Pages

Wednesday, January 2, 2013

යුරේකා යුරේකා

ඔන්න පටන් ගන්න කලින්ම කිවුවා මෙක මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමක් වත් අපහාසයක් වත් නොව, එදිනෙදා ජීවිතේදි කණට වැටිච්ච කතාවක නැවත විකාශයක් පමණි...... ආගම් බේද අපි අතරෙ නැති උනත් මේක ගොඩක් ම අදාල වෙන්නේ බෞද්ධ අයට..


බෞද්ධ දර්ශනය අනුව අපේ අවසාන ඉලක්කය සසරෙන් එතෙර වෙන එක, නැත්තම් නිවන් අවබොධ කරගන්න එක.... ඒ වෙනුවෙන් අපි  අපේ ජීවිත ධර්මය අනුව හැඩගස්ස ගෙන මෙ සංසාර ගමන කෙටි කරගන්න එකනේ..

"ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම රකිනු ලැබේ"  මේක අපිට නුහුරු නුපුරුදු වාක්‍යක් නෙමෙයි...
ඒත් මෑත කාලෙ සිද්දවෙන දෙවල් දිහා බැලුවම වෙන්නේ මේ දේ අනිත් පැත්ත කියලා හැමෝම දන්නවා ඇතිනේ... ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙන්නේ, විඳවන්නේ, කරදර සිද්දවෙන්නෙ හොඳ ධර්මානුකූල් ජීවිත ගතකරන අයට... ඇයි මෙහෙම වෙන්නෙ? දහ අතේ කල්පනා කරල මම උත්තරේ හොයාගත්තා...

හෙතුව කියන්න කලින් මේක කියලා ඉන්න ඔනේ...

1. හරක් ගාලක පාලකයෙක් ඉන්නවා, මේ මනුස්සයා හරක් ටික කොටුවක දාලා තමයි තියාගෙන ඉන්නෙ. ඒත් කොටුවෙ වැට එච්චර ශක්තිමත් නෑ. ඒක හින්දා හරක් කොටුවෙන් පැනලා යන එක වලක්වන්න උන් ආස තනකොල උන්ට ගෙනත් දෙනවා, ඔනේ එපකම් හොයලා බලනවා. ඔය අස්සෙ පැනලා මාරුවෙන්න හදන උන්ට කෑ ගහලා ආපහු ඇතුලට එලවනවා, බැරිම උනොත් පොල්ලක් අරන් තඩිබානවා... මේක තමයි මේ මිනිහා ජීවත් වෙන්න කරන රස්සාව.




2. බිත්තරෙන් කුකුල් පැටව් එලියට එනවා.. සොසෙජස් විතරක් හදන මනුස්සයෙක් බිත්තර අරන් ඇවිත් රක්කවලා පැටව් ආවට පස්සෙ කන්න දීලා ලොකු කරලා මරලා සොසෙජස් හදනවා. පොඩි කාලේ මැරුවත් මස්, ලොකු කරල මැරුවත් මස් උනාට කවදාවත් පොඩි කාලෙ උන්ව මරන්නෙ නැත්තෙ ලොකු කලාම ගන්න පුලුවන් මස් ප්‍රමානය වැඩි හින්දා.. පොඩි උන් 10ක් මරන වෙලේ ලොකු එකක් මැරුවම ඇතිනේ.

3. කවුරු හරි කාට හරි ඇවිල්ල මොකක් හරි දෙකට අභියෝග කලොත් අභියොගයට ලක්වෙන පුද්ගලයා කොහොම හරි බලන්නෙ අභියෝගය ජය ගන්න නේද? හරියට නාහෙට අහන්නෙ නැති අස්සයෙක් හම්බවුනාම දන්න සෙල්ලම් ඔක්කොම දාලා ඌව මෙල්ල කරගන්න හදනවා වගේ... බැරිම උනොත් කරන්නේ අත ඇරල දාන එක.. ඒකත් බොහොම කලාතුරකින්..

ඉහත කියපු අපිට හොඳට හුරු පුරුදු වාක්‍ය ඒ විදියට නොවෙන්න හේතුව තමයි "මාරයා". මෙයාව හැමෝම දන්නවනේ? හැබැයි හැමෝම හිතන් ඉන්න තරම් නරක් කෙනෙක් නෙමෙයි මෙයා... ඇත්තටම හොඳ කෙනෙක්.. මෙයා කවදාවත් කිසි කෙනෙක් ව නිකරුනේ මරන්න උත්සාහ කරන්නෙ නෑ.

