Pages

Monday, November 19, 2012

කෙලවීමෙන් සැනසීම

මේ දෙවෙනි කොටස ලියන්න හිටියේ දවස් 2 කට විතර කලින්, ඒත් පොඩි රවුමක් දාන්න උන හින්දා වෙලාවක් හම්බවුනේ අද.... පලවෙනි කොටස කියවපු නැති අය මෙතනින් කියවන්න....

ඇත්තටම අනිත් මිනිස්සු ගැන හිතන්න ගිහින් මිනිස්සු කොච්චර අමාරුවේ වැටෙන වෙලාවල් තියනවද? යහපත් කියන මිනිස්සු අනුන් ගැන හිතද්දි අයහපත් කියන මිනිස්සු අනිත් හොඳයි කියන මිනිස්සුන්ගෙ ඒ යහපත් ගතිගුණ ප්‍රයොජනයට අරගෙන තම්න් ගැන විතරක් හිතනවා. හිතල බලන්න අපි අතරෙ මේ දෙගොල්ලොන්ට අයත් අය කොච්චර ඉන්නවද කියල? ඉස්කොලවල් වල, පංති වල, යාලුවො සෙට් එකේ විතරක් නෙමෙයි ආදරය කරන අය අතර පවා මෙහෙම අය ඕන තරම් ඉන්නවා.



යාලුවො කියල එකතු උන සෙට් එකක් ගැන හිතල බලන්න, කොච්චර බොක්ක උනත් එතන තියන බොකු ඔක්කොම එක සමාන නෑ නෙද? සමහර වෙලාවට සල්ලි එකතු කරල මොකක් හරි කරන කොට සමහර උන් සල්ලි නෑ කියලා ශේප් වෙනවා, එහෙම මාරු වෙන උන් සල්ලි නැති උන් නෙමෙයි ගොඩක් වෙලාවට. ඒත් මේ අතරේ කොච්චර දුප්පත් උනත් අතේ තියන හැම සතේම දෙන උනුත් ඉන්නවා.... සමහර වෙලාවට කෙනෙක්ට කරදරයක් උනාම එකෙක් වත් නෑ.. සමහර උන් මොන කට්ටක් කන්න සෙට් උනත් උදවුවක් ඉල්ලුවහම මැරිල හරි ඒ උදවුව කරනවා. සමහර වෙලාවට අහන්නත් කලින් ඒ දේවල් කරලා ඉවරයි.. එත් බොක්ක හොඳ නැති උන් මොකක් හරි බොරුවක් කියල මාරු වෙලා යනවා... ගිහින් අන්තිම මොහොතේ ඇවිත් ලකුණු දාගන්නවා තිබුන වැඩ ටික දාලා ආවෙ කියලා. දවස් ගණන් මැරීගෙන දඟලපු උන්ට මහන්සිය විතරයි... ඒකත් පැත්තකින් තියමුකො, තමන්ට කරදරෙකදි හරි ඔනේ වෙලාවකදි හරි සිරාවටම උදවු කරපු උන්ව මතක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?



හැම වෙලේම යහපත් මිනිස්සු අවස්තාවාදී කුහක අයහපත් මිනිස්සුන්ට අහු වෙනවා, ඒ මෝඩ කම කියන දේ නිසා නෙමෙයි, යහපත් කම නිසා.



ආදරේ කියන දේ දි යහපත් මිනිස්සු හැමදාම වලේ... ගොඩ ඒමක් ඇත්තෙම නැ. යහපත් කෙනා තමන්ට පුලුවන් හැම කැප කිරීමක් ම කරද්දි අයහපත් කෙනා තමන්ගෙ අවශ්‍යතාවය ඉටු කරගෙන මාරු වෙලා යනවා... යහපත් කෙනා විඳවනවා අයහපත් එකා හිටියටත් වඩා හොඳට ඉන්නවා.

යහපත් කෙනාට ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නේ පසු තැවිල්ලක් හරි දුකක් හරි පාඩුවක් හරි විතරයි. ඒත් ඒ මිනිස්සු හොඳ කරන්න ගිහින් කෙල උන හැටි කවදාවත් හිතේ තියා නොගෙන තවත් වැඩි වැඩියෙන් හොඳ කරනවා... ඒක කරන්න පුලුවන් අමාරු දෙයක් වුනාට යහපත් මිනිස්සු තරහව, පළිගැනීම් වැනි දේවල් වලට වඩා හැම වෙලෙම සමාව දීම හා අවස්තාව ලබාදීම් වැනි දේවල් ඉස්සරකරගන්න නිසා ඒ දේ අමාරු වෙන්නෙ නෑ.

යහපත් වෙන එකෙන් වෙන්නෙ තවත් මිනිහෙක්ගේ ජීවිතේ අවශ්‍යක් ඉටු කරන්න තමන් අතකොලුවක් වෙන එක නම්, තමන්ට පසුතැවීමක් හෝ දුකක් ඇති වෙන එක නම්, එහෙනම් මොකක්ද යහපත් මිනිහෙක් වෙන එකේ හොඳේ? ඊට වඩා හොඳ නැද්ද යහපත් නොවී තමන්ගේ පාඩුවෙ අනිත් මිනිස්සු ගැන සලකන්නේ නැතුව පැත්තකට වෙලා හිටියනම්?



ඒත මම නම් කියන්නේ කොච්චර අමාරු උනත්, කොච්චර පසුතැවීම ඇති උනත් යහපත් මිනිහෙක් වෙන්න කියලා... මොකද පිට කාටවත් නොපෙනෙන ගොඩක් වටින වැදගත් දෙයක් අපිට ඒකෙන් හම්බවෙනවා.. ඒ හම්බවෙන දේ ඒ හැම පසුතැවීමකටම, අමාරුකමකටම වඩා වැදගත් සල්ලිවලින්, බලයෙන් කවදාවත් ලබාගන්න බැරි දෙයක්... ඒ තමයි තමන්ගෙ හිතට ඇති වෙන සතුට.

යහපත් මිනිහෙකුට තමන්ගේ හෘද සාක්ශිය කවදාවත් ඇඟිල්ලක් දික් කරන්නේ නෑ. ලොකෙ මිනිස්සු කොච්චර ඇඟිල්ල දික් කලත් තමන්ගේ හෘද සාක්ශිය තමන් නිවැරදී කියල දන්නවනම් ඊට වඩා සැනසීමක් මිනිහෙකුට නෑ.... ඕන තැනක හිතට එකඟව කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් මම කාටවත් වැරැද්දක් කරලා නෑ කියලා... අයහපත් මිනිස්සු කොච්චර සැප විංදත් ඒ සැප අස්සේන් ඔවුන්ගේ හිත මොන වෙලාවක හරි තමන් කරපු දේවල් ගැන පසු තැවෙනවා, ඒත් ඒ පසු තැවීම කවදාවත් නැති කරගන්න විදියක් ඒ මිනිස්සුන්ට නෑ...

කවුරු මොන දේ කිවුවත් "මම කලේ හොඳක්, මට ඒ ඇති" කියන හැඟීම "මම කාටවත් කවදාවත් වැරැද්දක් කරල නෑ" කියන හැඟීම සැප සම්පත් වලට වඩා දස දහස් ගුණයක් වැදගත්...



3 comments:

  1. කතාව ඇත්ත මචන්. ආදරේ කියන දේදි හැමදාම හොද එකා හැමදාමත් වලේ..

    ReplyDelete
  2. ඇත්තම කථාවක්.ජය!

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.