Pages

Wednesday, November 14, 2012

කෙලීම කෙලවීම හා කෙල කරගැනීම 1

ඇත්තටම මට මේ දේ තාමත් හරියට තෙරුම් ගන්න බැරි උන දෙයක්.... ඒත් හැමදාම මුහුන දෙන්න වෙන දේවල් දිහා බැලුවම මේ දේ ගැන දක්වන්න ඔනේ සැලකිල්ල වැඩි....

මේ දේවල් හැම තැනකටම පොදු නොවෙන්නත් පුලුවන්, හැම අවස්තාවකටම උචිත නොවෙන්නත් පුලුවන්... එක දෙයක් ගැන සලකා පමණක් මේ විග්‍රහය කරන බව සලකන්න...

මේ ලෝකය තුල මිනිස්සු කොතරම් ප්‍රමාණයක් වාසය කලත් ඒ ඒ පුද්ගලයන් විවිධ ආකාර වලට වර්ග කරන්න අපිට පුලුවන්.... දුප්පත් - පොසත්, සුදු - කලු, හොඳ - නරක්, ලස්සන - අවලස්සන., මේ එක එක විදියට මිනිසුන්ව වර්ග කර දක්වන්න පුලුවන්. ඒත් ඒ වර්ග කිරීම සාපේක්ශයි කියල හැමොම දන්න කාරණයක්.. ඒ ඒ වර්ග කිරීම් වර්ග කරන පුද්ගලයාගේ දෘෂ්ටි කොනය මත රඳා පවතින දෙයක්.... මමත් මේ කරන්න යන වර්ග කිරීම හුදෙක් මගේ දෘෂ්ටි කොනය මත රඳා පවතින දෙයක් නිසා මීට අසමාන මත දරණ පිරිසක් ද සිටිය හැකිය.....


මේ වර්ග කිරීම සිතිවිලි හා ක්‍රියා කලාපයන් මත හා ලෝකයේ සම්මත යයි පවතින තර්ක මත පදනම් වූ දෙයක්.

මේ ලෝකෙ මිනිසුන් කොට්ඨාශ 2ක් ජීවත් වෙනවා..


1.  බාහිර පුද්ගලයන් ගේ සුබසිද්ධිය තකා ඔවුන්ට ප්‍රතිලාභ වන ලෙස තමන් කටයුතු කරන පුද්ගලයින්

2.  තමාගේ සුබසිද්ධිය හා ප්‍රතිලාභ තකා බාහිර පුද්ගලයන් අතකොලුවක් කරගන්නා පුද්ගලයින්




1................... මේ කොටසට අයත් වන පුද්ගලයන් අවංක, නිහතමානී, පරාර්ථකාමී, යුක්ති සහගත ඇතුලු තවත් බොහෝ යහපත් ගතිගුණ ඇති අය... මේ අය හැම මොහොතකම අනිත් මිනිස්සුන් ගේ හොඳ ගතිගුණ දකින, ඔවුන්ගේ යහපත තකා උපදෙස් ලබා දෙන අය. තමා කරන කුමන කාර්යයකින් වුවද අනිත් මිනිසුන්ට අයහපතක් සිදුවෙදැයි සිතා බලා එසේ නොවන සේ කටයුතු කරන අය.

2................. වංක, ආත්මාර්තකාමී, අයුක්ති සහගත ඇතුලු තවත් බොහොමයක් අප නරක යයි හඳුනාගන්නා ගතිගුණ පවතින, වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම අනුන්ගේ මරණයක් මඟින් හෝ තමාගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට වෙර දරන, සමාජයේ සෑම තැනක් ම විවෙචනය කරන තමන්ගේ ක්‍රියාවන් පමණක් සාධාරණ යයි කියාගන්නා පිරිස මේ කාණ්ඩයට අයත් වේ....

සම්මතයන් :-


  • ධර්මය රකින්නා ධර්මය විසින් ම රකිනු ලැබේ.
  • තමා කරන ලද ක්‍රියාවන් වල ප්‍රති විපාක තම්න්ටම ලැබේ.
  • යහපත් පුද්ගලයන්ට යහපතක් සිදු වේ...

මම මගේ විග්‍රහය මෙතන සිට මගේ බාසාවෙන් කරන බව කරුණාවෙන් සලකන්න. ( පින් යනුවෙන් අප සලකන දෙය මෙමෙ විග්‍රහයට අඩංගු නොවෙ.... )



