මාතෘකාව මේ දවස් වල හොට් හොට් එකමය. එනම් ගෙට්ටුවය.....
ඇත්තම කිවුවොත් තාමත් ඇගට අමාරුය... එකට ප්‍රධාන හේතුව ස්කුබියාය. දුවන්නට කියපු වෙලාවේ කට්ටියටම ඇවිදගෙන යමුයි කියපු මේ ගෙවලයා කට්ටියම ගොනාට අන්දා දුවන්නට පටන් ගත්තේය. ඉස්කෝලේ කාලේ දුවල තියන ඒවා මතක් කරගෙන මමත් හුරේ රන් එකක් දුන්නත් අතුරුපල හම්බවුනේ ඊට පසු දින හවස් වරුවේය.
උදේම පුටු පුටුවත් අරන් මල්වත්තට එන ගමන් මම වල රජාට කෝල් එකක් අරන් උබ කොහෙද බං කියා ඇසුවේ පොඩි කාලේ ඉදන් දන්න ඌ මම බ්ලොග් ලියන උන් ගෙන් හොදටම දන්න එකා නිසාය. ඌ මල්වත්තේ ගේට්ටුව ඉස්සරහය.... ඌ ගවේෂකයාවත් පටවගෙන ඇවිත්ය. මුන් දෙන්නත් එක්ක පාර්ක් එකට ඇවිත් වැඩි වෙලාවක් යන්නට ඉස්සෙල්ල කටුගෙයින් උස්සපු බයිසිකලයක සිරා කඩන් පාත් විය. එකා දෙන්නා බැගින් කට්ටිය 80ක් විතර අන්තිමට සෙට් විය...
මල්වත්ත වටේ රවුමක් යමු කියා ඉස්සර උන සිරා රබර් මුලක් පෙන්නා අති විශාල නාග රාජයෙක් මවා පෙන්නුවේය... ගහක් ගලක් ගානේ කරක් ගහල තියන මේකේ මොන රවුම්ද කියා රජාත් මාත් ගවේෂකයත් කැන්ටිමට ගොස් හොදහැටි කොටා බා ආපසු පිට්ටනියට එනකොට කට්ටියම මැච් ගහන්න ලෑස්ති වෙලාය. මමත් වීයාත් එක ටීම් ඒකකය. කිරිකට් කිවුවට එකත් එකමත් එක විදියක කිරිකට් එකක් ය. ටීම් එකට 2 ය... රකින්නට 22 කි.. ගහන උන්ට කර්පට් ය..
සපත්තු නැති සැමා |
මට එක පැත්තක සැමා ය. අනිත් පැත්තේ ගවේශකයාය. සැමා බැට් කරන්න ගිය පසු ඌ හිටපු තැන ගලවා ගොස් තිබු සපත්තු 2 ඇස ගැටුනේ ඉබේමය... ශේප් එකේ සපත්තු 2 ගල් කලෙමි... ගල් කල සපත්තු 2 ට ලැබුන ප්‍රසිද්දිය! සකල ලෝක වාසී ජනතාව බස් රේඩියෝව හරහා ඒ පිලිබදව දැනුවත් වේ යැයි කලින් දැනගත්තේ නම් මම ඌවත් ගල් කරනවා සිකුරුය.
ඒ අස්සේ රජා ට කෝල් එකක් ආවේය. ඇන්ටි කෙනෙකි.
" හෙලෝ, අපේ දුවට ෆෝන් එක දෙන්න."
" මම හිතන්නේ වැරදි නම්බර් එකක්, කාටද කතා කරන්න ඕනේ" ඒ රජාය. මූ එක කිවුවේ මම ලග සිටි නිසාය.
" අපේ දුවට ෆෝන් එක දෙනවා" ඒ ඇන්ටිය.
මූ ෆෝන් එක කට් කලේය... මූ කලින් පැනපු කොටුවක් පත්තු වී ඇත්තේ දැන්ය.