ඔන්න දැන් කට්ටිය බලයි මට පිස්සුද කියලා... (ටිකක් විතර පොඩි කාලෙ ඉඳන් ම තියනවා) මේවා පරීක්ශන වලින් ආපු නිරීක්ශන වලින් ගත්ත නිගමන නිසා මට පිස්සු නෑ.. 1 කතාවේ ගොපල්ලා ගැන හිතලා බලන්න... මාරයත් ඒ වගේ තමයි. ගොපල්ලා කවදාවත් කොටුවෙන් පැනලා යන්න හැදුවා කියලා හරක් ව මරණවද? නෑනෙ! එහෙම උනොත් බඩේ පාර වදින්නෙ ගොපල්ලටම තමයි. ඒ හින්දා කොහොම හරි උත්සාහ කරන්නේ හරක් ටික කොටුවෙම තියාගන්න මොකද ඒ ගොපල්ලගේ ජීවනෝපාය හින්දා.. මාරයත් ඒ වගේ තමයි... සංසාරේ කියන කොටුව ඇතුලේ අපි වගේ හරක් ඉන්නකන් තමයි ඒයාට වාසියක් වෙන්නේ.. ඒ හින්දා ගොපල්ලා තනකොල, පුන්නක්කු දෙනවා වගේ එයත් අපිට ලෞකික සැප සම්පත් ගෙනත් දෙනවා පුලුවන් තරම් මේ සංසාර චක්‍රය ඇතුලේ අපිව රඳවගන්න...


මිනිහෙක් මැරුවා කියලා එයාට වැඩක් වෙන්නේ නෑ. මිනිස් ජීවිතේ දික් වෙන තරමට එයාට ලැබේන ප්‍රතිලාභ වැඩී... හරියට අර 2 කතාවෙ සොසෙජස් හදන මිනිහට පැටව් මරනවට වඩා ලොකු උන් මරන එක හොඳයි වගේ... පොඩි කාලේ ඉදන් පොෂනය කරලා කවුරුවත් කැමති නෑනෙ අඩු අස්වැන්නක් ලබාගන්න... අනික මාරයට එකෙක් ව මැරුවම ආයේ ඉපදෙන ඌව පොඩි කාලේ ඉඳන් ම ලොකු කරන්න ඔනනෙ.. අනික පොඩි කාලේ ඉවර වෙනකන් ලැබෙන දේකුත් නෑ.

1 කතාවෙ වගේ මාරයට සංසාරෙ කියන කොටුවෙන් එලියට යන්න හදන මිනිස්සුන්ට ගහල, බැනලා ඇතුලට ආපහු එලවන්න වෙලා තියනවා.. ඒ මිනිස්සු එලියට යන්න උත්සාහ කරපු එක නිසා දුක් විඳිනවා හරියට ඇතුලෙ හිටපු හරක් සැපට ඉද්දි පැනලා යන්න හදපු උන් ගුටි කාලා විඳවනවා වගේ.. මාරයත් තමන්ට තමන්ට කරන අභියොග වලට මූන දෙනවා ඒ අභියොග ජයගන්නම.. පැරදෙන අවස්තා අල්පයි.. මිනිහෙක් ධර්මය අනුව ජීවිතේ ගෙනියනවා කියන්නෙ ඒක මාරයට කරන අභියෝගයක්.. ඒ හින්දා අස්සයව මෙල්ල කරන්න හදනවා වගේ මාරයත් හදන්නේ මොකක් හරි කරලා ඒ මිනිහව ධර්මයෙන් ඈත් කරන්න හදන එක.. අස්සයා මෙල්ල නොවෙන්න නොවෙන්න ඌට වෙන කරදර වැඩි වෙනවා වගෙ මනුස්සයත් දිගටම ධර්මයේ හැසිරෙන්න හැසිරෙන්න ඔහුට එන භාදක වැඩී.....

දැන් තෙරෙනවා ඇතිනේ හේතුව මොකක්ද කියලා.


7 comments:

  1. වටේ ගියාට කියන්නේ වෙන දෙයක්. එහෙම නේද.. මේක බ්ලොග් ලියන මාරය දැක්කොත් කම්මුතුයි.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. අරකියුවා වාගේ මාරයටද මේ දීලා ඇදලා තියෙන්නේ

      Delete
    2. අනේ මාරයා අය්යේ උබට නෙමෙයි ඔරිජිනල් එකා ගැන මේක ලිවුවේ....

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.