉන්නවා.
යාලුවො කියල එකතු උන සෙට් එකක් ගැන හිතල බලන්න, කොච්චර බොක්ක උනත් එතන තියන බොකු ඔක්කොම එක සමාන නෑ නෙද? සමහර වෙලාවට සල්ලි එකතු කරල මොකක් හරි කරන කොට සමහර උන් සල්ලි නෑ කියලා ශේප් වෙනවා, එහෙම මාරු වෙන උන් සල්ලි නැති උන් නෙමෙයි ගොඩක් වෙලාවට. ඒත් මේ අතරේ කොච්චර දුප්පත් උනත් අතේ තියන හැම සතේම දෙන උනුත් ඉන්නවා.... සමහර වෙලාවට කෙනෙක්ට කරදරයක් උනාම එකෙක් වත් නෑ.. සමහර උන් මොන කට්ටක් කන්න සෙට් උනත් උදවුවක් ඉල්ලුවහම මැරිල හරි ඒ උදවුව කරනවා. සමහර වෙලාවට අහන්නත් කලින් ඒ දේවල් කරලා ඉවරයි.. එත් බොක්ක හොඳ නැති උන් මොකක් හරි බොරුවක් කියල මාරු වෙලා යනවා... ගිහින් අන්තිම මොහොතේ ඇවිත් ලකුණු දාගන්නවා තිබුන වැඩ ටික දාලා ආවෙ කියලා. දවස් ගණන් මැරීගෙන දඟලපු උන්ට මහන්සිය විතරයි... ඒකත් පැත්තකින් තියමුකො, තමන්ට කරදරෙකදි හරි ඔනේ වෙලාවකදි හරි සිරාවටම උදවු කරපු උන්ව මතක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?

Wednesday, November 14, 2012
කෙලීම කෙලවීම හා කෙල කරගැනීම 1
ඇත්තටම මට මේ දේ තාමත් හරියට තෙරුම් ගන්න බැරි උන දෙයක්.... ඒත් හැමදාම මුහුන දෙන්න වෙන දේවල් දිහා බැලුවම මේ දේ ගැන දක්වන්න ඔනේ සැලකිල්ල වැඩි....
මේ දේවල් හැම තැනකටම පොදු නොවෙන්නත් පුලුවන්, හැම අවස්තාවකටම උචිත නොවෙන්නත් පුලුවන්... එක දෙයක් ගැන සලකා පමණක් මේ විග්‍රහය කරන බව සලකන්න...
මේ ලෝකය තුල මිනිස්සු කොතරම් ප්‍රමාණයක් වාසය කලත් ඒ ඒ පුද්ගලයන් විවිධ ආකාර වලට වර්ග කරන්න අපිට පුලුවන්.... දුප්පත් - පොසත්, සුදු - කලු, හොඳ - නරක්, ලස්සන - අවලස්සන., මේ එක එක විදියට මිනිසුන්ව වර්ග කර දක්වන්න පුලුවන්. ඒත් ඒ වර්ග කිරීම සාපේක්ශයි කියල හැමොම දන්න කාරණයක්.. ඒ ඒ වර්ග කිරීම් වර්ග කරන පුද්ගලයාගේ දෘෂ්ටි කොනය මත රඳා පවතින දෙයක්.... මමත් මේ කරන්න යන වර්ග කිරීම හුදෙක් මගේ දෘෂ්ටි කොනය මත රඳා පවතින දෙයක් නිසා මීට අසමාන මත දරණ පිරිසක් ද සිටිය හැකිය.....
මේ වර්ග කිරීම සිතිවිලි හා ක්‍රියා කලාපයන් මත හා ලෝකයේ සම්මත යයි පවතින තර්ක මත පදනම් වූ දෙයක්.
මේ ලෝකෙ මිනිසුන් කොට්ඨාශ 2ක් ජීවත් වෙනවා..
1. බාහිර පුද්ගලයන් ගේ සුබසිද්ධිය තකා ඔවුන්ට ප්‍රතිලාභ වන ලෙස තමන් කටයුතු කරන පුද්ගලයින්
2. තමාගේ සුබසිද්ධිය හා ප්‍රතිලාභ තකා බාහිර පුද්ගලයන් අතකොලුවක් කරගන්නා පුද්ගලයින්

Tuesday, November 6, 2012
ලස්සන නිසාම කැන්දන් ආවට...
ඊයෙ දවල් යලුවෙක් ගෙ මාලු ටැංකියක ලීක් එකක් කියල ඒක අලවන්න දෙන්න ටිකක් ලොකුවට කරගෙන යන සුරතල් මසුන් විකුණන තැනකට ගියා.... අපිටත් සතෙක් දැක්කම බලන්නෙ නැතුව ඉන්නම බෑනෙ. ටැංකියත් පැත්තකින් තියල අපි ගියා මාලු බලන්න...... එතන ජොඩුවක් රුපියල් 25 ඉදලා එකෙක් රුපියල් 50000 වෙනකම් මාලු ජාති හිටියා. ඔන්න ඔය අස්සෙ තමයි ටැංකියක දාලා හිටපු පුංචි ඉබි පැටව් වගයක් දැක්කෙ. ඇත්තටම දැක්කම ආසා හිතෙනවා... ගණන් අහපුවහම එකෙක් 350 ලු... අතේ සල්ලි තිබුනෙත් නැති හින්දා තව ටිකක් වෙලා බල බල ඉදලා ගෙදර ආවා... එන ගමන් මගෙ යලුවට කිවුවා ගණන් වැඩි නැද්ද බං අර ඉබ්බො කියලා... ඒ පාර ඌ කියපි ගණන් වැඩි නම් තමයි බං, ඒත් සතෙකුගෙ උනත් ජීවිතෙකට ගාණක් කියන්නෙ කොහොමද බං කියලා.... ඇත්තටම අපි කොහොමද අපිට අයිති නැති ජීවිතයකට වටිනාකමක් ප්‍රකාශ කරන්නේ?
දැන් මේ මාලු ප්‍රශ්නෙදි 2 පැත්තක් තියනවා, එකක් මාලුවගේ පැත්ත, අනික අපේ පැත්ත...

Subscribe to:
Posts (Atom)