Pages

Monday, August 12, 2013

වෙනසක් අවශ්‍යය

එදිනෙදා ජීවිතේදි මිනිස්සු දිහා බලන් ඉන්න මට එක වෙලාවකට හිතෙනවා මුන් හැම එකාම ජීවත් වෙන්නේ මැරෙන්නේ නෑ කියලා හිතාගෙනද කියල.... ජීවිත කාලේම එකම විදියට ජීවත් වෙලා මැරිලා යන මිනිස්සුන්ගෙන් කීයෙන් කි දෙනාටද ජීවිතේ ගැන දැක්මක් තියෙන්නේ.... කාර්යබහුලත්වය නිසාමද කොහෙද මිනිස්සුන්ට ජීවිතේ කියන්නේත් මොකක් ද කියලා අමතක වෙලා.... මේ පොස්ට් එක ජීවිතේ ගැන නම් නෙමෙයි, ලංකාව හා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන.

මේ යන විදියට ලංකාව තව අවුරුදු කීයක් තියෙයිද කියල හිතාගන්න වත් බෑ, ඒ තරමටම වෙන දේවල් බරපතලයි.... හැබැයි ඒ හැම දේකටම වඩා අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන හැටි දැක්කම ඊටත් වඩා බය හිතෙනවා.... අර කියනවත් වගේ අපේ මිනිස්සුන්ට ඔනෙම දෙයක් මතක හිටින්නේ මාස 2,3ක් විතරද කොහෙද....



එක කාලයන් අදහගෙන හිටපු උන් ටික දවසකින් වෙනස් වෙනවා, එක කාලයක් හොඳට තිබුන ඒවා ටික කාලයක් යනකොට නරක් වෙනවා, එක කාලයක් හොඳට හිටපු එවුන් කාලයක් යද්දි නරක වෙනවා... ඔන්න ඔකයි අද ලංකාවෙ තත්වය.



දේශපාලනය කියන කතාව පැත්තකින් තියලා අපේ තාම 3වන ලොකයේ රටක් වෙන්න හේතු හොයලා බැලුවොත් ඒකට ප්‍රධානම හේතුව කියලා මම දකින්නේ අපේ මිනිස්සුන්ගේ ආකල්ප.... ඉන්න විදියට ඉන්නවා ඇරෙන්න කවදාවත් අලුත් දෙයක් ගැන හිතන්න, අලුත් දැක්මක් ඇති කරගන්න අපේ මිනිස්සු කැමති නෑ. ඒ වගේම ආත්මාර්තකාමී කමෙන් පිරිලා ගිය අපේ මිනිස්සු කවදාවත් මේ රට දියුණු කරන්න කැප කිරීමක් කරන්න කැමති නෑ..... ජපානේ කොච්චර කඩා වැටුනත් අද මේ තත්වෙට ඇවිත් තියෙන්න ඒ මිනිස්සුන්ගෙ කැප කිරීම් හින්දා මිසක් අහසෙන් කඩා පාත් උන දෙයක් නිසා නෙමෙයි. ලොකේ දියුණු වෙද්දි මේ රට එක තැන පල් වෙන්න හේතුව අපේම වැරදි නෙමෙයි ද?

අපෙ උන්ට පුලුවන් මොකක් හරි අල්ලගෙන කාට හරි බණින එක විතරයි.... නැත්තම් කාට හරි එකෙක් ට කතාවක් හදන්න. හැබැයි ඒ හැමදේම අතරෙ තමන්ගේ වැරදි දකින්න එකෙක් වත් නෑ. රැල්ලට උඩ පනින් අපේ උන් ටික දවසකින් ඒ රැල්ල නවත්තලා තව රැල්ලකට යනවා.... අපේ මිනිස්සුන්ගේම වැරදි වලින් අන්තිමට දුක් විඳින්නේත් අපේම උන්. අවුරුදු ගානක් තිස්සේ ටොන් ගානට කෘමිනාශක, පොර ගහලා දැන් අන්තිමට රජරට වකුගඩු රෝග.... ඇයි රජ කාලේ පෙරදිග ධාන්‍යාගාරය උනේ යූරියා ගහලද? තමන්ගේ වාසියට හැම දේම කරලා අන්තිමට බනින්නත් මොකෙක් හරි හොයාගන්නවා....

බොන්න තිබුන එලකිරි ටික නැති කරලා දැන් DCD ලු... ඒ කාලේ එලකිරි ලීටරේ රුපියල් 15 ට යද්දි බිවුවේ නැති උන් දැන් එලකිරි හොයනවා.... ඒ අස්සෙ දිගට හරහට ණයට පාරවල් හදනවා සංවර්ධනය කියලා. තව ගුවන් තොටුපලවල් හදනවා, වරායවල් හදනවා... ඒ උනාට වටේටම මුහුද තියන අපේ රටට ලුනුත් පිටරටින් ගේනවා. සංවර්ධනය කරන්න පාරවල් හදන්න ඉස්සෙල්ලා කමිශන් වලට අපේ රටේ හදාගන්න පුලුවන් ඒවා පිටින් ගෙනත් ලංකාවෙ සල්ලි පොම්ප කරන එක නවත්තන්න එකෙක් ට වත් මතක් වෙන්නේ නෑ...



ඔක්කොම පැත්තකින් තියලා දෙශපාලුවොන්ට පලු යන්න බනින අපේ උන් ඊලඟ පාරත් උන්වම පත්කරගන්නවා.... කුඩු කාරයෝ, මැරයෝ, ඉගෙනෙගත්තේ නැති උන් පාලනය කරන අපේ රටේ අපෙ මිනිස්සුත් කරන කියන ඒවා දැක්කම රතුපස්වල වතුර වලට ඇන්කර් දාලා කිරි එකක් හදන් බීලා නිදාගන්න එක සැපයි කියලත් එක වෙලාවකට හිතෙනවා..

3 comments:

  1. //අපේ මිනිස්සුන්ට ඔනෙම දෙයක් මතක හිටින්නේ මාස 2,3ක් විතරද කොහෙද....

    මාස දෙකක් තුනක් මතක හිටිනවනං මොනා කරන්න බැරිද බං????

    ReplyDelete
    Replies
    1. සති දෙකක් කියලයි කියන්නේ!

      Delete
  2. වැඩක් නැ බං කතා කරලා

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.