පැනපු කොටුව මාට්ටු |
අසරණ සෑමා සපත්තු දෙකත් නැතුවම ගිහින් දවල් කෑම උස්සන් ආවේය.... බඩගින්නේ මාරු විකල්ලෙන් සිටි කට්ටියම වැටුන වැටුන තැන් වල කද්දී සැමාගේ පස්ස ඇරපු කාරයේ කට්ටිය සෙට් විය... කොහේදෝ සිට අටා හා සුමිත් අයියා සමග නලින් අය්යා ද කඩා පාත් විය... අටා ට අට වැදෙන්නම වදිලාය... කට්ටිය හොදට ගැසුවේය... කට්ටිය මේකට බේබදු කම කියා අර්ථ දැක්වීමට ඉඩ ඇත... එහෙත් එය ඇත්තටම සහෝදරත්වය, මිතුදම වැනි ගුණාංග වල තවත් එක් අවස්ථාවක් පමණි. එකට බොන උන්ගේ බොක්ක එකට කාපු උන්ට වඩා හොදය.
කකා බී අවසන් වී ගියෙන් ගීය අවසානයේ ඉස්තුති කතාවෙන් පසු සබාතමෝ සතුටින් විසිර ගියහ.. ඉස්තුති කථාවෙදී
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දවසම ෆුල් ආතල් පිස්සු ඩබල් ය... සංවිධායක මණ්ඩලය ටත් සහභාගී වූ සැමටත් මාගේ හද පිරි
ප.ලි.
කට්ටියගේ මුණු ටික හැබැහින් දකින්න ලැබුනේ මේ ගෙට්ටුව නිසාය... බ්ලොග් ලෝකයේ තෝරු මෝරු අස්සේ මම වගේ කුනිස්සෙක් දැවටෙන්න ගිහින් පජාති වෙයිද කියල සැකයක් හිතේ තිබුනත් වෙන දෙයක් උන දෙන් පැත්තකට වෙලා ශේප් එකේ ඉන්නවා කියල ගෙට්ටුවට ආවේ මම ආසා කරන, ගෞරව කරන බ්ලොග් අවකාශයේ එඅ සුන්දර මිනිස්සු ටිකගේ මුණවල් ටික වත් බලලාම යන්න හිතේ තිබුන ආසාව හින්දම තමයි... එත් ලොකු පොඩි අලුත් පරණ බේදයකින් තොරව හැමෝම හිටියේ එකම පවුලක් වගේ... ගින්දර වගේ කටියම.... උබල වගේ මිනිස්සු එක්ක ගත කරපු ඒ පැය කිහිපය මට ඇත්තටම ආඩම්බරයක්.... කතාකරන්න බැරිවුන අය බොහොමයි... සොරි වෙන්න ඕනේ. මම අලුත් නිසා වැඩිය කට්ටිය අදුරන්නෙ නෑ.
බ්ලොග් අවකාශයෙදී සුන්දර උබලා සැබෑ ජීවිතයෙත් ඒ වගේම සුන්දරයි... හිස් අතින් ගෙට්ටුවට ආපු මම ගෙදර අරන් ගිය වටිනාම මතකය ඒ දේ කියල මම හොදටම දන්නවා....... හැමෝටම ජය....
අපිත් අලුත් තමයි වෙඩික්කාරයෝ...එර්ර්...ඒත් මම හිතන් හිටියේ මම ඇරෙන්න අනිත් ඔක්කෝම පරණයි කියලා, ඒ නිසා නලීන් අංකලුයි,මගේ යාළුවෝ දෙන්නා වෙච්ච සමියයි,නිශානුයි ළගට ගිහින් විතරයි පොඩ්ඩක් (ලැජ්ජාව පැත්තකින් තියලා) කතා කරේ.. :D
ReplyDeleteහම්මේ,සිරා අයියට පින් දෙන්න ඕනේ..නැත්තම් අපේ තාත්තා මාව නිවාස අඩස්සියේ දාලා මදි හරියට ලැප් එකත් පොළවේ ගහලා.. හිහි..