කොහෙන්ද පටන් ගන්නේ කියල හිතාගන්න බෑ... කියනවනම් එච්චරටම කියන්න දේවල් තියනවා. ඒත් කොහෙන් හරි පටන් ගන්න ඔනනෙ. ඇත්තටම මේ ලොකේ හොඳයි කියල අපි කියන මිනිස්සු අනිත් මිනිස්සුන්ට වඩා දුක් විඳිනවා වැඩී නේද? ඒ ඒ මිනිස්සුන්ගෙ හොඳ කමින් අනිත් මිනිස්සු ප්‍රයොජන ගන්න නිසා නෙමෙයි ද? සමහරු කියයි ඒ මිනිස්සු කරන යහපත් දෙවල් ඒ මිනිස්සුන්ට කවදා හරි පල දෙයි කියලා.... ඒත් තව කෙනෙකුගේ අවශ්යතාවයක් ඉටු කරන්න තමන් "හොඳ" කියන ලෙබලයක් ගහගෙන අතකොලුවක් වෙන්නෙ මොකටද?   හරි මෙහෙම කියමුකො... තමන් කරපු හොඳ දේවල් තමන්ට කවදා හරි පල දෙනවා කියන එක ඇත්තයි කියමුකො. එහෙම නම් නරක දෙයක් කලොත් නරක ප්‍රතිපලයක් කවද හරි හම්බවෙනවා.... එහෙම බැලුවම නරකයි කියන දේවල් නොකර හිටියොත් කිසිම අවුලක් වෙන්නෙ නෑනෙ... කවුරු මොන දේ කිවුවත් යහපත් දේ කරන පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කුමන ආකාරයකින් හරි ජීවිතයෙදි අයහපත් පුද්ගලයන්ට පරාද වෙනවා නේද?  

කාර්යාලයක් සලකමු, අවංකව වැඩ කරන එකා මැරීගෙන වැඩ කරල මාසෙට හම්බවෙන ගාන අතට ගන්නවා. සමහරවිට ජීවිතෙට වන්චාවක් කරල නෑඅ.... අනිත් අයට වැඩ කටයුතු වලට උදව් වෙනවා. සමහර වෙලාවට අනිත් අයගේ වගකීම් කරට අරන ඒ දේවල් කරල දෙනවා, ඒත් ගොඩක් වෙලාවට අන්තිමට ප්‍රසංසාවක් වත් නෑ... හැබැයි "හොඳ" කියන වචනේ විතරක් තමන්ගෙ නමට එකතු වෙනවා.... අවුරුදු ගණන් සාධාරණව හම්බ කරලා අන්තිමට ඉතුරු වෙන්නෙත් සොච්චමයි. ඒකෙනුත් කීයක් හරි අනිත් මිනිස්සු වෙනුවෙන් වැය කරනවා....



හොඳ මිනිස්සු මෙහෙම වෙද්දි ආත්මාර්තකාමි මිනිස්සු කොකා පෙන්නලා, බටර් ගාල තමන්ට අවශ්‍යකරන වැඩ ටික අර හොඳ මිනිස්සුන්ට කියල කරවගන්නවා.. වැඩේ වෙනකම් පණ දෙන්න, ඉවර උනාට පස්සෙ මළත් පැත්ත වත් බලන්නෙ නෑ.... වංචා කරන්න පුලුවන් නම් කවදාවත් ඒ අවස්තාවක් අත අරින්නෙ නෑ... එකට කාපු එකාට කෙල උනත් තමන්ට වාසියක් නම් අනිවාර්යයෙන් ඒ දේ කරලා ඇති. පඩිය කීය උනත් ඊට වඩා වැඩි ගානක් මාසෙට හම්බවෙනවා.... සල්ලි තියන නිසා හොඳ සැප පහසු ජීවිත ගත කරනවා.

දැන් අර අපි කියපු සම්මත් කියන දේවල් එහෙම නම් යහපත් පුද්ගලයින් අයහපත් පුද්ගලයින්ට වඩා සැපවත් ජීවිත ගත කරන්න ඕන නේද?

යහපතක් කිරීමට ගොස් තමන් වංචාවට ලක් උන බව දැනගත් පසු ඒ පිලිබඳව යන්තමින් හෝ දුක් වීම අප සැමගේම ස්වභාවය නෙ... ඉතින් යහපතක් නොකර හිටියහම ඉවරයි නෙ, කිසිම පසුතැවීමක් ඇති වෙන්නෙ නෑනෙ....


2වෙනි කොටස බලාපොරොත්තු වන්න...


8 comments:

  1. ඇත්තම ඇත්ත කතාවක්.. ගොඩක්ම මේ කාලෙ වෙන්නෙ ඕක තමයි..

    ReplyDelete
  2. ඒක ඇත්ත. නමුත් ඒ විදිහට අනුන්ට උදව් කරන්න යන කෙනාට ඒක පුරැද්දක් විදිහට කෙරෙනවා. කල යුත්තේ ඒ උදව් ලබන අය අර කෙනාගෙන් අයුතු විදිහට ඵල ලබාගන්න එකෙන් වැලකෙන එකයි.

    ReplyDelete
    Replies
    1. අයුතු ප්‍රයොජන ගන්න අය ඒකත් පුරුද්දට වගේනේ කරන්නේ

      Delete
  3. අනික් කොටසත් ඉක්මනට දාන්නෝ..

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.