ඔයා අර තැඹිලි පාට ශර්ට් එක නේද?? (මතක් කරමින්)
මම එක බොලවි :D :D
Deleteඔව්..ඔව්..තැඹිලිපාට ටීශර්ට් එක තමා .
Deleteඅර කලුපාට ලණුවකුත් බෙල්ලෙ දාගෙන හිටපු කූනිස්ස තමා.
හිකස්,ඒනම් හලී මම හිතුවා, අලේ,, ඒ වෙඩික්කාරයා බොට වෙඩි තියන්න කලින් මේ හල් කිරීම අයින් කරපිය,
Deleteගෙට්ටුව ගේට්ටුව වෙලා.. :/
අහ්, හල් කිරීම නෙ? පොඩි මිස්කෙට් එකක්...
Deleteඔයා නම් හරි ගනන් වගෙ නෙ හිටියෙ.. ඒකයි ගනන් ගත්තෙ නැත්තෙ... :P
අඩේ මම එහෙම නෑ අප්පා, :( ඒක මගේ පළවෙනි ගෙට් එකනේ.. ටිකක් බයෙන් හිටියේ...
Deleteඑහෙනං ඔන්න මම දෙක
ReplyDeleteඅහ් අටා... මතක් වෙනකොටත් දුක හිතෙනවා
Deleteතෝ හාල් පාරු කුජිත පාහරයා , බොක්ක රත් වෙලා හිටියේ කෑම නැතිව , වරෙන් සයිබර් ෆෙස්ටිවල් එකට උබට කෑම නොදී අපි ඔක්කම කනවා :D
ReplyDeleteහිටහන්.. සයිබර් එකෙදි උස්සන්නෙ කෑම ටික.. බලමුකො කට්ටිය කන හැටි
Deleteමූ එකට හිටිය මට කිව්වෙත නෑ..! මමත් වට පිටේ බැලුව තියේද කියල සැමා පව්නේ..!
ReplyDeleteඅනේ පොටෝත් දාපන් බන්..!
ඔය සපත්තු දෙක හංගලා තිබ්බ තැන මම ලාවට වගේ දැක්කා, කිව්වේ නෑ.. ^_^
Deleteඔය ශම්මියාගේ පච!!! ඌටත් හොයාගන්න බැරි උන එක කොහෙද මෙයා දකින්නේ :)
Deleteඒ අර පුටුව යට තිබ්බ සපත්තු දෙක සැමා අයියගේ නෙවෙයිද? අර කලුද නිල්ද මන්දා දෙක.. ?? O.o
Deleteපුටු යට තියන ඒවට හංගනවා කියලද ඔයා කියන්නේ?
Deleteහංගපු මමත් ඒක හොයන්න දුන්න ගෙම දන්නේ රජා තමයි...
ඒ උබ මාත් එක්ක කතා කලේ නෑ ඈ...
ReplyDeleteතරාම තරායි...
බොට මැලිබන් චොකලට් කොතුවක් දුන්නොත් යාලු වෙනවද?
Deleteවෙඩික්කාර මලේ මේකත් කියවනකොට ඇඩෙන පෝස්ට් එකක් මම මේ කමෙන්ට් කරන්නේ පාන්දර 1.10ට.
ReplyDeleteපාන්දර 1.10 වෙනකන් මක්ක කරනවද? :P තැන්කියූ ඈ එත් අඩන්න නම් එපා... මට දුකයි
Deleteඅඩෝ!!! අර පොටෝව දාපන් බං! සැමා සපත්තු දාන එක :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අද රෑ 12න් පසු ලැබෙන්නට සලස්වන්නම්
Deleteසෑමගෙ සපත්තු දෙක උස්සන්න උඹට නහයක් තිබුනෙ නැද්ද කොලුවො....
ReplyDeleteනහය ගලවල පැත්තකින් තියල තමයි ඒ සමාජ සත් කාරයට සෙට් උනේ
Deleteටිකක් පරක්කු උනා එන්න (හැබැයි පව් බං රජා )
ReplyDelete